දියවැඩියාව නිට්ටාවට සුව කල හැකිද?

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    අපේ වෙදදුරු
    හෙළ ඔසුවෙන් දියවැඩියාව නසන මහවිල වෙදැඳුරු

    පසුගිය දිනෙක දුරකථන ඇමතුමක්‌ මගින් මගේ මිත්‍රයකු මා අමතමින් ඔහුගේ දරුවාට දියවැඩියා රෝගය වැළඳී ඇති බව කීවේය. මෙවර සරසවි වරම් ලැබූ පුතා මේ රෝගය නිසා දැඩි පීඩාකාරී තත්ත්වයකට පත්ව ඇති බවත් එනිසාම පාඩම් වැඩ සියල්ල පසෙක දමා කල්පනාකාරීව සිටින බවත් කීය.

    රෝගය දැනගත් මුල් දින කිහිපයේ බටහිර වෛද්‍යවරයකු මුණගැසී සියල්ල විස්‌තර කිරීමෙන් පසු ඉන්සියුලින් ගැනීමට උපදෙස්‌ දුන් බවත් පවසා ඔහු හඬන්නට පටන් ගත්තේය.

    තම පරම්පරාවේ හෝ බිරිඳගේ පරම්පරාවේ කිසිවකුටත් නොමැති මේ දියවැඩියා රෝගය තම දරුවාට වැළඳීම ගැන බෙහෙවින්ම කම්පාවට පත්ව සිටි මිත්‍රයා ඊට නිසි ප්‍රතිකාරයක්‌ සිංහල වෙදකමේවත් තිබෙනවා දැයි මගෙන් විමසීය.

    මේ පිළිබඳව තවදුරටත් විමසීමේදී දැන ගන්න ලැබුණේ මුලින් කී වෛද්‍යවරුන් එකවරම ඉන්සියුලින් ගැනීමට උපදෙස්‌ දී තිබුණත් දෙවැනි වර පෙන්වූ වෛද්‍යවරයා ඊට දැඩි විරෝධය පා බෙහෙත් පෙත්තක්‌ පමණක්‌ ගැනීමට උපදෙස්‌ දී තිබුණු බවය.

    වත්මන් සමාජයේ වැඩිපුරම කතාබහට ලක්‌ වී ඇති දියවැඩියා රෝගය වයස්‌ භේදයකින් තොරව ලොකු කුඩා සැවොම ගිල ගන්නා පීඩාකාරී රෝගයකි. බෝ නොවන රෝගයක්‌ ලෙස සැලකෙන මෙය මුළු මහත් මානව සමාජයම ගිල ගැනීමට මාන බලන යුගයක ඊට විසඳුමක්‌ නොයෙදීම රෝගයට ජයග්‍රහණය ලබා දීමක්‌ සේ සැලකිය හැක.

    අපේ ලිපි පෙළ හරහා දේශීය වෙදකමේ ප්‍රබලයෝ කොතෙකුත් අපි හඳුන්වා දුන්නෙමු. එමෙන්ම තවත් මෙවැනිම වෙදැදුරුවරු හඳුන්වාදීමට ඇත. ඒ නිසාම අපි නිරන්තරයෙන් ඔවුන් ගැන සොයා බලා ලිපියක්‌ සැකසීම තුළින් අපේක්‍ෂා කරන්නේ රෝගීන්ගේ සුවසෙත යෑයි කීවොත් එහි මුසාවක්‌ නැතැයි මම සිතමි.

    පීඩාකාරී දියවැඩියා රෝගය මාස හයක පමණ කෙටි කාලයකින් සුව කළ හැකි වෛද්‍යවරයකු ද අපට පසුගිය දිනෙක හමුවිය. හෙළ වෙදකමෙන් දස්‌කම් දක්‌වන මේ වෙදැදුරු සර්වාංග රෝග පිළිබඳව හසල දැනුමකින් ප්‍රතිකාර කළත් දියවැඩියා රෝගයට සුවිශේෂ බවක්‌ දක්‌වන හෙයින් අපි ඔහු පිළිබඳව අපේ වෙදැදුරු තීරයෙන් හඳුන්වා දීමට අදහස්‌ කළෙමු.

    යටියන්තොට ප්‍රදේශයේ මහවිල වෙදමහත්තයා නමින් හඳුන්වන සෙනරත් ජයසූරිය බණ්‌ඩාර වෙදැදුරු ගම්පහ වෙදආරච්චි වෙද පරම්පරාවේ තුන්වැන් පරම්පරාවට නෑකම් කියන්නෙකි. තම සීයාගේ සහ පියාගේ සෙවණේ වැඩෙමින් වෙදකම පිළිබඳව පුළුල් දැනුමක්‌ ප්‍රායෝගික ලබා ගත් ඔහු පසු කලෙක වෛද්‍ය උපාධි ගණනාවක්‌ දිනා ගෙන පූර්ණ කාලීන වෙදකමට පිවිස ඇත්තේ හුදෙක්‌ රෝගීන්ගේ සුවසෙත ප්‍රාර්ථනා කරගෙනය.

    මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් හෙළ වෙදකමේ ශාකසාර මුල්කර ගෙන පරපුරේ ඖෂධ වට්‌ටෝරු තුළින් දියවැඩියා රෝගය සමනය කළ හැකි අගනා බෙහෙතක්‌ නිපදවාගෙන තිබේ.

    හයමසක කාලයක්‌ තුළ මේ බෙහෙත් නිවැරැදිව පාවිච්චියෙන් දියවැඩියා රෝගයෙන් මිදීමට හැකි බව සාක්‍ෂි ඇතිව ඔප්පු කර පෙන්වා ඇත. මේ පිළිබඳව වැඩි විස්‌තර අප රෝගීන්ගේ සුව සෙත සඳහා සාකච්ඡාවකට පිවිසෙමින් දියවැඩියා රෝගය කියන්නේ කුමක්‌ දැයි වෙදැදුරුගෙන් විමසීමි.

    මේ ප්‍රශ්නය අපි සැහැල්ලුවෙන් හිතල බෙහෙත් පාවිච්චියකින් තොරව හිටියොත් ප්‍රතිඵල අනර්ථකාරී තත්ත්වයක්‌ තමයි තියෙන්නේ. කොටින්ම අග්න්‍යාසයේ ඉන්සියුලින් හෝමෝනය නිපදවන්නේ නැත්නම්, එහෙමත් නැත්නම් නිපදවීම අඩුවීම සහ ඉන්සියුලින් නිපදවූවත් ඒකෙන් ඉටුවිය යුතු කාර්යයන් නිසි පරිදි සිදු නොවීමත් හේතුවෙන් රුධිරගත සීනි ප්‍රමාණය පාලනයකින් තොරව ඉහළ නැගීම මේ දියවැඩියාව කියන රෝගය හඳුන්වනවා.

    අපි මේකට ඩයිබිටිස්‌ මෙලයිටස කියලත් කියනවනේ. මෙතෙන්දී ඩයිබිටිස්‌ කියල කියන්නේ ශරීරයේ බැහැරවීම, මෙලයිටස කියන්නේ පැණි කියන අර්ථය. කොහොම අර්ථ දැක්‌වුවත් මධුමේහය දියවැඩියාව කියල කියන්නේ ශරීරයේ රුධිරගත ග්ලූකෝස්‌ මට්‌ටම ඉහළ යැම බව කෙටියෙන් කියන්න පුළුවන්.

    මිනිස්‌ සිරුරට මෙම රෝගය වැළඳීමට හේතු පැහැදිලි කිරීමක්‌ කළොත්

    කෙටියෙන් කියනවා නම් දැඩි මානසික ආතතිය, ව්‍යායාම අඩුකම, වැරදි සහ අහිතකර ආහාර රටාව සහ පරිභෝජනය මේ තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම හේතු වෙනවා.

    මේ ගැන අපි කතා කළොත් ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව වරින්වර අසීමිතව ආහාර ගැනීම පිෂ්ඨය අධික මේද සහිත සහ සීනි පැණි හකුරු, රටඉඳි, අයිස්‌ක්‍රීම්, වටලප්පන්, චොකලට්‌ වැනි අධික පැණිරස ආහාර මේ අතර ප්‍රධානය.

    මේ රෝගය හඳුනා ගන්නා ක්‍රම පිළිබඳව විස්‌තර කළොත්

    අධික පිපාසය, ශරීරයේ තෙහෙට්‌ටුව සහ වේදනාව, නිතර මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාව , තුවාල සුව නොවී පැවැතීම, ලිංගික අප්‍රාණිකත්වය, ශරිරයේ බර අඩුවීම සහ ශාරීරික අප්‍රාණිකතාව, ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන කැසීම, නිතර ඇතිවන කුසගින්න, වෙනදාට වඩා පැණිරස කෑමට ගිජු බව දියවැඩියා රෝගයේ ලක්‍ෂණ වශයෙන් හැඳින්වුවත් ඇතමෙකුට මේ කිසි රෝග ලක්‍ෂණයක්‌ පහළ නොවීම දියවැඩියාව හැදෙන්න පුළුවන්.

    එමෙන්ම රාත්‍රි ආහාර ගෙන පැය 12 කට පසුව කිසිම ආහාරයක්‌ හෝ පානයක්‌ නොකර පසුදින රුධිර පරීක්‍ෂණයක්‌ කිරීමෙන් වඩාත් මේ තත්ත්වය පැහැදිලි කර ගැනීමට හැකියාවක්‌ ලැබෙනවා.

    "මේ රෝග තත්ත්වයේදී ඇතිවන භයානක ප්‍රතිඵල ගැන කතා කළොත්"

    බෝ නොවන රෝග බොහොමයක්‌ම ඉතා අන්තරාකාරියි. ඇතැම් වෙලාවකට දියවැඩියාවත් එහෙමයි. නිසි පාලනයක්‌ හෝ එය ශරීරයෙන් ඉවත් නොකර ගත්තොත් වකුගඩු ආබාධ, ස්‌නායු ආබාධ, කොලෙස්‌ටරෝල් අධිකවීම, ඇසේ සුද හා අන්ධභාවය, අංශභාගය, ලිංගික දුබලතාව ඇතිවෙන්න පුළුවන්. මෙම රෝග තත්ත්වයන් නිසා ඇතිවන අන්තරාකාරී ස්‌වභාවයන් වගේම වකුගඩු ආබාධ සහ ධමනිගත රෝග නිසා දියවැඩියා රෝගියකු මිය යැමට පවා ඉඩ තියෙනවා.

    මේ ප්‍රශ්නයේදී අවිවාදයෙන්ම අපි මේ දේ කිව යුතුමයි. බටහිර වෛද්‍ය විද්‍යාවේදී මේ දියවැඩියා රෝගය ඖෂධ මගින් පාලනය වන බව කිව්වත් ඉන් ඇතිවන අතුරු ආබාධ සහ වරින් වර කරනු ලබන ඖෂධ වෙනස්‌ කිරීම් වගේම මාත්‍රා වෙනස්‌ කිරීම් තුළින්a සිදුවන හානියට තර්ක විතර්ක ඕන නෑ.

    මේ ප්‍රශ්නයේදී අපි නිකමට බටහිර ඖෂධ පාවිච්චි කරන දියවැඩියා රෝගියකු ගත්තොත් එයාගේ තත්ත්වය මොකක්‌ද කවදාකවත් එයාට මේ තත්ත්වයෙන් මිදෙන්න හැකියාවක්‌ ලැබිල තියෙනවද? එහෙමත් නැත්නම් කාලයක්‌ තිස්‌සේ ගත්ත බෙහෙත් එක දවසක්‌ හෝ නතර කිරීමට හැකියාවක්‌ ලැබිල තියෙනවද...? ඇත්තෙන්ම නෑ.

    අපි මෙහෙම කියනවා. මුලින්ම යමෙකුට දියවැඩියාව හැදුනයි කියමු. අපි වෛද්‍ය වාර්තාවක්‌ අරගෙන වෛද්‍යවරයා ළඟට යනවා උපදේශයක්‌ ගන්න. ඒ වෛද්‍යවරයා මුලින්ම කියන්නෙ මොකක්‌ද? මේ තත්ත්වය ඉතාම නරකයි. මෙහෙම තිබුණොත් වකුගඩු නරක්‌ වෙන්න පුළුවන්. දැනටමත් ඒක වෙලාද කියල පරීක්‍ෂා කර ගත්තොත් හොඳයි කියල රෝගියාගේ මානසික තත්ත්වය බින්දුවට ම බස්‌සල බෙහෙත් පෙත්තක්‌ නියම කරනවා. මේක ආහාර ගන්නවා වගේ වරද්දන්නේ නැතිව දිනපතා පාවිච්චි කරන්න කියලා. උපදේශයකුත් දෙනවා.

