දිල්කා සමන්මලීයි, චැනල් ෆෝ වීඩියෝවයි, අපේ #

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    මේ චැනල් ෆෝ එවුවො නං!"පුලාගෙ අසල්වැසි ගනිත කොටා මිට මෙලවූ අතින් දනිහට ගහගත්ත.
    "ඒක නේන්නං.අපි මේ යුද්ධයක් කෙරල යම්තම් හුස්මක් කටක් ගත්ත විතරයි,මොන තරහකට මේ අපිට නින්දා කරනවද?"පුලාගේ නෝනා සුරේඛාත් හුම්මිටි තිබ්බා.

    නෝනාවරුනි මහත්වරුනි,ඇත්තටම මොකක්ද මේ චැනල් ෆෝ සීන් එක?

    කවුරුත් කිව්ව පලියටවත් කවුරුත් ඉගැන්නුව පලියටවත් මුකුත් පිලිගන්න එපාහොයල බලල දෙයක් ගැන නිගමනේට එන්න කියල බුදු හාමුදුරුවො කියල තියෙනවලු නෙව.බෞද්ධ රට කියල කියන රටේ ඉන්න බෞද්ධයො කොහොම උනත් පුලස්ති ඒ උපදේසේ නං අකුරටම පිලිපදිනව.ඒ හින්ද චැනල් ෆෝ වීඩියෝව මොකක්ද කියල පුලස්ති ඕනෑකමින් හොයල බැලුව.

    පහුගිය 14 වෙනිදා රෑ ජාමෙ චැනල් ෆෝ කියන එංගලන්තෙ නාලිකාව "ස්‍රී ලංකන් කිලින් ෆීල්ඩ්ස්"කියල මිනිත්තු පනහක විතර වාර්තා වැඩසටහනක් ප්‍රචාරය කොරල තියෙනව.පහලින් තියෙන්නෙ ඒ වැඩසටහනේ සබැදිය.
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    dilka-samanmali-mahagodage-001-ceylongirls-blogspot-com.jpg
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    http://www.youtube.com/watch?v=Rz_eCLcp1Mc

    මේක නං අන්තර්ජාලෙ අතපත ගාන ගොඩක් දෙනා මේ වෙනකොටත් බලල ඇති.අඩුම තරමින් බැලුවෙ නැතත් එහෙම එකක් තියෙනව කියලවත් දකින්න ඇති.

    ඒකෙන් මේකෙන් වීඩියෝවෙ තියෙන්නෙ මොනවද?මේ පුලස්ති දැකපු දේවලින් කිහිපයක්.

    1.යුද්ධ වෙලාව.කිලිනොච්චිය.හමුදාවෙන් එකසිය ගානට ෂෙල් දානව.මේ ෂෙල් වලින් සාමාන්‍ය මිනිස්සු තොග පිටින මැරෙනව.තුවාල වෙන මිනිස්සු වෙනුවෙන් ඉස්පිරිතාලයෙ බෙහෙත් කොරන්න කිසිම පහසුකමක් නැහැ.
    කිසි පහසුකමක් නැති,තුවාල වෙච්ච,වේදනාවෙන් කෑ ගහන ලෙඩ්ඩු ඉන්න ඉස්පිරිතාලයටත් හමුදාව ඇවිත් අන්තිමේදී ෂෙල් ගහනව.

    2.ගෙදරක්.උඩින් අම්බානක බෝම්බ වදිනව.වීඩියෝ කරන මිනිහ වටේ දේවල් වීඩියෝ කරද්දී මිනිහගෙ පවුලෙ අය කපල තියෙන අගලක් ඇතුලට රිංගනවා බෝම්බ වලින් බේරෙන්න.අගලට රිංගන ගැහැනු කෙනෙක් වීඩියෝ කරන මනුස්සයාට කෑ ගහනව."වීඩියෝව නතර කරන්න!මොකකටද වීඩියෝ කරන්නෙ?ඔයත් මැරිල යයි.තේරෙන් නැද්ද මෙයාල අපිව ගානක් නැතිව මරනවා!"ඒ ගැහැනු කෙනා විලාප නගමින් දෙමලෙන් කෑ ගහනවා

    3.එල්ටීටීකාරයෙක්.තරුනයෙක්.තරුනයාව ගහක බැදල තියෙනව.මිනිහව වට කරගෙන හමුදාවෙ අය මිනිහට වද දෙනව.පිහියකින් මුලු ඇගම කපලා දාල කියන්න පුලුවන් සාක්කි තියෙනව.අන්තිමේදී වද දීපු මනුස්සයාගෙ මල සිරුරෙ පින්තුරයක් වීඩියෝවෙ පෙන්නනවා.

    4.මරල දාපු ගැහැනු සිරුරු වගයක්.ඒවයෙ ඇදුම් මුකුත් නැහැ.ඒ හෙලු සරීර එක්ක අපේ රනවිරුවො විනෝද වෙනව."අම්මට හුකන්න කැරි කොටි!"එක රනවිරුවෙක් විනෝදෙන් කෑ ගහනව.ගැහැනු සරීර වල රහස් තැන්වලට තමුන්නෙ මොබයිල් ෆෝන් එක එක්කෙනෙක් අල්ලනව."තව හොදට අල්ලපන්!"එකෙක් කියනව.ඇදුම් ගලවලා තියෙන ඒ වගේ එක ගැහැනු කෙනෙක් කොටින්ගෙ රූපවාහිනී සේවෙක නිවුස් කියපු ගැහැනු කෙනෙක් විදිහට අදුන ගැනෙනවා.
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    5.රූපවාහිනිය ඉස්සරහ දූසනයට ලක්වුන මැදිවියේ ගැහැනු කෙනෙක් සාක්කි දෙනවා.තමුන්නෙ දුවයි තමන්වයි සොල්දාදුවන් දූසනය කොරපු හැටි ගැන ඇය කියනවා.ඇයට "දූසනය" කියන වචනේ කියාගන්නවත් ධෛර්යයක් නැහැ.

    6.ඇස් බැදල දන ගස්වලා තියෙන පිරිමි දෙදෙනෙක් සහ ගැහැනියක්.මේ අය කොටි සටන්කරුවෝ වෙන්න ඕනෙ.තුවක්කුව එයාලගෙ ඔලුවට එල්ල කරගෙන වෙඩි තියල උන්ව මරල දාන හැටි ගැන සොල්දාදුවො කතා වෙනව.සොල්දාදුවොන්ට අන දෙන පුද්ගලයා "කොටින්ට වෙඩි තියන්න තරම් වත් ඇට දෙකක් තියෙන එකෙක් නැද්ද" කියල කින්ඩියට අහනව.මොහොතකින් වෙඩි පත්තු වෙනව.තුන්දෙනාම එතනම මැරිල වැටෙනව.
    අත්අඩංගුවට ගන්න දේසපාලන සිරකාරයො මෙහෙම මරල දාන්න පුලුවන්ද?නීතිය ගැන දන්න අය දනී.පුලා නොදනී.

    මේ සේරම බැලුවට පස්සෙ පුලස්තිට එන පුරස්න ටික මේ විදිහට පෙල ගහන්න අවසර දෙන්න.

    1.මේ පෙන්නන ඒව දෙරනයි ආන්ඩුවයි කියන විදිහට සේරම බොරුද?පචද?අසත්‍යයද?මොබයිල් ෆෝන් දර්සන වල එතකොට ඒ ඉන්නෙ අපේ රනවිරුවො නෙමෙයිද?ඒ සුද්දො වගයක් සොල්දාදුවො වගේ ඇදගෙන රගපානවද?සිංහලෙන් කුනුහරුපෙන් කෑ ගහන්නෙත් එහෙම රගපාන චැනල් ෆෝ එකේ සුද්දොද?ඇදුම් ගලවලා ට්‍රැක්ටර් වලට පටවන ගැහැනුන්ගෙ මිනී - ඒව රගපෑමට ගෙනාව රංගන භාන්ඩද?
    2.මේ වාර්තා වැඩසටහන බොරුවක්ය කියල මොහොතකට හිතමු.ඒක බොරුවක්ද නැද්ද කියල තීරනය කරන්න ඕනෙ කවුද?ආන්ඩුවද?දෙරනෙ බලධාරීන්ද?
    මේ රටේ මිනිස්සුද?
    පුලා අහන්නෙ දෙරනෙ උන්නැහෙලා ට එක පැයක් අරගෙන මේ "බොරු" වීඩියෝවල තියෙන්නෙ මොනවද කියල ප්‍රචාරය කරන්න බැරි ඇයි?එතකොට මේ "බොරුව" දැනගෙන රටේ මිනිස්සුන්ටත් හොදටම තරහ යයි නෙව.බටහිර කුමන්ත්‍රනකාරයන්ට විරුද්දව තව තවත් රටේ මහජනයා ෆෝම් වෙයි නෙව.සාමාන්‍ය මිනිහට ඒ "බොරු" වීඩියෝ එක පෙන්නන්න කවුරුත් ඉදිරිපත් නොවෙන්නෙ ඇයි?
    3.ඇදුම් නැතිව මරල දාල තිබ්බ කොටි රූපවාහිනි සේවාවල නිවුස් කියපු ගැහැනු කෙනා -එයාගෙ නම ප්‍රියා- කියන්නෙ කවුද?ඒ දෙමල ජාතික දිල්කා සමන්මලී නේද?උන්ගෙ ලොක්කාට සපෝට් චැනල්වල උන්ගෙ ලොක්කට ඕනෙ විදිහට ප්‍රියා නිව්ස් කිව්වා.අපේ ලොක්කට හිතවත් චැනල්වල අපේ ලොක්කට ඕනෙ විදිහට දිල්කා නිව්ස් කියනවා.ගැහැනියක් අර විදිහට මරල දාල තියනව දැක දැකත් "චැනල් ෆෝ කියන්නෙ බොරුවක්" කියල හැගීම්බර මූනක් මවාගෙන ඇක්ට් කොරන්න දිල්කා සමන්මලීලට හෘද සාක්කියක් කියල එකක් තියෙනවද?
    4.අපි කවුරුත් මේ කොරන්නෙ මහ බොරුවක් නෙමෙයිද?අපේ ලොක්කො අපිට කියන්නෙත් බොරුවක් නේද?අපි ටීවි එකෙන් වන්නි සටන බල බල කිරිබත් කනකොට මහා ඛේදවාචකයක් උතුරෙ වෙලා තියෙනව නේද?ඒක අපිට හැංගුවා නේද?කොටි මිනීමැරුව බෝම්බ ගැහුව කියන එක අපි හැමෝම දන්න කාරනයක්.ඒත් හමුදාව උතුරෙ මේ විදිහට හැසිරුනා කියන එක අපි දැනං හිටියෙ නැහැ නේද?ඒව සේරම අපෙන් වහල නේද තිබුනෙ?අපි දිව්‍ය සත්‍යයක් විදිහට අදහගෙන හිටපු දේ අන්තිමට බලද්දි අලි ප්‍රබන්ධයක් නේද?
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    .මෙතනදි ගොඩක් දෙනා (හිතහදාගන්න) කියන එකක් තමයි "ඇයි ඉරාකෙ ඇෆ්ගනිස්ථානෙ ඇමරිකාව මිනී මරන්නෙ" කියන පුරස්නෙ.
    මගේ අහිංසක ප්‍රති පුරස්නෙ මෙච්චරයි.එතකොට අමෙරිකාව ඉරාකෙ මිනීමැරුවා කියන එකෙන් අපි මෙහෙ කොරන වැරදි හරි වෙනවද?කෙනෙක් වරදක් කරන එක වෙනත් කෙනෙක්ට අපරාදයක් කිරීමට බලපත්තරයක් වෙනවද?මගේ අල්ලපු ගෙදර එකා ගඩු බහනව.මාත් ගඩු බහනව.අල්ලපු ගෙදර එකා ගෑනිට මාට්ටු වෙලා නැහැ.මම ගෑනිට මාට්ටු වෙනව.මම ගෑනිට කියනව "ඇයි මම විතරද ගඩු බහන්නෙ.අල්ලපු ගෙදර එකත් ඒකම කරනවනෙ".
    ඒ උත්තරය හරිද?
    6.තව සමහරක් කියන කතාව තමයි "පරන තුවාල හාරලා ඇති වැඩක් නැහැ" කියන එක.එතකොට 1994 දි සූරියකන්දෙදි අපි හෑරුවෙ පරන තුවාලද?බටලන්ද ගැන හෝකන්දර ගැන ප්‍රේමදාස කාලෙ ප්‍රා ඝ්‍රා කියල ඝාතන කල්ලි හදාගෙන කර අපරාධ ගැන හොයල අපි හෑරුවෙ පරන තුවාලද?

    අවසාන වසයෙන් මහත්වරුනි නෝනාවරුනි -කිව හැක්කේ එක දෙයකි.පුලස්ති කලකිරුනි.හොදටම කලකිරුනි.රනවිරුවා-මානුසික මෙහෙයුම-සිවිල් වැසියන්ට හානි නොවී කල යුද්ධය-මානව හිමිකම් ප්‍රඥප්තියයි තුවක්කුවයි අතේ අරන් යුද්ධ කරන වීරෝදාර හමුදාව - මේ සියල්ල බොරුවකි!මේ සියල්ල බොරුවකි!මේ සියල්ල බොරුවකි!
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මචන් පක්ෂක්ග්‍රාහී වෙන්න එපා. ඔය පොඩි පොඩි දේවල් කා අතිනුත් සිද්ද වෙනවා. එකෙක් කරන වැරදි වලට මුලු හමුදාවම පලි නෑ. ලේ වගුරවලා අමාරුවෙන් සාමය උදාකරලා දුන්න එක අමතක කරන්න එපා.
    උඹ දැකලා නැතුව ඇති අනුරාධපුරයේ අහිංසක මිනිස්සු මරන වීඩියෝ, එතකොට කුනු ගොඩවල් වගේ ආමි එකේ සොයුරන්ව මරලා විසි කරන එවා. ඔය කියන චැනල් ෆෝ එකේ ඒවා පෙන්නුවේ නෑ නේද?

    නිකන් ලංකාවේ ඉඳගෙන පිටරටවලට ආවඩන්න එපා. මොන පක්ශය තිබුනත් මේ රට අපේ බව මතක තියාගනින්. මොකද ඕවා දාපු උදවියත් සුදු චරිත නෙමෙයි
     
    • Like
    Reactions: urajdrlk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොහොම ලස්සනට කොටින්ගෙ විඩියෝ එක , පිළිවෙලට, ‍වඩා මානුෂික ලෙස, අවස්ථා සමිබන්ද ,ගලපල මාර විදිහට වර්නා කරල තියෙනව. හරියට තොරණක ජාතක කතාව විරිදුවෙන් කියවනව වගේ:lol::lol::lol::lol::lol::lol:
    ඔයිට වැඩිය නරකද හමුදාව කොහෙමද දෙමල මිනිස්සුන්ට කන්ඩ අදින්න දුන්නෙ කියල ලියුව නමි, කොටියට පන්දමි අල්ලන්නෙ නැතුව:confused::confused:
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    yuddayakadi oyaawage dewal wenawa..ape hamudawa atinuth ohoma dewal wenna ati eth sapekshawa godak aduwen. koti sinhala kello kochchara dushanaya karala tiyenawada? kochchara lamai winasha karala tiyenawada.
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    යුද්දෙන් කාටද හොඳක් වුනේ... සිංහල මිනිහටද, දෙමල මිනිහටද? කියපන් බලන්න... කාටවත් නැ....

    ඒත් සුද්දා ගේ ආයුද ටික විකිනුවා.

    උබගේ ගෙදර මිනිස්සු එක්ක ඔය වෙලාවේ යාපනේ හිටියනම්... කොටි ඇවිත් උඹත් එක්ක මිහිරි වචනයෙන් කතා කරලා... පලතුරු කන්න දෙයි කියලාද හිතන් ඉන්නේ.

    ලේ හලන් නැතුව යුද්ධ කරන්න බැ. අහිංසක සිංහල මිනිස්සු, දෙමළ මිනිස්සු කොච්චර මලාද.... ඔය මගුල් දාන්නේ නැතුව ආපහු බලපන් කොලඹ පිපිරිච්ච බොම්බ වල වීඩියෝ ටික.

    මෙහේ FAN එක යට ඉඳන්... අපි උඹලා කතා කරන මානව අයිතිවාසිකම් නැ... යුද්දෙදි... මුලින් වෙඩිල්ල තියෙන එකා දිනුම්... ඒක හින්දා ගොන් කතා දාන්න එපා.

    උතුරේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට කන්න, බොන්න ටිකක් යවපන්... ඔච්චර කලකිරුනනම්.
     
    • Like
    Reactions: Sachitra-A

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    උබ සැහෙන්න මහන්සි වෙලා තියනවා,ඇඊ උබලට මේවා අමතක උනේ කියලත් කල්පනා කරලම බලපන්

    * අර්න්තාලාවේ හාමුදුරුවරු මරපුව
    * බැංකුවට, බෝම්බ ගහපුවා,
    * ශ්‍රී මහා බෝධිය වදින්න ආපු , අය , බුරුතු පිටින් මරපුව , වෙඩි තියපුව ,
    * නුගේගොඩ බෝම්බය
    * තව නොකියපු ගොඩක් තියනවා කියල, උබ හොදටම දන්නවනේ :D

    එහෙම වෙලත්, දෙමල මිනිස්සුන්ට,කන්න බොන්න,බෙහෙත් යාම්තරමකින් හරි,දෙන්න හිත හදාගත්ත එක, ලොකු දෙයක් නෙමෙඉ ද ??

