දියවැඩියාව නිට්ටාවට සුව කල හැකිද?

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දියවැඩියාව නිට්ටාවට සුව කල හැකිද?

    මේ ගැන විවිධ මතවාද තියනවා

    සමහර ආයුර්වේද වෙද්‍යවරු කියනවා දියවැඩියාව නිට්ටාවට සුව කරන්න පුලුවන් කියලා

    මේ ගැන දන්න අය ඉන්නවද

    හැමෝටම ප්‍රයෝජනවත් වෙන්න තමන් දන්න දේ දාමු නේද​
     
    දියවැඩියාව කියන්නෙ අම්ලපිත්ත රෝගය ඔඩු දුවලා අග්න්‍යාෂය දක්වා පැතිරීමකින් අග්න්‍යාෂය දුර්වල වීමක්. ඒ රෝග නිධානය අයින් කරාම දියවැඩියාව නිට්ටාවට සුවයි.

    හැබැයි වැඩේ ඉක්මන් නම් නෑ. මාස 6 සිට අවුරුද්ද දක්වා කැප වෙන්නම ඕනා.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දියවැඩියාවෙන් අත්මිදෙන්න
    රණවරා ගසේ පස්‌ පංගුවෙන් වටිනා බෙහෙතක්‌ ගෙදරදීම හදාගන්න

    වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි

    වසර 300 කට වඩා ඩ පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක්‌ වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස්‌ යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක්‌ හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක්‌ වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම අද පටන් මේ තීරය ඔස්‌සේ ඇය සිදු කරන්නීය. මෙම ආරම්භක ලිපිය දියවැඩියා රෝගය ගැන සාකච්ඡා කිරීමත්, ඒ සඳහා යොදා ගත හැකි සරල අත්දුටු ප්‍රතිකාරයක්‌ හඳුන්වා දීමත් සිදු කෙරේ.

    ප්‍රශ්නය - දියවැඩියාව කුමක්‌ ද කියන එකත් ඒ පිළිබඳව ඔබ සතුව තිබෙන දත්ත සමූහයත් පැහැදිලි කළ හැකිද?

    පිළිතුර - දියවැඩියාව පිළිබඳ විවිධ වෛද්‍ය ක්‍රම අනුව අර්ථකතන කිහිපයක්‌ තිබෙනවා. සිංහල වෙදකමේ, ඒ කියන්නේ ලංකාවට ආවේණික දේශීය වෙදකම තුළ දියවැඩියාව සුවපත් කිරීම සඳහා පාරිම්පරික ක්‍රමවේදයක්‌ තිබෙනවා. මෙය ඖෂධීය ශාඛවල පස්‌ පංගුව පදනම් කරගත් පාරම්පරික ප්‍රතිකාර ක්‍රමයක්‌. එය වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ රෝගීන්ට කළ ප්‍රතිකාර ඇසුරෙන් ලබා ගත් අත්දැකීම් මත පදනම් වූ ක්‍රමයක්‌. ඊළඟට තිබෙනවා ඉන්දියාවේ ආයුර්වේදය. එය තුළ ශාක සාර ප්‍රතිකාර වගේම විවිධ රසායනික ද්‍රව්‍ය සහ ලෝහ වර්ග යොදාගෙන කරන රස බෙහෙත් තිබෙනවා. ඊළඟට තිබෙන්නේ ජර්මනියට ආවේණික වූ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය. ඊළඟට ඉංග්‍රීසි ඇලොපති වෛද්‍ය ක්‍රමය තිබෙනවා. තව තිබෙනවා ඉන්දියාවේ සාම්ප්‍රදායික දෙමළ වෛද්‍ය ක්‍රමය වූ සිද්ධි ක්‍රමය. සිද්ධායුර්වේදය යන වෛද්‍ය ක්‍රමය බිහි වී ඇත්තේ මෙකී දෙමළ සිද්ධි ක්‍රමයත් ඉන්දියන් ආයුර්වේද ක්‍රමයත් එකතු වීමෙන්. මීට අමතරව අරාබියට අයත් යුනානි වෛද්‍ය ක්‍රමයත් චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයත් තිබෙනවා. මා දන්නා හැටියට මේ ක්‍රම අතුරින් හෝමියෝපති සහ ඉංග්‍රීසි බෙහෙත් ක්‍රමවලට අනුව දියවැඩියාව කියන්නේ සුව කළ නොහැකි, එහෙත් පාලනය කළ හැකි රෝගයක්‌. සිංහල වෙදකම, ආයුර්වේදය, යුනානි වෙදකම, සිද්ධි වෙදකම සහ චීන වෙදකම පමණක්‌ කියනවා. දියවැඩියා ඇතුළු රෝග බොහොමයක්‌ නිට්‌ටාවටම සුවපත් කළ හැකියි කියලා. මේ තාක්‌ කාලයක්‌ කරන ලද පාරම්පරික සිංහල වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මගින් දියවැඩියාව ඇතුළු නිධන්ගත රෝග ගණනාවක්‌ම සුවපත් කළ හැකි බව මා අත්දැකීමෙන් දන්නවා. මෙහිදී දියවැඩියා රෝගය පිළිබඳ ජාත්‍යන්තර දත්ත ස්‌වල්පයක්‌ මා ඔබට කියන්නම්.

    1. වසර 2013 දී ලොව පුරා සිටි දියවැඩියා රෝගීන් ගණන මිලියන 382 ට වැඩියි. මේ වන විට මේ ප්‍රමාණය මිලියන 600 කට කිට්‌ටු කර තිබෙන බව පැහැදිලියි.

    2. දියවැඩියාව Type 1 සහ Type 2 යනුවෙන් කොටස්‌ දෙකකට බෙදෙනවා. Type 1 වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ සිරුරු තුළ ඉන්සියුලින් කොහොමටවත් නිෂ්පාදනය වෙන්නේ නැහැ. එනම් මනුෂ්‍ය ශරීරය තුළ ඉන්සියුලින් නිෂ්පාදනය සිදු කරන අග්න්‍යාශය නමැති ඉJද්‍රියෙහි තිබෙන සෛල (Isiet sells and reseptors) සියල්ල අප්‍රාණික වී ඇති බව ඉන් ප්‍රකාශ වෙනවා. Type 2 වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ අග්න්‍යාශය ඉන්සියුලින් නිෂ්පාදනය කළත් එය සිරුරේ හටගන්නා සීනි දහනය කර සිරුරේ ක්‍රියාකාරීත්වය ඇති කිරීමට තරම් ප්‍රමාණවත් නැහැ. ලොව සිටින දියවැඩියා රෝගීන්ගෙන් 10% ක්‌ Type 1 ට අයත් වන අතර 90% ක්‌ Type 2 ට අයත් වෙනවා. මේ අතර ගර්භනී අවස්‌ථාවේදී හටගන්නා දියවැඩියාවක්‌ තිබෙනවා. මෙය අප හඳුන්වන්නේ Gestational Diabetes යන නමින්.

    3. දියවැඩියා රෝගයේ සුලභ ලක්‍ෂණ කිහිපයක්‌ තිබෙනවා. පළමුවැන්න නිතරම මුත්‍ර පහ කිරීමට අවශ්‍ය වීමයි. ඒ අතර අධික පිපාසය, කුසගින්න, සිරුරේ බර අඩුවීම, තුවාල සුව නොවීම, පුරුෂයන්ගේ ලිංගික දුර්වලත්වය, අතපය හිරිවැටීම යනාදියත් හටගන්නවා.

    4. Type 1 වර්ගයේ දියවැඩියා රෝගීන්ට සැලසුම් කරන ලද ආහාර වට්‌ටෝරුවක්‌ සහ සිරුරට ඉන්සියුලින් එන්නත් කිරීම මගින් යම් සහනයක්‌ ලබා ගත හැකියි. එහෙත් රෝගය සුව වීමත්, එහෙමත් නැත්නම් අග්න්‍යාශය ප්‍රාණවත් වීමක්‌ එතැන නැහැ. ඔවුන් නිතරම තම රුධිරයේ තිබෙන සීනි ප්‍රමාණය පරීක්‍ෂා කර ගත යුතුයි. Type 2 වර්ගයේ රෝගීන්ට මුඛයෙන් ලබා ගන්නා බෙහෙත්, සැලසුම් කළ ආහාර වට්‌ටෝරුවක්‌, ව්‍යායාම යනාදියෙන් යම් සහනයක්‌ ලබා ගන්න පුළුවන්. එහෙත් අග්න්‍යාශයේ සෛල ප්‍රාණවත් වී සිරුරට අවශ්‍ය පරිදි ඉන්සියුලින් නිපදවීමක්‌ එතැනදී සිදුවන්නෙත් නැහැ.

    5. දියවැඩියා රෝගීන්ට තන්තුක වාහිනී රෝග හෙවත් හෘද රෝග හට ගැනීමේ අවදානම දියවැඩියාව නැති අයට වඩා හුඟක්‌ වැඩියි.

    6. දියවැඩියා රෝගීන් දුම් පානය වහාම නැවැත්විය යුතුයි. දුම් පානය මගින් ඔවුන්ගේ හදවත් රෝගී වීම දෙගුණ වෙනවා.

    7. Hypoglycemia හෙවත් රුධිර සීනි ප්‍රමාණය ඕනෑවට වඩා පහත බැස්‌සොත් දියවැඩියා රෝගීන්ට දරුණු තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනවා. එසේම Hypoglycemia හෙවත් රුධිර සීනි ඕනෑවට වඩා ඉහළ නැගීමෙන් රෝගීන්ට අවදානමක්‌ ඇති වනවා. මේ තත්ත්ව දෙක තුළදීම ඔවුන්ගේ ශරීරවල අභ්‍යන්තර ඉන්ද්‍රීන් විනාශ වෙනවා.

    ප්‍රශ්නය - දියවැඩියා රෝගයට බෙහෙත් පිරිසිදු සිංහල වෙදකම තුළ තිබෙනවද?

    පිළිතුර - ස්‌ථිර වශයෙන් ම ඔව්. ඒ සඳහා මාස 6 ක පමණ කාලයක්‌ තුළ තෝරාගත් ආහාර සහ බෙහෙත් ලබා ගත යුතුයි.

    ප්‍රශ්නය - මොනවද ඒ ආහාර

    පිළිතුර - උදේ ආහාරය ලෙස කුමක්‌ හෝ මාංශ භෝගයක්‌ (කඩල, කව්පි, මුං ඇට, මෑ ඇට) ගත යුතුයි. දහවලට බත් කෝප්ප භාගයක්‌, ගොටුකොළ.රණවරා කොළ හෝ වෙනත් මැල්ලුම් වර්ගයක්‌, එළවළු වැඩිපුරත් ආහාරයට ගත යුතුයි. තෙල්දමා තෙම්පරාදු නොකරන එළවළු, මස්‌, මාලු, නිතරම කෑමට එකතු කර ගත යුතුයි. ආහාරයට ගන්නා බත රතු බාස්‌මතී සහල් නම් ඉතාම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. එහි පිෂ්ඨය අඩු අතර කුරුට්‌ට වැඩි නිසා පෝෂ්‍ය පදාර්ථ බහුලව ලැබෙනවා.

    ප්‍රශ්නය - Type 1 සහ Type 2 යන වර්ගවල දියවැඩියා රෝගීන් සඳහා ඔබට නිර්දේශ කළ හැකි කිසියම් බෙහෙතක්‌ තිබෙනවාද?

    පිළිතුර - ඔව්. රණවරා ගහේ පස්‌ පංගුව ගන්න. එයින් මිටක්‌ ගෙන වතුර අඬු කෝප්ප 4 කට දමා කෝප්ප 1 කට සිඳ ගන්න. මෙවැනි වේල් 2 ක්‌ උදේ 10 ටත්, සවස 3 ටත් බොන්න. ඒ අතර මා ඉහතින් කී පරිදි ක්‍රමයට ආහාර ගන්න. මාසයකට පසු රුධිර සීනි මට්‌ටම පරීක්‍ෂා කර බලා එය අඩු වී ගෙන යන හැටි නිරීක්‍ෂණය කරන්න. මාස 6 ක්‌ මේ ප්‍රතිකාරය කරන්න. එවිට ඔබේ රුධිර සීනි මට්‌ටම ප්‍රකෘති තත්ත්වයට එනවා. මෙය දිගටම කරන විට අග්න්‍යාශය ක්‍රමයෙන් ප්‍රාණවත් විමට පටන් ගන්නවා. ඒ අනුව ඔබ තවදුරටත් දියවැඩියා රෝගියකු වන්නේ නැහැ.

    මේ පිළිබඳ නොමිලේ උපදෙස්‌ සඳහා 0759061771 අංකයට කතා කරන්න.

    ලබන සතියේ රණවරා ගසේ ඖෂධීය ගුණ විග්‍රහය සහ දියවැඩියාවට තවත් බෙහෙතක්‌ කියවන්න.

    සාකච්ඡා කළේ
    අශේන් රඹකොස්‌වැව

    http://www.divaina.com/2016/06/19/feature04.html
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉදිරියේ රාළ;20562512 said:
    දියවැඩියාව කියන්නෙ අම්ලපිත්ත රෝගය ඔඩු දුවලා අග්න්‍යාෂය දක්වා පැතිරීමකින් අග්න්‍යාෂය දුර්වල වීමක්. ඒ රෝග නිධානය අයින් කරාම දියවැඩියාව නිට්ටාවට සුවයි.

    හැබැයි වැඩේ ඉක්මන් නම් නෑ. මාස 6 සිට අවුරුද්ද දක්වා කැප වෙන්නම ඕනා.


    mokadda karanna one

    karana aya innawada?
     
    mokadda karanna one

    karana aya innawada?
    පුළුවන් තරම් සැහැල්ලු මෘදු උෂ්ණාධික නොවන සැර අඩු හෝ නැති එවගේම අනිවාර්යයෙන්ම රතු මිරිස් නොගෑවුණ ආහාර වර්ග කෑමට හුරු වෙන්නම ඕනා. ඝන කෑම වර්ග කන්න බෑ. මස් මාළු තියා උම්බලකඩවත් කැවෙන්න බෑ. සැරට ඕන නම් ගම්මිරිස් ඇති පදමටකට දා ගන්න. හැබැයි රතු මිරිස් පැත්ත පළාතක වත් ගෑවෙන්න බෑ. (පොල් සම්බෝල/ලුණු මිරිස් වලට සොරි ඩොට් කොම් තමා ඉතිං), තෙල් බැදුම් කන්නත් බෑ. මේ විදියට තුන්වේලටම ආහාර ගැනෙන කොට සීනි තත්වයත් පාලනය කරගෙන ගියාම මාස 6 සිට අවුරුද්දක කාලයක් ඇතුලත දියවැඩියාවෙන් අත්මිදීමට වාසනාව පෑදේ. :cool::cool:
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉදිරියේ රාළ;20562551 said:
    පුළුවන් තරම් සැහැල්ලු මෘදු උෂ්ණාධික නොවන සැර අඩු හෝ නැති එවගේම අනිවාර්යයෙන්ම රතු මිරිස් නොගෑවුණ ආහාර වර්ග කෑමට හුරු වෙන්නම ඕනා. ඝන කෑම වර්ග කන්න බෑ. මස් මාළු තියා උම්බලකඩවත් කැවෙන්න බෑ. සැරට ඕන නම් ගම්මිරිස් ඇති පදමටකට දා ගන්න. හැබැයි රතු මිරිස් පැත්ත පළාතක වත් ගෑවෙන්න බෑ. (පොල් සම්බෝල/ලුණු මිරිස් වලට සොරි ඩොට් කොම් තමා ඉතිං), තෙල් බැදුම් කන්නත් බෑ. මේ විදියට තුන්වේලටම ආහාර ගැනෙන කොට සීනි තත්වයත් පාලනය කරගෙන ගියාම මාස 6 සිට අවුරුද්දක කාලයක් ඇතුලත දියවැඩියාවෙන් අත්මිදීමට වාසනාව පෑදේ. :cool::cool:

