දුම්රියෙන් පැනීම

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    දුම්රියෙන් පැනීම

    4184294939_ec7bb644db.jpg


    සීග්‍රගාමී දුම්රියට නැගපු තරුණයෙක් රියදුරාට කිව්වලු "මම බහින්නෙ කැළණියෙන් " කියල. රියදුරා කිව්වලු "බොහොම කනගාටුයි මල්ලි, අපි කැළණියෙ නවත්තන්නෙ නෑ .. හැබැයි මට පොඩි උදව්වක් කරන්න පුලුවන් "

    තරුනය ඇහුවලු "ඒ මොකක්ද ?" කියල.

    රියදුරා කිව්වලු "මම කැළණියෙදි දුම්රියේ වේගය අඩු කරන්නම්. ඔයා දුම්රියෙන් පනින්න. හැබැයි පැනල දුම්රිය යන පැත්තටම දුවන් යන්න ඕනෙ, නැත්නම් ඔයාව වැටෙන්න පුලුවන්" කියල.

    තරුණය මේකට බොහොම කැමති වුනාලු.

    පොරොන්දු පරිදිම කැළනියේදි දුම්රියේ වේගය බාල කලාලු, තරුණය දුම්රියෙන් පැනල ටික දුරක් දුම්රිය සමග සමාන්තරව ඉදිරියට දුවගෙන ගියාලු සමබරතාවය තියා ගන්න.

    මේක දැකපු පිටිපස්සෙ පෙට්ටියෙ හිටපු මනුස්සයෙක් දුම්රිය සමග සමාන්තරව දුවමින් හිටපු තරුනයගෙ කරෙන් අල්ලල , දුම්රියේ දොරෙන් දුම්රිය ඇතුලට ඇදල ගත්ත ලු.


    ඊටපස්සෙ ඒ මනුස්සය අර තරුණයට කිව්වලු " මල්ලි හරි වාසනාවන්තයි, වෙනදට මේ දුම්රිය කැළණියෙ නවත්වන්නෙ නෑ " කියල.