    තමන්ගේ පව්ලේ කෙනෙක්, ඔය වගේ බෝම්බයකට අහු වෙලා, වෙඩි වැදිලා, තිබුන නම්, ඔහොම ටයිප් කරන්න උබට පුළුවන් වෙඉ ද?


    උබ කලිසමක් ඇදගෙන , ඔහොම ටය්ප් කරපු එක ගනයි මට පුදුම

    rep කැපුවත් අව්ලක් නෑ, කිව්වේ ඇත්ත :sorry:
     

    navinish8915

    Member
    Feb 12, 2010
    18
    1
    0
    කෙටියෙන්ම උත්තර දෙන්නම්...
    "ඉතිහාසය නොදැන සිටින්නවුන් සිටීම ඉතිහාසය මවන්නවුන්ට තෝතැන්නකි....."
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Darusmange mallida me!!

    Oya Channel 4 eken witharak accounts hadanne nethiwa awurudu 30k purawata Lankawe demala sinhala Muslim okkotama LTTE eka karapu aparadath ekka accounts hadanna!!

    Ethakota therei me uddedi wedipura medira thiyenne koi peththe civil minissunda kiyala!!

    Nikan pussak allan harakek wage natanne nethiwa hitapan!!
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අවසාන වසයෙන් මහත්වරුනි නෝනාවරුනි -කිව හැක්කේ එක දෙයකි.පුලස්ති කලකිරුනි.හොදටම කලකිරුනි.රනවිරුවා-මානුසික මෙහෙයුම-සිවිල් වැසියන්ට හානි නොවී කල යුද්ධය-මානව හිමිකම් ප්‍රඥප්තියයි තුවක්කුවයි අතේ අරන් යුද්ධ කරන වීරෝදාර හමුදාව - මේ සියල්ල බොරුවකි!මේ සියල්ල බොරුවකි!මේ සියල්ල බොරුවකි!
    මට මේක ලියපු කෙනාගෙන් අහන්න තියෙන්නෙ එකම එක දෙයයි, කලකිරීමෙන් හරි ඔබතුමා ජීවත් වෙනව. ඒ අතරේ රටේ මිනිස්සු 100% ක් මරණ බය නැතුව පාරක බැහැල ඇවිදිනවා. ඔය දෙකෙන් වැඩිය වටින්නේ මොකද්ද?:angry:

    හමුදාවේ සේවය කරපු මගේ ලංගම ඥාතීන් හිටිය.. ඔය උතුරේ හිටපු සමහර දෙමලු අපේ සිංහල හමුදාවේ කෙනෙකුට බොන්න වතුර උගුරක්‌ වත් දෙන්නේ නැහැලු. මං මේ කියන්නෙ සමහරු ගැන. එහෙම දේවල් මේ කතාව කියපු ඔබතුමා අහලවත් නැතුව ඇති. මොකෝ ලඟින් වත් ගෑවිලා යන කෙනෙක් හමුදා සේවයේ නැතුව ඇති. එහෙම හිටියනම් මේ කතාව කවදා වත් කියන්නෙ නෑ.

    හමුදාවේ කොල්ලන්ව අල්ලන ගිහින් වද දීපුවා, මරපුව, තමන්ගේ මවුවරු, පියවරු කොටින්ගේ බෝම්බ වලට නැති වෙච්ච හමුදා සෙබළෙකුට කොටියෙක් තියා කොටි ළඟ හිටපු පූස් පැටියෙක් වත් අහු උනොත් ඉතුරු කරයිද? අනික යුද්ධයක් ඉවර කරන්න ඕන උනා නම් ඒ ඉවර කරන්න පුළුවන් හොඳම විදියට අපේ හමුදාව ඒක කළා. හමුදාවේ හිටියේ ගොන්නු නෙමෙයි. ආතල් එකට මිනිස්සු මර මර ගියේ නැහැ.

    ඇත අඩංගුවට ගත්ත එවුන් මැරුව තමයි. ඇයි උන්ව හිරේ දාගෙන අහිංසක මිනිස්සු ගෙවන බදු මුදල් වලින් ඕකුන්ට කන්න බොන්න දිදී අවුරුදු ගානක් තියන ඉඳල ආයෙත් එලියට දාල අයෙත් යුද්ධයක් ඇති කරන්නද?

    ලංකාවේ මිනිස්සු මිලියන ගානක් වෙනුවෙනුයි අපේ හමුදාවේ කොල්ලෝ මැරුණේ. එහෙම කරපු මිනිස්සුන්ට කුප්ප කතා කියන්නෙපා. උන් එදා අපිව රක ගත්ත, අද අපි උන්ව රක ගන්න ඕන. මොකද උන් හැමදේම කලේ මේ රටේ ඉන්න මිනිස්සු වෙනුවෙන්. අද උන්ට ඒවාට පිට රටින් ඇඟිල්ල දික් කරද්දී අපේ එවුනුත් ඒ ගොඩට එකතු වෙලා ගුණමකු කම කරන්නෙපා:angry:

    තව දෙයක් මම ආණ්ඩුවට වත් මහින්දට වත් කඩේ යන එකෙක් නෙමෙයි, හැබැයි ලංකාවට විරුද්දව කිසිම දවසක සුද්දොන්ට කඩේ යන්නෙත් නැහැ
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    හමුදාවෙන් එකසිය ගානට ෂෙල් දානව - ශෙල් වල Made in Sri Lanka කියල ගහල තිබ්බා. ඒකෙන් තමයි හොයාගෙන තියෙන්නේ ලංකාවේ කියලා...:lol:

    කිසි පහසුකමක් නැති,තුවාල වෙච්ච,වේදනාවෙන් කෑ ගහන ලෙඩ්ඩු ඉන්න ඉස්පිරිතාලයටත් හමුදාව ඇවිත් අන්තිමේදී ෂෙල් ගහනව - කොටියා ශෙල් ගැහුවෙ ඉස්පිරිතාලය ළඟ ඉඳන් කියල මේ UN හරක් ටික දැක්කෙ නැත්තේ උන් ඒ තරමට ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න කැප වෙලා හිටපු නිසාද?:rolleyes:

    වීඩියෝව නතර කරන්න!මොකකටද වීඩියෝ කරන්නෙ?ඔයත් මැරිල යයි.තේරෙන් නැද්ද මෙයාල අපිව ගානක් නැතිව මරනවා!"ඒ ගැහැනු කෙනා විලාප නගමින් දෙමලෙන් කෑ ගහනවා - ඒ ශෙල් වල ගහල තිබ්බලු "Sri Lankan Government said hi" කියලා.
    ඒකෙන් තමයි හොයාගෙන තියෙන්නේ ලංකාවේ කියලා...:lol:

    මිනිහව වට කරගෙන හමුදාවෙ අය මිනිහට වද දෙනව.පිහියකින් මුලු ඇගම කපලා දාල කියන්න පුලුවන් සාක්කි තියෙනව. - ඒ ඉන්නෙ හමුදා ඇඳුම් ඇඳ ගත්ත කොටි නෙවෙයි කියල දිවැස් වලින් තමයි CH4 හොයා ගෙන තියෙන්නේ.:rolleyes:

    මරල දාපු ගැහැනු සිරුරු වගයක්.ඒවයෙ ඇදුම් මුකුත් නැහැ. - ඇදුම් ගලවන්නෙ නැතුව ඇඟේ තියන බෝම්බ අයින් කරන සාස්තරය ඇමරිකාවෙන් අහගන්න වෙයි වගේ..:rolleyes:

    ඇස් බැදල දන ගස්වලා තියෙන පිරිමි දෙදෙනෙක් සහ ගැහැනියක්.මේ අය කොටි සටන්කරුවෝ වෙන්න ඕනෙ.තුවක්කුව එයාලගෙ ඔලුවට එල්ල කරගෙන වෙඩි තියල උන්ව මරල දාන හැටි ගැන සොල්දාදුවො කතා වෙනව.සොල්දාදුවොන්ට අන දෙන පුද්ගලයා "කොටින්ට වෙඩි තියන්න තරම් වත් ඇට දෙකක් තියෙන එකෙක් නැද්ද" කියල කින්ඩියට අහනව.මොහොතකින් වෙඩි පත්තු වෙනව.තුන්දෙනාම එතනම මැරිල වැටෙනව.
    අත්අඩංගුවට ගන්න දේසපාලන සිරකාරයො මෙහෙම මරල දාන්න පුලුවන්ද?නීතිය ගැන දන්න අය දනී.පුලා නොදනී -
    ඕක මුලින් කිව්වේ එක සොල්දාදුවෙක් ළඟ තිබ්බ මෝබයිල් එකකින් ගත්තා කියලා. ඊට පස්සේ ඒවා වීඩියෝ කැමරාවකින් අරගෙන Advance Editing Software වලින් එඩිට් කරපුවා කියලා ඔප්පු කළා. ඊට පස්සේ CH4 ලොවෙත් නැහැ.

    දැන් ආයිත් මේක උස්සගෙන් ඇවිල්ලා තියෙන්නේ අමතර Frames කිහිපයකුත් Add කරලා.

    දැන් කියනවා ඒවා ආවේ වීඩියෝ කැමරාවකින් කියලා උන් පිළිගන්නවළු..

    ඒ කියන්නේ අපේ සොල්දාදුවන් යුද්ධ කරල තියෙන්නේ එක අතකින් තුවක්කුවත් අනෙක් අතින් වීඩියෝ කැමරාවකුත් අරගෙන.

    එක අතකින් වීඩියෝ කැමරාවක් අරගෙන යුද්ධ කරන සාස්තරය ඇමරිකාවේ සෙබළු වත් දන්නේ නැහැ. අපේ සොල්දාදුවන් ගැන සෑහෙන ආඩම්බරයි..:lol:
     

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    හමුදාවෙන් එකසිය ගානට ෂෙල් දානව - ශෙල් වල Made in Sri Lanka කියල ගහල තිබ්බා. ඒකෙන් තමයි හොයාගෙන තියෙන්නේ ලංකාවේ කියලා...:lol:

    කිසි පහසුකමක් නැති,තුවාල වෙච්ච,වේදනාවෙන් කෑ ගහන ලෙඩ්ඩු ඉන්න ඉස්පිරිතාලයටත් හමුදාව ඇවිත් අන්තිමේදී ෂෙල් ගහනව - කොටියා ශෙල් ගැහුවෙ ඉස්පිරිතාලය ළඟ ඉඳන් කියල මේ UN හරක් ටික දැක්කෙ නැත්තේ උන් ඒ තරමට ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න කැප වෙලා හිටපු නිසාද?:rolleyes:

    වීඩියෝව නතර කරන්න!මොකකටද වීඩියෝ කරන්නෙ?ඔයත් මැරිල යයි.තේරෙන් නැද්ද මෙයාල අපිව ගානක් නැතිව මරනවා!"ඒ ගැහැනු කෙනා විලාප නගමින් දෙමලෙන් කෑ ගහනවා - ඒ ශෙල් වල ගහල තිබ්බලු "Sri Lankan Government said hi" කියලා.
    ඒකෙන් තමයි හොයාගෙන තියෙන්නේ ලංකාවේ කියලා...:lol:

    මිනිහව වට කරගෙන හමුදාවෙ අය මිනිහට වද දෙනව.පිහියකින් මුලු ඇගම කපලා දාල කියන්න පුලුවන් සාක්කි තියෙනව. - ඒ ඉන්නෙ හමුදා ඇඳුම් ඇඳ ගත්ත කොටි නෙවෙයි කියල දිවැස් වලින් තමයි CH4 හොයා ගෙන තියෙන්නේ.:rolleyes:

    මරල දාපු ගැහැනු සිරුරු වගයක්.ඒවයෙ ඇදුම් මුකුත් නැහැ. - ඇදුම් ගලවන්නෙ නැතුව ඇඟේ තියන බෝම්බ අයින් කරන සාස්තරය ඇමරිකාවෙන් අහගන්න වෙයි වගේ..:rolleyes:

    ඇස් බැදල දන ගස්වලා තියෙන පිරිමි දෙදෙනෙක් සහ ගැහැනියක්.මේ අය කොටි සටන්කරුවෝ වෙන්න ඕනෙ.තුවක්කුව එයාලගෙ ඔලුවට එල්ල කරගෙන වෙඩි තියල උන්ව මරල දාන හැටි ගැන සොල්දාදුවො කතා වෙනව.සොල්දාදුවොන්ට අන දෙන පුද්ගලයා "කොටින්ට වෙඩි තියන්න තරම් වත් ඇට දෙකක් තියෙන එකෙක් නැද්ද" කියල කින්ඩියට අහනව.මොහොතකින් වෙඩි පත්තු වෙනව.තුන්දෙනාම එතනම මැරිල වැටෙනව.
    අත්අඩංගුවට ගන්න දේසපාලන සිරකාරයො මෙහෙම මරල දාන්න පුලුවන්ද?නීතිය ගැන දන්න අය දනී.පුලා නොදනී -
    ඕක මුලින් කිව්වේ එක සොල්දාදුවෙක් ළඟ තිබ්බ මෝබයිල් එකකින් ගත්තා කියලා. ඊට පස්සේ ඒවා වීඩියෝ කැමරාවකින් අරගෙන Advance Editing Software වලින් එඩිට් කරපුවා කියලා ඔප්පු කළා. ඊට පස්සේ CH4 ලොවෙත් නැහැ.

    දැන් ආයිත් මේක උස්සගෙන් ඇවිල්ලා තියෙන්නේ අමතර Frames කිහිපයකුත් Add කරලා.

    දැන් කියනවා ඒවා ආවේ වීඩියෝ කැමරාවකින් කියලා උන් පිළිගන්නවළු..

    ඒ කියන්නේ අපේ සොල්දාදුවන් යුද්ධ කරල තියෙන්නේ එක අතකින් තුවක්කුවත් අනෙක් අතින් වීඩියෝ කැමරාවකුත් අරගෙන.

    එක අතකින් වීඩියෝ කැමරාවක් අරගෙන යුද්ධ කරන සාස්තරය ඇමරිකාවේ සෙබළු වත් දන්නේ නැහැ. අපේ සොල්දාදුවන් ගැන සෑහෙන ආඩම්බරයි..:lol:

    සිරාවට දීපන්කො උත්තර
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේ බොරු වීඩියෝ එකේ
    සිංහල දෙබස් ගැන.....දැන් ප්‍රංශයෙ ඉඳන් කොටින්ට කඩේ යන සුනන්ද දේශප්‍රිය කියන පරයගෙන් දැන ගන්න පුලුවන්

    plus.......
    බ්‍රිතාන්‍යයේ "වැනල් ෆො" රූපවාහිනිය ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකාවට එරෙහි වීඩියෝ කුමන්ත්‍රණයේදී ඊට ප්‍රකාශ ලබා දෙමින් මාධ්‍යවේදිනියක සහ නිවේදිකාවක ලෙස පෙනී සිටි ඉසිප්‍රියා නමැත්තිය ප්‍රබල කොටි සමාජිකාවක්‌ බවට හඳුනාගෙන තිබේ.

    රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය මගින් මෙම ඉසිප්‍රියා කවුරුන්ද යන්න පිළිබඳ පැහැදිලි සාක්‌කි සහිතව මේ වන විට ජාත්‍යන්තරය වෙත තොරතුරු ලබා දීමටද පියවර ගෙන ඇත. 1982 වසරේ යාපනයේදී උපත ලබා ඇති මැය පසුකලක එල්ටීටීඊ සංවිධානයට එක්‌ව වන්නියේදී පූර්ණ යුද පුහුණුව ලබා ඇති අතර ඉන් අනතුරුව ඇය එල්ටීටීයේ "කොටි හඬ" ගුවන් විදුලියට සම්බන්ධව කටයුතු කර තිබෙන බවටද සාක්‍ෂි ලැබී ඇත.

    එල්ටීටීඊයේ මෙම "කොටි හඬ" ගුවන් විදුලිය ඉකුත් 2007 වසරේ ප්‍රභාකරන්ගේ මහවිරු ප්‍රකාශයට විනාඩි කිහිපයක්‌ තිබියදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මුළුමනින්ම වැනසී ගිය අතර එහිදී කොටින්ගේ මෙම ප්‍රචාරක ගුවන් විදුලිය පිළිබඳ යුනෙස්‌කෝ සංවිධානය දැනුවත් කිරීමටද රජය පියවර ගනු ලැබීය.

    එල්ටීටීඊයේ සිටියදී කොටි කාන්තා අංශයේ ලුතිනන් කර්නල් නිලයක්‌ ලබා සිටි ඉසිප්‍රියා එල්ටීටීඊයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මුහුදු කොටි නායකයාව සිටි ශ්‍රී රාම්ගේ බිරිඳ බවටද හඳුනාගෙන තිබේ.

    p1-1.jpg