    එදා ඉඳල ඒ රෝගියා පැහැදිලිවම මානසික ලෙඩෙක්‌. එයාට හැම තිස්‌සෙම මතක්‌ වෙන්නේ දොස්‌තර මහත්තයා කියපු දේවල්. එදා ඉඳලා අර නියම කරපු පෙත්ත ගන්න කියල තමන්ගෙ හිත කෑගහනව.

    මේ බටහිර වෛද්‍යවරයා විසින් නියම කරන පෙත්තට මොකද වෙන්නේ. පැය දොළහකට තමන්ගේ ලේ වල තිබෙන ග්ලූකෝස්‌ සාන්ද්‍රණය පාලනය වන එක විතරයි ඉන් එහාට කිසිම දෙයක්‌ වෙන්නේ නැහැ.

    මේ තත්ත්වය ශරීරයට කලක්‌ පුරුදු වුණාම ඒ බෙහෙතේ මාත්‍රාව ශරීරය අරගන්නේ නැහැ. ඊට
    පස්‌සේ දොස්‌තරවරයා තවත් මාත්‍රාවක්‌ වැඩි කරල දෙනවා. මෙහෙම ගිහිල්ල ගිහිල්ල අන්තිමේදී පිටින් ඉන්සියුලින් දෙන්නත් නියම කරනවා.

    හොඳයි හිතන්න බලන්න අපේ බටහිර වෛද්‍යවරයා මෙතෙන්දී මොකක්‌ද කරල තියෙන්නේ. ඇමරිකන්කාරයා හරි ඉන්දියන්කාරයා හරි කියල දීපු මේ බෙහෙත් නියම කිරීම විතරයි නේ. ශරීරයේ මේ තත්ත්වය පාලනය වෙන්න දිනපතා ම ඔය පෙත්ත නොගත්තට අපේ රටේම තියෙන ගහක වැළක, කොලයක්‌ කෑවම එහෙමත් නැත්නම් තම්බල බීපුවම අඩුකර ගන්න පුළුවනි.

    හොඳම උදාහරණය තමයි තෙබු කොල. එහෙමත් නැත්නම් වරක ගහක ඉදුනු කොස්‌ කොළ තම්බල බිව්වම රුධිරයේ ග්ලූකෝස්‌ සාන්ද්‍රණය අඩුකර ගන්න පුළුවන්.

    මේව හැම එකක්‌ම තාවකාලිකයි. නමුත් අපි අපේක්‍ෂා කරන උත්තරය මේක නොවෙයි. එහෙමනම් නිරන්තරයෙන් අපි සොයා බැලිය යුතුයි ඇයි මෙහෙම වෙන්න හේතුව සහ ඒ හේතුවට නිසි ප්‍රතිකාරයක්‌ තිබෙනවද කියල.

    පැහැදිලිවම අපි මුලින් කිව්ව වගේම අපේ ආහාර රටාවෙ තිබෙන අක්‍රමිකතා හේතුවෙන් අපි නිරන්තරයෙන් දියවැඩියා රෝගියකු වියහැකියි. මෙතෙන්දී අග්න්‍යාසයේ ඉන්සියුලින් පද්ධතිය ක්‍රියා විරහිත වීමෙන් අපේ රුධිරයේ ග්ලූකෝස්‌ සාන්ද්‍රණය වැඩි වෙනවා. එහෙමනම් අප කළ යුත්තේ දිනපතාම කිසියම් ඖෂධයක්‌ අරගෙන රුධිරයෙ සීනි පාලනය කිරීමක්‌ නොව ඒ දුර්වල වූ අග්න්‍යාසයේ ඉන්සියුලින් නිපදවීමේ ක්‍රියා පද්ධති සක්‍රිය කරවීමයි. පැහැදිලි උත්තරය තියෙන්නේ එතනයි.

    එතකොට ඔබගේ මේ බෙහෙත් පන්තියෙන් ඔබ ඔය කියන අග්න්‍යාසයේ ඉන්සියුලින් නිපදවීමේ ක්‍රියාවලිය සිදුවෙනවද?

    මෙතෙන්දී වැඩි කතාවක්‌ අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කියපු සියලුම කරුණු ඊට අදාළයි. මගේ නව සොයා ගැනීමක්‌ කියනවාට වඩා අපේ ගම්පහ වෙදආරච්චි පරම්පරාවේ සුවිශේෂී ඖෂධ වට්‌ටෝරුවක්‌ ආශ්‍රයෙන් නිපදවා ගන්නා මේ බෙහෙතට මගේ සොයා ගැනීමකුත් ඇතුළත් වෙනවා. ඒක පර්යේෂණ මට්‌ටමකින් කරල තත්ත්ව සහතිකයත් අපි අරගෙන තියෙන්නේ. මේ හේතුව නිසාම තමයි මම කියන්නේ මගේ මේ දියවැඩියා රෝගය සුව කිරීමේ හැකියාව මේ බෙහෙත් පන්තියම තියෙනව කියල.

    "ඔබ මේ බෙහෙතට නමක්‌ හෙම යොදා තිබෙනවද?"

    ඔව්. මධුනිමා දියවැඩියා සුවය කියල තමයි මම මේකට නම් කරල තියෙන්නේ. නමුත් මම මේක වෙළෙඳපොළට නිකුත් කරල නැහැ. මට එහෙම අවශ්‍යයත් නැහැ. ඕනෑම දියවැඩියා රෝගියකු මගේ ළඟට ආවොත් පමණක්‌ මම මේ බෙහෙත දෙනවා මිස වෙළෙඳ භාණ්‌ඩයක්‌ කරගෙන නැහැ. එහෙම කරනවා නම් මට ඕන වෙලාවක ඒක කරන්න පුළුවන්. නමුත් බෙහෙතක්‌ බෙහෙතක්‌ විදිහට රෝගියාටම නියම කරනවා මිස අර බටහිර වෛද්‍යවරු ඇමරිකන්කාරයාගේ හෝ ඉන්දියන්කාරයාගේ බෙහෙත ෆාමසියකින් ගන්නයි කියා නියම කරනවා වගේ මගේ මේ මධුනිමා දියවැඩියා සුවය කියන ඖෂධය පිට කඩේකින් ගන්න කියල නියම කරන්නෙත් නෑ. ඒ තත්ත්වයට පත් කරන්නෙත් නෑ.

    මේ බෙහෙත පාවිච්චි කරන පිළිවෙල ගැන විස්‌තරයක්‌ කළොත්

    එච්චර කරදර විය යුතු නැහැ. තේ එකක්‌ හදා ගන්නව වගේ උණුවතුරට දාල තම්බල බොන්න විතරයි තියෙන්නේ. ඊට අමතරව අපි කසායක්‌ දෙනවා. ඒකත් අපි හදල තියෙන්නේ. කසාය තම්බ තම්බ වද විඳින්න ඕන නෑ. මේ බෙහෙත් පාවිච්චිය හරියටම මාස හයකට වඩා ගත යුතු නැහැ.

    විමලසිරි අගලකඩ
    වෛද්‍ය සෙනරත් ජයසුරිය බණ්‌ඩාර
    source divaina.com

    චාමර පී වාසියක් නැතෙය්
     

    Oya kiyanne 6-12 months walin diabetes 100% hoda karanna puluwan kiyalada? (Type-2)

    Ethakota 12 months walin passe normal widiyata sugar dapu kema kanna puluwanda?
    එහෙම සාමාන්‍ය විදියට සීනි පාවිච්චි කරන අයත් ඉන්නවා ඒත් හැබැයි පොඩි කාලේ වගේ සීනි කැවෙන්නෙ නෑ, එහෙම සීනී නොකරන අයත් ඉන්නවා. සීනි නගින්නෙ රෝග ලක්ෂණයක් හැටියට විතරයි. ඒකට හේතුව අම්ල පිත්ත තත්වය උග්‍ර වීම. ඒක උග්‍ර නොවෙන විදියට කෑම පාවිච්චි වෙනවා නම් සීනී පාවිච්චියෙන් අවුලක් එන්න විදියක් නෑ.
     
