බෙන්තර ගඟෙන් එහා පැත්ත

Purple2022

Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    a6hHHyP.jpg
    VmRhxTt.jpg




    බෙන්තර ගඟෙන් එහා පැත්තේ ඉඳන් ඇස් නෑරපු බළල් පැටවකු වත් මෙහා පැත්තට ගේන්න එපා කියා ප්‍රකට කියමනක් තිබෙනවා. ඊට හේතුව වෙනත් පළාත්වලට ගොස් ශූර ලෙස මොළය පාවිච්චි කර ජීවිතය ජය ගත් විශාල පිරිසක් ඇත්තේ බෙන්තර ගඟෙන් එහා දකුණේ හින්දයි. බස්නාහිර හා දකුණු පළාත්වල සීමා ලකුණු කරමින් මුහුදට වැටෙන හිනිදුම අවටින් පටන් ගන්නා බෙන්තර ගඟ ඉතා අලංකාර පරිසරයකට වගේ ම ඉතිහාසයකටත් උරුමකම් කියනවා.

    ගඟේ උපත​

    බෙන්තර ගඟ ආරම්භ වන්නේ හිනිදුම හේකොක්‌ කඳුවැටියේ අඩි 2167 ක්‌ පමණ උසකින්.කුඩා දොළ පහරක් සේ ගල්පර්වත අතරින් ගලා බස්නා මේ නදිය තරමක් විශාල දිය දහරක් බවට පත්වන්නේ මීගම් ගඟ එක් වූ පසුව යි. ගඟ ඉහත්තාව තේ, රබර් හා කුරුඳුවගාවලින් සමන්විත යි. කිලෝමිටර් 72ක පමණ දුරක් ගෙවා බෙන්තොට කළුවාමොදරින් මුහුද සිප ගන්නා ගංගාවවර්ග කිලෝමීටර 622ක ජල පෝෂක ප්‍රදේශයක් සහිතයි.

    2XjIkKa.jpg

    බෙන්තර ගඟ මුල් අවස්ථාවේ දී

    පැලවත්ත ගඟ, පිටිගල ගඟ, වැලිපැන්න ගඟ ආදි ජලයෙන් පෝෂිත අතුගංගා රැසක් ද එයට එක් කර ගන්නවා. වාර්ෂික ව සාගරය වෙත ගෙන යන ජල ප්‍රමාණය ඝන මීටර් මිලියන 358ක්. බේරුවල, බෙන්තොට, හිනිදුම, නියාගම, ඇල්පිටිය, වලල්ලාවිට වැනි ප්‍රාදේශීයලේකම් කොට්‌ඨාස කිහිපයක්‌ පසුකරමින් තමයි ගංගාව ගමන් කරන්නේ.

    v6ocRtN.jpg

    ගංගාව පටන් ගන්නා හිනිඳුම වනාන්තර

    ගඟ පළලින් වැඩි වන විට ගංගාව මැද දූපත් නිර්මාණය වී තිබෙනවා. මිදෙල්ල දූව, ඕලෑව, දෙල්දූව ඉන් කිහිපයක්. මේවා එක පෙළට පිහිටීම නිසා ගංගාව බෙදී ගිය ආකාරයක් පේනවා. එමෙන් ම නදියේ අලංකාරය ද ඉහළ ගොස් තිබෙනවා. ගඟබඩ පිහිටි බොහෝ ගම් ද දූපත් බවට වශයෙන් පැවති ඒවා යි. තුන්දූව. පොල්දූව, ලද්දූව‍, දේද්දුව එවැනි ගම්මානයි.


    බෙන්තොට​

    බෙන්තර ගඟ මුහුදට වැටෙන තොට වූ බෙන්තොට සංචාරක පුරවරයක්. සංදේශ කාව්‍යවල පවා සඳහන් වන ඓතිහාසික ස්ථානයක්. කොළඹ සිට කිලෝ මීටර් 63.5 ක දුරින් තමයි, බෙන්තොට පිහිටා තිබෙන්නේ.විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණීය ම ප්‍රදේශ අතර බෙන්තොටට මුල් තැනක් හිමි වෙනවා. අතීතයේ දෙගොඩ යා කරමින් පාලම් නොමැති කාලයේ දී එගොඩ සිට මෙගොඩටත් මෙගොඩසිට එගොඩටත් පහුරුවලින් ගමන් කර තිබෙනවා.

    2KHl0Ol.jpg


    අනුරාධපුර සද්ධාතිස්ස රජ කාලයේ ඉදි කළ වෙහෙර විහාර පහක් බෙන්තර ප්‍රදේශයේ තිබෙනවා. ඒ ගලපාත විහාරය, බෝධිමළු විහාරය, වනවාස විහාරය, උඩකොටුවවිහාරය, ගණේ විහාරයයි. ගලපාත විහාරයේ දීර්ඝ සෙල්ලිපියක් ද හමුවෙනවා. මහා පරාක්‍රමබාහු, කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල, දෙවැනි පරාක්‍රමබාහු, හයවෙනි පරාක්‍රමබාහු ආදි රජවරු මේ විහාර සංවර්ධනයකරලා පුද පූජා පවා පවත්වලා තිබෙන බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන්.

    uuAWANW.jpg
    LReET2I.jpg


    බෙන්තොටට අයිති ස්ථාන වන වාඩිය, නිස්සංකගල, යාත්‍රාමුල්ල, පහුරුමුල්ල ගැන ඉතිහාසගත කරුණු රැසක් පවතිනවා.


    පාරිසරික වැදගත්කම​

    වළල්ලාවිට, තොටහ, අවිත්තාව ප්‍රදේශවල දීගංගාව ගලන්නේ යගිරල රක්ෂිත වනය අද්දරින්. මෙම ගංගා ද්‍රෝණිය ආශ්‍රිත ව තෙත් වර්ෂා වනාන්තර මෙන් ම කඩොලාන වනාන්තර දපිහිටා තිබෙනවා. මේ නිසා ගංගාව අවට ඉහළ ජෛව විවිධත්වයක් ද පාරිසරික විවිධත්වයක් ද දැකගත හැකි යි. ජලාශ්‍රිත වර්ෂා වනාන්තරවල දිවි ගෙවන පක්ෂින්, උරගයන්, උභය ජීවීන් ඇතුළු සත්ත්ව විශේෂ රැසකට බෙන්තර ගඟ අවට වටපිටාව වාසස්ථාන සපයනවා.

    3yB5Bid.jpg
    XgaPoq6.jpg


    බෙන්තර ගඟ වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ ඉත්තෑපාන, හොරවල ප්‍රදේශය පසු කර ගලා බසින අතර අලංකාර කඩොලාන වනාන්තර ද නිර්මාණය වී තිබෙනවා. බෙන්තර ගඟෙහි මෙම හොරවල ඉත්තෑපාන මල්ගස්ඕවිටදෙණිය කඩොලාන වනාන්තරය, ඉත්තෑපාන මඩවිට කඩොලාන වගේම ලුල්බද්දුව කඩොලාන වනබිම ද පිහිටා තිබෙනවා.

    kcbJMDW.jpg
    cUZv7ME.jpg



    කඩොලාන වනාන්තර​

    දෙද්දුව විල නැතහොත් තෙත්බිම බෙන්තර ගඟට අයත් පෙදෙසක්. මෙහි විශාලත්වය අක්‌කර 500 ක්‌ පමණ වෙනවා. ඒ ආශ්‍රිතව මිදෙල්ල දූව, බලිව දූව, රැපියෙල් දූව, සොහොන්දූව, අජපල දූව ලෙස දූපත් පහක් තිබෙනවා.

    7nB7JFc.jpg


    FHcHM5H.jpg



    මෙම දූපත් වගේම ගංගාවේ කඩොල් “උමං මාර්ග”ත්සංචාරකයන්ට අපූරු අත්දැකීම් ලබා දීමට සමත්. මේ නිසා බෙන්තර නදියේ බෝට්ටු සවාරි විදේශිකයන් වගේම දේශීයයන් අතරත් ජනප්‍රිය යි. බෝට්ටු සේවා සපයන ආයතන රැසක් ද බෙන්තර තිබෙනවා.

    KwpehvZ.jpg


    ශ්‍රී ලංකාවේ තිබෙන කඩොලාන විශේෂ අතුරින් මල් කඩොල්, රත්කඩොල්, මහ කඩොල් හා හීන් කඩොල් වැනි කඩොලාන විශේෂ බෙන්තර ගඟ ආශ්‍රිතව හමුවෙනවා. ගඟ දෙපස වැඩෙන ශාක අතර ගිං පොල්, කිරල, කැරන්, කෙකටිය, මිදැල්ල, පන්, වැටකෙයියා කිහිපයක් පමණයි. දැඩි ලෙස තර්ජනයට ලක්වූ කඩොලාන විශේෂයක් වන රතමිල්ල ශාකය බෙන්තර ගඟ ආශ්‍රිතකඩොලාන පරිසර පද්ධතියෙන් ද මේ වනවිට හඳුනාගෙන තිබෙන බව වාර්තා වනවා.

    2TNcayP.jpg



    xrDi7xX.jpg



    ශ්‍රී ලංකාවේ ද මෙම ශාකය ජාතික රතු දත්ත වාර්තාවන්හි දැඩි ලෙස තර්ජනයට ලක් වූ ශාකයක් ලෙස හඳුන්වා දී තිබෙනවා. මාදු ගඟට පමණක් සීමා වූ ශාකයක් ලෙස හඳුනාගෙන තිබූ රතමිල්ල බෙන්තරගඟ ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතියෙන් ද හමුවීම සතුටට කරුණක්. මෙම කඩොලාන වනාන්තර විවිධ කටයුතු සඳහා විනාශ කිරීම ගැනත් නිතර වාර්තා වෙනවා.

    VUx0ThL.jpg
    VUx0ThL.jpg



    නාන තොටුපොළ​

    බෙන්තර ගංගාව ජන ජීවිතය සමඟ තදින් බද්ධ වී ඇති ජල ප්‍රවාහයක්. ඒ නිසා ගඟේ බොහෝ ස්ථානවල අලංකාර නාන තොටුපොළවල් ද අදටත් දැකගත හැකි යි. ගඟ අද්දර ජීවත්වන ගැමියන් නෑම, රෙදි සේදීම ඇතුළු එදිනෙදා කටයුතු සඳහා තොටුපොළ භාවිත කරනවා. බෙන්තර ගඟෙහි වළල්ලාවිට පෙදෙසේ ගංගා ඉවුරේ කිරල ගස් බහුල යි. අක්කර ගණනාවක් පුරා පැතිර ඇති කිරල වගාවන් මෙම ප්‍රදේශයේ දී දැකගත හැකි යි.

    2WhDw58.jpg


    කිරල ගෙඩි භාවිත කර විවිධ ආහාර පාන නිපදවීම ද අතීතයේ පටන් මේ අවට ගම්මානවල සිදුවෙනවා. කිරල ගෙඩි මඟින් කිරල බීම, කිරල අයිස්ක්‍රීම් වැනි නිෂ්පාදන සිදුකිරීමට කිරල සම්පත් මධ්‍යස්ථානයක් ද හොරවල තොටුපළ ආසන්න ව පිහිටුවා තිබෙනවා.

    y9VbUKy.jpg
    o5CwIlZ.jpg



    ගඟ ළඟ වාඩිය​


    බෙන්තර පාලම අසල ගාලු පාර දෙපස ඒ කාලේ වාඩිය නමින් තමයි හැඳින්වූණේ. මේ ස්ථානයේ පිහිටි බෝධි වෘක්ෂය ඉදිරිපිට ගමේ විසූ පැරැන්නෝ පිංතාලියක් තනා තිබුණා. ක්‍රිස්තු වර්ෂ 1812 තරම් ඈතට දිව යන අතීතයක් මේ පිංතාලියට තිබෙනවා.පිංතාලියට වතුර පුරවන්න කළු ගලින් තැනූ ටැංකියක් ද ඒ අසල තිබුණා. අතීතයේ කොළඹ සිට දකුණේ ගාල්ල මාතර දක්වා බඩු පටවා ගමන් කළ ගැල්කරුවෝ මේ බෝධිය අසල අම්බලමේ නවාතැන් ගෙන තිබෙනවා. පිංතාලිය ඔවුන්ගේ ජල අවශ්‍යතා සපිරූ බව ගමේ පැරැන්නෝ පවසනවා.


    AmDADf9.jpg
    DzBIFUZ.jpg




    මූලාශ්‍ර:
    serendibleisure.com
    දිනමිණ - අසිරු වේදිත කරුණාරත්න
    Blogger Kusumsiri Wijewardhana
    Roarmedia
    Divaina.com
    Lanakadeepa.lk
    චායාරුප අන්තර්ජාලයෙනි


    PS
    @pavithra_uk සහෝදරයාට විශේෂ ස්තුතිය ලිපියේ අඩු පාඩුවක් සාදා ගැනීමට උදව් කෙරුවට.....🙏
    tfs:love2::love2::love2:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දන්නෑ මචං ඒ ගැනනං... @Solo Rider දන්නවද..???
    මිනිස්සු ගැන දන්නෙ නෑ මචන්
    ජීවත් වෙන්න නන් සුපිරි

    රස්නෙ නෑ, වතුර තියනව, අපනයන බෝග ඔන එකක් වැවෙ
    නව.
    Solo ge gama koheda?
    Born Tissa
    Raised Kuliyapitiya
    Living Homagama
    @Solo Rider ගම අහනවෝ...
    Hariii
    ඔය කොහේ හරි ඩොටේ වෙන්න ඇති. දැන් ඇහුවම කියන්නේ හෝමාගම කියලා. ඒ උනාට හොමගම ඉඳන් ඉටිපන්දන් පැකට් දෙකක් දුරයි 😛
    Ta huk
    ඩොටේ තමයි ඕක...
    හෝමගම කියන්නෙ පොයියට... කොහෙවත් ගියේ නැද්ද කිය කිය ත්‍රෙඩ් දාන්නෙ, ඕක ගමේ යද්දි ගහන ෆොටෝ ටික එකතු කරල...😂
    dup
     

    keyzlearn

    Active member
  • Apr 15, 2022
    170
    127
    43
    මෙන්න Travel කරන්න ආස ඒ වගේම නිවාඩු වෙලාවට කොහේහරි යන්න කැමති ඔයාලා වෙනුවෙන්ම හදපු Website එක. ඔයාල යන්න බලාගෙන ඉන්න ලංකාවෙ තියන ගොඩක් තැන් ගැන විස්තර ඔන්න දැන් එක තැනකින් ගන්න පුලුවන්. විශේෂයෙන්ම Tourism වල ඉන්න ඔයාලටත් නොදන්න දේවල් ගැන දැනගන්න හොඳ අවස්ථාවක් මේක.
    පිවිසෙන්න අපගේ Blog අඩවිය වෙත
    👉 https://hikkasl.blogspot.com/p/all-posts.html
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එකපාරක් එකෙක් දකුනෙ ඉදන් එද්දි පූසෙක් පැටියෙක් කියලා හිතන් බලල් දිවියෙක් ගෙනත්, ඌ ලොකු උනාම ගමට වදයක් වෙලා සත්තුන්ට මිනිස්සුන්ට පහරදෙන නිසා. පස්සෙ ගමම එකතුවෙලා ඌව අල්ලගෙන හිටපු දිහාටම ගිහින්දාලා.
    එහෙම නැතිව ඔය පැත්තෙ ඉන්නෙ එවුන් මොලකාරයො කියන එක නෙවෙයි.
    කපටි, චාරයක් නැති , පොඩිදේටත් මරාගන්න කෙලෙහිගුනයක් නැති එවුන් බහුතරයක් ඉන්නෙ
    මෙන්න මේ කතාවේ අන්තිම ටික නන් සහතික ඇත්ත.මුල නන් දන්නේ නැහැ. මහා ම මහා සක්කිලිම ජාතියක්.
    අපේ tec ( ජර්මන් tec) එකට මුන් එනවා හෙන සෙට් එකක්. නුවර කියපුවා ම පුදුම ඉරිශියවක් උන්ට එන්නේ. හැබැයි ඉතින් නියම ගඟෙන් එහා කියන්නේ ගාල්ල අවට උන් ට.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මෙන්න මේ කතාවේ අන්තිම ටික නන් සහතික ඇත්ත.මුල නන් දන්නේ නැහැ. මහා ම මහා සක්කිලිම ජාතියක්.
    අපේ tec ( ජර්මන් tec) එකට මුන් එනවා හෙන සෙට් එකක්. නුවර කියපුවා ම පුදුම ඉරිශියවක් උන්ට එන්නේ. හැබැයි ඉතින් නියම ගඟෙන් එහා කියන්නේ ගාල්ල අවට උන් ට.

    ඇයි බන් නුවර කිව්වම ඉරිසියා කරන්නේ
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    බෙන්තර ගගෙන් මෙහාට ඇවිල්ල සද්ද දන්නා එපා හරිය. යේක කොන නැතුව තම මාතිය යන්නේ වෙන්නේ
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    එකපාරක් එකෙක් දකුනෙ ඉදන් එද්දි පූසෙක් පැටියෙක් කියලා හිතන් බලල් දිවියෙක් ගෙනත්, ඌ ලොකු උනාම ගමට වදයක් වෙලා සත්තුන්ට මිනිස්සුන්ට පහරදෙන නිසා. පස්සෙ ගමම එකතුවෙලා ඌව අල්ලගෙන හිටපු දිහාටම ගිහින්දාලා.
    එහෙම නැතිව ඔය පැත්තෙ ඉන්නෙ එවුන් මොලකාරයො කියන එක නෙවෙයි.
    කපටි, චාරයක් නැති , පොඩිදේටත් මරාගන්න කෙලෙහිගුනයක් නැති එවුන් බහුතරයක් ඉන්නෙ
    එකඟයි
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    එකපාරක් එකෙක් දකුනෙ ඉදන් එද්දි පූසෙක් පැටියෙක් කියලා හිතන් බලල් දිවියෙක් ගෙනත්, ඌ ලොකු උනාම ගමට වදයක් වෙලා සත්තුන්ට මිනිස්සුන්ට පහරදෙන නිසා. පස්සෙ ගමම එකතුවෙලා ඌව අල්ලගෙන හිටපු දිහාටම ගිහින්දාලා.
    එහෙම නැතිව ඔය පැත්තෙ ඉන්නෙ එවුන් මොලකාරයො කියන එක නෙවෙයි.
    කපටි, චාරයක් නැති , පොඩිදේටත් මරාගන්න කෙලෙහිගුනයක් නැති එවුන් බහුතරයක් ඉන්නෙ
    Indeed correct