මූ දාන වැල් බයිලා සෑහෙන කාලයක් තිස්සෙ බැලුවා. මහින්ද මහත්තයා සම්බන්ධ වැදගත් මොකක් හරි සංසිද්ධියක් සිද්දවෙන කාලෙක මූ දාර බයි පිංවතෙක් වෙනවා. අනිත් කාලවලට ඔය “විශ්ව කර්ම“ වගේ මිනිස්සුංගෙං හිට්ස් ගන්න මොකක් හරි අලබෝලයක් දාන ව්ලොග් පඩංගුවලයි, බ්ලොග් පඩංගුවලයි යන මොනා හරි හුයන්නක් පේස්ට් කරනවා.
හරි දැං මේ ලිපිය සම්බන්ධයෙන් මගෙ තියන ඔබ්ජෙක්ෂන්ස් ටික කියලා ඉමුකෝ. නැත්තං සාධක නැතිව දෝසාරෝපන කරන එක වැරයිදිනේ.
ඉතිහාසික විශ්ලේෂනයක් කරද්දි, අපිට අතීතය ගැන දැනගැනීමේ ඥාණය නැති නිසා ඉතිහාසික සාධක, ලිපි ලේඛන , මූලාශ්‍ර මත පදනම් වෙන්න සිද්දවෙනවා. ඇතැම් මූලාශ්රවල දාර කෙබර තියෙන්න පුලුවන්. අන්න ඒ අවස්ථාවල අපිට පුලුවන් මූලාශ්‍ර කීපයක්, ඉතිහාසික සාධක කීපයක් මත පදනම් වෙලා තීරණ ගන්න.
මධ්‍යස්ත මනසින් බලන්න මේ සිතියම් 2හි ඇති අධිසමානකම.ටොලමි විසින් ඊජිප්තු සහ ග්‍රික කටකතා නිසා ඇට්ලන්ටිස් සිතියම ඇද ඇත්තේ උතුර දකුණ මාරු කරය
එහෙම කියන්න හේතු මොනාවද ? මොන කරුණු මත පදනම් වෙලාද එහෙම කියන්නේ ?
පණ්ඩිත මානෑවේ විමලරතන හිමි කියන කතාව ගැන කියන්න තියෙන්නේ ඒ හිමියන් ඒ කරුණු කියන්නේ මොන කරුණු මත පදනම් වෙලාද කියන එක මත. දැං ඉන්න කෙනෙකුට හිතුමනාපෙට මෙහෙම වෙන්න ඇති කියල කියන්න බෑනේ. මූලාශ්‍ර තියෙන්න ඕන. ඉතින් මෙතන රවි ශෙලාශ වංශ කතාව කියන ඒ හිමියන්ගේ ඒ පොත මූලාශ්‍ර කරගන තියෙන්නේ “රවි ශෛලාශ තෙද්දය“ නං ඒ හාමුදුරුවො ඒක හොයාගත්තෙ කොහෙන්ද කියලා දැනගන්න මාත් කැමැතියි.
ආටානාටිය = ඇට්ලැන්ටාව
මොනාද මූලාශ්‍ර, මොනාද සාධක
මීවනපලානේ හිමියන්ට අනුව....
මීවනපලානේ හාමුදුරුවො කියන එකක් ඉතිහාසික මූලාශ්‍රයක් විදිහට පිළිගන්න බෑ. ඒ හින්දා ඒක අමතකම කරලා දාමු....
දැං ප්ලේටො කියපු කතා ගැන
රත්තරං පුරවලා මැණික් ඔබ්බපු මන්දිර ගැන සඳහන් වෙනවා විවිද රටවල. දැං දකුණු ඇමරිකාවෙ එල්ඩෙරාඩෝ ගැන සඳහන් වෙන්නේ මොනා කියලද ?
ප්ලේටොට අනුව ඇට්ලාන්ටිස් වලට වර්ෂාකාල 2ක් සහ අස්වනු 2ක් තිබුණි.
අන්න පුතා වහලා ගැහැව්වා. "Timaeus by Plato" වල සඳහන් වන්නේ මෙහෙමයි.
Twice in the year they gathered the fruits of the earth--in winter having the benefit of the rains, and in summer introducing the water of the canals.
දැං මේකෙ කොහෙද වර්ෂාකාල දෙකක් ගැන සඳහන් වෙන්නේ ? තමන්ගෙ වාසියට යන්තං ඉතිහාසික මූලාශ්‍ර විකෘති කරනවා.
අහස් යානා ගැන සඳහන් වෙන්නේ වෛමානික්‍ය ශාස්ත්රයේ. ඒකෙ ඉංග්‍රීසි පරිවර්තන තියනවා. ඇරත් ඒක මෑත කාලෙ සංස්කෘත ශ්ලෝක ආශ්‍රෙයන් ලියවෙච්චි එකක් මිසක් මේ පට්ට පරණ එකක් නෙමෙයි.
දැං උඹ ලෙමූරියාවක් ගැන කියනවානේ.
ඕක ආවෙ මෙහෙමයි. මට නං ගං මතක නෑ. ඕන කෙනෙකුට මේ කරුණු ඉන්ටර්නෙට් එක බලලා තහවුරු කරගන්න පුලුවන්. බැරි උනොත් කියන්න. මම මූලාශ්‍ර දාන්නං.
කාලෙකට කලින් එක්තරා විද්‍යාඥයෙක් හොයාගත්තා මැඩගස්කර් වල ඉන්න ලීමර් සත්තු ( අර I like to move it move it dance එක දාන්නේ) ව්‍යුහයාත්මකව ඉන්දියාවෙ ඉන්න ලීමරයන්ට සමානයි කියලා. හැබැයි අප්‍රිකාවේ එහෙම එව්වො හිටපු නැති හින්දා ඒක බුවාට ප්‍රශ්නයක් උනා. බුවා උපකල්පනය කලා අතීතයේ ඉන්දියාවත් මැඩගස්කරයත් එකට තියෙන්න ඇති කියලා. ඒ කාලෙ මහාද්වීප ප්ලාවිතය කියන එක සොයාගන තිබ්බෙ නැහැ. ඒ නිසා බුවා දැන ගන උන්නේ නැහැ මහද්වීප කාලයත් එක්ක පාවෙලා යනවා කියන කතන්දරේ. එතකොට බුවාට එන්න තිබ්බ එකම නිගමනේ තමයි “එහෙනං ඉන්දියාවයි මැඩගස්කරයයි අතර තව භූමියක් තිබිලා තියෙනවා. දැං ඒක ගිලිලා ඇති කියලා“ ඒකට මිනිහා නම තිබ්බා ලෙමූරියාව කියලා.
මිනිහා හිතපු එක යම් දුරකට හරි. මැඩගස්කරයයි ඉන්දියාවයි එකට තමා තිබ්බේ. ඒ පැන්ජියා මහද්වීපය තියන කාලෙ. කාලෙත් එක්ක මහද්වීප ප්ලාවිතය හරහා මැඩගස්කරය දැන් තියන තැනට ආවා. මහද්වීප ප්ලාවිතය කියන එක තහවුරු උනාට පස්සේ ඒ ලෙමූරියාව කියන කතන්දරේ අවලංගු උනා. වැඩේ කියන්නේ ලංකාවෙ සමහර උන් තාම අප්ඩේට් වෙලා නෑ. ඉතිං මනස්ගාත කියනවා.
අන්තිමට... කුමාරි කන්දම් ගැන මේ සිතියමේ තියනවානේ.
ලෙමූරියා සංකල්පය ආපු කාලෙ ඉන්දියාවෙ හිටපු මේ තෙඩ් එක දාපු ඩයල් එක වෙගේ ආතබූත ඩයල් ෆෝම් උනා. උනුත් මූලාශ්‍ර ගැන මුකුත් තකන්නෙ නැතිව හීන්සීරුවේ මූලාශ්‍ර තමන්ගෙ වාසියට සුට්ට සුට්ට වෙනස් කරමින් මෙහෙම මහද්වීපයක් ගැන පොත් ලියන්න ගත්තා.
කුමාරි කන්දම් බොරුද එතකොට
කුමාරි කන්දම් ගැන සඳහන් වෙන්නේ “ස්කන්ධ පුරාණම්“ කියන පොතේ. මේකෙ පස්සේ දෙමල්ලු උන්ගෙ පොතක් වගේ පරිවර්තනයක් ගැහුවා “කන්ද පුරාණම්“ කියලා. ඒකෙ කුමාරි කන්දම් ගැන සඳහන් වෙනවා.
ඒකෙ තියෙන්නේ මෙහෙමයි “ශිව අදහන වේද සජ්ජායනා කරන බ්‍රාහ්මණයන් වෙසෙන රාජ්‍යය තමයි කුමාරි කන්දම්“ කියන්නේ කියලා. නැතිව ගිලිච්චි මහද්වීප උලව්වක් ඒකෙ නෑ.
දැං අන්තිමට උඹට කියන්න තියෙන්නේ ලොවෙත් නැති වැල් බයිලා දාන්න එපා බං සාධක එක්ක මූලාශ්‍ර එක්ක දාපං. ඉන්ටර්නෙට් එකේ මොකෙක් හරි උණහපුලුවෙක් ලස්සනට අයිසිං දාල දාපු කතන්දර ඉතිහාසය කියලා දාල මිනිස්සු මුලා කරන්න එපා.
අපි හැමෝම කැමතියි ෆැන්ටසියකට ගිහින් ස්වයං වින්දනයක යෙදෙන්න. ඒ ආතල් එක ගන්න අය ගනීවි