    mata hithenne oyita wadam deyak karanna wei kiyala
     
    mata hithenne oyita wadam deyak karanna wei kiyala
    ඔව් ඉතිං ඉන්සියුලින් ගහන්න වෙන ගාණටම සීනි නග්ගගන්නෙ නැතුව සීනි මට්ටම පාලනය කරගෙන යන්න කසාය බොන්නත් එපැයි.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉදිරියේ රාළ;20562667 said:
    ඔව් ඉතිං ඉන්සියුලින් ගහන්න වෙන ගාණටම සීනි නග්ගගන්නෙ නැතුව සීනි මට්ටම පාලනය කරගෙන යන්න කසාය බොන්නත් එපැයි.

    eka thamayi mama ahuwe

    ethakota kasaya ganna wenne kohenda

    mata thiyanne yantham sugar witharayi 90-140 wage
     
    eka thamayi mama ahuwe

    ethakota kasaya ganna wenne kohenda

    mata thiyanne yantham sugar witharayi 90-140 wage
    සාමාන්‍ය පරාසය 80-110ක් වගේ නේ. ඔයාගෙ සීනි වැඩි වෙලා නැති තරම් නේ. ඕකට කසාය බොන්න ඕන නෑ. අර විදියට කෑම පාලනය කරගෙන හිටියම හරි. මාස 3ක් වගේ එක දිගට කරගෙන යද්දි තමන්ටම දැනෙයි සීන් එක.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදිරියේ රාළ;20562711 said:
    සාමාන්‍ය පරාසය 80-110ක් වගේ නේ. ඔයාගෙ සීනි වැඩි වෙලා නැති තරම් නේ. ඕකට කසාය බොන්න ඕන නෑ. අර විදියට කෑම පාලනය කරගෙන හිටියම හරි. මාස 3ක් වගේ එක දිගට කරගෙන යද්දි තමන්ටම දැනෙයි සීන් එක.
    පරාසය 74-100 රාළේ දැන්...........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉදිරියේ රාළ;20562746 said:
    10ක් අඩු වැඩි වුණයි කියල ලොකු අවුලක් නෑනෙ බං.
    තියනවා.....
    දැන් අමෙරිකානු දියවැඩියා සංගමේ කියන විදියට 100-105 කියන්නේ ප්‍රෝන් ටු ඩයබිටික් නැත්නම් ඩයබිටික් එන්ඩේන්ජර්ඩ්. 105 පැන්නොත් ඩයබිටික්.......

    මේවා බටහිරයන්ට අනුව බව සළකන්න.
     
    තියනවා.....
    දැන් අමෙරිකානු දියවැඩියා සංගමේ කියන විදියට 100-105 කියන්නේ ප්‍රෝන් ටු ඩයබිටික් නැත්නම් ඩයබිටික් එන්ඩේන්ජර්ඩ්. 105 පැන්නොත් ඩයබිටික්.......

    මේවා බටහිරයන්ට අනුව බව සළකන්න.
    ඔව් ඉතිං එතකොට ලේ චෙක් කළාම මිනිස්සු බය වෙලා කෑම බීම පාලනය කරන්න හුරු වෙනවානේ. ඒකත් හොඳ වැඩක් තමා. හැබැයි රෝග නිධානය එහෙම්මමයි.
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    අපේ වෙදදුරු
    හෙළ ඔසුවෙන් දියවැඩියාව නසන මහවිල වෙදැඳුරු

    පසුගිය දිනෙක දුරකථන ඇමතුමක්‌ මගින් මගේ මිත්‍රයකු මා අමතමින් ඔහුගේ දරුවාට දියවැඩියා රෝගය වැළඳී ඇති බව කීවේය. මෙවර සරසවි වරම් ලැබූ පුතා මේ රෝගය නිසා දැඩි පීඩාකාරී තත්ත්වයකට පත්ව ඇති බවත් එනිසාම පාඩම් වැඩ සියල්ල පසෙක දමා කල්පනාකාරීව සිටින බවත් කීය.

    රෝගය දැනගත් මුල් දින කිහිපයේ බටහිර වෛද්‍යවරයකු මුණගැසී සියල්ල විස්‌තර කිරීමෙන් පසු ඉන්සියුලින් ගැනීමට උපදෙස්‌ දුන් බවත් පවසා ඔහු හඬන්නට පටන් ගත්තේය.

    තම පරම්පරාවේ හෝ බිරිඳගේ පරම්පරාවේ කිසිවකුටත් නොමැති මේ දියවැඩියා රෝගය තම දරුවාට වැළඳීම ගැන බෙහෙවින්ම කම්පාවට පත්ව සිටි මිත්‍රයා ඊට නිසි ප්‍රතිකාරයක්‌ සිංහල වෙදකමේවත් තිබෙනවා දැයි මගෙන් විමසීය.

    මේ පිළිබඳව තවදුරටත් විමසීමේදී දැන ගන්න ලැබුණේ මුලින් කී වෛද්‍යවරුන් එකවරම ඉන්සියුලින් ගැනීමට උපදෙස්‌ දී තිබුණත් දෙවැනි වර පෙන්වූ වෛද්‍යවරයා ඊට දැඩි විරෝධය පා බෙහෙත් පෙත්තක්‌ පමණක්‌ ගැනීමට උපදෙස්‌ දී තිබුණු බවය.

    වත්මන් සමාජයේ වැඩිපුරම කතාබහට ලක්‌ වී ඇති දියවැඩියා රෝගය වයස්‌ භේදයකින් තොරව ලොකු කුඩා සැවොම ගිල ගන්නා පීඩාකාරී රෝගයකි. බෝ නොවන රෝගයක්‌ ලෙස සැලකෙන මෙය මුළු මහත් මානව සමාජයම ගිල ගැනීමට මාන බලන යුගයක ඊට විසඳුමක්‌ නොයෙදීම රෝගයට ජයග්‍රහණය ලබා දීමක්‌ සේ සැලකිය හැක.

    අපේ ලිපි පෙළ හරහා දේශීය වෙදකමේ ප්‍රබලයෝ කොතෙකුත් අපි හඳුන්වා දුන්නෙමු. එමෙන්ම තවත් මෙවැනිම වෙදැදුරුවරු හඳුන්වාදීමට ඇත. ඒ නිසාම අපි නිරන්තරයෙන් ඔවුන් ගැන සොයා බලා ලිපියක්‌ සැකසීම තුළින් අපේක්‍ෂා කරන්නේ රෝගීන්ගේ සුවසෙත යෑයි කීවොත් එහි මුසාවක්‌ නැතැයි මම සිතමි.

    පීඩාකාරී දියවැඩියා රෝගය මාස හයක පමණ කෙටි කාලයකින් සුව කළ හැකි වෛද්‍යවරයකු ද අපට පසුගිය දිනෙක හමුවිය. හෙළ වෙදකමෙන් දස්‌කම් දක්‌වන මේ වෙදැදුරු සර්වාංග රෝග පිළිබඳව හසල දැනුමකින් ප්‍රතිකාර කළත් දියවැඩියා රෝගයට සුවිශේෂ බවක්‌ දක්‌වන හෙයින් අපි ඔහු පිළිබඳව අපේ වෙදැදුරු තීරයෙන් හඳුන්වා දීමට අදහස්‌ කළෙමු.

    යටියන්තොට ප්‍රදේශයේ මහවිල වෙදමහත්තයා නමින් හඳුන්වන සෙනරත් ජයසූරිය බණ්‌ඩාර වෙදැදුරු ගම්පහ වෙදආරච්චි වෙද පරම්පරාවේ තුන්වැන් පරම්පරාවට නෑකම් කියන්නෙකි. තම සීයාගේ සහ පියාගේ සෙවණේ වැඩෙමින් වෙදකම පිළිබඳව පුළුල් දැනුමක්‌ ප්‍රායෝගික ලබා ගත් ඔහු පසු කලෙක වෛද්‍ය උපාධි ගණනාවක්‌ දිනා ගෙන පූර්ණ කාලීන වෙදකමට පිවිස ඇත්තේ හුදෙක්‌ රෝගීන්ගේ සුවසෙත ප්‍රාර්ථනා කරගෙනය.

    මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් හෙළ වෙදකමේ ශාකසාර මුල්කර ගෙන පරපුරේ ඖෂධ වට්‌ටෝරු තුළින් දියවැඩියා රෝගය සමනය කළ හැකි අගනා බෙහෙතක්‌ නිපදවාගෙන තිබේ.

    හයමසක කාලයක්‌ තුළ මේ බෙහෙත් නිවැරැදිව පාවිච්චියෙන් දියවැඩියා රෝගයෙන් මිදීමට හැකි බව සාක්‍ෂි ඇතිව ඔප්පු කර පෙන්වා ඇත. මේ පිළිබඳව වැඩි විස්‌තර අප රෝගීන්ගේ සුව සෙත සඳහා සාකච්ඡාවකට පිවිසෙමින් දියවැඩියා රෝගය කියන්නේ කුමක්‌ දැයි වෙදැදුරුගෙන් විමසීමි.

    මේ ප්‍රශ්නය අපි සැහැල්ලුවෙන් හිතල බෙහෙත් පාවිච්චියකින් තොරව හිටියොත් ප්‍රතිඵල අනර්ථකාරී තත්ත්වයක්‌ තමයි තියෙන්නේ. කොටින්ම අග්න්‍යාසයේ ඉන්සියුලින් හෝමෝනය නිපදවන්නේ නැත්නම්, එහෙමත් නැත්නම් නිපදවීම අඩුවීම සහ ඉන්සියුලින් නිපදවූවත් ඒකෙන් ඉටුවිය යුතු කාර්යයන් නිසි පරිදි සිදු නොවීමත් හේතුවෙන් රුධිරගත සීනි ප්‍රමාණය පාලනයකින් තොරව ඉහළ නැගීම මේ දියවැඩියාව කියන රෝගය හඳුන්වනවා.

