දුක් විඳින්ට සිද්ධ වෙනවා...

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දුක් විඳින්ට සිද්ධ වෙනවා...

    ස්ත්‍රියක ගෙ රූපයත්, කටහඬත්, පහසත්, සුවඳත් කියන මේවාට ඇලී ගියොත්, එයාට ගොඩක් දුක් විඳින්ට සිද්ධ වෙනවා...

    පාරාසරිය තෙරුන්ගේ ගාථා..

    (පූජණීය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේගේ "ඒ අමා නිවන් දු‍ටු රහතන් වහන්සේලා" ග්‍රන්ථය ඇසුරිනි)

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;16749304 said:
    උඹ මහණ වුනාද බං? :eek:
    කලින් හිටිය පොර නෙමේ දැන් ඉන්නෙ.. ඇවටා එකත් වෙනස් වෙලා..:dull:
    වැඩි කතාබහකුත් නෑ.. පේ්න්නත් නෑ..:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පැටියා;16749304 said:
    උඹ මහණ වුනාද බං? :eek:
    තවම නැහැ.
    ඉහලින් අවසර ලැබුනේ නැහැ තවම.
    :(

    කලින් හිටිය පොර නෙමේ දැන් ඉන්නෙ.. ඇවටා එකත් වෙනස් වෙලා..:dull:
    වැඩි කතාබහකුත් නෑ.. පේ්න්නත් නෑ..:(

    :)
    ටිකක් වෙනස් නම් වෙලා තමා. දැන් කොන්ඩේ එහෙම වවල ඉන්නේ :D

    හැමදාම එළකිරි එනවා. හොදයි කියල හිතෙන දේවල් වලට කොමෙන්ටුත් දානවා

    කොහොමද ඉතිං? :)
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113

    තෙරුවන් සරණයි.!
    මේ කියල තියෙන දේ සත්‍යයක් ම තමයි. ඒකෙ කිසිම සැකයක් නැහැ.

    ඒත් මෙහෙම දෙයකුත් තියෙනව.

    දැන් අද කාලෙ ඉන්න ගොඩක් දෙනෙක් ට මෙහෙම කිව්ව කියල... ඕක තේරුම් ගන්න යම්තම්වත් උත්සාහ කරන අය අඩුයි. ඒක පැහැදිලියි නේද? මොකද මේ කාලේ elakiri.com එකේ වයස අවුරුදු 20 පිරිමි ළමයින් ගේ පටන් (අතරින් පතර ඊට පහල වයස් දාලා තියෙනව මම දැක්ක ඒත් ඇත්තද බොරුද දන්නෙ නැහැ) දාලා තියෙන ගැහැණු ළමයි සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න දිහා බැලුවම මේවගේ දේවල් කොච්චර කිව්වත් ඒවාගෙන් තඹ සතයක වැඩක් වෙලා නැති බව පේනව නේද? :no: අර බීරි අලින්ට වීණාව ගැහුව වගේ... :(

    අවුරුදු 20 වෙනකොට පිරිමි ළමයෙක් හිතින් දුක් විඳිනව ‘‘අනේ මට girl friend කෙනෙක් වත් නෑ. යාළුවො ඔක්කොටම ඉන්නව. මට නෑ... ජීවිතේ එපා වෙලා තියෙන්නෙ“ ඔන්න ඔය වගේ දේවල් අනන්ත කියනව ගොඩක් අය දැකල ඇති. :dull:

    මේකට එක ප්‍රශ්නයක් තමයි මොන තරම් බණ කිව්වත්, සමාජය ඇතුලෙ ඉන්න අද කාලේ තරුණ කට්ටිය ගොඩ දෙනෙක් මේ ගැන හිතන පතන හැටි වෙනස් කරගන්නෙ නැති එක. :( අවුරුදු 20 ක පිරිමි ළමයෙක් ට අවුරුදු 30 ක කෙනෙක් කිව්වොත් “මටත් නෑ girl friend කෙනෙක්“ කියල... ඒ පිරිමි ළමයට ඒක මහා පුදුම කාරණාවක් වගේම... ඒ අවුරුදු 30 කෙනා දිහා සමච්චල් විදිහට බලන්නත් පුරුදු වෙලා තියෙනව. “අපෝ... අපි නං ඔච්චර කල් බලං ඉන්නෙ නෑ“ ඔහෙම කියන අයත් ඉන්නව. :oo:

    හැබැයි කොහොම වුණත්.... මේ අය අතරෙ ඇත්ත තත්වය දැනගෙන වැඩකරන කොටසකුත් ඉන්නව. :) ඒ වගේම නිවැරදි වයසෙ දි විවාහ වෙලා සාර්ථක යුග දිවියක් ගත කරමින් ධර්මානුකූලව ජීවිතය ගෙනියන අයත් ඉන්නව. :) බොහොම පොඩි ප්‍රමාණයක්.

    හැබැයි ඒ විදිහට ඉන්න දැන් ඉන්න ගොඩ දෙනෙක් ට බෑ. පැහැදිලිවම බෑ. ඒක තමා ඇත්ත. අන්න ඒ බැරි කට්ටියට තමයි මොන බණ කිව්වත් වැඩක් නැත්තෙ. :no: සමහරු ධර්මයෙන් කියන දේ පටලවගෙන ප්‍රශ්න එක දෙක කරගෙන දඟලනව. :(

    ප්‍රධාන වශයෙන් වැදගත් කාරණා දෙකක් තියෙනව. එකක් තමයි ගිහි ජීවිතය. අනික පැවිදි ජීවිතය.

    වැඩි දෙනෙක් පැවිදි ජීවිතය ගත කරන්න අදහස් කරන්නෙ නැහැ. :no: ඒවගේම එහෙම වෙන්න ඕනෙ කියල බල කිරීමකුත් නෑ. :yes: හැබැයි ගිහි ජීවිතය තුළ ඉඳන් ධර්මය තුළ හැසිරෙන්න ඕනෙ කියන දේ ගැන කල්පනා කරන්නෙත් නෑ. ඇයි ඒ..? පවුල තුළින් ම හැදිල තියෙන වාණිජකරණය, තරඟකාරිත්වය, කාර්ය බහුල බව (විශේෂයෙන් ම වැදගත් අරමුණක් නැති මෝඩ ටෙලි නාට්‍ය) වැනි දේවල් නිසා ආකල්ප වෙනස් වීම බලපාලා තියෙනව. ඉතින්... කොයි තරම් facebook pages share කලත්, මොන තරම් forum වල දැම්මත්.. ධර්ම කරුණ දිහා බලල ඒක තමන්ගේ ජීවිතයට ඇතුලත් කරගන්න අය අද ගොඩක් අඩුයි.

    මේ බණ කියන එක එපා කියනව නෙමෙයි.! ධර්මය බෙදා හරින්න එපා කියනව නෙමෙයි.!
    නමුත් මනුෂ්‍යත්වයට ස්වභාවයෙන් ලැබිල තියෙනව හිතන්න පුළුවන් බුද්ධියක්.
    මනුෂ්‍යත්වයට ස්වභාවයෙන් ලැබිල තියෙනව කරුණාබර හදවතක්.
    මනුෂ්‍යත්වය සොබාදහමත් එක්ක මුසුවෙලා තියෙන්නෙ.

    ඒත් මේ මනුෂ්‍යත්වය කියන එක දැන් නින්දට වැටිල. දැන් අවශ්‍යයි නිදාගෙන ඉන්න මනුෂ්‍යත්වය ආපහු අවදි කරන්න. හැමෝගෙම හදවත් වලට තට්ටු කරල කියන්න උඹලා මේ යන ක්‍රමය වැරදියි. හරි ක්‍රමය දැනගනිල්ලා. තේරුම් ගනිල්ලා කියල කියන්න අවශ්‍යයි..

    යහපත් අරමුණකින් පටන් ගත්තට... පටු අරමුණුවලට තණ්හාව රජයන... දේශයන් පාලනය කරන මිනිසුන්ගෙන් සමාජය, පවුල රැකගන්න ඕනෙ. සැබෑ මනුෂ්‍යත්වයට ආපහු උඩට එන්න දෙන්න ඕනෙ.....

    ධර්මය හිත් තුලට කා වදින්න පටන් ගන්නෙ අන්න එතකොටයි. :)
     
    මම මේ වගේ thread ගොඩාක් දැම්මා. ඒක ඔයා දුන්න වගේ උත්තර දුන්නේ කිහිප දෙනෙක් විතරයි.
    හුගක් අය බලල ගිහින්. උඩට ගන්නවත් උත්සහයක් අරන් නැහැ. මට ඒක ගැන තරහකුත් නැහැ. මොකද මේවා 18+ නෙවේනෙ. ඒ වගේ ඒවටනේ කට්ටිය කැමති. ජිවිතේ වැදගත් දේවල් කියල හිතන්නෙ ඒවානේ.

    මට හැමතිස්සෙම හිතෙන දෙයක් තමයි අවුරුදු 50ක් උපරිම උනොත් 80ක් තියෙන ජීවිතෙන් අපි ගන්න ප්‍රයෝජනය මොකක්ද කියන එක. මැරිලා මැරිලා හම්බ කරලා අන්තිමට ඔක්කොම දාල මැරිලා යනවා. අන්තිමට ගිහින් කොහේ කොහොම මොන විදිහට ඉපදෙයිද කියල කවුද දන්නෙ? අපි ඇත්තටම අසරණයි. අපේ උදව්වට කවුරුත් නැහැ. මේ ජීවිතය වැරදුනොත් සතර අපායේ වැටෙන එකෙන් බේරීමක් නැහැ.

    මටත් දන්නවා මේවා හුගක් අය කියවන්නේ නැහැ කියල. නමුත් මාස 3කට විතර කලින් ධර්මය අහන්න පටන් ගත්ත මගේ ලොකු වෙනසක් උනා. මන් විස්වාස කරනවා බලන කිහිප දෙනෙක් හරි මේවා තේරුම් ගන්න උත්සහ කරයි කියල.

    සැරියුත් හාමුදුරුවෝ සොවහන් උනේ පද දෙකක් අහල. මුගලන් හාමුදුරුවෝ පද හතරක් අහල. දර්මය ඇහුනේ නැත්තම් කොච්චර ප්‍රඥාව තිබ්බත් දර්ශනය මතු වෙන්නේ නැහැ. අන්න ඒ නිසාමයි තේරුම් ගන්නෝ තේරුම් ගනිත්වා කියල මට හම්බවෙන දේවල් මම බෙදාගන්නේ.

    මේ දේවල් වලට මට rep අවශ්‍ය නැහැ. rep වලට මැරිච්ච කාලයක් තිබ්බ. ඒත් දැන් තේරෙනවා සතර ඇපයෙන් ගැලවෙන්න බැරුව rep තියාගෙන මොනවා කරන්නද කියල.
    කියවන අය ධර්මය අවබෝධ වෙන්න කියල මට පිං දුන්නොත් ඒ හොදටම ඇති මට.