    මම දැනට බෙහෙත් ගන්නෙ මත්තෙගොඩ Dr.රත්නපාල ගෙන්

    එයා ගැන දන්න කවුරුත් ඉන්නවද
    එතුමා අවුරුදු ගොඩක් කල් ඉඳල නම් දියවැඩියාවට ප්‍රතිකාර කරපු කෙනෙක්. ඒත් ඊට වැඩි විස්තරයක් දන්නෙ නෑ. මොනවද එතන දෙන බේත් ?

    උඹට කට පාලනය කර ගන්න බැරි නම් ඔය ලෙඩෙන් ගොඩ එන්න බෑ පුතෝ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    බම්ප්


    තෙඹු කොළ මැල්ලුන , මදටිය කැඳ සහ මදටිය කොළ මැල්ලුම.ඇඹරැල්ලා වගෙ ආහාර පාන වලින් දියවැඩියාව පාලනය කරන්න පුළුවන්
     
    Last edited:

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    ඉදිරියේ රාළ;20563131 said:
    එතුමා අවුරුදු ගොඩක් කල් ඉඳල නම් දියවැඩියාවට ප්‍රතිකාර කරපු කෙනෙක්. ඒත් ඊට වැඩි විස්තරයක් දන්නෙ නෑ. මොනවද එතන දෙන බේත් ?

    උඹට කට පාලනය කර ගන්න බැරි නම් ඔය ලෙඩෙන් ගොඩ එන්න බෑ පුතෝ.

    මචං මස්බැද්ද කියන වැලේ කොල ගොඩාක් හොඳයි කියනවා නේද මෙ ලෙඩේට... ඒ කොල කටේ දැම්මම මචං සීනි වල කිසිම රසක් නෑ.. උඹ ඒ ගැන දන්නවද?
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    'whole food plant based vegan' diet ekakin puluwan kiyanawaa.

    no animal products
    watch 'forks over knives' documentry video.


    diyawàdiyaawa, cancer, osteoporosis wage leda hàdenna gaththe minissu mas maansa elakiri biththara wage animal products use karanna gaththata passei.
    owa hàdenne animal products walin
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉදිරියේ රාළ;20563131 said:
    එතුමා අවුරුදු ගොඩක් කල් ඉඳල නම් දියවැඩියාවට ප්‍රතිකාර කරපු කෙනෙක්. ඒත් ඊට වැඩි විස්තරයක් දන්නෙ නෑ. මොනවද එතන දෙන බේත් ?

    උඹට කට පාලනය කර ගන්න බැරි නම් ඔය ලෙඩෙන් ගොඩ එන්න බෑ පුතෝ.

    කුඩු එකක් දෙනවා උනුවතුරෙන් දිය කරල බොන්න

    තව ගුලි, පෙති එහෙම දෙනවා, ඔක්කොම ගස් වල කොටස් අඹරලා හදපුවා
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    220px-Gymnema_sylvestre.jpg


    ඔය තියෙන්නේ මස්බැද්ද කොළ...
     
    220px-Gymnema_sylvestre.jpg


    ඔය තියෙන්නේ මස්බැද්ද කොළ...
    ඔය මස්බැද්ද නෙවෙයි බං. මස්බැද්ද කොළේ මතුපිට අල්ලන කොට වෙල්වට රෙද්දක් පිරිමදිනව වගේ දැනෙන බූවක් තියෙනවා. ඕකෙ එහෙම එකක් නෑනේ. :baffled:

    මස්බැද්ද කොළේ මෙන්න මේ වගේ.

    i284008264492093874._msw565h424_szw565h424_.jpg


    මේක මස්බැද්ද කිව්වට වෙල්වට් රෙද්දක වගේ බූවක් පේන්න නෑ. හැබැයි හරි මස්බැද්ද කොළේ ඇල්ලුවම වෙල්වට් රෙද්දක් අල්ලනව වගේම තමා.
     