    අපි මේකට ඩයිබිටිස්‌ මෙලයිටස කියලත් කියනවනේ. මෙතෙන්දී ඩයිබිටිස්‌ කියල කියන්නේ ශරීරයේ බැහැරවීම, මෙලයිටස කියන්නේ පැණි කියන අර්ථය. කොහොම අර්ථ දැක්‌වුවත් මධුමේහය දියවැඩියාව කියල කියන්නේ ශරීරයේ රුධිරගත ග්ලූකෝස්‌ මට්‌ටම ඉහළ යැම බව කෙටියෙන් කියන්න පුළුවන්.

    මිනිස්‌ සිරුරට මෙම රෝගය වැළඳීමට හේතු පැහැදිලි කිරීමක්‌ කළොත්

    කෙටියෙන් කියනවා නම් දැඩි මානසික ආතතිය, ව්‍යායාම අඩුකම, වැරදි සහ අහිතකර ආහාර රටාව සහ පරිභෝජනය මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම හේතු වෙනවා.

    මේ ගැන අපි කතා කළොත් ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව වරින්වර අසීමිතව ආහාර ගැනීම පිෂ්ඨය අධික මේද සහිත සහ සීනි පැණි හකුරු, රටඉඳි, අයිස්‌ක්‍රීම්, වටලප්පන්, චොකලට්‌ වැනි අධික පැණිරස ආහාර මේ අතර ප්‍රධානය.

    මේ රෝගය හඳුනා ගන්නා ක්‍රම පිළිබඳව විස්‌තර කළොත්

    අධික පිපාසය, ශරීරයේ තෙහෙට්‌ටුව සහ වේදනාව, නිතර මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව , තුවාල සුව නොවී පැවැතීම, ලිංගික අප්‍රාණිකත්වය, ශරිරයේ බර අඩුවීම සහ ශාරීරික අප්‍රාණිකතාව, ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන කැසීම, නිතර ඇතිවන කුසගින්න, වෙනදාට වඩා පැණිරස කෑමට ගිජු බව දියවැඩියා රෝගයේ ලක්‍ෂණ වශයෙන් හැඳින්වුවත් ඇතමෙකුට මේ කිසි රෝග ලක්‍ෂණයක්‌ පහළ නොවීම දියවැඩියාව හැදෙන්න පුළුවන්.

    එමෙන්ම රාත්‍රි ආහාර ගෙන පැය 12 කට පසුව කිසිම ආහාරයක්‌ හෝ පානයක්‌ නොකර පසුදින රුධිර පරීක්‍ෂණයක්‌ කිරීමෙන් වඩාත් මේ තත්ත්වය පැහැදිලි කර ගැනීමට හැකියාවක්‌ ලැබෙනවා.

    "මේ රෝග තත්ත්වයේදී ඇතිවන භයානක ප්‍රතිඵල ගැන කතා කළොත්"

    බෝ නොවන රෝග බොහොමයක්‌ම ඉතා අන්තරාකාරියි. ඇතැම් වෙලාවකට දියවැඩියාවත් එහෙමයි. නිසි පාලනයක්‌ හෝ එය ශරීරයෙන් ඉවත් නොකර ගත්තොත් වකුගඩු ආබාධ, ස්‌නායු ආබාධ, කොලෙස්‌ටරෝල් අධිකවීම, ඇසේ සුද හා අන්ධභාවය, අංශභාගය, ලිංගික දුබලතාව ඇතිවෙන්න පුළුවන්. මෙම රෝග තත්ත්වයන් නිසා ඇතිවන අන්තරාකාරී ස්‌වභාවයන් වගේම වකුගඩු ආබාධ සහ ධමනිගත රෝග නිසා දියවැඩියා රෝගියකු මිය යැමට පවා ඉඩ තියෙනවා.

    මේ ප්‍රශ්නයේදී අවිවාදයෙන්ම අපි මේ දේ කිව යුතුමයි. බටහිර වෛද්‍ය විද්‍යාවේදී මේ දියවැඩියා රෝගය ඖෂධ මගින් පාලනය වන බව කිව්වත් ඉන් ඇතිවන අතුරු ආබාධ සහ වරින් වර කරනු ලබන ඖෂධ වෙනස්‌ කිරීම් වගේම මාත්‍රා වෙනස්‌ කිරීම් තුළින්a සිදුවන හානියට තර්ක විතර්ක ඕන නෑ.

    මේ ප්‍රශ්නයේදී අපි නිකමට බටහිර ඖෂධ පාවිච්චි කරන දියවැඩියා රෝගියකු ගත්තොත් එයාගේ තත්ත්වය මොකක්‌ද කවදාකවත් එයාට මේ තත්ත්වයෙන් මිදෙන්න හැකියාවක්‌ ලැබිල තියෙනවද? එහෙමත් නැත්නම් කාලයක්‌ තිස්‌සේ ගත්ත බෙහෙත් එක දවසක්‌ හෝ නතර කිරීමට හැකියාවක්‌ ලැබිල තියෙනවද...? ඇත්තෙන්ම නෑ.

    අපි මෙහෙම කියනවා. මුලින්ම යමෙකුට දියවැඩියාව හැදුනයි කියමු. අපි වෛද්‍ය වාර්තාවක්‌ අරගෙන වෛද්‍යවරයා ළඟට යනවා උපදේශයක්‌ ගන්න. ඒ වෛද්‍යවරයා මුලින්ම කියන්නෙ මොකක්‌ද? මේ තත්ත්වය ඉතාම නරකයි. මෙහෙම තිබුණොත් වකුගඩු නරක්‌ වෙන්න පුළුවන්. දැනටමත් ඒක වෙලාද කියල පරීක්‍ෂා කර ගත්තොත් හොඳයි කියල රෝගියාගේ මානසික තත්ත්වය බින්දුවට ම බස්‌සල බෙහෙත් පෙත්තක්‌ නියම කරනවා. මේක ආහාර ගන්නවා වගේ වරද්දන්නේ නැතිව දිනපතා පාවිච්චි කරන්න කියලා. උපදේශයකුත් දෙනවා.

    එදා ඉඳල ඒ රෝගියා පැහැදිලිවම මානසික ලෙඩෙක්‌. එයාට හැම තිස්‌සෙම මතක්‌ වෙන්නේ දොස්‌තර මහත්තයා කියපු දේවල්. එදා ඉඳලා අර නියම කරපු පෙත්ත ගන්න කියල තමන්ගෙ හිත කෑගහනව.

    මේ බටහිර වෛද්‍යවරයා විසින් නියම කරන පෙත්තට මොකද වෙන්නේ. පැය දොළහකට තමන්ගේ ලේ වල තිබෙන ග්ලූකෝස්‌ සාන්ද්‍රණය පාලනය වන එක විතරයි ඉන් එහාට කිසිම දෙයක්‌ වෙන්නේ නැහැ.

    මේ තත්ත්වය ශරීරයට කලක්‌ පුරුදු වුණාම ඒ බෙහෙතේ මාත්‍රාව ශරීරය අරගන්නේ නැහැ. ඊට පස්‌සේ දොස්‌තරවරයා තවත් මාත්‍රාවක්‌ වැඩි කරල දෙනවා. මෙහෙම ගිහිල්ල ගිහිල්ල අන්තිමේදී පිටින් ඉන්සියුලින් දෙන්නත් නියම කරනවා.

    හොඳයි හිතන්න බලන්න අපේ බටහිර වෛද්‍යවරයා මෙතෙන්දී මොකක්‌ද කරල තියෙන්නේ. ඇමරිකන්කාරයා හරි ඉන්දියන්කාරයා හරි කියල දීපු මේ බෙහෙත් නියම කිරීම විතරයි නේ. ශරීරයේ මේ තත්ත්වය පාලනය වෙන්න දිනපතා ම ඔය පෙත්ත නොගත්තට අපේ රටේම තියෙන ගහක වැළක, කොලයක්‌ කෑවම එහෙමත් නැත්නම් තම්බල බීපුවම අඩුකර ගන්න පුළුවනි.

    හොඳම උදාහරණය තමයි තෙබු කොල. එහෙමත් නැත්නම් වරක ගහක ඉදුනු කොස්‌ කොළ තම්බල බිව්වම රුධිරයේ ග්ලූකෝස්‌ සාන්ද්‍රණය අඩුකර ගන්න පුළුවන්.

    මේව හැම එකක්‌ම තාවකාලිකයි. නමුත් අපි අපේක්‍ෂා කරන උත්තරය මේක නොවෙයි. එහෙමනම් නිරන්තරයෙන් අපි සොයා බැලිය යුතුයි ඇයි මෙහෙම වෙන්න හේතුව සහ ඒ හේතුවට නිසි ප්‍රතිකාරයක්‌ තිබෙනවද කියල.

    පැහැදිලිවම අපි මුලින් කිව්ව වගේම අපේ ආහාර රටාවෙ තිබෙන අක්‍රමිකතා හේතුවෙන් අපි නිරන්තරයෙන් දියවැඩියා රෝගියකු වියහැකියි. මෙතෙන්දී අග්න්‍යාසයේ ඉන්සියුලින් පද්ධතිය ක්‍රියා විරහිත වීමෙන් අපේ රුධිරයේ ග්ලූකෝස්‌ සාන්ද්‍රණය වැඩි වෙනවා. එහෙමනම් අප කළ යුත්තේ දිනපතාම කිසියම් ඖෂධයක්‌ අරගෙන රුධිරයෙ සීනි පාලනය කිරීමක්‌ නොව ඒ දුර්වල වූ අග්න්‍යාසයේ ඉන්සියුලින් නිපදවීමේ ක්‍රියා පද්ධති සක්‍රිය කරවීමයි. පැහැදිලි උත්තරය තියෙන්නේ එතනයි.

    එතකොට ඔබගේ මේ බෙහෙත් පන්තියෙන් ඔබ ඔය කියන අග්න්‍යාසයේ ඉන්සියුලින් නිපදවීමේ ක්‍රියාවලිය සිදුවෙනවද?

