මට මේක ලියපු කෙනාගෙන් අහන්න තියෙන්නෙ එකම එක දෙයයි, කලකිරීමෙන් හරි ඔබතුමා ජීවත් වෙනව. ඒ අතරේ රටේ මිනිස්සු 100% ක් මරණ බය නැතුව පාරක බැහැල ඇවිදිනවා. ඔය දෙකෙන් වැඩිය වටින්නේ මොකද්ද?
හමුදාවේ සේවය කරපු මගේ ලංගම ඥාතීන් හිටිය.. ඔය උතුරේ හිටපු සමහර දෙමලු අපේ සිංහල හමුදාවේ කෙනෙකුට බොන්න වතුර උගුරක් වත් දෙන්නේ නැහැලු. මං මේ කියන්නෙ සමහරු ගැන. එහෙම දේවල් මේ කතාව කියපු ඔබතුමා අහලවත් නැතුව ඇති. මොකෝ ලඟින් වත් ගෑවිලා යන කෙනෙක් හමුදා සේවයේ නැතුව ඇති. එහෙම හිටියනම් මේ කතාව කවදා වත් කියන්නෙ නෑ.
හමුදාවේ කොල්ලන්ව අල්ලන ගිහින් වද දීපුවා, මරපුව, තමන්ගේ මවුවරු, පියවරු කොටින්ගේ බෝම්බ වලට නැති වෙච්ච හමුදා සෙබළෙකුට කොටියෙක් තියා කොටි ළඟ හිටපු පූස් පැටියෙක් වත් අහු උනොත් ඉතුරු කරයිද? අනික යුද්ධයක් ඉවර කරන්න ඕන උනා නම් ඒ ඉවර කරන්න පුළුවන් හොඳම විදියට අපේ හමුදාව ඒක කළා. හමුදාවේ හිටියේ ගොන්නු නෙමෙයි. ආතල් එකට මිනිස්සු මර මර ගියේ නැහැ.
ඇත අඩංගුවට ගත්ත එවුන් මැරුව තමයි. ඇයි උන්ව හිරේ දාගෙන අහිංසක මිනිස්සු ගෙවන බදු මුදල් වලින් ඕකුන්ට කන්න බොන්න දිදී අවුරුදු ගානක් තියන ඉඳල ආයෙත් එලියට දාල අයෙත් යුද්ධයක් ඇති කරන්නද?
ලංකාවේ මිනිස්සු මිලියන ගානක් වෙනුවෙනුයි අපේ හමුදාවේ කොල්ලෝ මැරුණේ. එහෙම කරපු මිනිස්සුන්ට කුප්ප කතා කියන්නෙපා. උන් එදා අපිව රක ගත්ත, අද අපි උන්ව රක ගන්න ඕන. මොකද උන් හැමදේම කලේ මේ රටේ ඉන්න මිනිස්සු වෙනුවෙන්. අද උන්ට ඒවාට පිට රටින් ඇඟිල්ල දික් කරද්දී අපේ එවුනුත් ඒ ගොඩට එකතු වෙලා ගුණමකු කම කරන්නෙපා
තව දෙයක් මම ආණ්ඩුවට වත් මහින්දට වත් කඩේ යන එකෙක් නෙමෙයි, හැබැයි ලංකාවට විරුද්දව කිසිම දවසක සුද්දොන්ට කඩේ යන්නෙත් නැහැ