මම දවසක් P&S එකෙන් ෆ්රයිඩ් රයිස් එකක් කනකොට මනුස්සයෙක් රෝද පුටුවක ඉදන් ලොතරැයි විකුනනවා P&S එකේ ඉදන් යන අයට.ඒ වෙලාව දවල් කෑම වෙලාව හින්දා මම හිතාගත්තා බත් පැකට් එකක් අරන් දෙන්න ඕන කියලා.මම කාලා ඉවරවෙලා ෆ්රයිඩ් රයිස් එකක් පාර්සල් කරගෙන එලියට එනකොට ඒ මනුස්සයා රෝද පුටුවත් අතින් කරකවාගෙන සෑහෙන්න දුර ගිහින්.ඒත් මම පයින්ම ගිහින් ඒක ඒ මනුස්සයට දුන්නා.ඒ මනුස්සයා පුදුමෙන් වගේ මගේ දිහා බලලා ගොඩක් පින් කියලා ෆ්රයිඩ් රයිස් එක ගත්තා.ඒ වගේ දෙයක් කරාම හිතට පුදුම සැහැල්ලුවක් එන්නේ..මම ලොකු සල්ලිකාරයෙක් නෙමේ.ඒත් මම පුළුවන් විදිහට ඔයවගේ අයට උදව් කරනවා..මේවා බලලා දුක් වෙනවට වඩා ඒකයි වැදගත්.