    මෙතෙන්දී වැඩි කතාවක්‌ අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කියපු සියලුම කරුණු ඊට අදාළයි. මගේ නව සොයා ගැනීමක්‌ කියනවාට වඩා අපේ ගම්පහ වෙදආරච්චි පරම්පරාවේ සුවිශේෂී ඖෂධ වට්‌ටෝරුවක්‌ ආශ්‍රයෙන් නිපදවා ගන්නා මේ බෙහෙතට මගේ සොයා ගැනීමකුත් ඇතුළත් වෙනවා. ඒක පර්යේෂණ මට්‌ටමකින් කරල තත්ත්ව සහතිකයත් අපි අරගෙන තියෙන්නේ. මේ හේතුව නිසාම තමයි මම කියන්නේ මගේ මේ දියවැඩියා රෝගය සුව කිරීමේ හැකියාව මේ බෙහෙත් පන්තියම තියෙනව කියල.

    "ඔබ මේ බෙහෙතට නමක්‌ හෙම යොදා තිබෙනවද?"

    ඔව්. මධුනිමා දියවැඩියා සුවය කියල තමයි මම මේකට නම් කරල තියෙන්නේ. නමුත් මම මේක වෙළෙඳපොළට නිකුත් කරල නැහැ. මට එහෙම අවශ්‍යයත් නැහැ. ඕනෑම දියවැඩියා රෝගියකු මගේ ළඟට ආවොත් පමණක්‌ මම මේ බෙහෙත දෙනවා මිස වෙළෙඳ භාණ්‌ඩයක්‌ කරගෙන නැහැ. එහෙම කරනවා නම් මට ඕන වෙලාවක ඒක කරන්න පුළුවන්. නමුත් බෙහෙතක්‌ බෙහෙතක්‌ විදිහට රෝගියාටම නියම කරනවා මිස අර බටහිර වෛද්‍යවරු ඇමරිකන්කාරයාගේ හෝ ඉන්දියන්කාරයාගේ බෙහෙත ෆාමසියකින් ගන්නයි කියා නියම කරනවා වගේ මගේ මේ මධුනිමා දියවැඩියා සුවය කියන ඖෂධය පිට කඩේකින් ගන්න කියල නියම කරන්නෙත් නෑ. ඒ තත්ත්වයට පත් කරන්නෙත් නෑ.

    මේ බෙහෙත පාවිච්චි කරන පිළිවෙල ගැන විස්‌තරයක්‌ කළොත්

    එච්චර කරදර විය යුතු නැහැ. තේ එකක්‌ හදා ගන්නව වගේ උණුවතුරට දාල තම්බල බොන්න විතරයි තියෙන්නේ. ඊට අමතරව අපි කසායක්‌ දෙනවා. ඒකත් අපි හදල තියෙන්නේ. කසාය තම්බ තම්බ වද විඳින්න ඕන නෑ. මේ බෙහෙත් පාවිච්චිය හරියටම මාස හයකට වඩා ගත යුතු නැහැ.

    විමලසිරි අගලකඩ
    වෛද්‍ය සෙනරත් ජයසුරිය බණ්‌ඩාර
    source divaina.com
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මම දැනට බෙහෙත් ගන්නෙ මත්තෙගොඩ Dr.රත්නපාල ගෙන්

    එයා ගැන දන්න කවුරුත් ඉන්නවද
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මම දැනට බෙහෙත් ගන්නෙ මත්තෙගොඩ Dr.රත්නපාල ගෙන්

    එයා ගැන දන්න කවුරුත් ඉන්නවද

    danne na ban.. ape gewal laga kenek gannawa oya yatiyanthota place eken... 380ta wage shuger thibuna lu.. dan maasa 2i dan control wela kiwwa.. thawa maasa 4k bonna ona... ita passe risalt eka thamai balanna ona... aaa... masekata 10000k wage yanawalu beheth welata...
     
    Jul 3, 2012
    1,394
    116
    0
    ඉදිරියේ රාළ;20562512 said:
    දියවැඩියාව කියන්නෙ අම්ලපිත්ත රෝගය ඔඩු දුවලා අග්න්‍යාෂය දක්වා පැතිරීමකින් අග්න්‍යාෂය දුර්වල වීමක්. ඒ රෝග නිධානය අයින් කරාම දියවැඩියාව නිට්ටාවට සුවයි.

    හැබැයි වැඩේ ඉක්මන් නම් නෑ. මාස 6 සිට අවුරුද්ද දක්වා කැප වෙන්නම ඕනා.

    Oya kiyanne 6-12 months walin diabetes 100% hoda karanna puluwan kiyalada? (Type-2)

    Ethakota 12 months walin passe normal widiyata sugar dapu kema kanna puluwanda?
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    danne na ban.. ape gewal laga kenek gannawa oya yatiyanthota place eken... 380ta wage shuger thibuna lu.. dan maasa 2i dan control wela kiwwa.. thawa maasa 4k bonna ona... ita passe risalt eka thamai balanna ona... aaa... masekata 10000k wage yanawalu beheth welata...

    kema beema control karanna onada?

    drinks nawaththanna onada?

    poddak ahala kiyapan