දි සුද්දා I met in ආරුගම්බේ

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දි සුද්දා I met in ආරුගම්බේ

    මේක දැන් ගොඩ කාලෙකට කලින් උන දෙයක්. පරන පොටෝ වගයක් බලනකොට තමයි මතක් උනේ.
    අපේ ගෙදර කට්ටියට එක්ක අම්පාර පැත්තේ trip එකක් ගිය වෙලාවක ආරුගම්බේ වෙරලටත් ගියා. සුද්දෝ තමයි ලංකාවෙ අයටත් වඩා හිටියේ මොකද ආරුගම්බේ ලංකාවේ surfing කරන්න තියන හොදම surf break එක තියන නිසා. අපි නම් ගියේ surf කරන්න නෙමේ බලල එන්න. ;)
    හැමතැනම සුද්දෝ surfing board අරන් යනව. අපි එතන වෙරලේ ටිකක් වෙලා ඉදන් හිටිය.

    එතකොට මට ආසාවක් එකක් ආව එතනම එහාපැත්තේ තියන surfing board එකත් එක්ක photo එකක් ගන්න. නිකන් surf කරල ඇවිල්ල වෙරලේ මහන්සි අරිනව වගේ. :lol: ලොල්. මම ඉදන් හිටපු විදිහට ඒක කොහොමත් පිටිපස්සෙන් පේන නිසා තාත්තට කිවුව පොටෝ එකක් ගන්න කියල. ඒක එච්චර ලොකු දෙයක් වගේ පෙනුනේ නෑ කොහොමත්. ඒත් අපිත් එක්ක ආපු අනිත් කට්ටියත් කියන්න ගත්ත කෝ තව ලගට යන්නලු අරවයි මේවයි. ඒක නිකන් එතන ඇඩ් එකක් උනා. :(:( :growl::growl:

    මෙන්න යකෝ එතකොටම මට තේරෙනව දඩෝරි සුද්දෙක් මගේ පිටිපස්සෙන් දුවගෙන මම ඉන්න දිහාවට එනව. මූ ආව වේගෙන් එතන තිබ්බ surfing board එක ගත්ත. මම හිතුව මූ හිතුවවත්ද කියල අපි මුගේ බෑග් උස්සන්න යනව කියල. ඒත් මම හිටියේ ඒවට ගොඩක් ඉස්සරහින්.මම බයෙන් වගේ පිටිපස්ස බැලුවෙත්. :shocked::sorry::sorry:
    පොරගේ ඇගේ එල්ලිලා සුද්දියෝ දෙන්නෙකුත් ආව swimsuit ඇදන්. මූ surfing board එකත් අරන් මගේ ගාවට ඇවිත් නතර උනා, මම එතන ඉදගෙන. :sorry::sorry: හිතාගනිල්ලකෝ :lol::lol:

    පොර මට අත දීල මාව නැගිට්ටුව. මගේ ඔලුවේ දැන් තියෙන්නේ english movie එකක් මූ දෙනව මට බෙල්ල කැඩිල යන්න. :lol::lol:
    but මූ මාව නැගිට්ටවල අර surfing board එක මගේ අතට දුන්න "ටේක් ටේක්" කියල. :lol::lol: එතන පිටිපස්සේ තිබ්බ බෑග් අනන් මනම් අයින් කරල හොදට background එක හදල පොටෝ එකක් ගන්න දුන්න කියහන්කෝ. මට විලි ලැජ්ජයි යකෝ එතන මුලු බීච් එකම උන් බලන් ඉන්නව ඒ සීන් එක. :(:( පස්සේ මම කරේ ඌටත් එන්න කියල ඌ එක්කම පොටෝ ගත්ත. කොටින්ම පොර එක්ක ආපු සුද්දියෝ දෙන්නත් පොටෝ වලට ආව. :D ;)

    පස්සේ අපි එක්ක ගොඩක් කතා කර කර හිටිය. ෆ්‍රෙන්ච් ඩයල් එකක්. හොදම සීන් එක මම ගෙදර ඇවිල්ල අපේ උන්ට පෙන්නුවේ මම Tony Greig එක්ක පොටෝ එක්කට හිටිය කියල. (බලපන්කෝ ඒ වගේ නෙමේද කියල ) :lol::lol::lol:

    2lblshw.jpg


    ඒ ජෙනුවින් සුද්ද්දට hats off කියන්නත් එක්ක සහ උබලටත් බලාගන්න ඔන්න දැම්ම. ;)

    උබලටත් මේ වගේ සිද්දි වෙලා තියනව නම් දාමු :D
     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :lol::lol: චාටර් සීන් එක බන්

    මේ කෝ බන් අර සුද්දියෝ දෙන්නගේ ෆොටෝස් :rolleyes::rolleyes:
     

    pubba8766

    Well-known member
  • Oct 4, 2009
    1,811
    128
    63
    Mirigama
    පට්ට චාටර් බන්.අනික මොකද බන් එළකිරි එකේ ඉන්න ගොඩක් උන් මූණ පෙන්නන්න අකමැති. lol
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    යකෝ ටෝනි ග්‍රෙග් උඹ වගේ 3ක් විතර උසයි :P කෝ සුද්දියො දෙන්නා? :rolleyes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    යකෝ ටෝනි ග්‍රෙග් උඹ වගේ 3ක් විතර උසයි :P කෝ සුද්දියො දෙන්නා? :rolleyes:

    ඔව් බන් අන්න එතන තමයි පොඩි පරහකට තියෙන්නේ. මම ඉගෙනගත්ත තැන හිටපු උසම එකා රට ගියා (ඌ 6ත් පැනල ) ඌ ටෝනි ග්‍රෙග් එක්ක ඉන්න photo එකක් තියනව ඒක දැක්කම මට ඇඩුන :lol:
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    haha patta scene eka, umbata surfing board ekak aragen surf karanna purudu wenna tibbe. arugambay 500 mathaka hatiyata :D
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    haha patta scene eka, umbata surfing board ekak aragen surf karanna purudu wenna tibbe. arugambay 500 mathaka hatiyata :D

    ඔව් ඔව් ඊටපස්සේ අපි එතන පුරුදු කරන එකෙක්ගෙන් ඇහුව. :yes::yes: ඒත් අපිට වෙලාව තිබ්බේ නෑ වැඩිය. :)
    පොඩිම පොඩි උන් surf කරනව බන් පිස්සු හැදෙනව උන් බයක් නෑ, වැටුනොත් උන් board එකට attach වෙලා තියන නිසා ආයිත් ගොඩ වෙනව
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    ඔව් ඔව් ඊටපස්සේ අපි එතන පුරුදු කරන එකෙක්ගෙන් ඇහුව. :yes::yes: ඒත් අපිට වෙලාව තිබ්බේ නෑ වැඩිය. :)
    පොඩිම පොඩි උන් surf කරනව බන් පිස්සු හැදෙනව උන් බයක් නෑ, වැටුනොත් උන් board එකට attach වෙලා තියන නිසා ආයිත් ගොඩ වෙනව

    haha 10 parak withara watei passe alla ganna puluwan, but nagitina hati board eka alla ganna hati, rella alla ganna hati purudu wenna oni,

    Weligama beach patththe giya welawaka purudu weyan 1hr 200 board ekata :D
    ethana beach eka gemburu na ;)

    kellekuth set wela thinawa surf karanna purudu karala :D :D ;)