දියපිට ඇන්දා සිතුවම්......!!!!!!

hi90

Member
Nov 24, 2007
217
48
0
දියපිට ඇන්දා සිතුවම්......!!!!!!

යාලුවෙනේ ඔන්න මම ආපහු ආවා ඔයාලට අලුත් ‍post එකක් දාන්න හිතාගෙන. මම ඔයාලට දෙන්න යන්නේ මා විසින්ම නිර්මාණය කරපු "නිසදෙසක්". ඔයාලා මගේ නිසදෙස කියවලා බලලා හොදනම් Bump එකක් හරි comment එකක් හරි දාලා යන්න. මේ නිර්මාණය මා විසින්ම නිර්මාණය කර ඇති බවටත් වෙනත් කිසිම තැනකින් උපුටා ගෙන නැති බවටත් මම වගකිමෙන් කියාසිටිනවා.

දහසක් සිතුම් බලාපොරොත්තු පොදිබැදන් ආ ගමනේ
නොසිතු විරු අයුරින් හබා ආ බාධා මැද
මාත් එක්ක ගත කළ ජිවිතය ගැන තුති පුදන්නට වදන් නැත මට
ආදරය දි හිත පිරෙන්නට ආලොaකය දි ජිවිතය ජය ගන්නට
මවක මෙන් මා ඉදිරියට ගෙන ගිය ඔයාට සදා ණයගැති මා ජිවත් වන තුරාවට

ඔයාගේ ආදරයේ සිහින ආතරින් ගලා ආ මගේ ජිවිතයට ජිවයක් දුන්
පෙම්වතියක,සහෝදරියක හා මවක මෙන් මා පසු පස ඉද ජිවයක් දුන්
ඔයව හැර දමා යන්නේ කෙහොමද මම?
ඔයත් එක්ව ඉද මේ සසර ගෙවන්න මම ගත් උත්සාහයට
අරුත දෙන්නට දුන් සහයට පින් සැමදා ඔයාට

මගේ ජිවිතය, මගේ ආත්මය වුනාට ඔයාට ගොඩක් පිං
කියාගන්න බැරි ආදරයකින් බලා ඉන්නම් මම කවදා හෝ
ඔයත් එක්ක ඉද ජිවත් වන්නට මා ගන්න උත්සාහය
ඔයත් එක්ක ඉද ලස්සන ලොකයක් හදන්න මා උත්සහා කරනවා තවමත්

පෙර ආත්මයක අපි මේ ලෙසින් එකට ජිවත් වෙන්න ඇති
මම කොහොමද ඒ බැදිම අතහැර ඔයාගෙන් ඇත් වෙන්නේ
මගේ ආදරය ඔයාගේ හිත පිරෙන්න දෙන්න මම ගත්ත උත්සාහයේ
මට පුලුවන් වුන එක අවස්ථාවක් හරි ගැන හිතලා සතුටු වෙන්නම් මම

ආදරය කියන දේ ගැන මට දැනුන හැගිම මම වචන වල‍ට හරවලා නිර්මාණයක් කරන්නයි උත්සහ කලේ. මගේ නිසදෙස කියවලා හොදනම් ඔයාල‍ගේ අදහස් කියලා යන්න. :):):):)
 
Last edited:
  • Like
Reactions: djminuka

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    පස්සෙ රසවිදින්න බුක් මාර් ක් කරගත්තා. දැන් බිසී බං
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියවූයෙමි.
    යමක් කීමට ඇත...........
    රාජකාරි නිමවා එය පළ කරමි.

    ...............................................................................
    මෙන්න කීමට ඇති දේ......මේ කියන්නේ ඔබ අධෛර්යමත් කිරීමට නොවේ. සදොස් තැන් පෙන්වා ලීමටයි.

    සේකර විසින් ලියන ලද මෙය බලන්න
    මා මිය ගිය දවසක
    සොහොන් කොතේ
    ලියන්න දුක් ගීයක්
    නන්නාදුනනා ඔබ ගේ අතු අකුරින්

    අඩ සද බැස ගෙන යන සද
    සීතල අදුරු රැයක
    රෑහි නගන රැව් අතරින්
    එතකොට ඒ ගී හඩ මට ඇහේවි

    මේ ලොව යම් කිසිවෙක්
    මා හට පෙම් කල බව
    එතකොට ඒ ගී හඩ මට කියාවි
    (අන්තිම කවිය-නොමියෙම් ආඛ්‍යයන කාව්‍ය-මහගම සේකර-75 පිටුව)

    කවිය මිනිසා තුල යම් භාවයන් -එනම් තමා ලද අත්දැකීම් සාරයෙන් ලබා ඇති සුඛ-දුක්ඛ වේදනා- කම්පනයකට ලක් කළ යුත්ය. එසේ වීමට නම්, උපමා උපමේය, අලංකරණ ආදිය භාවිතා කළ යුතුය. එපමණක් නොව ව්‍යංගය බහුල ලෙස භාවිතා කිරීමද මේ භාව ප්‍රකම්පනයට මග සළසයි.
    ඔබ සේම අහිමි වූ පෙමක් ගැන සේකර කියන්නේ සිය සොහොනේ ලියන කවියක් ගැනය. අවසන් මොහොතේ පවා සිය පෙම්වතිය ගේ සැනසිලි වදනක් නැතුවාට, දුක් දෙන වදනක් හෝ බලාපොරොත්තු වන මේ මිනිසා අප ආත්මය කම්පනය කර හරියි.
    අනික කවි යයි කියන්නේ කියන්නට තියන දේ කෙළ මෝලෙන් අනිනවා සේ කීම නොවේ. හදවතට නොව හදවත පසා කරගෙන ආත්මයට දැනෙන්නට කියන ක්‍රමයටය. එලෙස බස හැසිරවීම අතින් ඔබ තව බොහෝ දුර යා යුත් බව සිතමි.

    පාන්දරින් තේ උගුරක් මට ගෙනෙනා බිරිද ඔබය
    හීන් සීරුවේ මා ගැන සෝදිසියෙන් සිටින ඔබය
    (ප්‍රබුද්ධ-මහගම සේකර)

    මා ඔය කවි දෙපදය ලියුවේ වෙන කිසිවක් නිසා නොවේ. ඔය කවි දෙපදයේ ඇති බස අතිශය සරලය. මහා ගැඹුරු වදන එහි නැත. නමුත් ඔය සරල වචන ඇති පද දෙක ආත්මයට ගෙන එන්නේ පුදුම වූ සංවේදනයකි. දෑසින් කදුළු ගෙන එන සංවේදනයකි. බස හැසිරවිය යුත්තේ ද, බස යෙදිය යුත්තේ ද එලෙසය.

    තව තවත් ලියන්න. කවීත්වය ඔපවත් වන්නේ ශතතාභ්‍යාසයෙනි.
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    :)තව ලියන්න ..පොඩ් පොඩි දේවල් හදාගන්න ඉතින්.....පච පාලගේ ඒව පොඩක් බලන්න කෝ;)
     
    යාලු මම මේක ලිව්වේ සිංහල භාෂවට විනාශ කරන්න නම් නෙමෙයි. මට හැගුන දෙයක් වචන වලට හරවන්න උත්සහයක් දුන්නා. ඔයා දලා තියෙන්නේ සිංහල භාෂාවේ ‍ගොඩක් වැදගත් කො‍ටසක්. ඔයා මේ post එකේම ඔයාගේ අදහසුත් එකතු කරපු එකට ස්තුතියි. :):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාලු මම මේක ලිව්වේ සිංහල භාෂවට විනාශ කරන්න නම් නෙමෙයි. මට හැගුන දෙයක් වචන වලට හරවන්න උත්සහයක් දුන්නා. ඔයා දලා තියෙන්නේ සිංහල භාෂාවේ ‍ගොඩක් වැදගත් කො‍ටසක්. ඔයා මේ post එකේම ඔයාගේ අදහසුත් එකතු කරපු එකට ස්තුතියි. :):)
    නෑ..නෑ..නෑ.......මගේ මිත්‍රයා..
    ඒක නෙවෙයි කිව්වේ......
    ඔබ භාෂාව හැසිරවීමේ දී තවත් සුමට විදියට එය හැසිරවිය යුත්යි කියන එක......
    ඔබේ හැගීම් වචන වලට හැරවීමේ දී ඔබේ හැගීම් වඩා හොදින් අපට දැනෙන්න සැළැස්වීම ගැන..........අපේ ආත්මය කම්පනයට පත් කරන්න ඔබට හැකියාව ඇති කර ගැනීම ගැන......වරදවා අවබෝධකර ගන්න එපා. මම පෝස්ට් එක දැම්මේ සත් සිතින්.:(
     
    dont' worry bro. mchn ube post eken ganna dewal godak thiyanawa. thnkz bro ube info walata. cheerz :cool: