පිස්සු හැදෙනවා මචං.
මං ඕකට තව පොඩි දෙයක් එකතු කරන්නම්. දැන් මස 1-2 කට කලින් නිව්ස් වලට ගිය එකක්. ඔය අලි කරදර තියන දුප්පත් ගම්මනෙකට අලියෙක් ඇවිත් පහර දීල. ගෙයක් කඩල. ඒත් නිව්ස් වලට ගෙයක්නම් පෙන්නුවේ නෑ. ලී දඬු ටිකකුයි ටකරන් 2-3 කුයි තිබුණා. පරණ සාරි, චිත්ත කෑලි, පොරකවර වටකරලා. ඒවා දැන් එකම කුණු ගොඩක් වගේ කුඩු වෙලා.
ඒ පවුල ජීවත් වෙල තියන ගෙදර. අලියාගේ ප්‍රහාරෙන් ගෙදර තාත්තා තුවාල වෙලා හොස්පිටල්. අම්ම එක දරුවෙක් අරන් දුවලා බේරිලා. අවුරුදු 6-7ක පොඩිඑකෙක් .......... . ඔව් එහෙම තමයි.
එකේ අහන්නම අමාරු දේ නිව්ස් වලින් ගිය අය පෙන්නුවා පොඩි එවුන් රැට කාල තියන හැටි. බත් මුට්ටියක් ඉදිලා තියනවා. මාළු මොනවද...... කන්කුන් වගේ කොල ජාතියක් තෙල් දාගෙන බත් කාල තියෙන්නේ රැට.
මං කකා හිටියේ. පොලව පලාගෙන යන්න හිතුනා. ඒ අහිංසකය මැරෙන්න ඉස්සල්ලවත් බඩට කන්න තිබිල නෑ.
අපි මේ මොනවද කරන්නේ කියලා හිතෙනවා.........