ප්‍රාදේශීය සභාවෙ සභාපතිතුමා පන්සලට ගියා. පන්සල් ගිහිං හිටපු අසංගට කෝල් එකක් ආවා. කෝල් කළේ අජිත් කියලා, අසංගගෙ හොඳ ම යාළුවෙක්.
"අහවල් සභාපතිතුමා ආව නේද පංසලට?"
"ඔව් මචං" අසංග කිව්වා.
"මචං මං සභාපතිතුමාගෙ වයිෆ් ඉස්සුවා රූම් එහෙකට. උඹ පුළුවන් තරං වෙලාවක් ඔය යකා පන්සලේ ම තියාගනිං." අජිත් කෝල් එක කට් කළා.
ඉතිං අසංගත් සභාපතිතුමාගෙ පස්සෙන් වැටුණා. සභාපතිතුමා වතාවත් කරලා, ලොකු හාමුදුරුවොත් හම්බුවෙලා, ආවාස ගෙයිං එළියට එද්දි, අසංගත් අරූ එක්ක හොඳටම ෆිට් වෙලා.
ඉතිං දෙන්නා කතාවට වැටුණා. ගෑස්, විදුලිය, ටීචර්ලට සාරි ඇන්දවීම, අයියෝ හාමිනේ, එක්ලක්ෂ හැටදාහක අවයව පරිත්‍යාගය ආදී ට්‍රෙන්ඩ් වෙච්ච හැම මාතෘකාවක් ම කතා කළා.
සභාපතිතුමා එක පාරටම ඇහුවා, "අසංග මහත්තය මාත් එක්ක හොඳට දන්න අඳුනන උදවිය වගේ සෑහෙන වෙලාවක් කතා කළානෙ?" කියල.
අසංග හෙණ අවංකය නෙ. උන්දැට එකපාරටම බොරුවක් ගොතාගන්ඩ බැරි උනා. ඉතිං ඌ ඇත්ත ම කිව්වා.
"සභාපතිතුමා, මගෙ යාළුවෙක් ඔබතුමාගෙ වයිෆ් ඇදලා රූම් එහෙකට. මට කිව්වා පුළුවන් තරං වෙලා ඔබතුමා පන්සලේ පරක්කු කරගන්ඩ කියලා."
සභාපතිතුමා හිනා වුණා. පස්සෙ අසංගගෙ කරට අතත් දාගත්තා.
"අනේ බං. උඹ පොඩ්ඩක් හොයල බලහං ඔය යාළුව ඉන්න තැනයි, උඹේ වයිෆ් ගෙදර ඉන්නවද කියන එකයි... මගෙ වයිෆ් ගිය අවුරුද්දෙ මැරුණෙ."