දියුණූ රටක නැති අපේ රටේ තියන දේවල්

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මචන්ලා මම මේක දාන්නේ අපේ රට හොද නෑ කියන්න නෙමෙයි. ඒත් මගේ අත් දැකීම් අනුව අපේ රටේ තියන නමුත් වෙන දියුනු රටවල දකින්න ලැබෙන්න අඩු සොබාවික දේවල් ටිකක් මේකේ දාන්නන්. ගොඩක්ම අපේ රටේ විතරක් නෙමෙයි. මේක tropical සමහරක් රටවල දකින්න් තියන දේවල් සහ ඒවයින් අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න අමාරු වෙනෙ දේවල්.

    1) මදුරුවෝ/මැස්සෝ/කූබී
    මෙන්නෙ මේ සත්තු ජාති තුන ගොඩක්ම අඩුවෙන් තමා මම දැක්කේ වෙන රට වල. මදුරුවෝ මැස්සෝ නම්
    නැති තරම්. හැබැයි summer එකට කියන්න දන්නේ නෑ.අපේ රටේ නම් මේ සත්තු තුන හෙනම කරදරයක්.

    2) දාඩිය
    පොඩ්ඩක් උඩ පැන්නත් ඇගේ බේරෙන්නෙ අපේ දාඩිය. වෙන රටක නම් කොච්චර පාරෙ ඇවිද්දත් දාඩිය බින්දුවක් නෑ. අපිට වඩා උශ්නත්වේ වැඩි රට වල් වෙල උනත් මෙච්චර දාඩිය නෑ. අපේ අර්ද්‍ර්තාව වැඩී.

    3) ලෙඩ රෝගෙ
    මම මේ කතා කරන්නෙ දිය වැඩියාව පිලිකා වගෙ ජාන ගත ඒවා නෙමෙයි. හෙම්බිරිස්සාව සෙම කැස්ස වගේ ඒවා. මෙ ලෙඩනම් හැදෙන්නෙ නැති තරම්. මොකද ලන්කාවේ තරම් දූවිලී මම දැකලා නෑ කොහෙවත්. ඇයි දන්නෙ නෑ දූවිලී හැදෙන්නෙ.

    4) ඉක්මනට කෑම නරක් වෙනවා.
    ලංකාවෙනම් පැය 6 න් කෑම නරක් වෙනවා.ටිකක් සීතල රටක නම් කිරි පැකට් එකක් ඇරලා දවස් දෙක තුන තියන්න පුලුවන්.

    5) වැඩක් කලොත් පට්ට මහසී
    මෙහෙ අපි පොඩ්ඩක් ඇවිද්දත් පට්ට මහසී. ඒත් වෙන රටවල් වලනම් යක්කු වගේ වැඩ කරහැකි මහන්සි එන්නේ ගොඩක් වෙලා ගියාට පස්සේ.

    6) අපේ ගෙවල් පිලිවෙලට තියාගන්න බෑ
    මෙන්න මේකනම මම ගොඩක්ම නෝට් කරපු දෙයක්ක්. ලන්කවේ ගෙවල් ලස්සන වුනාට පිලිවෙලක් නෑ. පොඩි ගේ වුනත් අර රටවල පිලිවෙලයි.

    මට මීටර් වෙච්ච සීන් තමා ඕවා ඒ රටවල නැති අපේ රටේ තියන ප්‍රශ්න. මේකට දේශපාලනයනම් ගාව ගන්න එපා. මොකද tropical ගොඩක් රටවල් වලට වඩා අපි යම් මට්ටමක ඉන්නවා. ඒක නිසා දේශපලනය ගැන කතා නොකර මිනිස්සු ගැන කතා නොකර අපිට බලපාන අපිට ඉස්සරහට යන්න බැරි දේවල් මේකේ කතා කරමු.පුලුවන්නම් අපි එකතු වෙලා ඒවට විසදුම් හොයා ගමු.
     
    Last edited:

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    1) මදුරුවෝ/මැස්සෝ/කූබී
    මෙන්නෙ මේ සත්තු ජාති තුන ගොඩක්ම අඩුවෙන් තමා මම දැක්කේ වෙන රට වල. මදුරුවෝ මැස්සෝ නම්
    නැති තරම්. හැබැයි summer එකට කියන්න දන්නේ නෑ.අපේ රටේ නම් මේ සත්තු තුන හෙනම කරදරයක්.

    ehe gewal hama welema wahalane...gewal wala windows,door cover karala thiyenne podi net ekak ekka. smahara gewal nam exterminate karnawa.

    window-mosquito-net-250x250.jpg

    6) අපේ ගෙවල් පිලිවෙලට තියාගන්න බෑ
    මෙන්න මේකනම මම ගොඩක්ම නෝට් කරපු දෙයක්ක්. ලන්කවේ ගෙවල් ලස්සන වුනාට පිලිවෙලක් නෑ. පොඩි ගේ වුනත් අර රටවල පිලිවෙලයි.

    Samahara lankawe aya ge athule curry ehema cook karanne na...ge gada gahnawa kiyala...eliye lipk thiyagena cook karanne.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    එක සිට පහ වෙනකන් කියල තියෙන දේවල් වලට රට දියුණුද නැද්ද කියන එක නෙවෙයි බලපාන්නෙ දේශගුණය

    6 ඉතින් ඉන්න මිනිස්සු අනුව තීරණය වෙන දෙයක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    1.අපේ ගෙවල් වල බඩු වැඩියි . ගෙවල් පිරිලා කැඩිච්ච පරණ බඩු වලින් . ඉතිං දූවිලි ජරාව

    2.ලංකාවේ ගෙවල් වල මිදුල් ඔක්කොම වැලි . ගෙදර ඇතුලට දූවිලි එනවා නාවත් වන්නම බැහැ. මිදුල් හරියට හැදුවනම් මෙහෙම වෙන්නේ නැහැ.

    3.පාරවල් හැදුවෙ නැහැ. පාරවල් ඔක්කොම කැඩිලා වාහන යනකොට දූවිලි ටික ගෙදර ඇතුළේ.
    4. පරණ වාහන වල දුම

    5.ලංකාවේ Town වල walkway එක හරියට හදලා නැහැ . Buldings උස නැති නිසා අවුව වැටෙනවා කෙලින්ම දාඩිය දානවා එපා වෙනවා.

    6.මැස්සෝ හැම රටකම ඉන්නවා. දියුණු රටවල උන් පාලනය කරනවා .ලංකාවේ කොයි හෝටලේ දා තියෙන්නේ මැස්සෝ මරලා දාන මැෂින් හයි කරලා . කොහේවත් නැහැ. ලංකාවේ මැස්සෝ ළමයි වගේ ඇති කරනවා මරන්නේ නැහැ.

    7. දූවිලි කොහෙද එතන කැස්ස හෙම්බරිස්සාව සේම . ලංකාව පුරාම දූවිලි .මො කද මිදුල් වල සහ අනිත් බිම්වල තණකොළ නැහැ .උදුළු ගානවා . ලංකාවේ ඒ්වුන්ත තණකොළ නිකං වහා කදුරු වගේ
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    ඔව් ගොඩක් දේවල් වලට බලපාන්නේ දේශගුනේ තමයි. සත්තුන්ට වුනත් මේ දේශගුනේ හොදට බලපානවා තම වර්ගයා බෝ කරන්න.
    මට හිතෙනවා මේ අපේ දේශගුනේ අපිට දියුනු වෙන්න ගොඩක් නරක විදිහට බලපානවා කියලා.
    පොඩ්ඩක් හිතපන් අපිට අපේ ගෙදර පේන්ට් කර ගන්න ඕන කියලා. එත් මේ රස්නෙත් එක්ක කොහොමද බන් මහන්සියෙන් ඔය වැඩේ කරන්නේ දාඩිය බේරෙන්න ගත්තම හෙනම අපහසුයි. ඒක නිසා වෙන එකෙක්ට ගානක් දීලා කරගන්න යන්නෙ අපි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868

    Ausi waren
     
    එහෙම කියන්නත් බැහැ . මෙහේ දේශගුණය ම තමා සිංගප්පූරු වල තියෙන්නේ . කෝ මැස්සෝ .මදුරුවෝනම් ටිකක් ඉන්නවා රෑට
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    Ausi waren
    ඇවිල්ලා තියනවා බන් ඉන්න ආසාවක් නෑ කොහෙවත් අපේ රටේ මේ තියන ප්‍රශ්න ටික නැත්තම් මෙහෙ හොදයි.
    මන් කියන්නෙ දේශපාලන ප්‍රශ්න නෙමයි. මිනිස්සුන්ගෙ ප්‍රශ්න නෙමයි. අර උඩින් දාපුවා.
    මොකද සින්ගපූරුවෙත් ඕවා තිබ්බා මැලේසියාවත් ඕවා තිබ්බා ඒත් එහේ දැන් ඔය ප්‍රශ්න නෑ. මන් එහෙ කවුතුකාගාර බලන්න ගියාම වෙලාවේ දැක්කේ
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    එහෙම කියන්නත් බැහැ . මෙහේ දේශගුණය ම තමා සිංගප්පූරු වල තියෙන්නේ . කෝ මැස්සෝ .මදුරුවෝනම් ටිකක් ඉන්නවා රෑට
    මදුරුවො මැස්සෝ ඉස්සර ඉන්දලා තියනවා දැන් නම් නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    ඒ මදිවට මකුළු දැල්. මාර ඉක්මනට මකුළු දැල් බඳිනවනේ බන්. ඒ රටවල් වල ගෙවල් හැම එකම AC කරලාද බන් එච්චර විගහට මකුළු දැල් බැඳෙන්නේ නැත්තේ?
     
    • Like
    Reactions: windows_ubuntu

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    කටාර්වල මගෙ අත්දැකීම්
    ඔව් දාඩියනම් දානවා රස්නෙට. ඒ වගෙම ඒ දාඩිය වෙලෙන්න වැඩි වෙලා යන්නෙ නැහැ සහ අපෙ රටෙ දාඩිය දාලා ඇතිවෙන අපහසුතාවෙ නැහැ .
    මන් හිටිය අවුරුදු ගාණටම මට උණ හැදුනෙ එක වතාවයි. එ අපෙ රටෙ ඉඳන් එ රටට ගිය මුල් කාලෙම ක්ලයිමට් එකෙ වෙනසට අනුගත වීමෙ ප්‍රතිඵලයක් විදියට.
    දූවිල්ල තිබ්බත් අවුලක් නැහැ.
    කොච්චර සෙල්සියස් 45 ට උඩ රස්නෙ තියෙද්දි කිලොමීටර් ගාණක් ඇවිද්දත් ඩල් නැහැ .
    අපෙ රටෙ මෙච්චර රස්නෙ නැහැ එත් මීටර් සීයක් ඇවිද්දත් ඩල් ගතියක් තෙරෙණවා
    අපෙ රටවල් වල ගැණු ගෙවල් වල බඩු පුරවගෙන ඉන්නෙ.
    ලී බඩු වගෙ දෙවල් විශේෂයෙන් .
    ඒ රටවල් වල පිළිවෙලට තියාගන්න ලේසි.
    ගෙ ටයිප් එකට හරියන්න තමා ගෘහ භාණ්ඩ තියෙන්නෙ
    අපෙ රටෙ ගෙවල් වල හැටියට නෙමෙ ගෘහ භාණ්ඩ.
    මොඩර්න් ගෙවල් හදලා
    පරණ පුන් කලස් මල් වාස් මල් පෝච්චි ගෙවල් වල.
    අනික කාලය යනවා දැනෙන්නෙ නැහැ.
    වෙසක් ,පොසොන්, අවුරුදු ,නත්තල් ෆීල් වෙන්නෙ නැහැ.
    ලංකාවෙ ක්‍රිස්තියානි නොවුනත් නත්තල අපිට දැනෙනවා ක්ලයිමට් එකෙ විපර්යාස එක්ක.

    පොඩි ඒකාකාරි ගතියක් තියෙනවා .ඒත් එපා වෙන්නෙත් නැහැ.
    සල්ලි ඉතුරු කරන්න සුපිරි.
    මොකද දාන ගෙවල් මළ ගෙවල් බණ ගෙවල් සෙට් නොවන නිසා.