    Last edited:
    මචං මස්බැද්ද කියන වැලේ කොල ගොඩාක් හොඳයි කියනවා නේද මෙ ලෙඩේට... ඒ කොල කටේ දැම්මම මචං සීනි වල කිසිම රසක් නෑ.. උඹ ඒ ගැන දන්නවද?
    සීනි රහ නෙවෙයි නෙ බං තියෙන ප්‍රශ්නේ, ගැස්ට්‍රික් හිංදා අග්න්‍යාෂය දුර්වල වෙන එක නේ. ඒකට සීනි නොකා විතරක් ඉඳල හරි යනවද ?

    ගැස්ට්‍රික් පැතිරෙන්න ගන්නවා හතර වටේට. ඊට පස්සෙ ඒකෙන් එන්නෙ ප්‍රෙශර් හෝ කොලෙස්ටරෝල්. ඊට පස්සෙ වකුගඩු දෙක දුර්වල වේගෙන එනවා. ඊට පස්සෙ කියයි අරක මේක කියලා.

    ප්‍රශ්නෙ බරපතල කම වටහාගෙන කට පාලනය කරගෙන (සීනි නොකා හිටියයි කියල බේරෙන්න බෑ) එක දිගට පහසුවෙන් දිරවන්න පුළුවන් සැහැල්ලු කෑම කන්න ඕනා හැම වේලකටම.

    ඕක තමා එකම ක්‍රමය ඔය ලෙඩ වාට්ටුවෙන් එළියට පැනගන්න නම්.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉදිරියේ රාළ;20563255 said:
    සීනි රහ නෙවෙයි නෙ බං තියෙන ප්‍රශ්නේ, ගැස්ට්‍රික් හිංදා අග්න්‍යාෂය දුර්වල වෙන එක නේ. ඒකට සීනි නොකා විතරක් ඉඳල හරි යනවද ?

    ගැස්ට්‍රික් පැතිරෙන්න ගන්නවා හතර වටේට. ඊට පස්සෙ ඒකෙන් එන්නෙ ප්‍රෙශර් හෝ කොලෙස්ටරෝල්. ඊට පස්සෙ වකුගඩු දෙක දුර්වල වේගෙන එනවා. ඊට පස්සෙ කියයි අරක මේක කියලා.

    ප්‍රශ්නෙ බරපතල කම වටහාගෙන කට පාලනය කරගෙන (සීනි නොකා හිටියයි කියල බේරෙන්න බෑ) එක දිගට පහසුවෙන් දිරවන්න පුළුවන් සැහැල්ලු කෑම කන්න ඕනා හැම වේලකටම.

    ඕක තමා එකම ක්‍රමය ඔය ලෙඩ වාට්ටුවෙන් එළියට පැනගන්න නම්.

    aththa
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    ඉදිරියේ රාළ;20563255 said:
    සීනි රහ නෙවෙයි නෙ බං තියෙන ප්‍රශ්නේ, ගැස්ට්‍රික් හිංදා අග්න්‍යාෂය දුර්වල වෙන එක නේ. ඒකට සීනි නොකා විතරක් ඉඳල හරි යනවද ?

    ගැස්ට්‍රික් පැතිරෙන්න ගන්නවා හතර වටේට. ඊට පස්සෙ ඒකෙන් එන්නෙ ප්‍රෙශර් හෝ කොලෙස්ටරෝල්. ඊට පස්සෙ වකුගඩු දෙක දුර්වල වේගෙන එනවා. ඊට පස්සෙ කියයි අරක මේක කියලා.

    ප්‍රශ්නෙ බරපතල කම වටහාගෙන කට පාලනය කරගෙන (සීනි නොකා හිටියයි කියල බේරෙන්න බෑ) එක දිගට පහසුවෙන් දිරවන්න පුළුවන් සැහැල්ලු කෑම කන්න ඕනා හැම වේලකටම.

    ඕක තමා එකම ක්‍රමය ඔය ලෙඩ වාට්ටුවෙන් එළියට පැනගන්න නම්.

