දුප්පත් පෙම්වතා..

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    දුප්පත් පෙම්වතා..

    මගේ ආදරණිය සුරංගනාවි,
    මාත් ආසයි කාර් එකක් අරන් ඔයාව නග්ගගෙන රවුමක් ගහන්න..
    මාත් ආසයි දෙන්න පුලූවන් හැම සැපක්ම ඔයාට දෙන්න..
    මටත් ආසයි ඒ ලස්සන සුපිරි ලොකේ ඔයාගෙ හීන හැබෑ කරන්න..
    ඒත් දෙයියනේ මම කොහොමද ඒ වගේ හීන ලෝකයක් හැබෑ කරන්නෙ.
    තාම මම ඉගෙන ගන්නවා.. මම කොහොමද ලොකු ලොකු වැඩ කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්නේ... මගේ ළඟ ලක්ෂ ගණන් සල්ලි නෑ ඔයාට සුපිරි ජීවිතයක් දෙන්න.. ආමාරුවෙන් හදාගත්තු ගේ පොඩ්ඩක් ඇරෙන්න මටම කියලා තියෙන්නේ තාමත් ලෝන් ගෙවන මෝටර් සයිකලේ විතරයි..
    ඒත් ඔයා දකින්නේ සුපිරි ගෙදරක ජීවත් වෙන්න.. සුපිරි වාහනේක ගමන් යන්න... නෑදෑයොන්ට පේන්න හොඳ විදිහට ජිවත්වෙන්නයි ඔයාට ඕන..
    ඇත්තටම ඔයාව මට හම්බවෙද්දි මම හිතුවේ ඔයා මගෙ තත්වෙ තේරුම් අරන් සාමාන්‍ය විදිහට මාත් එක්ක ජීවත්වෙයි කියලයි... ඒත්...
    ඔයාගේ හීන ලොකේ තිබ්බේ ඊට ගොඩාක් උඩින්..
    පුංචි කාලේ ඉඳන් සැපට හැදුනු ඔයාව එක්කන් ඇවිත් අපේ පුංචි ගෙදර තියන්න බෑ කියලා මම හොඳට දන්නවා...
    ඔයාට මම ගොඩාක් ආදරෙයි... ඔයාත් මට ගොඩාක් ආදරෙයි..
    ඒත්... අපි ඉපදුනේ ලෝක දෙකක..
    ඔයාගෙ ලොකෙට මට එන්න පුලූවන් වුණාට, ඔයාට බෑ මගෙ දුප්පත් ලොකෙට ඇවිත් සතුටින් ඉන්න...
    මගේ පණ , මට බෑ ඔයාට දුකක් දෙන්න..
    ඔයාගේ තරාතිරමට ගැළපෙන කෙනෙක් බඳින්න පුලූවන්කම තියෙද්දී
    මා එක්ක ඇවිත් ඔයා දුක් විඳිනවා බලන්න මට බෑ...
    ඒ නිසාම මම කවදාවත් ඔයාට අඩුවක් වෙනවා දකින්න කැමති නෑ..
    ඔයා පොහොසත් කෙනෙක් බැඳල සතුටින් ජීවත්වෙන්න..
    මට දුකයි ..ඒත් ඔයා දුක් විඳිනවා දකිනවාට වඩා මට මගේ දුක දරා ගන්න පුලූවන්.... මම හැමදාමත් ආදරෙයි ඔයාට....
    මේ ඔයාගෙම අසරණ දුප්පත් සුදු මහත්තයා...

    නම් ගම් මනඃකල්පිත නොවූ සත්‍ය සිදුවීමකි

    මම මේ තීරණේ ගන්න කලින් දහස් වාරයක් කල්පනා කළා..
    තනියම හොඳටෝම ඇඩුවා... ඒත් කවදාහරි මේක මේක වෙනවා..
    දැන දැන හිත රව්ට්ටගන්න මම කැමති නැහැ...
    මම එයාගෙ අනාගතේ ගැන හිතලයි මේ තීරණේ ගත්තේ..
    එයා මේ ගැන දන්නෙ නැහැ..
    ඒ නිසා.. මම එයාව අයියා කෙනෙක් වගේ බලාගන්න තීරණය කළා..
    නැත්නම් එයා නොමඟ ගියොත් මම මෙච්චර පරිස්සම් කරපු එකෙන් වැඩක් නෑ...
    එතනින් එහාට යන්නෙ නැහැ..
    කවදා හරි මම එයාව මගෙ නංගි විදිහට එයාට ගැළපෙන හොඳ කෙනෙකුට බන්දලා දෙන්න එයාගෙ අම්මටයි තාත්තටයි ඉඩ දෙනවා...
    එදාටයි මම සතුටු වෙන්නෙ...
    මම අයියා කෙනෙක් වගේ සතුටු වෙනවා මගෙ කෙල්ල සතුටින් ඉන්නවා දැකලා.. මට ඒ හොඳටම ඇති....

     
    Last edited:

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    කතාව ඈත්ත...
    අද කොයි තරම් ආදරේ තිබුනත් සල්ලි නෑත්තම් සතුටින් ඉන්න බෑ තමයි... ඒ වගේම කොයි තරම් සල්ලි තිබුනත් ආදරේ නෑත්තම් ඒතනත් සතුටක් නෑ....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කෙල්ලෝ ගොඩක් අය එහෙම තමයි... ආදරේට වඩා හියන්නේ සැපවත් ජීවිතයක්..
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මොනවා කරන්නද... සල්ලි ඉදිරියේ ආදරය අසරණයි....
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මොනවා කරන්නද... සල්ලි ඉදිරියේ ආදරය අසරණයි....

    :yes::yes:මාත් මේ කතාව අනුමත කරනවා.. සල්ලි ඉදිරියේ ආදරය අසරණ උනත් ආදරවන්තයෝ එක හිතින් එක අරමුණක් වෙනුවෙන් ඉන්නවා නම් ඕක වෙනස් කරන්න හැකියාවක් තියනවා..
     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    salli nethuwa aadaren wedak nee .. oya aadara talk okkoma iwarai salli nethnam.. mama keellak karanna patan gatte job ekak hambaunaata basse..
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    :yes::yes:මාත් මේ කතාව අනුමත කරනවා.. සල්ලි ඉදිරියේ ආදරය අසරණ උනත් ආදරවන්තයෝ එක හිතින් එක අරමුණක් වෙනුවෙන් ඉන්නවා නම් ඕක වෙනස් කරන්න හැකියාවක් තියනවා..

    එක හිත තිබුණත් පුංචි කාලේ ඉඳන් හිටිය විදිය වෙනස් කරන්න බැහැනේ..
    ඒක නිසා මේකට විසඳුමක් නෑ සහෝදරයා....
    ඊටත් වඩා එයා කැම්පස්.. මම ??.. මම භාහිර උපාධිය කරන කොල්ලෙක්
    ඒ නිසා එයා මට වඩා ඉහලින් හිතන්නේ...
    දුක වුනත් මේක තමයි මම දැක්ක හොඳම විසඳුම...
     

    madsugath

    Member
    Nov 30, 2008
    505
    18
    0
    Gampaha

    ඊටත් වඩා එයා කැම්පස්.. මම ??.. මම භාහිර උපාධිය කරන කොල්ලෙක්
    ඒ නිසා එයා මට වඩා ඉහලින් හිතන්නේ...
    දුක වුනත් මේක තමයි මම දැක්ක හොඳම විසඳුම...

    machoo, eya e vidihata hithanva nam eka loku avlak.. eth eya ehema hithanva kiala umba hithin mavaagena innava nam eka eetath wadaa loku avlak.. :) anika, ochchara lesiyen me wage deyak give up karanna epa bun.. meka duka thamai, meka tamai mata ituru kiala hithanna epa.. ethakota hemadaama neema tamai.. :)