මේ දෙක අතර වෙනසක් තියෙනවා.
එතකොට, දුක්ඛ කියන්නේ කපා දැමිය හැකි දෙවැනි වේශය.
එතකොට, මානය, ප්‍රිය හෝ අප්‍රිය අවස්ථාවල් දැකිය යුත්තේ තමන්ට කැමති සේ පැවැත්විය නොහැකි (අනිච්ච), කපා දමා ඉවත් කලහැකි දෙවෙනි වෙශයක ලක්වන {දුක්ඛ}, විපරිණාමයට ලක් වී {අනාත} වන දෙයක් ලෙසට.
මම හිතෙන්නේ ඉංග්‍රීසියෙන් දුක්ඛට කියන්නේ Entropy කියල.
මේවැනි දේවල් නොයෙකුත් අඩුපාඩු නිසා වැරදෙන්න ඉඩ තියෙනවා. එම නිසා, අවසාන නිගමන වලට එන්න පෙර මේ කරුණු තවත් අධ්‍යනය කල යුතුයි.
| දුක | දුක්ඛ |
| හේතුවක එලයක්. අතීතයේදී කරගත්ත පවක් නිසා මුහණ දෙන්න සිදුවෙන විපාකයක්. | චතුරාර්‍ය සත්‍ය අවසන් වෙන්නේ -> "ඉදංකෝ පන බික්ඛවේ, දුක්ඛං". මෙතැන් තියෙන "ක්ඛ" වැදගත්. ඒතන අදහස් වෙන්නේ ඛය කල හැකි නැතිනම්, කපා දැමිය හැකි, ඉවත් කලහැකි, නිදහස් විය හැකි දෙයක්. |
| වර්තමානයේදී මුහණ දෙන්න සිදුවෙන, නොවැලැක්විය හැකි දෙයක්. | කම්මඛය කිරීමෙන්, රාගඛය කිරීමෙන්, ආසවඛය කිරීමෙන්, ද්වේශඛය කිරීමෙන්, මෝහඛය කිරීමෙන් දුක්ඛඛය කළහැකියි. දුක්ඛඛය කිරීමෙන් ඉදිරියේදී මුහුණ දෙන්න සිදුවිය හැකි විපාක වැළක්විය හැකියි. මෙතන දුක්ඛ කියල අදහස් කරන්න දෙවැනි වේශයක්. පළමු වේශයට කියන්නේ "සුඛය" කියලා { සුඛය -> දුක්ඛ } . |
| එලයක් ලෙස සිදුවෙන මානසික පීඩනයක්. | මෙතැන දෙවැනි වේශයට පත්වන දේ කපා ඉවත් කලේ නැතිනම්, එය එක වතාවක් හෝ මානසික පිඩනයක් ඇති කරනවා සේම, එය දිගෙන් දිගට මානසික පීඩනය ගෙන දෙන පුරුද්දක් ඇති කරනවා. මේක දුක ඇති කරන හේතුව සදහටම උදුරා දමා, එලය නිමා කරන දෙයක්. |
එතකොට, දුක්ඛ කියන්නේ කපා දැමිය හැකි දෙවැනි වේශය.
| කෙලෙස් | සුඛ | දැනෙන වේදනාව | දුක්ඛ | ප්‍රතිඑලය |
| මානය | ප්‍රිය (සැප) vs අප්‍රිය (දුක) අතර සංසන්දනය කිරීම, මේ මැනීම මෝහය ඇති කරනවා. | අදුක්ඛම-අසුඛ | යමක් මැනීමෙන් අවස්ථා 2 කෙන් එකකට මුහුණ දෙන්න සිදු වෙනවා. උදාහරණයක් වශයෙන්, දුරියන් පලතුර රස මනිනවා -> {සමහර අයට ප්‍රියයි, සමහර අයට අප්‍රියයි} . එතකොට, මැනීම කපා දැම්මේ නැතිනම්, එය ප්‍රිය හෝ අප්‍රිය තත්වයකට උග්‍ර වෙනවා. | මේ අවස්ථාවත් ප්‍රිය හෝ අප්‍රිය තත්වයකට උග්‍ර වෙලා වෙනස් වෙනවා. තමන්ට කැමති සේ නිරන්තරයෙන් මැනමින් එකෙන් ආස්වාදක් විඳිමින් ඉන්න බැහැ. |
| ප්‍රිය | ප්‍රිය වූ පළමු වේශය නිරායාසයෙන් අවසන් වෙනවා. එක්කෝ, අවස්ථාව හෝ අදාළ මනුස්සයා වෙනස් වෙලා මරණයෙන් හරි අවසන් වෙනවා. | ප්‍රිය | තමන්ට ප්‍රිය දේ කැමති සේ නවත්වන්න, පවත්වන්න බැහැ ඒක ගෙවිල අවසන් වෙනවා. | දැන් අප්‍රිය තත්වයක් උදා වෙලා. |
| අප්‍රිය | මානසික පීඩනය අප්‍රිය වුනත් කවදහරි අවසන් වෙනවා. | අප්‍රිය | මරණ ගෙදර නෑදෑයා මිනි පෙට්ටිය ලඟ පින්තුරයක් තියාගෙන ඉන්නවා. එහම කරන්නේ, අර දුක එයාට ඕනේ විදියට පවත්වන්න බැරි නිසා. එයා පින්තුරේ බල බල අයෙමත් අර දුක හාරලා උඩට ගන්නවා, එකෙන් ආස්වාදයක් ලබනවා. | අප්‍රිය වූ දුකත් අවසන් වෙනවා. |
එතකොට, මානය, ප්‍රිය හෝ අප්‍රිය අවස්ථාවල් දැකිය යුත්තේ තමන්ට කැමති සේ පැවැත්විය නොහැකි (අනිච්ච), කපා දමා ඉවත් කලහැකි දෙවෙනි වෙශයක ලක්වන {දුක්ඛ}, විපරිණාමයට ලක් වී {අනාත} වන දෙයක් ලෙසට.
මම හිතෙන්නේ ඉංග්‍රීසියෙන් දුක්ඛට කියන්නේ Entropy කියල.
මේවැනි දේවල් නොයෙකුත් අඩුපාඩු නිසා වැරදෙන්න ඉඩ තියෙනවා. එම නිසා, අවසාන නිගමන වලට එන්න පෙර මේ කරුණු තවත් අධ්‍යනය කල යුතුයි.
Last edited: