දුටු නුදුටු සමනළ ලෝකය... 1 කොටස
ගිය පාර මං දාපු කුරුල්ලන් ගැන ලිපියට ලැබිච්ච ප්‍රතිචාර මත සමනලුන් ගැන ලියපු ලිපියත් පළ කරන්න තීරණය කළා. කලින් ලිපිය බලන්න.
http://elakiri.com/forum/showthread.php?&p=18660579#post18660579
සමනළයා යනු අපූර්වතම ජීවියෙක්. විශේෂයෙන්ම දරුවන්ගේ ලෝකයේ සමනළයා සුවිශේෂ චරිතයක්.බොහෝ කවීන්ට වස්තු බීජ සැපයූ අපූර්වතම විචිත්‍ර ජීවියා වන්නේත් සමනළයායි. දිවාචර සත්ත්ව විශේෂයක් වන සමනලුන් අයත් වන්නේ සියලු කෘමීන් අයත්වන ඉන්සෙක්ටා (Class: Insecta) වර්ගයයේ ලෙපිඩෝප්ටෙරා (Order: Lepidoptera)ගෝත්‍රයටයි. ශ්‍රීලංකාව නිවහන කරගත් සමනළ විශේෂ ගණන 245 ක්. ඒ අතරින් විශේෂ 23 ක් අපේ රටට ආවේනිකයි. මේ සමනළ විශේෂ අතරින් 76 ක්ම වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටිනවා. මා මෙහිලා පළ කරන බොහෝ ඡායාරූප (සියයට අසූවක් පමණ) අපේ වත්ත පිටිය අවට සැරිසරන සමනළ විශේෂයන්. කැමරාව සමග වත්තේ කරන ලද චාරිකා වලදී තමයි මම මේ පල නෙලා ගත්තේ. (වෙනත් වනගත ප්‍රදේශවලදී ගත් ඡායාරූප කීපයකුත් තියෙනවා) බොහෝ සමනළ විශේෂ හඳුන්වන නිශ්චිත සිංහල නම් නැහැ. අපි ඕනෑම සමනළයෙක් හඳුන්වන්නේ නිකම්ම සමනළයා නමින්. ඒ නිසා මම මේ සමනලුන් හඳුන්වන විද්‍යාත්මක නම් සහ ඉංග්‍රීසි නම් පමණක් ඉදිරිපත් කරන්නට අදහස් කරනවා. එහෙනම් බලමු ෆොටෝ ටික...
1. Gray Pansy - (Junonia atlites)
Nymphalidae කුලයට අයත් මෙම සමනළයා දකුණු ආසියානු රටවල දක්නට ලැබෙන සුලබ සමනළයෙක්. විශේෂයෙන්ම පහතරට තෙත් කලාපයේ ගෙවතු ආශ්‍රිතව නිතර දක්නට ලැබෙනවා. මේ සුන්දර සමනළයා මගේ කැමරාවට හසු වුනේ අපේ ගෙවත්තෙදියි. මේ එයාගේ තවත් ඡායාරූපයක්.
2. Psyche - (Leptosia nina)
Psyche - Leptosia nina
තරමක් අසංවිධිත පියාසර රටාවකින් යුක්ත නිසා එකවර ඡායාරූපයකට ග්‍රහණය කරගැනීම අසීරුයි. බොහෝවේලා ඉවසිල්ලෙන් බලාසිටීමෙන් ලද ප්‍රතිඵලය තමයි මේ.
3. Grass yellow - Eurema blanda
Grass Yellow - Eurema blanda
Grass Yellow - Eurema blanda
2 ෙකාටස - http://sobaroo.blogspot.com/2012/07/2.html

තරමක් කුඩා සමනලයෙකු වන Psyche බොහෝ ගෙවතුවල දක්නට ලැබෙන සුලබම සමනළ සාමාජිකයෙක්. මෙයා අයත් වන්නේ Pieridae කුලයටයි. ගිනිකොන දිග ආසියානු රටවල් හා ඉන්දියානු උපමහද්වීපයේත් මෙයා සුලබව හමුවෙනවා. නිතර තණකොළ ආශ්‍රිතව බිම්ස්තරයට සමීපව හැසිරෙන සමනළයෙක්.
තරමක් අසංවිධිත පියාසර රටාවකින් යුක්ත නිසා එකවර ඡායාරූපයකට ග්‍රහණය කරගැනීම අසීරුයි. බොහෝවේලා ඉවසිල්ලෙන් බලාසිටීමෙන් ලද ප්‍රතිඵලය තමයි මේ.
3. Grass yellow - Eurema blanda
Grass Yellow - Eurema blanda
Pieridae කුලයටම අයත් තවත් කුඩා සමනල් විශේෂයක්. ඉන්දියාව හා ලංකාව ආශ්‍රිතව හමුවන සුලබ සමනළ විශේෂයක්. විශේෂයෙන්ම තෙත් කලාපයේ රේල් පාරවල් අද්දර වැවුණු කුඩා කහපාට tridax මල් යායවල් අතරේ මේ සමනළයා ඉතාම සුලබව දකින්නට පුළුවනි. මේ ඡායාරූපය ගත්තෙත් එසේ මලක වසා සිටියදීයි.
Grass Yellow - Eurema blanda
තවත් සමනළ ඡායාරූප රාශියක් මා සතුව පවතිනවා. ඉදිරි ලිපි වලින් සෙසු ඡායාරූපත් ඉදිරිපත් කරන්නට මා බලාපොරොත්තු වෙනවා. සමනළයෙකු ඡායාරූප ගත කිරීම තරමක් අසීරු කටයුත්තක්. ඒ සඳහා හොඳ ඉවසීමක් අවශ්‍ය කරනවා. ඒ වගේම යහපත් කැමරා උපකරණ (මැක්‍රෝ ලෙන්ස් ආදී) තිබීමත් අවශ්‍යයි. නමුත් මම මේ සියලු ඡායාරූප ගත්තේ Nikon P60 සහ Canon SX10IS යන සංයුක්ත කැමරා දෙකෙන්. සමනලුන්ට අවශ්‍ය පරිසරය ඔබේ ගෙවත්තේ ඇති කරන්නට පුලුවන්නම් ඔවුන් ආකර්ෂණය කර ගන්නට පුළුවන්. බොහෝ සමනලුන් තරමක් සෙවන සහිත තෙත් පරිසරයන් ප්‍රිය කරනවා. ඒ වගේම වරා, බලුනකුට, සප්සඳ ආදී ශාක වලට ඔවුන් ආකර්ෂණය වන බව මා අත්දැකීමෙන් දන්නා කාරණයක්. ඉතින් ඔබත් අත්හදා බලන්න. වඩා සමීපව බැලු විට සමනළ ලෝකය කොයිතරම් විචිත්‍ර දැයි ඔබට දැනේවි. හමුවෙමු නැවතත් තවත් සමනළ ඡායාරූප පෙළක් සමග...