දුක් සුසුමන්

ඊයේ රෑ ඉදලම හොඳටම වහිනවා.එපා වෙලා හිටියේ.වැස්ස නිසා අද ඉස්කොලේ යන්නත් බැරි වුණා.දැන් බහිමකෝ කියන්න ආපූ වැඩේට..
අද හරිම කමැලි දවසක්. ඉස්සෙල්ලා කිව්වා වගෙ අද වහින නිසා.මගෙ හිතේ තිබ්බා අද කොහොම හරි නිසඳැසක් ලියනවා කියලා.ඒ සිතිමේ ප්‍රතිපලයක් ලෙස අද කවියක් ලිව්වා.එක ඔබ සමඟ බෙදා ගැනිමට මා සිතූවේය.
මුලින්ම කියන්න ඕනේ මේක ලියනකොට හොඳටම වහිනවා.ඒ මදිවට ගොරවනවත් එක්ක.ඒ මොනවා වුනත් මම මගෙ පාඩුවේ කවිය ලිව්වා.දැන් තියෙන්නේ ඔබේ වාරයයි.කවියට ගුණ දොස් පවසන එකයි.කවිය නම් විරහව හා සම්බන්ධ එකක්.මට අදහස් එන්නේ ම ඒ හා සම්බන්ධ එවා විතරමයි....
කවියේ නම තමයි "දුක් සුසුමන්"
දුක් සුසුමන්

සිතුවිලි උතුරා මා හද හඬවා,
මැදියම් යාමේ මා උමතු වූයේ.....
හදේ හි ගලනා මේ දුක් සුසුමන්,
අඩ අඳුරේ මියැදුනේ.....
නොසැලෙන දෙනෙත් තුලින්,
කඳුළු බිඳක් මා තොල් සිපගන්නේ,
සිඳි බිඳි ගියා ආලයෙනි.....
උණුසුම නැති වූ කල,
සිතට දෙන දුක් සුසුමන්,
කොහොමද මා එය දරාගන්නේ.....
කලින් කලට මල් පරවෙන්නා මෙන්,
මගෙ සිතත් කලින් කලට පරවෙන්නේ.....
දකින සිහින විමන්,
මගෙ හදේ නැවති.....
සුලඟ මෙන් නුඹ මා ගෙන් ඈතට,
වෙන් වී යන්මනේ......
 

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    10cixdw.jpg
     
    අවුලක් නෑ ලස්සනයි
    තව ලියන්න

    එල එල...
    බොහොම ස්තුතියි... ;) :D

    මම ලියපු හැම කවියක් ම මම එලකිරි එකේ දැම්මා.එවාත් බලන්න.හොයාගන්න අමරුයි නම් මගෙ blog එකට ගිහිල්ලා බලන්න.මෙන්න මගෙ blog එකේ link එක..

    http://himunlich.blogspot.com/
     
    Last edited: