දුක හිතෙන කතාවක්.

N sriyanthe

Banned
Jan 6, 2015
236
58
0
දුක හිතෙන කතාවක්.


දුක හිතෙන කතාවක්.

අපි දන්න කියන පවුලක් ඉන්නවා. පවුලේ ඉන්නේ දුවයි පුතයි තාත්තයි.
තව කනාටු වෙච්ච බල්ලෙක්යි බැල්ලියෙකුයි හිටිය.
හරිම දුප්පත් පවුලක්. හරියකට කන්න බොන්න අඳින්න නෑ.
එයාලට පරම්පරාවෙන් හම්බුන ලොකු ඉඩමක තමයි ගේ හදල තිබුනේ.

ගෙදර දිරාපත්වෙලා කඩාවැටෙන්න ඔන්න මෙන්න තිබුනේ. ලොකුම ප්‍රශ්නේ උනේ ඒක.
ගෙදර කඩ වැටුනානම් ඉන්න හිටින්න තැනකුත් නැති වෙනවා.
ලොකුපුතාට රස්සාවක් නෑ, පොඩි දුව තාම ඉගෙන ගන්නවා.
මේ පවුල ගොඩ ගන්න නම්, දියුණු කරන්න නම් කලයුතු බොහෝ දේවල් තිබුන.
තිබිච්ච අහිංසක කම නිසාම ගමේ බොහෝ අය උදවු කරන්න කැමති උනා.

සමහරු ලොකුපුතාට කුලියක් මලියක් කරගන්න අවස්ථාව හදල දුන්නා.
සමහරු පොඩි දුවට පොත් පත් පෑන් පැන්සල් අරන් දුන්න.
කොහොම කොහොම හරි මුළු පවුලම එකතු වෙලා කඩ වැටෙන්න තිබුන ගෙදර බොහොම අමාරුවෙන් මුක්කු ගහලා හදාගත්ත.

නමුත් මේ කිසිම දෙයක් දීර්ගකාලින විසඳුම් උනේ නෑ.
දුවයි පුතයි හැමදාම තාත්තට කිවුවේ එදා වේල හම්බකරගෙන කකා ඉඳල වැඩක් නෑ,
අපි දියුණු වෙන්න පුළුවන් මොනවා හරි කරමු කියල.

පුතා කිවුවා අපි මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගමු කියලා.
සල්ලි ටිකක් ගමේ මිනිස්සුන්ගෙන් ණයට ඉල්ලගෙන ව්‍යාපාරයක් පටන් අරන්
ඒක දියුණු කරලා ඒ ණය ගෙවමු කියලා පුතා කිවුව.


දුව කිවුවා මගේ අධ්‍යාපනයට වියදම් කරමු කියලා.
කවද හරි හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා ඒ ණය ගෙවන්න පුළුවන් කියල.

නමුත් තාත්තට ඒ තරම් දැනුමක් තිබුනේ නෑ.
දියුණු වෙනවා කියන්නේ ලොකු ගෙයක් හදාගෙන,
වාහනයක් අරගෙන හොඳට වියදම් කරලා ජීවත් වෙන්න තමයි එයාට ඕනේ උනේ.

ගමේ මිනිස්සුන්ගෙන් හම්බුන ණය සල්ලි වලින් එයා ඉස්සරවෙලාම කලේ ගෙදර නවීකරණය කරපු එක. ඒක කලයුතුයි තමයි.

නමුත් තිබුන හොඳම ටයිල් ඇල්ලුවා,
Flat screen TV, Fridge, sofa set ගත්තා,
දුවට මාල වළලු ගත්තා,
පුතාට පදින්න ලස්සන වාහනයක් ගත්තා.
ඒ අයත් ඒ සරුව පිත්තල දේවල් වලට රැවටුන.
ණයට ගත්තු හැම සතයක්ම විදම් කරලා ලස්සන ගාඩ්න් එකක් ගේ ඉස්සරහ හැදුව.
interior design වලට වෙනම වියදම් කළා.
ගමේ මිනිස්සුන්ට පේන්න අනිත් ගෙවල් වලටත් නිකං සල්ලි දුන්නා
හැමදාම තුන් වේලටම රස කෑම ගේනවා, හොඳට කෑව.
අර කනාටු බල්ලයි බැල්ලියි මස් කටු කාලම හොඳ සයිස් එකට හැදුනා.

දුවයි පුතයි හිතුව අපි වලෙන් ගොඩ ආවා, අපි දියුණු උනා කියලා.
නමුත් අර ණය ටික සේරම ඉවර වෙලා ගියා.

දරුවෝ දෙන්නට කන්නවත් දෙයක් නැතිඋනා.
ණය කාරයෝ ගෙදරට එන්න පටන් ගත්ත.

එදා තමයි ඒ අයට තේරුනේ තාත්තා එයාලව රවටලා කියල.
යන්තන් එදා වේල රත් කරන් කාපු තමන් හිටියටත් වඩා පහලට වැටිලා කියල තේරුණා.

දරුවෝ දෙන්න තවත් ඉවසුවේ නෑ. තාත්තව ගෙදරින් එලවල දැම්ම.
සමහරු දරුවොන්ට බැන්න.
තොපේ ගේ කඩා වැටෙන්න තියෙද්දී හදා දුන්නේ තාත්තා නේද කියල ඇහුව.

වැඩිපුරම අසරණ උනේ අර බල්ලයි බැල්ලියි. උන්ට හැමදාම මස්කටු ඕනේ උනා.
උන්ගේ ඇඟේ හිටපු මැක්කෝ ඊටත් වඩා අසරණ උනා.
දුවටයි පුතාටයි රවන්න ගොරවන්න ගත්තා.

කතා කරන්න බැරි උනත් ඒ බල්ලයි බැල්ලියි බුර බුරා කිවුවේ,
තොපිට ගෙයක් හදල දුන්නේ තාත්තා නේද.
තොපිට ලස්සන උයනක් හදල දුන්නේ තාත්තා නේද.
තොපිට ලස්සන වාහන දුන්නේ තාත්තා නේද.
තොපිට හෙන ගහනවා මේ කරපු අපරාදෙට කියලා,

අන්තිමේදී අර අසරණ තාත්තට ඉතුරුඋනේ ගමේ පන්සල විතරයි.
අර බල්ලයි බැල්ලියි හැමදාම පන්සලට යනවා ස්වාමියාව බලන්න.
ඒ යනකොට බලු මැක්කොත් යනවා.

බල්ලයි බැල්ලියි උගුර ලේ රහ වෙනකල් බුර බුරා ඉන්නවා ගමට මේ අසාධාරණය පෙනෙනකල්.

අනේ .....! ගමේ එකාලට ගානක් වත් නෑ.

දන්නවද මැක්කෝ මොකද කලේ කියලා.
මැක්කෝ සේරම එළකිරි කන්න පටන් ගත්ත.


 
Last edited:

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    laugh8kb.gif
     

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    අවුරුදු විසි ගානක් හමුදාවෙ සේවය කරපු හිතවත්ම අයියා කෙනෙක් ආවා සුවදුක් බලන්න.
    "ඉතිං අයියෙ.. හැමෝම හොදින් ඉන්නවද.?" මං ඇහුවා.
    "අපි හොදින් කියන්න බෑ නංගි. අපිට හොදින් ඉන්න අපේ රට හොදින් තියෙන්න ඕනනෙ.. මොනවද මේ අපේ රටට වෙන්නේ.."
    මොනව කියන්නද කියලා හිතා ගන්න කලින් එයා දිගටම කතා කලා.
    "අන්න අරුන් අද කොටි ඩයස්පෝරාවෙ සමුලු වලටත් සහභාගි වෙලාලු කිසි හිරිකිතයක් නැතුව. දැං උන් උන්ගෙ ජාතිය වෙනුවෙන් සටන් කරපු විමුක්තිකාමියො. අපි පඩියට වෙඩි තියාපු කුලී මිනීමරුවො. යුධ අපරාධකාරයො.
    යුද්දෙට ගියේ කිසි දෙයක් කර කියා ගන්න බැරි අසරන කමට නෙවෙයි. ගමේ ඉදන් හේනක් කුඹුරක් කෙටුවත්, පොලේ එලවලු වික්කත් ඔය පඩියට වැඩි ගානක් හොයන්න තිබ්බා.
    ඒත් යුද්දෙට යනකොට සල්ලි ගැන තියා අපි අපි ගැනවත් හිතුවෙ නෑ.
    මට දරුවො දෙන්නයි. උන් දෙන්නගෙන් එකෙක්වත් ඉපදෙනකොට මම ගෙදර නෑ. දරුව ලැබිලා ඉස්පිරිතාලෙ ඉන්න මගෙ ගෑනිට බත් එකක් ගෙනියන්න ඉඩක් ලැබිල නෑ. පුංචි එකී ඉපදුන දවස් වල මම වන්නි කැලේ කොටු වෙලා. මම මැරිලා කියලා පනිවිඩේ ගෙදරට ගිහින්. මගෙ පුංචි එකී අම්මගෙන් බීපු කිරි වල පවා කොච්චර දුකක් ගින්දරක් තියෙන්න ඇතිද.?
    ර්‍ඒ වගේ අපේ උන් තව කීයකගෙ පවුල් වල උන් අම්මලා තාත්තලා දුක් උහුලන්න ඇතිද.?
    ඔය කැලෑ වල අපි බිස්කට් පැකට් එක කඩාගෙන කාලා මඩ වතුර බීලා දවස් කීයක් නං නිදිමරලා ඇතිද.?
    බංකර් හදන්න වලවල් කපලා, තල්ගස් කපලා ඇදලා මේ අත් වල උරහිස් වල කොයි තරම් කරගැට මතු වෙලා ඇතිද.?
    ඒ හදපු බංකර් තාම ඔය පොලව යට ඇති.
    අපි දුක් විදලා පන දීලා රැක ගත්ත පොලවෙ පය ගහන් ඉන්න උන්ට අමතක උනාට ඔය පොලවෙ ගස් ගල් වලට පවා ඒ වින්ද දුක මතක ඇති.
    එහෙම රැක ගත්ත බිම තමයි අද මුන් කොටින්ට පාවලා දෙන්නෙ.
    ඔය සාම්පූර් කදවුර බේර ගන්න අපේ කොල්ලො කීයක් වෙඩි කන්න ඇතිද. අද ඒ කදවුරු ගලවලා අපේ උන්ව බූස්සට ගාල් කරලා.
    ඒ මදිවට ඇමරිකන් හමුදා වලට කදවුරුත් හදලා දීලා.
    මේකට කියන්නෙ රට විකුනනවා නෙවෙයි නං වෙන මොකක්ද.?
    ඇයි මේ කාලකන්නි හැතිකරේට මේ ටික තේරුම් ගන්ඩ තරම් මොලයක් නැත්තෙ.?
    මේ රටට කරන විනාසෙ ගැන වේදනාව දැනෙන්නෙ අපිට විතරද නංගි.?"
    ... ...
    ඒකට නම් මටත් උත්තර තිබුනෙ නෑ.
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මම හිතුවේ
    ' ඊට පස්සෙ කුමාරයයි කුමාරියි සතූටින් ජීවත් වුණා' කියලා බන්.
     

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0

    ඒකට නම් මටත් උත්තර තිබුනෙ නෑ.

    දේශපාලනේ ගැන මළ පොතේ අකුරක් නොදන්න
    රටේ යුද්ධයක් ඇති උනේ කොහොමද
    රටේ යුද්ධයක් නැවත ඇති නොවෙන්න කල යුත්තේ මොකක්ද
    දෙමල ඩයස්පෝරාව කියන්නේ මොකක්ද
    කොටි ඩයස්පෝරාව කියන්නේ මොකක්ද කියලා නොදන්න උඹලට කොහෙන්ද බං උත්තර ...??

    ඔය රණවිරුවට මම ගරු කරනවා. ඌ හින්ද තමයි අපි අද නිදහසේ ඉන්නේ.
    හැබැයි සොල්දාදුවෙක් වෙච්ච එයාගේ තීරණය දෙමලු ඔක්කොම සමූල ඝාතනය කරලා දාන්න වෙන්න ඇති.
    නමුත් එක ප්‍රයෝගික නැති බව එයාට තේරෙන්නේ නෑ.
    එකනේ එයා දේශපාලන විද්වතෙක් වෙනුවට හමුදා සොල්දාදුවෙක් උනේ.
    ඉතිං එයා කරන්න ඕනේ එයාට order කරපු වැඩේ. එයා ඒක හරියට කලා.
    දැන් දේශපාලන විද්වතාගේ වැඩේ කරන්න ගිහින් හරියන්නේ නෑ.

    ඒ නිසා රටේ බෙදුම්වාදය, වර්ගවාදය, විදේශ ප්‍රතිපත්ති
    ආදිය ගැන සහෝදරයා හොයන්න ඕනේ දේශපාලන, සමාජ, ආර්ථික විද්වතුන්ගෙන් මිසක් සොල්දාදුවෙක්ගෙන් නෙමේ.


     
    Last edited:

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    දේශපාලනේ ගැන මළ පොතේ අකුරක් නොදන්න
    රටේ යුද්ධයක් ඇති උනේ කොහොමද
    රටේ යුද්ධයක් නැවත ඇති නොවෙන්න කල යුත්තේ මොකක්ද
    දෙමල ඩයස්පෝරාව කියන්නේ මොකක්ද
    කොටි ඩයස්පෝරාව කියන්නේ මොකක්ද කියලා නොදන්න උඹලට කොහෙන්ද බං උත්තර ...??

    ඔය රණවිරුවට මම ගරු කරනවා. ඌ හින්ද තමයි අපි අද නිදහසේ ඉන්නේ.
    හැබැයි සොල්දාදුවෙක් වෙච්ච එයාගේ තීරණය දෙමලු ඔක්කොම සමූල ඝාතනය කරලා දාන්න වෙන්න ඇති.
    නමුත් එක ප්‍රයෝගික නැති බව එයාට තේරෙන්නේ නෑ.
    එකනේ එයා දේශපාලන විද්වතෙක් වෙනුවට හමුදා සොල්දාදුවෙක් උනේ.
    ඉතිං එයා කරන්න ඕනේ එයාට order කරපු වැඩේ. එයා ඒක හරියට කලා.
    දැන් දේශපාලන විද්වතාගේ වැඩේ කරන්න ගිහින් හරියන්නේ නෑ.

    ඒ නිසා රටේ බෙදුම්වාදය, වර්ගවාදය, විදේශ ප්‍රතිපත්ති
    ආදිය ගැන සහෝදරයා හොයන්න ඕනේ දේශපාලන, සමාජ, ආර්ථික විද්වතුන්ගෙන් මිසක් සොල්දාදුවෙක්ගෙන් නෙමේ.



    well said... That is why we didn't vote for Mr. S. fonseka.
     
    Last edited:

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    දේශපාලනේ ගැන මළ පොතේ අකුරක් නොදන්න
    රටේ යුද්ධයක් ඇති උනේ කොහොමද
    රටේ යුද්ධයක් නැවත ඇති නොවෙන්න කල යුත්තේ මොකක්ද
    දෙමල ඩයස්පෝරාව කියන්නේ මොකක්ද
    කොටි ඩයස්පෝරාව කියන්නේ මොකක්ද කියලා නොදන්න උඹලට කොහෙන්ද බං උත්තර ...??

    මචන් අවුලක් ගන්න එපා මට පොඩ්ඩක් අපෙරටේ යුද්දෙ පටන් ගත්තෙ කොහොමද කියල උබේ POV එක කියන්න පුලුවන්ද? Pls