උදයංගිගේ දෑස යොමුවී තිබුණේ ඉමක් කොණක් නොමැතිව ගලා යන දියලුමේ මහා දියකඳ දෙසටය. මහා කල්පනාවක නිමග්න වූ ඇය ඇය දිගු නිහැඩියාවකට මුල පුරමින් සිටියාය. යෝගරාජ් ඇසිපිය නොසලා ඇය දෙස බලා සිටියේය. වෙනදා මෙන් බලාපොරොත්තුවලින් ඇගේ දෙනෙත පිරී තිබුණේ නැත. වහින්නට ළං වූ අහස් කුසක් මෙන් ඇගේ මුහුණ අඳුරු වී තිබිණි.<
මම හැමදාම ඔයාට ආදරෙයි.
උදයංගී වහා ඉදිරිපත් වී යෝගරාජ්ගේ වදනට තිත තැබුවාය. "දැන් පරණ දේවල් කතා නොකර ඉමු, අපි තීරණයක් අරගෙනනේ ආවේ..." උදයංගී ස්ථිරසාර හඬකින්, සෘජු බැල්මකින් යෝගරාජ් දෙස බැලුවාය. යෝගරාජ්ගේ දෑත ඇගේ දෑතේ උණසුම අසල නතර විය. කිසිදා වෙන් නොවන්නට මෙන් එම දෑත් තරයේ එකිනෙක පැටලෙන්නට විය.
යෝගරාජ්ගේ උණසුමින් තම අත මුදාගත් උදයංගි බෑගය තුළට අත දමා ජංගම දුරකතනය අතට ගත්තාය. ඇඟේ සිහින් ඇඟිලි තුඩු කලබලයෙන් දුරකතනයේ අංක පුවරුව මත දිව ගියේය. "අපි දෙන්නා දියලුම ඇල්ලෙන් පනිනවා" කෙටි පණිවිඩය යැවුවේ උදයංගිගේ මවගේ ජංගම දුරකතනයටය.
"ඔයා මට ආදරෙයි නේද?" උදයංගි ඇසුවේ කඳුළු පිරි දෙනෙතිනි. උත්තර දෙනවා වෙනුවට යෝගරාජ් උදයංගිගේ නළලත සිප ගත්තේය. වේලාව දහවල් දෙකහමාර පසු වෙමින් තිබිණි. වෙනදා තරම් දොඩමලු වන්නට කාරණා ඔවුනට තිබුණේ නැත.
දෙදෙනා හැඬ කඳුළු දියලුම දිය කඳට මසුවිය. කිසිවක් නොදන්නා දියලුම ඒ කඳුළත් රැගෙන පහළට ගලා බැස්සේ නිසොල්මනේය.
Source: hiru Gossip