    මචෝ අපිට කෑම ගන්න shedual එකක් හදාගත්තනම් හරි නේද
     
    මචෝ අපිට කෑම ගන්න shedual එකක් හදාගත්තනම් හරි නේද
    ඒ කියන්නේ ? මට අපැහැදිලියි, තුන් වේලටම අර මුලින් විස්තරේ විදියට කෑම බීම ගන්න එකනෙ වෙන්න ඕනා. ඊට අමතරව කාල සටහනක් ඕන වෙන්නෙ ඇයි ? මොකක්ද ඔබතුමා කාලසටහනකින් බලාපොරොත්තු වෙන්නේ ?
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,745
    2,218
    113
    Nugegoda
    Diabetes mellitus type 2 වල වෙන්නෙ අගන්‍යාසහ සම්බන්ද තත්වයකට වඩා සෛල බිත්තිය ඝන වීමක් වැනි දෙයක් එතනදි අගන්‍යාසයෙන් ඉන්සියුලින් දුන්නත් වැඩක් නෑ සෛල අඟේ සීනි සෛලයට උරා ගැනීමට අවශ්‍ය ප්‍රතිචාරය දක්වන්නෑ. ඒ හින්ද අැඟේ සීනි ඉතුරු වෙනව පස්සෙ මොලයෙන් සිග්නල් දෙනව ඇතැම් විට බඩගින්න වැඩි කරන්න (දියවැඩියා අයට බඩගිනි හැදෙනව සමහර විට වැඩි වෙන්නෙ ඒකයි) එතකොට තවත් ඇඟේ සීනි වැඩිවෙනව. ඒ සීනි මුත්‍රා මගින් ඇඟෙන් අනවශ්‍ය සීනි ඉවත් කරන්න වැඩිපුර මුත්‍රා කරන්න ඕන වෙනව. ඒකට ජලය අවශ්‍ය නිසා තිබහ වැඩිපුර ඇතිවෙනව. සමහර විට ශක්තිය වැඩිපුර යෙදවන්න අඟේ තියෙන සීනි ප්‍රෙයා්ජනයට ගන්න බැරි නිසා මොලයෙන් සමහර අයට සංඥා නිකුත් කරනව මේදයයි mussle tissues දහනය කරල ශකිතිය ජනනය කරන්න. අර ඩයබෙඩික් හැදිච්ච සමහර අයට ඉක්මනට ඇඟ කෙට්ටු වෙන්නෙ ඒකයි. මේ ක්‍රියාවලිය (ketoacedosis) දිගින් දිගටම වුනොත් සිරුරට අහිතකරයි.
    ඒ හින්ද තෙබුකොල, කරිවිල වගේ ඒව අනවශ්‍ය විදියට කාල සීනි අඩු කරගන්න එක ටිකක් භයානකයි. මං දන්න diabetes කෙනෙක් තෙබුකොල කාල සීනි අඩුවෙලා මළා. රණවරා මල්, කෙතලහිඹටු වගේ දේවල් ඊට වඩා හොඳින් ක්‍රියා කරනව. ඒ නිසා ඕනවට එපාවට පලෑටි තම්බල බොන්නැතිව විශ්වාසවන්ත ආයුර්වෙද වෛද්‍යවරයෙක් ගෙන් උපදෙස් අරගෙන බේත් බොන්න.
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    ඉදිරියේ රාළ;20563360 said:
    ඒ කියන්නේ ? මට අපැහැදිලියි, තුන් වේලටම අර මුලින් විස්තරේ විදියට කෑම බීම ගන්න එකනෙ වෙන්න ඕනා. ඊට අමතරව කාල සටහනක් ඕන වෙන්නෙ ඇයි ? මොකක්ද ඔබතුමා කාලසටහනකින් බලාපොරොත්තු වෙන්නේ ?

    එහෙම කීයන්නේ, ඔය ලෙඩේ එන්නේ අපේ ආහාර රටවත් එක්ක කියල ඔබතුම කිව්වනේ. ගෙවල්වල වෙන්නේ මේකයි එදිනෙදාට අහුවෙච්ච දීයක් ඔහේ උයල ගන්නවා හොද නරක බලන්නේ නෑ. එහෙම නෙවෙයි අපි යම් කාලසටහනකට, මේ සතියේ සදුදා අපි කන්නේ මේවා අගහරුවදට මෙන්න මේවා කියල වෙන්කරගත්තොත් පාලනයට ලේසියි.මන් දකින විදිය කිව්වේ