එනසාල් කියන්නේ මුහුදු මට්ටමෙන් අඩි 4000 උඩින් වියලි කඳුකරයේ යටි රෝපණයෙන් වැවෙන පොඩි පඳුරක්.
නකල්ස් එක තමා සුදුසුම ප්රදේශය.
ඒකෙ යටින් තමා එනසාල් කරල හැදෙන්නේ. ඒ කරලේ ගෙඩි තමා කඩන්නේ...
මම ත්රෙඩ් එකේ ඉස්සරහට එනසාල් වල පින්තුරයක් දාන්නම්...
එනසාල් කියන්නේ භූගත ජලය අධික ලෙස උරා ගන්නා ශාකයක්.
නකල්ස් කියන්නේ මහවැලි ගඟේ 30 % වඩා ලොකු පෝෂණ කලාපයක්.
මහවැලි යෝජනා ක්රමයත් එක්ක නකල්ස් වල එනසාල් තහනම් කරන්න යෝජනාවක් ආවා.මොකද නකල්ස් වලින් මහවැලියට උපරිම ජල ධාරිතාවයක් සැපයුවේ නැත්තම් පහල පෝෂක ප්රදේශ වලට ඕනේ තරමට වතුර නැති වෙන්න පුළුවන්.මොකද රන්ටැඹේ, වික්ටෝරියා, රන්දෙනිගල වගේ ලොකු ජලාශ නිසා උතුරුමැදට යන්නේ හරිම පොඩි ජල ධාරිතාවයක්....
අන්න ඒ නිසයි එනසාල් අයින් කරේ...
දැං ඉතිං රටිං ගේනවා .......








ඔය දුම්බර දුම්බර කියන්නේ උඩුදුම්බරටද මචං අර මැදමහනුවර පැත්තෙ තියෙන්නේ, මන් ගිය සඳුද අම්පාර රයිඩ් එකක් ගියා ඒ යනකොට අහුවුනා.

