ඔය කියන්නේ "පත්තානුමෝදනා" ගැන..
මේ ත්රෙඩ් එකේ කියන්නේ "පත්තිදාන" ගැන.
වෙන කෙනෙක්ගේ පින්කම් දැකල තව කෙනෙක් සතුටු වෙන එක නෙවෙයි .
අපි පින් කරල වෙන කෙනෙක්ට ඒ පින් යොමු කිරීමක් / පින් දීමක් ගැන කියනේ.
එහෙම transfer කරන්න පුලුවන් කියලා කියනව බුද්ධාගමේ.
අනුමෝදනා කියන එකේ තේරුම තමයි, අනුව සතුටු වීම, එහෙම නැතිනම්, තේරෙන විදිහට කිව්වොත්, යම්කිසි කිර්යාවක්, තමක් කරායැයි සිතා සතුටුවීම..
යම් කිසි කෙනෙක් යම් කිසි පුන්යක් කිරියාවක් කරල, ඒකට සම්භන්ද වෙන්න, තමන් දන්න මල ගිය කෙනෙකුට ආරදනා කරන්න පුලුවන් ඒකට සහභාගිවෙලා සතුටු වෙන්නෙ...ඕක තමයි ප්රාප්ති දානය (මේක තමයි අනුමොදන් කරවීම)
ඒ මිය ගිය කෙනා, ඔය කිරියාව දැකල අනුමොදන් / සතුටු වෙන්න පුලුවන්. ඔක තමයි පත්තානුමෝදනාව (අනුමොදන් වීම)
පරදත්ත ( අකුරු හරිද දන්නෙ නෙ ) කියන කොට්ටශයෙ ඉන්න අයට විතරයි, ඕකට සම්භන්ඩ වෙන්න පුලුවන්...පින වගේම පවත් අනුමෝදන් වෙන්න පුලුවන්.