කිරිඳි ඔය දිගේ කරඳගොල්ලට දිය ඇලි සංචාරයක්...
ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට. කොහොමද ඉතින් ඔයාලට ?
අවුරුදු කිහිපයකට පස්සේ ආපහු එලකිරියට සංචාරක නුලක් දාන්න හිතුනා. අන්තිමට එලකිරියට ත්‍රෙඩ් එකක් දැම්මේ 2020 අවුරුද්දේ.
ඊට පස්සේ ජීවිතේ සෑහෙන දේවල් ගොඩක් වෙනස් වුනා.නිතරම ආගියේ නැතත් එලකිරිය අමතක උනේ නම් නැහැ.
මේ ගමන ගැන කියනවා නම් මේක ගියේ 2020 අවුරුද්දේ සැප්තැම්බර් වල මම ඇල්ලේ නතරවෙලා ඉන්න කාලේ.මමත් තව යාලුවෙකුත් ගිය ගමනක්.
අපි ගියේ ඇල්ල නමුණුකුල පාමුල තියෙන සුන්දර නමුත් දුෂ්කර ගමක් වෙච්ච ඉලුක්පැලැස්ස කියන ගමට ගිහින්.එතනින් කිරිඳි ඔය දිගේ වරකාර ඇලි සහ පොල්ගහමූණ ඇලි බලාගෙන කරඳගොල්ලට.
ඇල්ල හරහා බල්ලකෙටුව ගමට ආවා. මෙතනින් තමා ඉලුක්පැලැස්ස ගමට යන පාර තියෙන්නේ.
ගමේ කෙලවර තියෙන්නේ වෙල් යායක්.
ඔය වෙල්යාය කෙලවරින් තමා වරකාර වතුර පාර ගමන් කරන්නේ. වරකාර වතුර පටන් ගන්නේ සුන්දර නමුනුකුලෙන්.
අපි යන දවස් වල වතුර නම් බොහොම අඩුයි. ඒ වගේම සෑහෙන පායනවා. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ මේ වතුර බොහොම අපිරිසිඳුයි.
මොකද තේ වතු, ගම්මාන , වෙනත් වගාවන් අතරින් කිළුටු වෙලා තමා පහලට ගලන්නේ.
අපි වෙල්යායෙන් වරකාර වතුර පාරට ඇවිත් ඒ දිගේම පහලට බැස්සා.
වරකාරේ පොඩි දිය ඇලි කිහිපයක් තියෙනවා. වතුර තියෙන කාලෙට නම් මීට වඩා ගොඩක් ලස්සන ඇති.
හැබැයි රූස්ස කැලේ එක්ක ලොකු ගල් අතරින් වතුර ගලාගෙන යද්දී අමුතුම ලස්සනක් තිබ්බා.
මෙතනින් පස්සේ දිගටම කැලෑව.
වරකාර ඇලි
එතනින් පස්සේ දිගටම වතුර දිගේ පහලට බැස්මක් තිබ්බේ. සමහර තැන් වලින් කැලෙන් තමා ගියේ.
ඔය විදිහට දිගටම ගියාම ඔය වතුර පාරට තව වතුරක් එකතු වෙන මංසන්ධියක් හම්බෙනවා.
අන්න එතන ඇල්ල ජංගල් රිසෝට් ( Ella Jungle Resort ) එක තියෙනවා. අපි ඒක ස්කිප් කරලා තමා ගියේ.
මොකද ඒක පෞද්ගලික දේපලක්. ඉතින් මොනවහරි ප්‍රශ්නයක් වෙයි කියල තමා ඒක මගහැරලා ගියේ.
ඒ එකතුවෙන වතුර තමයි රාවණා ඇල්ල නිර්මාණය වෙන කිරිඳි ඔයේ ප්‍රධාන දියපහර.
කිරිඳි ඔයේ ප්‍රධාන වතුර පාර දිගේ ටිකක් උඩට ගියාම ඒකටත් එකතු වෙන තවත් වතුරක් හම්බෙනවා.
ඒ වතුර පාර පටන් ගන්නේ කරඳගොල්ල කඳු වලින්. හරියටම කිව්වොත් ඔය කුරුලන්ගල තියෙන කඳු බෑවුම් වලින්.,
අන්න ඒකෙ තමා පොල්ගහමූණ එහෙම නැත්තන් පල්ලෙවෙල ඇලි හම්බුවෙන්නේ.

Last edited: