දුටුගැමුණු රජුගේ මරණය ඝාතනයක්‌?

charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    දුටුගැමුණු රජුගේ මරණය ඝාතනයක්‌?

    mail


    "[FONT=&quot]වීරත්වය"[/FONT][FONT=&quot]මිනිසුන් ශ්‍රේෂ්ඨත්වයට පත්කරනු ලබයි. ලෝකයේ සෑම රටකටම අයත්[/FONT][FONT=&quot]ඉතිහාසය තුළ ප්‍රබලත්වයක්‌ හිමිකර දෙන්නේ වීරයන් සඳහාම පමණකි.[/FONT][FONT=&quot]ඉතිහාසය තුළ ආකර්ෂණීය ඉඩක්‌ වෙන්කරගත් කවර තරාතිරමකම පුද්ගලයකු[/FONT][FONT=&quot]වුවද ඔහු වීරයෙකි. විශිෂ්ට වූ ලේඛනගත ඉතිහාස මාර්ගයක්‌ ඔස්‌සේ[/FONT][FONT=&quot]දීර්ඝතම ගමනක්‌ යා හැකි ලෝකයේ එකම ජාතිය ශ්‍රී ලාංකිකයන් වූ අප[/FONT][FONT=&quot]වන්නෙමු. ඒ පිළිබඳව ආඩම්බර වන්නා සේම ඉන් නොනැවතී තම තම නැණ[/FONT][FONT=&quot]පමණින් ඉතිහාස මාර්ගයේ යම්තාක්‌ දුරට ගමන් කිරීමේ වගකීම ද අප[/FONT][FONT=&quot]සතුය. ලාංකේය ඉතිහාස මාර්ගය ඔස්‌සේ පියමන් කිරීමේදී හමුවන[/FONT][FONT=&quot]ප්‍රබලතම සංධිස්‌ථානයක්‌ ලෙස ක්‍රි.පූ. [/FONT]161-137[FONT=&quot] යන කාලපරාසය[/FONT][FONT=&quot]හැඳින්විය හැකිය. "මහාවංශය" සහ "ථූපවංශය" වැනි ශ්‍රී ලංකාවේ[/FONT][FONT=&quot]ඉතිහාසය ලියෑවී ඇති ලෝක පූජිත වංශ කතාවන් තුළ මෙම කාලපරාසය[/FONT][FONT=&quot]පරිච්ඡේද ගණනාවක්‌ පුරා විකාශනය කර ඇත. ලංකා ඉතිහාසයේ ප්‍රබලතම[/FONT][FONT=&quot]යුද වීරයා වූ දුටුගැමුණු රජුගේ අවුරුදු [/FONT]24[FONT=&quot] ක පරිපූර්ණ රාජ්‍ය[/FONT][FONT=&quot]කාලය මෙය වීම මෙලෙසින් ආකර්ෂණීය ඉතිහාසමය ඉඩකඩක්‌ ක්‍රි.පූ.[/FONT] 161-137 [FONT=&quot]කාලපරාසය සඳහා වෙන්කර තැබීමට මුල් වූ එකම හේතුවයි.[/FONT]

    [FONT=&quot]ලංකා ඉතිහාසය තුළ දිවිහිමියෙන් යුද වැදී රට එක්‌සේසත් කළ[/FONT][FONT=&quot]නිර්භීත රජවරුන් බොහෝ ප්‍රමාණයක්‌ වේ. ඒ අතරින් දුටුගැමුණු[/FONT][FONT=&quot]රජුට සුවිශේෂී ස්‌ථානයක්‌ හිමිවන්නේ[/FONT]

    "
    [FONT=&quot]පාරගගං ගමිසසාමි[/FONT]

    [FONT=&quot]ජොතෙතුං සාසනං අහං"[/FONT]

    (
    [FONT=&quot]මහාවංශය[/FONT], [FONT=&quot]පරි. [/FONT]24, [FONT=&quot]ගාථා [/FONT]02)

    [FONT=&quot]යන මහංවංශ ප්‍රකාශය හේතුවෙනි. මෙය දුටුගැමුණු රජුගේ යුද සටන්[/FONT][FONT=&quot]පාඨයයි. "රටේත් සම්බුද්ධ ශාසනයේත් චිරස්‌ථිතිය සඳහා යුද්ධය[/FONT][FONT=&quot]මෙහෙයවමි." යන්න මෙම පාඨයේ අදහසයි. එබැවින් දුටුගැමුණු රජුගේ[/FONT][FONT=&quot]යුද්ධය[/FONT], [FONT=&quot]ශාසන උන්නතිය සඳහා සිදුකළ මානුෂීය මෙහෙයුමකි. මේ[/FONT][FONT=&quot]හේතුවෙන් දුටුගැමුණු රජු ලාංකේය ඉතිහාසගත සැබෑම ශ්‍රේෂ්ඨ[/FONT][FONT=&quot]වීරයෙක්‌ වන බවට තර්කයක්‌ නොවේ. ඒ එතුමාණන් යුද වැදී රට[/FONT][FONT=&quot]එක්‌සේසත් කළ නිසාම පමණක්‌ නොවේ. යථාවාදී තථාකාරී වූ සැබෑම[/FONT][FONT=&quot]බෞද්ධයකු ලෙස තම යුද පොරොන්දුව එලෙසින්ම ඉටුකරමින් යුද[/FONT][FONT=&quot]ජයග්‍රහණයෙන් පසු වෙහෙර විහාර රාශියක්‌ ඉදිකරමින් ශාසනික[/FONT][FONT=&quot]උන්නතිය සඳහා කටයුතු කළා සේම මහාපරිමාණ සංවර්ධනයක්‌ කරා ද රට[/FONT][FONT=&quot]මෙහෙයවමින් ශාසනමාමක ධර්මිෂ්ඨ සමාජයක්‌ ලංකාව තුළ ස්‌ථාපිත[/FONT][FONT=&quot]කිරීමට කටයුතු කළ බැවිනි. එබැවින් එවැනි වීරයකු උදෙසා මහාවංශය[/FONT][FONT=&quot]තුළ පරිච්ඡේද [/FONT]11[FONT=&quot] ක ඉඩක්‌ වෙන්කර දීමේ වරදක්‌ නැත. එය ඉතිහාසය[/FONT][FONT=&quot]තුළින් එතුමාට ලැබිය යුතු වරප්‍රසාදයකි. මෙම සුවිශේෂී[/FONT][FONT=&quot]වරප්‍රසාදයේ මහිමය හේතුවෙන්ම දුටුගැමුණු රජු පිළිබඳව ලියෑවී[/FONT][FONT=&quot]ඇති මහාවංශ වාර්තාව අධ්‍යයනය කිරිමේදී ප්‍රබල ගැටලුවක්‌ මතුවේ.[/FONT][FONT=&quot]එනම්[/FONT],

    [FONT=&quot]මේ හා සුවිශේෂී යුග මෙහෙවරක්‌ ඉටුකළා වූ ශ්‍රේෂ්ඨ මහරජාණන්ගේ[/FONT][FONT=&quot]මරණය සිදුවූයේ කෙසේද[/FONT]? [FONT=&quot]යන්නයි.[/FONT]

    [FONT=&quot]දුටුගැමුණු රජු විහාර මහාදේවියගේ කුසහොත් සමයේ සිටම "කුමාර[/FONT][FONT=&quot]සමය[/FONT], [FONT=&quot]යුද සමය සහ සංවර්ධන සමය" ආදී වූ සෑම කාලපරාසයක්‌ පිළිබඳවම[/FONT][FONT=&quot]සවිස්‌තර වාර්තාකරණයක යෙදෙන මහාවංශ කතුවරයා ඒ හා සුවිශේෂී යුග[/FONT][FONT=&quot]මෙහෙවරක්‌ ඉටුකළා වූ ශ්‍රේෂ්ඨ මහරජාණන්ගේ මරණයට හේතු වූ[/FONT][FONT=&quot]මරණාසන්න සාධකය.[/FONT]

    [FONT=&quot]අනිට්‌ඨතො ජත්තකමෙම - සුධාකමෙම ච චෙතියො[/FONT]

    [FONT=&quot]මරණන්තික රොගෙන - රාජා අසි ගිලානකො[/FONT]

    (
    [FONT=&quot]මහාවංශය[/FONT], [FONT=&quot]පරි. [/FONT]32. [FONT=&quot]ගාථා [/FONT]01)

    [FONT=&quot]ලෙසින් එක්‌ ගාථාවකට ලඝූ කර මාරාන්තික රෝගයකින් රජු ගිලන් වූ[/FONT][FONT=&quot]බවත්[/FONT], [FONT=&quot]එය රජුගේ මරණයට හේතු වූ බවත් දක්‌වයි. එමෙන්ම එම වාර්තාව[/FONT][FONT=&quot]තුළ රික්‌තයක්‌ ගොඩනැඟීමට හෝ සැකයක්‌ ඇතිවීම වළක්‌වනු පිණිස[/FONT][FONT=&quot]අලංකාර වූ රාජකීය අවමඟුල් උත්සවයකින් පසු දුටුගැමුණු රජු තුසිත[/FONT][FONT=&quot]දිව්‍යලෝකයට පිටත්කර හැරීමේ වගකීම මහාවංශ රචකයා විසින්[/FONT] "[FONT=&quot]ථෙරපුත්ථාභය මහරහතන් වහන්සේ" වෙත පවරනු ලබයි. එයින් ද නොනවතින[/FONT][FONT=&quot]මහාවංශ රචකයා දුටුගැමුණු රජුගේ බාල සොහොයුරා වූ තිස්‌ස කුමරු[/FONT][FONT=&quot]සද්ධාතිස්‌ස නමින් අභිෂේක කර ඔහුට ලාංකේය රාජකිරීටය ලබාදෙන්නා[/FONT][FONT=&quot]සේම රට තුළ ඉතිරි වූ සංවර්ධන වැඩ කටයුතු සියල්ලක්‌ම දුටුගැමුණු[/FONT][FONT=&quot]රජුගේ අවසාන කැමති පත්‍ර ප්‍රකාරව සද්ධාතිස්‌ස රජුටම පවරා දෙනු[/FONT][FONT=&quot]ලැබේ.[/FONT]

    [FONT=&quot]මහාවංශය තුළ දුටුගැමුණු රජුගේ මරණ සහතිකය මෙලෙසින් ලියෑවෙන විට[/FONT][FONT=&quot]ඊට නොදෙවෙනි වූ ලි[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ප්‍රතිපත්තියක්‌[/FONT][FONT=&quot]අනුගමනය[/FONT][FONT=&quot]කරන[/FONT][FONT=&quot]ථූපවංශ[/FONT][FONT=&quot]රචකයා[/FONT][FONT=&quot]ද දුටුගැමුණු රජුට වැළඳුණු මාරාන්තික රෝගය පිළිබඳව[/FONT]

    "....
    [FONT=&quot]දා ගැබ සුණු කර්මාන්ත හා හෑම නොනිමෙන තුරුම ඒ ගැමුණු මහ[/FONT][FONT=&quot]රජ මරණාන්තික ව්‍යාධියෙහි ගිලන් වූයේ දිගාමඩුල්ලේ හුන් මළනුවන්[/FONT][FONT=&quot]තිස්‌ස කුමාරයන් ගෙන්වා..."[/FONT]

    (-
    [FONT=&quot]ථූපවංශය)[/FONT]

    [FONT=&quot]යනුවෙන් ථූපවංශය තුළ වාර්තා කර ඇත. නමුත්[/FONT], [FONT=&quot]රජුට වැළඳුණා වූ[/FONT][FONT=&quot]මාරාන්තික රෝගය කුමක්‌ද[/FONT]? [FONT=&quot]යන්න හෝ ඊට හේතු වූ ප්‍රස්‌තූතය[/FONT][FONT=&quot]කුමක්‌ද[/FONT]? [FONT=&quot]යන්න පිළිබඳව ථූපවංශ රචකයා ද මුණිවත රකියි. එහෙත්[/FONT][FONT=&quot]දුටුගැමුණු රජුගේ අවමංගල්‍ය කටයුතු මහාවංශයට නොදෙවෙනි අයුරින්[/FONT][FONT=&quot]උත්සවශ්‍රීයෙන් සිදුකරන ථූපවංශය ද අවසානයේ ගැමුණු රජු තුසිත[/FONT][FONT=&quot]දෙව්ලොව යවා තිස්‌ස රජුට රජකම භාරකොට එම රජුට ප්‍රශස්‌ති ගායනා[/FONT][FONT=&quot]කිරීම ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් දුටුගැමුණු රජු පිළිබඳව කර[/FONT][FONT=&quot]ඇති වංශකතා වාර්තා අධ්‍යයනය කිරීමෙන් රජුගේ මරණය සම්බන්ධව[/FONT][FONT=&quot]ගැටලු රාශියක්‌ පැනනගියි. ඒ අතරින්[/FONT]

    [FONT=&quot]රජුට නොසිතූ මොහොතක වැළඳුණ රෝගය කුමක්‌ද[/FONT]?

    [FONT=&quot]එය සුවකළ නොහැකි වූයේ මන්ද[/FONT]?

    [FONT=&quot]යන ගැටලු ප්‍රධාන වේ. එමෙන්ම ලංකාවේ[/FONT]

    "
    [FONT=&quot]ඉතිහාස වංශ කතා තුළින් ගැමුණු රජුගේ මරණය සම්බන්ධ පුවත සඟවා[/FONT][FONT=&quot]තැබීමට උත්සාහ කර ඇත්තේ මන්ද[/FONT]?"

    [FONT=&quot]යන සුවිශේෂී ප්‍රස්‌තූතය අනෙකුත් සියලු ගැටලු අභිබවා ඉස්‌මතු[/FONT][FONT=&quot]වෙයි.[/FONT]

    [FONT=&quot]ගැමුණු රජුගේ මරණය පිළිබඳව ලි[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]වංශ[/FONT][FONT=&quot]කතා[/FONT][FONT=&quot]වාර්තා[/FONT][FONT=&quot]තුළින්[/FONT][FONT=&quot]සැක[/FONT][FONT=&quot]සංකාවන් ඉස්‌මතු වෙද්දී[/FONT], [FONT=&quot]එම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ලංකා[/FONT][FONT=&quot]ඉතිහාසය වාර්තා වී ඇති වෙනත් මූලාශ්‍රයක්‌ ඔස්‌සේ ගමන් කළ යුතු[/FONT][FONT=&quot]වේ. ලංකාවේ ලංකා ඉතිහාසය පමණක්‌ නොව ලෝක ඉතිහාසයම වාර්තා වී[/FONT][FONT=&quot]ඇති ප්‍රබල මූලාශ්‍රයක්‌ ලෙස බොහෝ දෙනා හඳුනාගනු ලබන්නේ[/FONT][FONT=&quot]ජනශ්‍රැතියයි. ලංකාවේ වංශකතා සිය මුණිවත රකිනු ලබන ගැමුණු[/FONT][FONT=&quot]රජුගේ මරණය පිළිබඳ ප්‍රබල ඉතිහාස සාධකය තුළදී ද හඬ අවදි කරනු[/FONT][FONT=&quot]ලබන්නේ ලංකාවේ ජනශ්‍රැතියයි. මෙහිදී දුටුගැමුණු රජුගේ මරණය[/FONT][FONT=&quot]සම්බන්ධව වගඋත්තරකරුවන් කරළියට ගෙන එනු ලබන ලංකාවේ ජනශ්‍රැතිය[/FONT][FONT=&quot]විවිධ ප්‍රදේශ තුළ පවතින "ජනකතා" එකතුවක්‌ මගින් සාක්‍ෂි[/FONT][FONT=&quot]සැපයීමට ඉදිරිපත් වේ. එම ජනකතා අතුරින් ලංකාවේ විවිධ[/FONT][FONT=&quot]ප්‍රදේශයන් තුළින් හමු වූ පහත ජනශ්‍රැති [/FONT]06[FONT=&quot] විශේෂිත වේ.[/FONT]

     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    01. [FONT=&quot]දුටුගැමුණු රජු ජයසේන නම් නාග රාජයාගේ නැගණිය සමඟ[/FONT][FONT=&quot]සබඳතාවක්‌ ගොඩනඟා ගැනීම හේතුවෙන් රජු සමඟ බද්ධ වෛරයෙන් පසු වූ[/FONT][FONT=&quot]නාගයන් රජු මැරීමේ අදහසින් කිහිපවරක්‌ රජුට දෂ්ට කළ නමුත්[/FONT] "[FONT=&quot]කපුරුනාත" නම් වූ රජුගේ රාජකීය විෂ වෛද්‍යවරයා රජු සුවපත් කළ[/FONT][FONT=&quot]බැවින් පළමුව වෛද්‍යවරයාට දෂ්ට කර ඔහු මරා දමා පසුව දුටුගැමුණු[/FONT][FONT=&quot]රජුට ද දෂ්ට කොට මරා දැමූ බව.[/FONT]

    (-
    [FONT=&quot]කේ. සුනිල් (අවු. [/FONT]54) [FONT=&quot]බෙලිඅත්ත[/FONT], [FONT=&quot]ගලගම)[/FONT]

    02.
    [FONT=&quot]රුවන්වැලි සෑය වන්දනා කිරීම සඳහා නාග විමනේ සිට පැමිණි නාග[/FONT][FONT=&quot]රජුගේ දියණියක වන රූමත් නාග කන්‍යාවක පිළිබඳ සිත් ඇතිකර ගත්[/FONT][FONT=&quot]රජු ඇය බලහත්කාරයෙන් අල්ලාගෙන රජ මැඳුරට රැගෙන ගොස්‌ තම[/FONT][FONT=&quot]මෙහෙසියක්‌ ලෙසින් සරණපාවා ගැනීම නිසා දුටුගැමුණු රජු කෙරෙහි[/FONT][FONT=&quot]වෛර බැඳගත් නාග රජු දුටුගැමුණු රජුගෙන් පළි ගැනීමට සිතා[/FONT][FONT=&quot]ප්‍රථමයෙන් රජුගේ රාජකීය විෂ වෛද්‍යවරයා සමඟ මිතුරු වී නාගයන්[/FONT][FONT=&quot]දෂ්ට කළ විට නියත ලෙස මරණයට පත්කළ හැකි අයුරින් නාගයකු ලවා[/FONT][FONT=&quot]දෂ්ට කරවන්නේ කෙසේද යන්න පිළිබඳව දැන හදාරා ප්‍රථමයෙන් රාජකීය[/FONT][FONT=&quot]විෂ වෛද්‍යවරයාහට විෂඝෝර නාගයෙකු ලවා දෂ්ට කරවා මරා දමා ඔහු[/FONT][FONT=&quot]මියගිය පසු ගැමුණු රජුට දෂ්ට කිරීමට සැලැස්‌වීම.[/FONT]

    (-
    [FONT=&quot]සුසිලා ගුණරත්න[/FONT], ([FONT=&quot]අවු. [/FONT]60,) [FONT=&quot]නීලබැම්ම -)[/FONT]

    03.
    [FONT=&quot]කැලණි ගඟ අසබඩ ජීවත් වූ ජයසේන නම් නාග කුමාරයාගේ රූමත්[/FONT][FONT=&quot]බිරිඳ දැක ඇය පිළිබඳ සිතක්‌ ඇතිකරගත් දුටුගැමුණු රජතුමා ඇය සමඟ[/FONT][FONT=&quot]ප්‍රේම සබඳතාවක්‌ ගොඩනගා ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූයෙන්[/FONT][FONT=&quot]පසුව ජයසේන කුමරු සමඟ යුදවැදී ඔහු පරදවා ජය ලැබීමෙන් පසු[/FONT][FONT=&quot]යුද්ධය වූ ස්‌ථානය අසලින් ගලා ගිය කැලණි ගංගාවට ජයසේන කුමරු[/FONT][FONT=&quot]තල්ලු කොට දමා ඔහුගේ රූමත් බිරිඳ සරණපාවා ගෙන ඇත. කැලණි ගඟට[/FONT][FONT=&quot]වැටෙන අවස්‌ථාවේදී තමා විෂ නාගයකුව පැමිණ[/FONT], [FONT=&quot]රජතුමාට දෂ්ට කර මරා[/FONT][FONT=&quot]දමන බවට ජයසේන කුමරු කළ ශාපය සපථ කරමින් නාගයකුව පැමිණ සුදුසු[/FONT][FONT=&quot]වේලාව බලා රජතුමාට දෂ්ට කොට මරා දැමූ බව.[/FONT]

    (-
    [FONT=&quot]රත්නාවලී ඉඩම්ගොඩගේ (අවු. [/FONT]48) [FONT=&quot]කැලණිය)[/FONT]

    04.
    [FONT=&quot]රුවන්වැලිසෑය වැඳීම සඳහා රජුගේ උයනෙන් රහසේ මල් නෙලීමට[/FONT][FONT=&quot]පැමිණි නාග කන්‍යාවක දුටු රජතුමා[/FONT], [FONT=&quot]ඇය බලහත්කාරයෙන් අල්ලාගෙන රජ[/FONT][FONT=&quot]මැඳුරට රැගෙනවිත් රජුගේ මෙහෙසි තනතුරට පත්කරගැනීම නිසා කුපිත[/FONT][FONT=&quot]වූ එම නාග කන්‍යාවගේ මව[/FONT], [FONT=&quot]නාග වේශයෙන් පැමිණ පළමුව රජුගේ විෂ[/FONT][FONT=&quot]වෛද්‍යවරයාට දෂ්ට කොට මරා දමා පසුව දුටුගැමුණු රජුට දෂ්ට[/FONT][FONT=&quot]කිරීම.[/FONT]

    (-
    [FONT=&quot]කොට්‌ටාව සිරිසේන මහතා[/FONT], ([FONT=&quot]අවු. [/FONT]70) [FONT=&quot]ගාල්ල)[/FONT]

    05.
    [FONT=&quot]දුටුගැමුණු රජු විසින් රුවන්වැලිසෑය නිර්මාණය කිරීමේදී එහි[/FONT][FONT=&quot]ධාතුගර්භය තුළ නිධන් කර තැන්පත් කිරීම සඳහා ධාතූන්වහන්සේලා[/FONT][FONT=&quot]වඩම්මවා ගැනීමේදී නාග ලොවෙහි වැඩ සිටි ධාතූන් වහන්සේලා ද[/FONT][FONT=&quot]වඩම්මවා තිබේ. "සෝනුත්තර" නම් වූ සෘධිමත් තෙරනමකගේ ආධාර ඇතිව[/FONT][FONT=&quot]සම්‍යප්‍රයෝගයකින් එම ධාතූන් වහන්සේලා නාගවිමානයේ සිට[/FONT][FONT=&quot]අනුරාධපුරයට වැඩමවා රුවන්වැලිසෑයේ නිධන් කිරීම නිසා ධාතූන්[/FONT][FONT=&quot]වහන්සේලා අහිමි වූ නාග රජු ඇතුළු නාග පිරිස දුටුගැමුණු රජු[/FONT][FONT=&quot]කෙරෙහි බද්ධ වෛරයෙන් පසු වූ බවත් සුදුසු අවස්‌ථාවක්‌ බලා[/FONT][FONT=&quot]රජුගෙන් පළිගැනීමේ අදහසින් නාගයකු ලවා පළමුව රජුගේ විෂ[/FONT][FONT=&quot]වෛද්‍යවරයාට දෂ්ට කොට මරා දමා ඔහු මියගිය පසු රජුට දෂ්ට කොට[/FONT][FONT=&quot]රජු මරා දැමීමට සැලැස්‌වීම.[/FONT]

    (-
    [FONT=&quot]කුසුමාවතී රත්නවීර[/FONT], ([FONT=&quot]අවු. [/FONT]80), [FONT=&quot]රඹුක්‌කැටිය)[/FONT]

    06.
    [FONT=&quot]දුටුගැමුණු රජු විසින් රුවන්වැලිසෑය නිර්මාණය කරන සමයේදී[/FONT][FONT=&quot]චෛත්‍යය මළුව තුළ කඩුපුල් මල් පූජා කර තිබෙන ආකාරයක්‌ දැක එය[/FONT][FONT=&quot]කවුරුන් විසින් පූජා කරන්නේදැයි සොයා බැලීමට සැඟවී සිටි[/FONT][FONT=&quot]දුටුගැමුණු රජුට නාග කන්‍යාවන් දෙදෙනෙක්‌ එසේ කරන බව දැකගන්නට[/FONT][FONT=&quot]ලැබිණි. සැඟවී සිටි ස්‌ථානයෙන් පිටතට පැමිණි ගැමුණු රජු එක්‌[/FONT][FONT=&quot]නාග කන්‍යාවකගේ අත අල්ලා තිබේ. රජුගෙන් ගැලවී පලාගිය එම නාග[/FONT][FONT=&quot]කන්‍යාව ඒ බව නා රජුට දැන්වීමෙන් පසු කෝප වූ නා රජු නාග[/FONT][FONT=&quot]සෙන්පතියකු යොදවා පළමුව රජුගේ වෛද්‍යවරයා ඝාතනය කොට පසුව රජුට[/FONT][FONT=&quot]දෂ්ට කිරීමට සැලැස්‌වීම.[/FONT]

    (-
    [FONT=&quot]සීතා ප්‍රනාන්දු[/FONT], ([FONT=&quot]අවු. [/FONT]73), [FONT=&quot]දංකොටුව)[/FONT]

    [FONT=&quot]ලංකාවේ දකුණ[/FONT], [FONT=&quot]වයඹ[/FONT], [FONT=&quot]බස්‌නාහිර සහ රජරට යන ප්‍රදේශ තුළින් එකතු[/FONT][FONT=&quot]කරගනු ලැබූ එම ජනතාවන් විවිධ ප්‍රදේශ තුළ විසිරී පැවතීම[/FONT][FONT=&quot]හේතුවෙන් සහ මුඛපරම්පරාගත ප්‍රේරණය නිසා එකිනෙකට වෙනස්‌ වූ[/FONT][FONT=&quot]කරුණු අඩු වැඩි වශයෙන් ඒ තුළට එකතු වී පැවැතිය ද ඒවායෙහි[/FONT][FONT=&quot]අන්තර්ගතය සියුම්ව විශ්ලේෂණය කිරීම මගින් වංශකතා කියවීම තුළින්[/FONT][FONT=&quot]පැනනැගෙන ගැටලු සඳහා පවතින්නේ එකම පිළිතුරක්‌ බව නිගමනය කළ[/FONT][FONT=&quot]හැකිය. ඒ අනුව[/FONT], [FONT=&quot]දුටුගැමුණු රජුට වැළඳී තිබූ මාරාන්තික රෝගය[/FONT][FONT=&quot]කුමක්‌ද[/FONT]? [FONT=&quot]යන පැනයට පිළිතුරු ලෙසින්[/FONT]

    "
    [FONT=&quot]නාග විෂ ශරීරයට ඇතුළත් වී රජු රෝගාතුර වීම"[/FONT]

    [FONT=&quot]යන්නත් රෝගය සුවකළ නොහැකි වූයේ මන්ද[/FONT]? [FONT=&quot]යන පැනයට පිළිතුරු ලෙසින්[/FONT]

    "
    [FONT=&quot]රජු රෝගාතුර වීමට පෙර රජුගේ රාජකීය විෂ වෛද්‍යවරයා (කපුරුනාථ)[/FONT][FONT=&quot]ද නාගයකු දෂ්ට කොට මියයැම"[/FONT]

    [FONT=&quot]යන්නත් ජනශ්‍රැතිය මගින් හෙළිවේ. එමෙන්ම රජට නාගයකු දෂ්ට කොට[/FONT][FONT=&quot]මියයැම"[/FONT]

    [FONT=&quot]යන්නත් ජනශ්‍රැතිය මගින් හෙළි වේ. එමෙන්ම රජුට නාගයකු දෂ්ට කොට[/FONT][FONT=&quot]බලාපොරොත්තු විරහිත ලෙස රෝගාතුර වන්නේ රුවන්වැලි සෑයෙහි[/FONT][FONT=&quot]නිර්මාණ කටයුතු කරන අතරතුරදී[/FONT], [FONT=&quot]එම වැඩබිම තුළදී බව ද මෙම[/FONT][FONT=&quot]ජනශ්‍රැතීන් තුළින් දැක්‌වේ. එබැවින් දුටුගැමුණු රජුගේ මරණය[/FONT][FONT=&quot]ජනශ්‍රැතියට අනුව සහ වංශ කතාවන්ට අනුව එකම කාල පරාසයකදීම[/FONT][FONT=&quot]සිදුවී ඇති බව පැහැදිලිය. එබැවි[/FONT]s[FONT=&quot]න් වංශ කතා තුළ වන ඌණ පූර්ණය[/FONT][FONT=&quot]ජනශ්‍රැතියෙන් සපුරාගැනීම සාධාරණ වන බව සනාථ කළ හැකිය. මීට[/FONT][FONT=&quot]අමතරව මෙම ජනශ්‍රැතීන් තුළින් ලබාගත හැකි සාධක රාශියකි. ඒවා[/FONT][FONT=&quot]අතර[/FONT]

    01.
    [FONT=&quot]දුටුගැමුණු රජුගේ රාජ්‍ය කාලය තුළදී නාග නමින් හැඳින්වූ[/FONT][FONT=&quot]කිසියම් කණ්‌ඩායමක්‌ ජීවත් වී ඇති බව සහ රජු ඔවුන් සමඟ සමීප[/FONT][FONT=&quot]සබඳතාවක්‌ දක්‌වා ඇති බව.[/FONT]

    02.
    [FONT=&quot]රුවන්වැලිසෑය නිර්මාණය කිරීමේදී දුටුගැමුණු රජු විසින් මෙම[/FONT][FONT=&quot]නාග නමින් හැඳින්වූ කණ්‌ඩායමේ ප්‍රධානියා ඇතුළු පිරිසගෙන් ආධාර[/FONT][FONT=&quot]උපකාර ලබා තිබීම.[/FONT]

    03.
    [FONT=&quot]පසු කාලයේදී රජු සහ නාගයන් අතර ගැටුමක්‌ නිර්මාණය වීම.[/FONT]

    04.
    [FONT=&quot]එය රජු ඝාතනය කිරීමට කුමන්ත්‍රණ දියත් කිරීමට තරම් ප්‍රබල[/FONT][FONT=&quot]වූ සාධකයක්‌ වීම.[/FONT]

    05.
    [FONT=&quot]කුමන්ත්‍රණ සැලැස්‌මේ ප්‍රබල භූමිකාවක්‌ රජුගේ මෙහෙසි[/FONT][FONT=&quot]තනතුරේ සිටි රූමත් නාග කන්‍යාවක්‌ විසින් මෙහෙයවීම.[/FONT]

    06.
    [FONT=&quot]දුටුගැමුණු රජුගේ ඝාතන කුමන්ත්‍රණයේ මූලික අදියර ලෙස රජුට[/FONT][FONT=&quot]ප්‍රථම රජුගේ රාජකීය විෂ වෛද්‍යවරයා නාගයන් විසින් ඝාතනය කිරීම[/FONT][FONT=&quot]යන සාධක පෙන්වා දිය හැකිය.[/FONT]

    [FONT=&quot]මෙම ජනශ්‍රැතික සාධකයන්ට අනුව දුටුගැමුණු රජුගේ මරණයට[/FONT][FONT=&quot]වගඋත්තරකරුවන් ඉතිහාසය ඉදිරියට රැගෙන ඒමට ජනශ්‍රැතිය සමත් වී[/FONT][FONT=&quot]තිබේ. ඒ අනුව ඉහත සෑම ජනශ්‍රැතියකම සඳහන් වන නාග කුමාරිකාව කවර[/FONT][FONT=&quot]අයුරකින් හෝ දුටුගැමුණු රජුගේ මරණයට සෘජු ලෙසම වගකිවයුතු[/FONT][FONT=&quot]ප්‍රධාන සැකකාරියක්‌ වන බව ඉතා පැහැදිලිය. ජනශ්‍රැති[/FONT][FONT=&quot]විශ්ලේෂණයේදී ඇතැම් තැනක ඇය කැලණිපුර ජයසේන නම් හා රජුගේ බිසව[/FONT][FONT=&quot]ලෙසත්[/FONT], [FONT=&quot]තවත් තැනක කැලණිපුර ජයසේන නම් නාග කුමරුගේ නැගණිය ලෙසත්[/FONT][FONT=&quot]සඳහන් වී තිබීම තුළින් ඇය කැලණිපුරයට සබඳතාවක්‌ තිබූ[/FONT][FONT=&quot]තැනැත්තියක බව හඳුනාගත හැකිය. දුටුගැමුණු රජුගේ මව වන[/FONT][FONT=&quot]විහාරමහාදේවිය ද කැලණිපුරයේ විසූ කැලණිතිස්‌ස රජුගේ එකම දියණිය[/FONT][FONT=&quot]වූ රාජකීය කාන්තාවකි. බුදුරජාණන්වහන්සේ ජීවමාන සමයේ සිටම[/FONT][FONT=&quot]කැලණිපුරය නාග ගෝත්‍රිකයන්ගේ රාජධානියක්‌ ලෙසින් ප්‍රසිද්ධව[/FONT][FONT=&quot]පැවතුණි. මේ හේතුවෙන් විහාරමහා දේවියගේ පියා වන කැලණිතිස්‌ස[/FONT][FONT=&quot]රජු මනියක්‌[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]නාගරජුගේ[/FONT][FONT=&quot]රජ[/FONT][FONT=&quot]පෙළපතින්[/FONT][FONT=&quot]පැවතෙන[/FONT][FONT=&quot]රජ[/FONT][FONT=&quot]කෙනෙකු[/FONT][FONT=&quot]වන්නේදැයි යන්න පිළිබඳව ගවේෂණය කිරීම ඉතිහාසඥයන්ගේ සහ[/FONT][FONT=&quot]පුරාවිද්‍යාඥයන්ගේ යුතුකමක්‌ බව සිහිකැඳවනු කැමැත්තෙමි. එය එසේ[/FONT][FONT=&quot]නම්[/FONT], [FONT=&quot]දුටුගැමුණු රජු සිය මෙහෙසියක බවට පත්කර ගත් නාග කන්‍යාව[/FONT][FONT=&quot]රජුගේ මව් පාර්ශ්වයෙන් ඥතිත්වයක්‌ ඇති තැනැත්තියක ලෙස හඳුනාගත[/FONT][FONT=&quot]හැකිය. එම මෙහෙසියට දරුවන් සිටි බවට හෝ ඇය රජුගේ අගමෙහෙසිය වූ[/FONT][FONT=&quot]බවට හෝ කිසිදු සටහනක්‌ ජනශ්‍රැතිය තුළ සඳහන් නොවේ. ඒ මගින්[/FONT][FONT=&quot]පැහැදිලි කරගත හැකි එකම කරුණ වන්නේ[/FONT], [FONT=&quot]එම නාග කන්‍යාව රජු හා සරණ[/FONT][FONT=&quot]පැමිණ ඇත්තේ සිය අකමැත්තෙන් බව සහ ඇය හා විවාහ අපේක්‍ෂාවෙන්[/FONT][FONT=&quot]නාග කුමාරයකු ඇයට ප්‍රේම කර ඇති බව පමණකි. එබැවින් දුටුගැමුණු[/FONT][FONT=&quot]රජුගේ මරණය ලාංකේය සිහසුන අපේක්‍ෂාවෙන් සිදුකළ ඝාතනයක්‌ නොවන[/FONT][FONT=&quot]බව පැහැදිලි වන්නා සේම එය[/FONT], [FONT=&quot]හුදෙක්‌ම රජු සමඟ වූ බද්ධ වෛරය[/FONT][FONT=&quot]පිරිමසා ගැනීම සඳහා සිදුකළ කුමන්ත්‍රණකාරී ඝාතනයක්‌ බව[/FONT][FONT=&quot]පැහැදිලිය.[/FONT]

    [FONT=&quot]බුදු සසුනට සහ ශ්‍රී ලාංකේය ජාතියට උදාර සේවයක්‌ කළ දුටුගැමුණු[/FONT][FONT=&quot]රජුගේ මරණය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව රාජකීය ඉතිහාස පුවත්[/FONT][FONT=&quot]ප්‍රේරණය වූ වංශකතා මුණිවත රකිනු ලබද්දී[/FONT], [FONT=&quot]ලාංකේය ජනයා අතර හැදී[/FONT][FONT=&quot]වැඩී පෝෂණය වූ ජන හදගැස්‌ම බඳු ජනශ්‍රැතිය මගින් රජුගේ මරණය[/FONT][FONT=&quot]ඝාතන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ බව පුන පුනා පවසයි. සාමාන්‍ය[/FONT][FONT=&quot]ගැමි ජනයා[/FONT], [FONT=&quot]අසහාය වූ දුටුගැමුණු රජුට සිය හදවත් තුළ පවතින[/FONT][FONT=&quot]ලෙංගතුබවේ නිශ්චලතාවය පරම්පරා ගණනාවක්‌ ඔස්‌සේ විදහාපාමින්[/FONT][FONT=&quot]ජනශ්‍රැතියෙහි බහා රැකගෙන පැමිණි දුටුගැමුණු රජු[/FONT][FONT=&quot]කුමන්ත්‍රණකාරීව ඝාතනය කිරීම පිළිබඳව වන රාජකීය රහසට ලාංකේය[/FONT][FONT=&quot]ඉතිහාස වංශ කතාව තුළ පිළිගත් සාධාරණත්වයක්‌ ඉටුවිය යුතුමය.[/FONT][FONT=&quot]නමුත් වංශකතා ඉතිහාසය සහ ජනශ්‍රැතික ඉතිහාසය අතර නොවිසඳුණු නඩු[/FONT][FONT=&quot]තීන්දුවක්‌ බඳුව අද දක්‌වාම දෝලනය වන මෙම ප්‍රස්‌තූතය සඳහා[/FONT][FONT=&quot]ලංකා ඉතිහාසය තුළ සැබෑ සාධාරණත්වයක්‌ ඉටුවන තෙක්‌ තැබිය හැකි[/FONT][FONT=&quot]අවසන් සටහන වන්නේ "ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ වීරයා වූ[/FONT][FONT=&quot]දුටුගැමුණු රජු ක්‍රි.පූ. [/FONT]137[FONT=&quot] දී ලංකා පොළොවට බැතිසිතින් සමු[/FONT][FONT=&quot]දී තුසිත දෙව් ලොවට වාසය සඳහා නික්‌ම ගිය බවම පමණකි." එහෙත් එම[/FONT][FONT=&quot]නිමාව කොතරම් දුරට සාධාරණ වන්නේද යන්න ලංකාවේ සියලු ඉතිහාස සහ[/FONT][FONT=&quot]පුරාවිද්‍යාත්මක විද්වතුන් මඳකට සිතා බැලිය යුතු නොවේද[/FONT]?
     
    • Like
    Reactions: sumedha456

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    වටිනා විස්තරයක්....හිතන්න යමක් තියෙනවා.....
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113
    මට හිතෙන විදියට මහාවංශය ඔනිකමින්ම දුටු ගැමුණු හා ඔහුගේ සහෝදරයා වෙච්ච සද්දාතිස්ස අතර තිබ්බ බර අරගලය වසන් කරනවා
    දුටු ගැමුණු රජුට මහාවංශයෙ පිටු 6ක්ම වෙන්කරද්දී රජිගේ දරුවන් බිරිද ගැන සදහනක් වෙන්න නැති තරන
    මට හිතෙන්නේ රජි සහාසික අයුරින් ඝාතනය උනා ඒ ඝාතනයට වගකිය යුත්තෙ සද්දාතිස්ස
     
    Last edited:
    • Like
    Reactions: charitha chandi

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    වටින ඉතා රසවත් ලිපියක් ..
    බොහොම ස්තුතියි
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,934
    2,072
    113
    නාග කිව්වට හිතන්න එපේ පෙනේ තියෙන, වෙස් මාරු කරන මිනිස්සු ජාතියක් කියල. එයාලත් රොඩී අය වගේ පරම්පරාවෙ නම නාග කියලයි කියන්නෙ. වැඩියෙන් විෂ සම්බන්ධයෙන් වැඩ කරන නයි විස්වාස කරන මිනිස්සු ගෝත්‍රයක්.
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,934
    2,072
    113
    නයි ගෝත්‍රිකයෝ

    නාග කිව්වට හිතන්න එපේ පෙනේ තියෙන, වෙස් මාරු කරන මිනිස්සු ජාතියක් කියල. එයාලත් රොඩී අය වගේ පරම්පරාවෙ නම නාග කියලයි කියන්නෙ. වැඩියෙන් විෂ සම්බන්ධයෙන් වැඩ කරන නයි විස්වාස කරන මිනිස්සු ගෝත්‍රයක්.