මේ අනතුර ගැන විවිධ කතා තියනවා.
මම කියවලා තියන කතාව අනුව, කොළඹ ඉඳලා අළුත්ගම යන කෝච්චිය ප්රමාද වෙලා. ඒක දකුණු කළුතරට අවාම, ඒකට පයාගලට යන්න ටැබ්ලට් දීලා. ටැබ්ලට් දෙන්නේ කෝච්චිය ස්ටේෂන් එකට එන කොටම නේ.
මාතර ඉඳලා කොළඹ එන කෝච්චිය ඒ වෙනකොට පයාගලට ඇවිත්, ඉහත දුම්රිය සමග දකුණු කළුතරදී මාරු වෙන්න අවසර ඉල්ලලා. ඒක කරන්න නම් දීපු ටැබ්ලට් එක ආපහු අරගන්න ඕනෑ. ද.ක. SM, ඇන්ජිමට ගිහින් බලනකොට ඩ්රයිවර් ජෝඩුවම එන්ජිමේ ඉඳලා නැහැ. (ඩ්රයිවර් ජෝඩුව, කෝච්චිය නවත්වලා, දෙකක් දා ගන්න හොර පොළකට ගිය බව තමයි කියවෙන්නේ.)
රියදුරන් නොහිටියා උනත්, SM ටැබ්ලට් එක අරගෙන ඇවිත් ඒක පාවිච්චි කරලා පයාගල තියන කෝච්චියට දකුණු කළුතරට එන්න අවසර දීලා.
මේ වෙලාවේම, ඩ්රයිවර් ජෝඩුව ප්ලැට්ෆෝම් එක පැත්තෙන් නැතුව අනිත් පැත්තෙන් ඇවිල්ලා, කෝච්චිය එලවාගෙන ගිහිල්ලා. ද.ක. SM ට කෝච්චිය නවත්තා ගන්න බැරි වෙලා.
An investigation spearheaded by Lt. Col. F.R.H. Eustace of Indian Railway was conducted after a failed government investigation. The exact cause of the accident was, however, never uncovered because the railway staff from both trains were dead.
Various speculations still circulate over the drinks as to what could’ve happened in those old time where no means of communication existed.