දියකිඳුරියක්

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    දියකිඳුරියන් පිළිබඳ ජනප‍්‍රවාද, කථාපුවත් අසා නැති කෙනෙක් නොමැති තරම්. දියකිඳුරියන් හුදු ජනප‍්‍රවාද යැයි ඇතැමුන් ගේ මතය වුවද, තමන් දියකිඳුරියන් දැක ඇති බවට ඇතැම් ධීවරයන්, නැවියන් කියයි. මෙම පුවත අපේ කාලයේ දියකිඳුරියක් පිළිබඳවයි.
    දියයට පිහිනුම්කාරියක්, නිළියක් හා නිරූපන ශිල්පිනියක් වන 36 හැවිරිදි හැනා ෆේ‍්‍රසර් ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකි.
    වර්තමානයේදී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් හි පදිංචි ඇය, දියකිඳුරියකගේ වලිගයකට සමාන වලිගයක ආධාරයෙන් ගැඹුරු මුහුදේ කිමිදෙන්නියෙකි.
    ඒ, සමුදුරු ජීවය රකින මෙන් ඉල්ලන පණිවිඩයද සමගිනි.
    විනාඩි දෙකක් දක්වා හුස්ම රඳවා ගත හැකි හැනා, අඩි 45ක් දක්වා ගැඹුරට කිමිදෙයි. ඇය කිමිදෙන්නේ සාමාන්‍ය කිමිදුම්කරුවන් විසින් යොදාගන්නා ඔක්සිජන් සිලින්ඩර් ඇතුළු ආම්පන්න ද රහිතවයි.
    සිය වලිගයේ ආධාරයෙන් වේගයෙන් පිහිනන හැනා, මේ වන විට තල්මසුන්, ඩොල්ෆින් සතුන් හා මඩුවන් හා මෝරන් සමගද මෙලෙස පිහිනා ඇති බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
    හැනා, මෙවැනි වලිගයක් ප‍්‍රථමවරට සාදාගෙන ඇත්තේ ඇය නව වියේ දරුවෙකුව සිටියදීය.
    තල්මසුන් ඇතුළු සමුදුරු ජීවීන් නිරපරාදේ මරාදැමීමට එරෙහිව හඬ නගන හැනා ගේ මෙම ඡායාරූප ගෙන ඇත්තේ ටොංගා දූපත් වටා ඇති මුහුදේය.
    ඡායාරූප ශිල්පී ටෙඩ් ග‍්‍රැම්බෝ විසින් ගෙන ඇති මෙම ඡායාරූප, තල්මසුන් රැකීමේ අරමුණින් පළ කළ ’ද සර්ෆර් ඇන්ඞ් ද මර්මේඩ්’ ළමා කෘතියට ඇතුළත් කර තිබේ.
    කිම්බර්ලි මලර් ගේ ’ලාස්ට් නයිට් අයි ස්වෑම් විත් අ මර්මේඩ්’ ද හැනාගේ දියකිඳුරු රුවින් සැරසෙන තවත් ළමා කෘතියකි.
    මේ අතර, පරිසර ජීවී සංරක්‍ෂණවරියක්, දියයට පිහිනුම්කාරියක්, හා නිරූපන ශිල්පිනියක් ලෙස ගතවන හැනා ගේ දිවිපෙවෙත පිළිබඳ වාර්තාමය චිත‍්‍රපටියක් ද නිෂ්පාදනය වෙමින් පවතින බව විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.
    ඡායාරූප අනුග‍්‍රහය : ඩේලිමේල්
    article-2141792-13000D36000005DC-326_964x640.jpg
    article-2141792-13000E0A000005DC-23_964x645.jpg
    article-2141792-130009A4000005DC-32_964x1165.jpg
    article-2141792-13000E6E000005DC-129_964x810.jpg
    article-2141792-13000ABB000005DC-670_470x684.jpg
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පයිරට්ස් ඔෆ්දි කැරබියන් එකේ ඉන්න සෙට් එක මතක් උනා... අපෝ උන් නම්...