අපේ ආහාර සංස්කාතිය දැන් නැතුවට ඉස්සර අපිටම කියලා අාහාර සංස්කාතියක් තිබ්බා. ඉස්සර කිව්වාට මේ මෑතක් වෙනකම්. මේ අපේ ෙද්වල් අපි අමතක කරපු නිසා අපේ නොවන රෝග වලින් වලින් දැන් අපි දුක් විඳිනවා. දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේ එලෝකෝටියක් ෙරා්ගවලින් අපි පීඩා විඳිනවා. ඉස්සර අපි පොඩි කාලේ දියවැඩියා රෝගියෙක් ගැන ඇහුවේ කලාතුරකින්. ඒ් කාලේ දියවැඩියා ෙරා්ගය හැදුනේ පෝසත් කෙනකුටලු. දැන් අහන අහන කෙනාට දියවැඩියාව. අපි දැන්වත් පරක්කු නැහැ. අපේ දේවල් ගැන හොයාගෙනන යමු. මේ මම පලකරන්ෙන් ඒ් අපිට හිමිව තිබුණු අාහාර වට්ටෝරු කීපයක්. පුලුවන් විදියට මන් මේ අාහාර වට්ටෝරු ඔයාලා වෙනුවෙන් පළකරන්නම්. දිය බත් අවශ්‍ය ද්‍රව්‍ය පොල් ගෙඩි ½ ක කිරි ලුණු කුඩු ස්වල්පයක් දෙහි ඇඹුල් ස්වල්පයක් රතුලූණ අවශ්‍ය පමණ ලියාගත් උම්බලකඩ වියළි මිරිස් පෙර දින රැයේ ඉතිරි වූ බත් අවශ්‍ය පමණ සාදන ක්‍රමය පෙර දින රැයේ ඉතිරි වූ බත් තරමක් උණූසුම් ජලයෙන් සෝදා මිරිකා භාජනයකට දමන්න. පසුව ලියා ගත් උම්බලකඩ, ලියාත් රතු ලූණු, කබලේ බැද ලියාගත් වියලි මිරිස් කැබලි, ලුණු ස්වල්පයක් හා පොල් කිරිද දමා හොදින් අනා ගන්න. ඒ අතර දෙහි ඇඹුල් මිශ්‍ර කර නැවත අනා ගන්න. පසුව කෑමට ගන්න.
මේ පළකරන ආහාර වට්ටෝරු උපුටා ගත්තේ .නිදුසුවත.com වෙබ් පිටුවෙන්
rep +7

