දිව්‍යලෝක පිලිබඳ කතා
බම්ප් කරන්න. යාලුවන් අතරත් ශෙයා කරගන්න. ඔයාල හැමෝටම බුදු සරණයි.
අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසම සම වූ ශාස්තෘන්වහන්සේ නමක් උන්වහන්සේ සරණ යාම දෙවියන්ගේත්, මිනිසුන්ගේත් මෙලොව පරලොව පිණිස හේතු වෙනවා. උන්වහන්සේ දෙවියන්ගේ මෙන්ම මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේ බව ඔබ දන්නවා.
භාග්‍යවතුන් වහන්සේ දිව්‍යලෝක සමඟ තිබූ සම්බන්ධය ඉතා සමීප දෙයක්. උන්වහන්සේ දෙව්ලොව දෙවියන්ට හමු වෙන්න ධර්මය සාකච්ඡා කරන්න කාලයක් වෙන්කර තිබුණා.
දෙව්රම් වෙහෙරට බබුලුවාගෙන මහත් ආලෝකධාරා විහිදුවාගෙන දෙවියන්, බඹුන් උන්වහන්සේව බැහැ දකින්න පැමිණි බව සුත්‍ර දේශනා කියවද්දී හොඳින්ම තේරුම් යනවා. ඒ ආකාරයට හමුවන දේශනාවක් තමයි ජනවසභ සුත්‍රය. දිව්‍යලෝක පිළිබඳ තිබෙන සුන්දර ආශ්චර්යවත් සුත්‍රයක්.
ඒ සුත්‍රය දේශනා කරන්න හේතුව තමයි ආනන්ද හාමුදුරුවන් කියා සිටිනවා භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ එක එක ප්‍රදේශවලදී ඒ ඒ මිනිසුන් මරණයට පත්වෙලා නැවත ඉපදුනාම ඒ තැන් ගැන දේශනා කර තිබෙනවා.
අංග, කාසි, කෝසල, වත්සි, වජ්ජි, මල්ල, චේතිය, කුරු , පංචාල, සුරසේන ආදී තැන්වල හිටපු ශ්‍රාවකයෝ මැරුණට පස්සේ අසවල් අසවල් ප්‍රදේශවල ජීවත් වූ අය මේ මේ දිව්‍යලෝකවල ඉපදුනා කියලා දේශනා කරනවා. නමුත් භාග්‍යවතුන් වහන්ස, මගධ දේශයේ පිරිස ගැන එතරම් ප්‍රකාශ කරලා නැති නිසා මගධ ප්‍රදේශයේ අයට දිව්‍යලෝකවල යන්න අවස්ථාව නැති හැඩයි කියලා මිනිසුන් අතර කථාබහක් තිබෙනවා.
මගධ දේශයේ මිනිසුන් මරණයට පත්වෙලා දෙවියන් අතරට ගිය විස්තරයක් අපි දැනගන්න කැමැතියි. ඒ වගේම භාග්‍යවතුන් වහන්ස මගධාධිපති බිම්බිසාර රජතුමා කලුරිය කළා. බිම්බිසාර රජු මරණයට පත්වුණේ ඉතාමත් ඛේදනීය අයුරින්. ඒ අවසානය සිදු වූ අයුරු බලද්දී මිනිසුන් කථා වෙනවා මොහු උපන්නේ සුගතියේද? දුගතියේද? කියලා.
ඒ වගේම කථාබහක් තිබෙනවා රජතුමා ධාර්මිකව රට සුවපත් කළා. තුණුරුවන් කෙරෙහි සිත පහදවාගෙන පන්සිල් ආරක්ෂා කළා. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කියමින් තමයි ඔහු මරණයට පත්වුණේ. ඔහු දැන් දෙවියන් අතර ද කියලා.
ඉතිං භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හිමියන්ගේ වචනය පිළිගත්තා. හවස් වරුවේ උන්වහන්සේ වැඩ සිටිය කුටියෙන් නික්ම වෙහෙර ඉදිරිපස සෙවනෙහි වාඩිවෙලා ආනන්ද හිමියන් සමඟ කථාබස් කළා. “ ආනන්දයෙනි, මගේ ළඟට දෙවියෙක් ඇවිත් කිවුවා භාග්‍යවතුන් වහන්ස මම ජනවසභ වෙමි” කියලා. ඒ දෙවියා විස්තර ප්‍රකාශ කළා. භාග්‍යවතුන් වහන්ස මම බිම්බිසාර රජු වෙමි.
මම මේ හත්වෙනි වතාවටයි වෛශ්රමන දිව්‍යරාජයාගේ දිව්‍ය ලෝකයේ උපත ලැබුවේ. වෛශ්රමන දිව්‍යරාජයා තමයි සතරවරම් දෙව්වරුන්ගෙන් උතුරු දිසාවට අධිපති, එහි විස්තරවන්නේ යක්ෂයන්ට අධිපති කියලා. මේ යක්ෂයන් අපි හිතන දෑස් විළිස්සාගෙන, මුඛයේ ලේ පෙරාගෙන, දිව එළියට දාගෙන මයිල් පිරුණු , කාල වර්ණ දරුණු ප්‍රද්ගලයන් නොවේ. එක්තරා දිව්‍ය කොට්ඨාසයක්.
ඉතිං ජනවසභ දෙවියා ප්‍රකාශ කරනවා. භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගෙන් ධර්මය අහපු පළමු දිනයේමයි මම සෝතාපන්න වුණේ. ඊට පෙර මම ආත්ම හතක් දෙවියන් අතරත් ආත්ම හතක් මිනිස් ලොවත් ඉපදුනා. නැවත දුගතියේ ඉපදීමක් මගේ නැහැ.
මම දැන් සකෘදායි වෙන්නයි උත්සහ කරන්නේ. ඔබ වහන්සේ කුටිය තුළ සිත එක්තැන් කරගෙන මා ගැන තොරතුරු දැනගන්න බලාපොරොත්තු වුනා. ඒකයි මම ආවේ. කියලා ප්‍රකාශ කළා. ඉතිං මේ සියලුම දෙවිවරු දිව්‍යලෝකවල අවබෝධ කරන්න කැමැති දෙවිවරුන් ඉන්නා බව පේනවා.
ඒ වගේම බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. කඳු ආශි‍්‍රතව , වෘක්ෂ ආශි‍්‍රතව නොයෙක් තැන්වලට අධිගෘහිත දෙවිවරු සිටිනා බව. ඒ තමයි ඔවුන්ගේ විමාන. වෘක්ෂ දෙවියන් ගැන අසන්න තිබෙන හොඳම නිදසුන තමයි කරණීය මෙත්ත සුත්‍රය. එහි නිධාන කථාව තිබෙන්නේ මේ ආකාරයටයි.
ස්වාමීන් වහන්සේලා හැටනමක් වස් සමයේ වාසස්ථානයක් සොයමින් යද්දී එක්තරා වනාන්තරයකට පැමිණියා. ඒ වනාන්තරය සිත්කළුබවින් යුක්ත නිසා සතුටට පත්වෙලා. එහි වාසයට තෝරා ගත්තා. ඉතිං මේ ස්වාමීන්වහන්සේලාගේ සීලගුණ තේජස නිසා වනාන්තරවල ඉන්න වෘක්ෂ දේවතාවන්ට ගස් උඩ ඉන්න බැරිවෙනවා. වෘක්ෂ දෙවියන් බිමට බැහැලා කථා වෙනවා.
මේ ස්වාමීන් වහන්සේලා තව දින කීපයකින් ඉඳලා යයි. ඊට පස්සේ අපට නැවත සුවසේ ඉන්න පුලුවන් කියලා. නමුත් වනයේ රමණීය බව නිසා උන්වහන්සේලා දිගටම එහි රැඳී සිටීමට කතිකාකර ගත්තා. දෙවිවරු බලා සිටියා කවුරුත් පිටවෙන බවක් නැහැ. දෙවිවරු කලබල වෙනවා. මෙහෙම ගියොත් අපට මාස තුනක්ම බිම ඉන්න වෙනවා. එය අපට හිරිහැරයි.
අපි මේ පිරිසගේ සිත බයවන ආකාරයට කටයුතු කරමුයි කියා ඒ ලෙස කටයුතු කරනවා. බය, පිළිකුල, ශබ්දය නිසා ස්වාමීන් වහන්සේලාට බණ භාවනා කරගෙන යාමට අපහසු වෙනවා. මාස තුන ඒ ආකාරයට ගත කරලා උන්වහනසේලා බුදුරජාණන් වහන්සේ මූණ ගැහිලා මේ විස්තර පවසනවා. එවිට භාග්‍යවතුන් වහන්සේ පවසනවා. මහණෙනි ඔබට ධර්මය අවබෝධ කරන්න සුදුසුම තැන එතැනයි.
නැවත ඒ වනයටම වැඩම කරලා මේ මෛත්‍රී භාවනාව පුරුදු කරන්න “ කියලා කරණීය මෙත්ත සුත්‍රය වදාළා. බුද්ධ වචනය අනුව ඒ ස්වාමීන් වහන්සේලා කරණීය මෙත්ත සුත්‍රය සජ්ඣායනා කරමින් මෛත්‍රී මඩමින් වාසය කරද්දී අර වෘක්ෂ දෙවිවරු සියලු දෙනාගේ සිත පහදිනවා. ඔවුන් උන්වන්සේලාට ඇප උපස්ථාන කරන්න පටන් ගන්නවා.
භික්ෂු පිරිස සුවසේ ධර්මය අවබෝධ කරනවා. මෙයින් අපට පැහැදිළි වන තවත් කරුණක් තිබෙනවා. ඒ තමයි බුද්ධ කාලයේ දී පවා වනාන්තර ගත වූ අයට යම් යම් උපද්‍රව සිදුවෙලා තිබෙන බව.
බ්‍රහ්මපාල කියන සුත්‍රයේදී උන්වහන්සේ අපි කවුරුත් නොදන්නා දේව කොට්ඨාශ පිළිබඳව දේශනා කර තිබෙනවා. මහණෙනි දෙවිවරු කොට්ඨාශයක් ඉන්නවා. “ කිඩ්ඩාපදෝසක” කියලා. “ කිඩ්ඩා” කියන්නේ ක්‍රීඩාව.
ක්‍රීඩාවට ඔවුන් අධික ලෙස ඇලී වාසය කරනවා. ආහාරය නොගෙනම ක්‍රීඩා කරනවා. ක්‍රීඩාවට ලොල්ව ඉන්න නිසා ඔවුන්ට ආහාර ගන්න අමතක වෙනවා. ඒ දෙවිවරුන්ට ආහාර ගන්න අමතක වීම නිසා දිව්‍ය ලෝකයෙන් චුත වෙනවා. එයින් අපට පේනවා සමහර දෙවිවරු ඉන්නවා වේලාවට ආහාර ගතයුතු පිරිස්.
තවත් පිරිසක් ඉන්නවා “ මනෝපදෝසිකා “ කියලා ඔවුන්ගේ මනස දුෂ්‍ය වීමෙන් දිව්‍ය ආයුෂ අවසන් වෙලා එයින් චුත වෙනවා. ඒ දිව්‍ය පිරිසට යම් වෙලාවක හිතට කෝපයක් අධික ද්වේෂයක් ඇවිල්ලා. ඒ කෝපය උහුලාගන්න බැරිව ඔවුන් එතැනින් චුත වෙනවා.
ඔබ දන්නවා භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වන්නට මිගදායට වැඩිය වේලාවේ දී දස දහසක් සක්වල දෙවිවරු උන්වහන්සේ ගේ ධර්මය ශ්‍රවනය කරන්න පැමිණියා.
දම්සක් පැවැතුම් සුත්‍රයේ සඳහන් වෙනවා ඒ ධර්මය ශ්‍රවනය කරන්න එතුමාට දෙවියන්ගේ සිට අගනිටා බඹලොව දක්වා දෙවියන් පැමිණිය බව ඔවුන් කිසි මාරයෙකුට, දෙවියෙකුට, බ්රහ්මයෙකුට මේ ලෝකයේ කවරෙකුට හෝ නැවත මෙය හැරවිය නොහැක්කේය කියා ඝෝෂා කළා. මේ සියලු කරුණුවලින් අපට පැහැදිලියි.
මේ ලෝකයේ දිව්‍යලෝක කියා දෙයක් තිබෙන බව. ඒ ලෝකවල වෙසෙන දෙවිවරු සසරේ කරන ලද පින්වල මහිමයෙන් බොහෝ සැප සම්පත් විඳිමින් දීර්ඝ ආයුෂ විඳිමින් ඉන්නා බව. ඔවුන් සහ භාග්‍යවතුන් වහන්සේ අතර තිබූ සමීප සම්බන්ධතාවය කෙතරම්ද කියා ඔබට දැන් තේරෙනවා ඇති.
එනිසා බුද්ධ දේශනා කෙරෙහි ඔබ සිත පහදවා ගන්න. උන්වහන්සේ අපට මෙලෙස දෙවියන් ගැන කියා දුන්නේ. දෙවියන්ගේත් මිනිසුන්ගේන් ? එකම ශාස්තෲන්වහන්සේ අප සරණ ගිය ගෞතම නම් බුදුරජාණන් වහන්සේයි. ඒ “ සත්නා දේවමනුස්සානං” ගුණයට අපගේ නමස්කාරය වේවා !!