දිල්ශාන්ගේ ඇට දෙක

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
දිල්ශාන්ගේ ඇට දෙක

කථාව බොහොම සරලව කෙටියෙන් කියන්න පොඩි ට්‍රයි එකක් දුන්නොත්,

අපේ ගමේ ඉන්න පොරවල් දෙතුන් දෙනෙක් එකතු වෙලා අවුරුද්දට දවස් 9කට 10කට කළින් සිඟිති අවුරුදු උත්සවයක් සංවිධානය කරගත්තා. ගමේ හිටපු ව්‍යාපාරිකයො කීපදෙනෙක් මේකට මූල්‍යමය අනුග්‍රහය දැක්වූවා. කොට්ටරපොරය සහ ලිස්සනගහේ නැගීම ඇරුණු කොට අනිත් සියළුම ඉසව් තිබුණේ අවුරුදු 15න් පහළ පොඩ්ඩන්ටයි, 15න් පහළ ලොකු පොඩ්ඩන්ටයි.

avrudu_2009_buneating.jpg


කොහොමින් කොහොම හරි 20 වෙනි සෙනසුරාදා උදේ 09.00 ට හරි ඔන්න අපේ කස්ටියගේ සිඟිති අවුරුදු උත්සවේ පටන් ගත්තා.

සූ ගාලා වැඩිහිටියො 10ක් 12ක් විතරයි, පොඩි එවුන් 15ක් විතර සහ ඔය දෙපාර්ශවයටම නැති යෞවනයේ මල් කඩන්නෝ 6ක් 7ක් විතර ඔක්කොම 30ක විතර බටෑලියන් එකක් තමයි මුළු අවුරුදු උත්සවේටම හිටියේ. මොකද හේතුව, මේ සිඟිති අවුරුදු උත්සවේ සංවිධානය කළේ ගමේ ඉන්න චාටර් පොරවල් ටිකක්. චාටර් කිව්වේ හොරකම් කරන, විලිලැජ්ජාව නැති වැඩ කරන එවුන් නෙමෙයි. මෙලෝ රහක් නැති එවුන් ටිකක්. ඒ නිසා ගමේ වැදගත් කියන එකෙක් වත් ඔය උත්සවේ හිටියෙ නෑ.

580988_10150671499166272_1932715906_n.jpg


නිවේදන කටයුතු කළේ ගමේ කොල්ලො කුරුට්ටන්ගෙ එල්ලෙ ක්‍රීඩා සමාජයේ නිවේදක තුමා. මූ ඉතින් එල්ලෙ තරඟයක් නිවේදනය කරන විදියටම තමයි වැඩ දාලා සද්ද දාලා අවුරුදු උත්සවේ නිවේදනය කළේ. ලයිට් කණුවේ බැඳපු ස්පීකරේ සද්දෙට හතර මායිමේ ඉන්න බෑ ඒ තරමටම සද්දෙයි. අපේ නිවේදකයත් ඒකට නොදෙවෙනි වෙන්න පැළෙන්න හදනවා.

මමත් නාලා කාළා එහෙම මිදුලට වෙලා ඔහේ ඉන්න වෙලාවේ ඔන්න හවස 04.00 කිට්ටු කරලා අපේ නිවේදකයා බර වොයිස් එකක් දාලා මෙන්න මෙහෙම එනවුන්ස්මන්ට් පාරක් දෙනවා.

spapaya3jh2.jpg


ඔව්... ආදරණීය දුවේ පුතේ ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීමේ ඉසව්ව සඳහා අපි ලබා දී තිබෙන කාල් සීමාව තව මිනිත්තු 5කින් අවසන් කරනවා. ඔබ තවමත් ඒ සඳහා සහභාගී වී නොමැති නම් 04.15 පෙර ඒ සඳහා සහභාගී වන්න. ආදරණීය දෙමව්පියන් තම දරුදැරියන් ඒ සඳහා සහභාගී කරවන්න. මේ දක්වා එම ඉසව්ව සඳහා ලබා දී ඇති පිළිතුරු මෙසේයි,

සචිත්‍ර - ඇට 750
කාවිංග - ඇට 523
උදය කුමාර - ඇට 1550
නවීන් - ඇට 280
විරාජ් - ඇට 345
සඳරේණු - ඇට 801
උදයංග - ඇට 1600
නෙත්මිණි - ඇට 1350
දිල්ශාන් - ඇට 2

එතන හිටපු එකෙක් කුපාඩි කමට ඇට දෙකයි කියලා අර පොතේ ලියලා ගිහින්. අපේ නිවේදක තුමා ඔය පොතේ මෙහෙම දෙයක් ඇති කියලා හිතුවෙත් නෑ... අනික ඕක කලින් කියවලා බලලා පෙර සූදානමක් අරන් කියන්නෙත් නැහැනෙ. එක හුස්මට කියවගෙන යද්දි අරකත් ඒ වේගෙන්ම, ඒ සද්දෙන්ම කියලා දැම්මෙ මුළු ගමම හිනා ගස්සමින්.

ඔය සිද්ධිය වෙලා, කරුණු කාරණා ටික සිද්ද වුණා කියමුකෝ. 04.15 න් පස්සෙ ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරඟය අවසන් කරළා, එකේ ප්‍රථිපල කියවීම ආයෙමත් කරගෙන යද්දි අපේ නිවේදක තුමා අර දිල්ශාන් කියන නම ඉවත් කරලා නිවේදන කටයුතු කරගෙන යන්න අමතක කළෙත් නෑ. ඊට පස්සෙ වුණේ මෙන්න මේ වගේ නිවේදනයක්!

සචිත්‍ර - ඇට 750
කාවිංග - ඇට 523
උදය කුමාර - ඇට 1550
නවීන් - ඇට 280
විරාජ් - ඇට 345
සඳරේණු - ඇට 801
උදයංග - ඇට 1600
නෙත්මිණි - ඇට 1350
අමිල - ඇට 235
සම්පත් - ඇට නැත

තරඟය ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙද්දී තව කවුරුහරි එකෙක් අර පොතේ ඔන්න ඔහොම ලියලා ගිහින්. අන්තිමේදි අපේ නිවේදකයගේ රෙදි ගැළවුණේ ගමම හිනා සයුරේ ගිල්වමින්!!!
:lol: :lol: :lol: :lol:
 
Last edited: