දුප්පතාගේ පන්සලත් වඳිමුද?

nirockzzz

Member
Jan 29, 2009
1,153
92
0
දුප්පතාගේ පන්සලත් වඳිමුද?

උපුටා ගැනීම-දිවයින පුවත් පත

n33.jpg


අතොරක්‌ නැතිව එක දිගට පැතිරී ගිය අහසේ වළාකුළුවලින් නොවැසුණු තැන් අන්ධකාරයෙන් වැසුණු පතුලක්‌ නැති අගාධ මෙන් ඈතට දිස්‌වී පෙනුණේය. එවන් අඳුරු තැනෙක වරින්වර කුඩා වැහි වළාවක්‌ හෝ දෙකක්‌ දක්‌නට ලැබිණ.


"මේක හුඟාක්‌ දුප්පත් තැනක තියෙන පන්සලක්‌. මේ වැඩ ඉන්නෙ මගේ ගුරු හාමුදුරුවො. උන්වහන්සේට දැන් වයස අවුරුදු අසූවකට වැඩියි. මේ වැහි දවස්‌වල පන්සලේ ඉන්න හිටින්න තැනක්‌ නෑ. හීන් පොද වැස්‌සක්‌ වැස්‌සත් මහ ගඟ මහ වතුරක්‌ වාගෙ පාරේ එකතු වෙන වතුර පාර දොරේ ගලාගෙන ලැගුම් ගෙට එනව."

තම ගුරු හාමුදුරුවන් මෙන්ම තමන්ද වැඩ වාසය කරන දෙමටගොඩ සිරි අරියවංශාරාමයේ විහාරාරාංග ලැගුම් හා ගැඟුම් ගෙය ඉදිකර ගැනීමට කිසිවකුගේත් සුළු යම් උපකාරයක්‌ හෝ නැතිව මහත් සේ අසරණ බවට පත්වී සිටිමින් පූජ්‍ය ඇල්පිටියේ චන්දරතන හිමියෝ දිවයින නිම්නය හමුවේ ඒ හඬ අවදි කළේ අප ඒ පින්බිමට ගොඩවැදුණු එදින සන්ධ්‍යා භාගයේදීය. දෙමටගොඩ දුම්රිය පළ පසුකර මීටර් පහක්‌ හයක්‌ දුරට ගොස්‌ වමට හැරී ගමන්ගත් පසු හමුවූ ආරාමය පෙදෙසෙහි උන්වහන්සේ වැඩ වාසය කළ මේ දිළිඳු පින්බිම පිහිටා තිබුණේය. අපි අතු පතර විහිද ගිය බෝ රදුන් අසල ගල් තලාව මත වාඩිවීමු. මඳ අඳුර ගලාගෙන එන්නට ඔන්න මෙන්නව තිබූ ඒ වෙලාවේ සිය අසරණ කමෙහි දිගත් පළලත් කොතෙක්‌දැයි කී චන්දරතන හාමුදුරුවන්ගේ පින්බර නෙත් කෙවෙණි තුළින් කඳුළු බිඳු ගලා හැළුණේ නැත. එහෙත් කඳුළකින් පිළිබිඹු කළ හැකි දුෂ්කරතාවන්ගේ වේදනා කැටියකින්ම එහිමි හද ගැබ පිරී ඉතිරී තිබුණු බව නම් මට ඉඳුරා පසක්‌කර ගත හැකි විය.

පන්සලෙහි හැමතැනෙකම අපි ඇවිද ගියෙමු. චන්දරතන හාමුදුරුවන්ගේ කඳුළු කතාවෙහි හැබෑව කොතරම්දැයි පළ කළ බොහෝ අන්ධකාර වූත්, හද කකියවන වූත් දසුන් ගණනාවක්‌ම අප දුටුවේ හෙමි හෙමින් එහි හැම තැනෙක කළ මේ පියවර චාරිකාවේදීය. මහ ගඟ මහ වතුරක්‌ සේ සිව් පසය ගලා ආ අනෙකුත් බොහෝ පුද බිම්වලට මෙන් මේ පුංචි පන්සලට කාගෙන්වත් කිසිදු උපකාරයක්‌ ලැබී නොතිබුණේය. එනිසාම එක්‌දහස්‌ නවසිය පනස්‌ හය තරම් වූ දුර ඈත අතීතයක ඉදිකර තිබූ එහි ලැගුම් ගෙයි බිත්තිවල ඇතැම් තැන් පුපුරා ගොස්‌ තිබෙනුද අපට පෙනිණ. අන්තර් ගර්භාගාර (කාමර) කිසිවක්‌ නොවූ එහිම දන්ගෙය ද පිහිටා තිබුණේය. හෙමි හෙමින් ගලා ගිය කාලයට තෙමි තෙමී ජරාවාසව ගිය එහි වහළය පසක්‌කර දුන්නේ කාලයට කෙතරම් දේ වෙනස්‌ කළ හැකිද යන සනාථන සත්‍යය පමණක්‌ නොවේ. මිදුලේ එකතුවන වැහි වතුර කඳ ලැගුම් ගෙට කඩා වැදුණු පසු දිරාපත් එම වහළයෙන් ගිලිහුණු වැහි දිය වැටුණේද එම වතුරටමය.


මෙම විහාරස්‌ථානයේ නිරතුරුව වැඩවසන පූජ්‍ය වයස්‌ ගත තලගස්‌පේ පියරතන හිමියන් මෙබඳු දවසින් වැඩි කොටසක්‌ ගත කළේ ඇඟ ලොමු ඩැහැගන්වන සීතලයෙන්ය. ඒ හැර පිළිවෙළක්‌ ඇති ඉතාම කඩා හෝ ලැගුම් ගෙයක්‌ වද ඉදිකර දෙන්නැයි ඉල්ලා සිටින්නට කිසිවෙකුත් උන්වහන්සේට සිටියේ නැත.

දායක පින්වතුන් හතළිහක්‌ පනහක්‌ පන්සල වට පිටාවේත්, ඇතැම් විට පන්සලේත් සිටින බව සැබෑය. එහෙත් ඔවුන්ගේ ජීවිත කතාව මේ දෙමටගොඩ සිරි අරියවංශාරාමයෙහි කඳුළු කතාවටත් වඩා කඳුළිනුත්, වේදනාවන්ගෙනුත් අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගිය එකක්‌ වී තිබුණේය. කෑමක්‌ බීමක්‌ නැතත් හාමතේ හෝ වැටී නිදා ගැන්මට කියා ඉහට හෙවණක්‌වත් ඔවුන්ට ඇත්තේම නැති තරම්ය. ඔවුන්ගේ ඒ ඇතැම් ගෙවල් දුටු අපට එකවර සිහිවූයේ අප පුංචි කාලයේ වැලිබත් උයන්නට ඉදි කළ කුඩා සෙල්ලම් ගෙවල්ය. දෙමටගොඩ සිරි අරියවංශාරාමය අවට වට පිටාවෙහි එක රොත්තට පිහිටි මේ ගෙවල බොහොමයකම තුන්වේලම ඉදුනේ වී නම් ඒ ඉදෙන්නට ඇත්තේ කලාතුරෙකින් බව අපට සිතිණි. ඒ තරමටම එම ගෙවල ළමයින්ගෙන් පවා දිස්‌වී පෙනුණේ මහා හාමතක තරම කියා පෑ මන්දපෝෂණයකද ස්‌වභාවයක්‌ වැන්න. ඒ පුංචි දරු පැටවුන්ට හරිහැටි ඇඳ ගන්නට ඇඳුමක්‌ කැඩුමක්‌ පවා තිබෙනු පෙනුණේ නැත. අරියවංශාරාමයෙහි දායක පවුල්වල ජීවන පසුබිම මෙවැන්නක්‌ විය. එබඳු පසු බිමක්‌ තුළ ලැගුම් ගෙයත්, කඩා හැළුණු බෝධි ප්‍රාකාරයත්, අඩක්‌ නිමකර තිබූ විහාර මන්දිරයත් ගොඩ නඟා ගැනීම තලගස්‌පේ පියරතන ලොකු හාමුදුරුවන්ටත්, ඇල්පිටියේ චන්දරතන හාමුදුරුවන්ටත් සිහිනයක්‌ම පමණක්‌ වී දුප්පත්කමෙහි චණ්‌ඩ මාරුතයට හසුවුණු ඒ සිහින සියල්ලම දිනෙන් දිනම වැටුණේ කවදාවත් නාරින පෙට්‌ටගමකටය. එහෙත් මේ දායකයෝ සිය දුප්පත් කම නිසාම පන්සල අත් නොහළහ. හිමිවරුන්ගෙන්ද දුරස්‌වී නොගියහ. අරියවංශාරාමය මෙන්ම එහි වැඩ වාසය කරන කුළුණුබර හිමිවරුන් පිළිබඳවද අපමණ ගෞරවාදරයක්‌ ඇති කරවන අනෙක්‌ කතාව මිනිස්‌ කමින් නම් කෙතරම් පිරී ඉතිරී ගිය එකක්‌ද?

අපේ රටේ අනෙකුත් සුව පහසු පෙදෙස්‌වල පිහිටි පන්සල්වලට මෙන් මේ පන්සලට දානයක්‌ ලැබෙන්නේ කලාතුරෙකින්ය. දායකයන්ගේ ජීවිතය එපමණටම නැති බැරිකම් කෙරෙන් කේඩෑරිවී ගොසිනි. එවැනි හැම විටෙකම උදේ දානයත්, දහවල් දානයත් සොයා සපයා ගන්නට උන්වහන්සේලා දෙමටගොඩින් ඈත බොරැල්ල නගරයට පිඬු සිඟා වැඩියහ. තොරතෝංචියක්‌ නැතිව එහෙ මෙහෙ දුවන රථ වාහනවලත්, මිනිසුන්ගේත් ඝෝෂාවට වඩා එහිදී මේ හිමිවරුනට අකාරුණිකයකු මෙන් පොළොවට රවන හිරුගේ රැස්‌ ඉවසිය නොහැකි තරමින් දැඩිවිය. සියොළඟින් දහදිය ගලා හැළුණේය. එහෙත් මේ සම්මා සම්බුදු කිසය එය කෙතරම් සුන්දර වූත් පරමාදර්ශී වූත් ජීවන ප්‍රයත්නයක්‌ද? කවදාවත් කිසිම පිනක්‌ කර ගැනීමට නොපිළිවන් වූවනට පවා එයින් උදාවන භාග්‍යය සුළු පටු වූවක්‌ නොවේ. නගරවල පිඬු පිණිස හැසිරෙන ගමන මොනතරම් දුෂ්කර වූවත් මේ පිනැති සිතිවිලි දහරින් සිත පිබිදෙත්ම එහිලා දුබල වුවද උන්වහන්සේලාගේ ගත දෑ පිබිදුණේය.

නැතක්‌ දුක්‌ වේදනා විඳ දරා ගනිමින් පිණ්‌ඩපාතය රැස්‌කරගෙන ආවද බොහෝ විට ඒවායින් කොටසක්‌ හෝ දායකයන්ටද බෙදන්නට මෙහිමිවරුනට සිදුවූයේ ඔවුන් දුප්පත්කම දැක වෙන කරන්නට යමක්‌ නොතිබූ නිසා පමණක්‌ නොවේ. සිය හද ගැබ කෙරෙන් වැගිර ගලා ගිය අපරිමිත කරුණාබර සිතිවිලි පැන් පිරී ගිය පොකුණකින් මතුව සුපුෂ්පිත වූ නෙළුම් මෙන්ම පිබිදුණු හෙයිනි. "අනේ මේ මිනිසුන්ට පන්සලේ ලැගුම් ගෙය විහාරය අප වෙනුවෙන් ගොඩනඟල දෙන්න කොහෙත්ම ශක්‌තියක්‌ නෑ. කුසගින්නත්, දිළිඳුකමත් මේ මිනිසුන්ගෙ ජීවිත වෙලාගෙන. මම ඊයේත් පිණ්‌ඩපාතෙන් බොහෝ දේවල් දුන්නේ මේ අසරණයන්ට. එයින් කුසගිනි නිවෙනවට වඩා ලොකු සැනසීමක්‌ මගේ හිතට ලැබෙනව. චන්දරතන හිමියන්ගේ හදවතින්ම උපන් ඒ කතා අසා සිටි අපගේ හදවත්ද සසලවී පරිසරය පුරාවෙහිම වූයේ මුළු ලෝකයම ගැඹුරු නිසසල බවක ගිලී ගිය සැටියකි. ඒ අතරින් දෙමටගොඩ සිරි අරියවංශාරාමයේ අබලන් ලැගුම් ගෙයත්, අඩක්‌ නිමවූ නටඹුන් වූ විහාර ගෙය හා ගරා වැටුණු බෝධි ප්‍රාකාරයන් දුටු මසිතට ගලා ආවේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් විසින් ලියනු ලැබූ ගීතයක පද කිහිපයකි.

"මහ මෙවුනාවට සිල් වැහි වහිනව

හැම මාසයකම පොහෝ දිනේ

ගමේ විහාරෙට වැහි බිඳුවක්‌ නෑ

වෙනසක්‌ ඇයි බුදු පියාණනේ



ගමේ විහාරේ පුදසුන පාළුයි

දාගැබ පිළිමය ගරා වැටේ

නැතිවාවද එහි ඒ නිර්වාණය

රට වටකර වැඳ වැඳ යන්නේ

ඒ දුෂ්කර පින් බිමෙන් පමණක්‌ නොව දෙමටගොඩ ප්‍රදේශයෙන්ද නික්‌මී එන තෙක්‌ම අපට සිතුණේ මේ කියන්නේ සිරි අරියවංශාරාමය ගැනම නොවේද යන්නය. ඒ අනුව එහි නටඹුන්ව තිබෙන සියලු විහාරාරාංග සිහින සැබෑකර ගැනීමට එහි වැඩ වසන මේ හිමිවරුන්ටවත්, දායක පින්වතුන්ටවත් කොහෙත්ම ශක්‌තියක්‌ නැත. ඒ අහිංසක සිහින සියල්ල සැබෑකර දිය හැක්‌කේ ඔබටම පමණි. අනෙක්‌ කාරණය නම් මෙම භික්‍ෂූන් වහන්සේලාට මෙහි වැඩ වසමින් මෙතරම් දු(�ත දුෂ්කර ජීවිතයක්‌ ගත කරන්නට වුවමනා නැත. උන්වහන්සේලාට වෙනත් පහසුකම් සපිරි පෙදෙසකට ගොස්‌ වැඩ වාසය කිරීමට පිළිවන. එතෙකුදු වුවත් උන්වහන්සේලා මෙතරම් දුකක්‌ වේදනාවක්‌ විඳ දරාගෙන මෙහි වැඩ වසන්නේ සිය සම්බුද්ධ ශාසනික මෙහෙවර එලෙසින්ම එම පෙදෙස්‌ වැසියන් වෙනුවෙන් ඉටුසිදු කිරීමට ඇති කැමැත්ත නිසාය. එහෙයින් අප රටෙහි පමණක්‌ නොව මුළු මහත් ලෝකයේම හැම මිනිසුන් මිනිස්‌ කමෙහි නාමයෙන් කිසිදු ආගම් ජාති භේදයකින් තොරව මේ දෙස නුවන් කැල්මන් විහිද විය යුතු යෑයි අපට සිතේ. මෙවැනි සද්කාර්යයක මහත් ඵලය මහානිශංසය කෙතෙක්‌දැයි දන්නා කෙනෙක්‌ එය අත් හරින්නේ හෝ මග හරින්නේ නැත. ඉදින් විශේෂයෙන්ම ලොව පුරා විසිර සිටින බෞද්ධයනි, ඔබට ඔබේම කියා අලංකෘත වූත් සුවිශාල වූත් මහා මන්දිරයක්‌ ඉදිකර ගැනීමෙන් ඇතැම් විට ගෙවල ප්‍රේතයන්ගේ ලෝකයකට පිවිස ගැනීමට පහසුවෙන්ම හැකි වනු ඇත. එහෙත් මේ දිළිඳු වෙහෙර බිම එහි ලැගුම් ගෙය විහාරය හා බෝ මළුව ගොඩනඟන්නට දායක වුවහොත් ඒකාන්ත වශයෙන්ම ඔබට අත්පත් වන්නේ ශාන්තිදායක බවක්‌මය. එබඳු තැනෙක ලබන උපතක්‌ය. එම සුවදායක බවත් ශාන්ති දායක බවත් ඔබ මේ ජීවිතය හැර ගිය පසුවද ඔබව අතහැර නොමයන සෙවණැල්ලක පරිද්දෙන්ම තනි රකිනු ඇත්තේය. එම දුලභ පුණ්‍ය මහිමය ඡේතවනාරාමය ගොඩනංවන්නට දායක වූ අනාථ පිණ්‌ඩික මහා සිටුවරයාණන්ටද මියගිය පසුව පවා නිරාමිස ප්‍රීතිය ගෙනා බව අපි පෙළ දහමින් දැක ඇත්තෙමු.

