දුම්රිය පොලේ තේ හැදු මෝඩි!

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    දුම්රිය පොලේ තේ හැදු මෝඩි!

    නරේන්ද්‍ර මෝඩි විශාල ඡන්ද සංඛ්‍යාවකින් පාලක කොංග්‍රසය පරාජය කර ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයට පත් වූයේ, කිසිවෙකු නොසිතූ පරිදි ය.

    මෝඩි, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බවට පත් වීම ත්, අමෙරිකාවේ බුහුමන් ලබමින් එහි සංචාරයක නිරත වීම ත් අතිශය සුවිශේෂී වන්නේ, ඔහුගේ අතීතය හාරා බැලූවෙකුට පමණි.

    1950 වසරේ සැප්තැම්බර් මස 17 වන දා ගුජරාට් ප්‍රාන්තයේ දුෂ්කර ගමක නරේන්ද්‍ර මෝඩි උපත ලැබුවේ, අධ්‍යාපනික හෝ සමාජයීය වරප්‍රසාද කිසිවක් නොලත් ගාන්චි නමැති ප්‍රජාවකට අයත්ව ය.

    එම ගෝත්‍රික ප්‍රජාවේ සම්ප්‍රදාය අනුව නරේන්ද්‍ර මෝඩිගේ විවාහය තීන්දු කෙරුණේ, ඔහු බාල වියේ පසුවද්දී ම ය.

    ඉන්පසු එම තීන්දුව අනුව වයස අවුරුදු 13දී Jashodaben Chimanlal නමැත්තිය සමග නරේන්ද්‍ර මෝඩි විවාහ ගිවිස ගත් අතර ඔහු ඇය සමග විවාහ වූයේ, වයස අවුරුදු 18 දී ය.

    වයස අවුරුදු 15 පසුවද්දී ඔහු සිය සොහොයුරා සමග එක්ව වද්නගර් දුම්රිය නැවතුම්පොළ අසල තේ කඩයක් පවත්වා ගෙන ගියේ ය.

    ඒ අතරවාරයේ වද්නගර් දුම්රිය නැවතුම්පොළේ සිය පියා සමග එක්ව තේ වෙළඳාම් කළේ ය.

    නරේන්ද්‍ර මෝඩි දේශපාලනයට අත්පොත් තැබුවේ, ලක්ෂ්මනරාඕ ඉනම්දාර්ගේ මග පෙන්වීම යටතේ ය. ලක්ෂ්මනරාඕ ඔහුට එම අවස්ථාව ලබා දී ඇත්තේ, මෝඩි දක්ෂ කථිකයෙකු වූ නිසා ය.

    පසුව ඔහු දිල්ලි විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ මූලික උපාධියක් හිමි කර ගත් අතර ගුජරාට් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ලැබී ය.

    ඔහු මීට 20 වසරකට පෙර එනම් 1994 වසරේ අමෙරිකාවේ සංචාරයක නිරත විය. ඒ, හුදු සංචාරකයෙකු ලෙස ය.

    එවක ධවල මන්දිරයේ ගේට්ටුවෙන් ඇතුළු වීමට ඔහුට අවසරයක් නොලැබුණේ, ඔහු හුදු ඉන්දීය සංචාරකයෙකු පමණක් වීම නිසා ය.

    පහත දැක්වෙන්නේ, නරේන්ද්‍ර මෝඩි සිය සගයින් පිරිසක් සමග 1994 වසරේදී අමෙරිකානු සංචාරය අතරතුර ධවල මන්දිරය පිටත සිට ගත් ඡායාරූපයකි.

    narendramodi-1994-us.jpg


    අද නරේන්ද්‍ර මෝඩි යනු ලෝකයට ම බලපෑම් කළ හැකි සුවිශේෂී රටක අග්‍රාමාත්‍යවරයා ය. දැන් ඔහුට ධවල මන්දිරයේ ගේට්ටු පමණක් නොව සියලු දොරවල් ද විවර වී තිබේ.

    narendramodi-2014-us.jpg


    අමෙරිකානු ජනපති බරැක් ඔබාමා, නරේන්ද්‍ර මෝඩිට දැක්වූ සැලකිල්ලේ තරම පෙනෙන්නේ පළමු වරට මෝඩි සමග ඒකාබද්ධ පුවත්පත් කතුවැකියක් පවා ලිවීම නිසා ය.

    ඔබාමා වැඩි ම කාලයක් ගත කළ ලෝක නායකයා වන්නේ ද නරේන්ද්‍ර මෝඩි බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

    නරේන්ද්‍ර මෝඩිට අමෙරිකාවේදී හිමි වූයේ, රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් පමණක් නොවේ. ඔහු පිළිගැනීමට අමෙරිකාවේ වෙසෙන ඉන්දියානුවන් 67000කට අධික පිරිසක් නිව්යෝර්ක් නගරයට එක්රොක් වී සිටියහ.

    narendramodi-2014-us-4.jpg


    එදා තේ කඩයේ තේ හැදූ නිකම් ම නිකම් මෝඩි, අද අමෙරිකාවේ පමණක් නොව සමස්ත ලෝකයේ ම සැලකිල්ලට ලක්ව සිටී. ජීවිතය යනු මෙය යි. නරේන්ද්‍ර මෝඩිගෙන් අපට උගත හැකි බොහෝ දේ ඇත.



    උපුටා ගැනීමකි
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    අපේ ලොක්කට ඔබාමා එක්ක පොටො ගැහුවට මෙහෙම එකට ඉදගෙන සාකච්චා කොරන්න බැරි උනා නේද.. :confused:
     

    nml

    Active member
  • Jul 19, 2006
    151
    38
    28
    ජීවිතය යනු මෙය යි. නරේන්ද්‍ර මෝඩිගෙන් අපට උගත හැකි බොහෝ දේ ඇත.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    අපේ ලොක්කත් ලයිබ්‍රියේ පොත් බලාගෙන හිටපු පොරක් :yes: කව්ද හිතුවෙ මෙහෙම වෙයි කියල, අපේ කරුමෙ තමා
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඇමරිකාව නරේන්ද්‍ර මෝඩිට මෙච්චර තැනක් දෙන්නේ චීනයට රිදවන්න කියලයි මට හිතෙන්නේ:rolleyes:..මොනව උනත් මෝදි හෙන ප්‍රියමනාප මනුස්සයෙක් වගේ;)..(පෙනුමින් එහෙම උනාට ක්‍රියාවෙන් කෝමද දන්නේ නැත.:dull:)
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අපේ ලොක්කත් ලයිබ්‍රියේ පොත් බලාගෙන හිටපු පොරක් :yes: කව්ද හිතුවෙ මෙහෙම වෙයි කියල, අපේ කරුමෙ තමා

    ඔව් ඔව් එක බැහැ :P:P:P:P:P

    ඇමරිකාව නරේන්ද්‍ර මෝඩිට මෙච්චර තැනක් දෙන්නේ චීනයට රිදවන්න කියලයි මට හිතෙන්නේ:rolleyes:..මොනව උනත් මෝදි හෙන ප්‍රියමනාප මනුස්සයෙක් වගේ;)..(පෙනුමින් එහෙම උනාට ක්‍රියාවෙන් කෝමද දන්නේ නැත.:dull:)

    සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා..........
     

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    ජීවිතය යනු මෙය යි. නරේන්ද්‍ර මෝඩිගෙන් අපට උගත හැකි බොහෝ දේ ඇත.