"ඉදං හිතං ඡේතවනජ ඉසිසංඝ නිවෙසිතං

ආවුත්ථං ධම්ම රාජනෙ පීති සංජනනං මම" එනම් ධර්ම රාජයන් වහන්සේගේ නිරතුරු ඇසුර ලබන ඉර්ෂි සංඝයා වහන්සේ වැඩ සිටින මේ ඡේතවනයේ දර්ශනය මට ප්‍රීතිය ගෙන දෙයි" උදන් ඇනූ අනාථ පිණ්‌ඩික සිටුතුමා මරණින් මතුව උපත ලද දේව භවයෙහිදී පවා සතුටු වූ බව පැවසේ. එහෙයින් පින්වතුනි මේ සද්ධර්ම ෙච්තනා පෙරදැරිව අඩුම තරමින් දෙමටගොඩ සිරි අරිය වංශාරාමයේ ලැගුම් ගෙය පමණක්‌වත් හරිහැටි ගොඩනඟා දෙන්නැයි අපි ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමු. "සිරි අරියවංශාරාමය, ආරාමය පෙදෙස, දෙමටගොඩ, කොළඹ 09 යනු එහි ලිපිනයයි. 0715711235 , 011677686 උන්වහන්සේලා සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයයි.

n3.jpg


සුගත් වීරසූරිය



 

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
good topic. most people has made Buddhism a a fashion these days. Most of them cannot be satisfied by visiting the normal temple in their own village. They want to go to a "happening" temple. They want to listen to those "happening monks" only. They wants send their kids to those sunday schools where things are being taught in english. This encourage some buddhist monks to fight for attention, which is why we get to see a lot of monks claiming unusual things such as they have got into special states of spiritual development etc
 
  • Like
Reactions: nirockzzz

nirockzzz

Member
Jan 29, 2009
1,153
92
0
බම්ප්
thnx

mata salli thibunanam mama aniwa meka hondata hadala denawa.bt..
:yes::yes:

good topic. most people has made Buddhism a a fashion these days. Most of them cannot be satisfied by visiting the normal temple in their own village. They want to go to a "happening" temple. They want to listen to those "happening monks" only. They wants send their kids to those sunday schools where things are being taught in english. This encourage some buddhist monks to fight for attention, which is why we get to see a lot of monks claiming unusual things such as they have got into special states of spiritual development etc
:yes::yes:



Bump
පුලුවන් කෙනෙක් උදව්වක් කරන්න
:yes::yes:



Thnx for da comments and bumping this thread
 

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    අද 2012-ජුනි-30 වෙනිදා.. මම සිරි අරියවංශාරාමයට ගියා. ස්වාමීන්වහන්සේලා සඳහා බෙහෙත් ද්‍රව්‍ය ටිකකුත් අරගෙන.
    ඇත්තටම අද මම අට මහා කුසලයට දායක උනා කියල හිතෙනවා.
    හතර වටෙන් අන්‍යාගමිකයන් වසන ප්‍රදෙශයක බොහොම දුශ්කරතා මැද උන්වහන්සේලා කරන ශාසන මෙයෙක කියල නිම කරන්න බෑ මචන්. උත්තම බුද්ධපුත්‍රයන් වහන්සේ ලඟ බිම දණ ගහගෙන මම උන්වහන්සේ ලාගෙන් තුන් සරණේ ආශීර්වාද ලබන කොට හිතට දැනුණ සතුට කියන්න වචන නෑ. ලොකූ පිනක් කරගත්ත කියල මට හිතෙනවා.
    උඹලත් ගිහින් බලපල්ල..
    මෙන්න සිරි අරියවංශාරාමටය යන පාර:

    • Baseline පාරෙ කැලණිතිස්ස බලාගාරය පැත්තෙන් එනව නම් fly-over එක උඩින් යන්නෙ නැතුව fly-over එක අයිනෙන් තියෙන පාරෙ යන්න.
    • බොරැල්ල පැත්තෙන් එනව නම් fly-over එක උඩින් ඇවිත් ඒකෙන් පිට උන ගමන් ම u-turn එකක් ගහල ඉහත කිව්ව වගේ fly-over එක අයිනෙන් තියෙන් පාරෙන් එන්න ..
    එහෙම එනකොට ආරාමය පාර තියෙනවා වමට හැරෙන්න.
    ටික දුරක් යනකොට, ආමි කෑම්ප් එකක් එහෙම පහු කරන් යනකොට පොඩි බෝඩ් එකක් ගහල තියෙනව වම් පැත්තෙ සිරි අරියවංශාරාමය කියල. පුංචි පටු පාරක්.

    සසරට ලොකු පිනක් කරගන්න, ජීවිතයට අරුතක් එක් කර ගන්න, ඔයාලම ගිහින් බලන්න.. මම වැඩි විස්තර කියන්නෙ නෑ.
    අද මම දක්ඛිනෙය්‍ය වූ බුද්ධපුත්‍රයන්වහන්සේ දැක, උන්වහන්සේලාට දන් පිලිගන්වා ලොකු පිනක් කර ගත්ත දවසක් කියල සතුටක් දැනෙනවා.

    https://maps.google.com/maps?q=dema...da,+Colombo,+Western+Province,+Sri+Lanka&z=17

    nirockzzz සහෝ උඹට බොහොම පින් මේ තොරතුරු කිව්වට.
    තෙරුවන් සරණයි
     

    dhanu1978shka14

    Junior member
  • Jan 31, 2007
    59
    7
    8
    මචන්ලා ,
    අපිට මෙහෙම කරන්න බැරිද ?
    මේකට දායක වෙන්න කැමති අයව එකතු කරගෙන එළකිරි එක ගානේ fund එකක් හදන්න . හැබැයි කවුරු හරි මූලික වෙන්න ඕනේ. Bank account එකක් ඔපෙන් කරලා කට්ටියම පුළු පුළුවන් විදහට සම්මාදම් වුනානම් අපිට කෙටි කාලයක් ඇතුලත මේක කරන්න පුළුවන් වෙයි. Admin ලගේ උදවු උපකාරත් ඇතුව මේක එළකිරි එකෙන් කරන පුණ්‍ය කර්මයක් විදිහට කරමු.
    බුද්ධ දර්ශනය ගැන හදවතෙන්ම කතා කරන එළකිරි එකේ සහෝදර සහෝදරියෝ සේරටම මේකට ඇත්තටම දායක වෙලා යමක් කරන්න පුළුවන්.

    මොකද හිතන්නේ කට්ටිය ..
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මචන්ලා ,
    අපිට මෙහෙම කරන්න බැරිද ?
    මේකට දායක වෙන්න කැමති අයව එකතු කරගෙන එළකිරි එක ගානේ fund එකක් හදන්න . හැබැයි කවුරු හරි මූලික වෙන්න ඕනේ. Bank account එකක් ඔපෙන් කරලා කට්ටියම පුළු පුළුවන් විදහට සම්මාදම් වුනානම් අපිට කෙටි කාලයක් ඇතුලත මේක කරන්න පුළුවන් වෙයි. Admin ලගේ උදවු උපකාරත් ඇතුව මේක එළකිරි එකෙන් කරන පුණ්‍ය කර්මයක් විදිහට කරමු.
    බුද්ධ දර්ශනය ගැන හදවතෙන්ම කතා කරන එළකිරි එකේ සහෝදර සහෝදරියෝ සේරටම මේකට ඇත්තටම දායක වෙලා යමක් කරන්න පුළුවන්.

    මොකද හිතන්නේ කට්ටිය ..

    ඇත්තටම හොදයි. යනකොට ගෙනියන්න දෙයක් සුදානම් කර ගන්න 60 පනින කම් ඉන්න ඕන නැහැනේ.