දුම්රිය සිද්ධිය ආයෙත්

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඔය සිද්දිය page කාරයෝ වෙනස් කර කර publish කරන්න ඇති likes වැඩි කර ගන්න.

    මොනව වුනත් එහෙම වෙලාවක උදව්ව්ක් කරපු එක ලොකු දෙයක්නේ. ඒක appreciate කරල railway fb එකේ මොනවත් දාලා තිබ්බද? ඔහොම ප්‍රසිද්දියක් ලැබෙයි කියල නෙමෙයිනේ උදව්වට ගියේ.
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දැක්කේ නෑ. ෆේස්බුක් නැහැ. දාපන්කෝ බලන්න ස්ක්‍රීන් ෂොට් එකක් අරං.
    ...

    හරි කියෙව්වා ලිපිය. කවුද ඇත්ත කවුද බොරු කියලා හිතා ගන්න බැහැ. මොකද මේකට සම්බන්ධ සිසුවාගේ ආර්ටිකල් මේ සති අන්ත පත්තර වල තියෙනව. ඒවායේ ඔහු කියන්නේ ඔහු තමයි මේක හැදුවේ කියලා. ඔහු කියන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්‍ෂණක ශිල්පීන් මේ කැඩුණු නලය හයි කරාලු කීප වතාවක්, ඒත් ඒක පීඩනය නිසා ආයේ ආයේ ගැලවුනලු. ඒ පාර මේ සිසුවා එතන තිබුන වෑල් තුනක් අඩු වැඩි කරලා, මේක හයි කරා කියලා ඔහුම කියලා තියෙන්නේ.


    ඇත්ත නැත්ත මම නං දන්නේ නැහැ.
     
    Last edited:

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මෙන්න මෙහෙම තිබ්බෙ

    පුද්ගලික විශ්වවිද්‍යාල සිසුවා හා දුම්රිය

    පසුගිය සැප්තැම්බර් 19 වනදා කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රිය අංක 4022 වායුසමනය කරන ලද නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය ගල්ගමුවට ආසන්න මහාගල්කඩවල ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව එය පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකු විසින් නිවැරැදි කල බව සමාජජාලා වල පලවීමත් සමග විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වලින් පලකිරීමටද පියවර ගනුලැබුවා. එමගින් "ජනිත් දිමන්ත" නම් ඔහු වීරයකු බවට පත්කර දුම්රිය දෙපාර්තමේන්තුවට හා සේවයන්ට අපහාස වන ලෙස පුවතක් මැවීවට යම්කිසි කෙනෙකුට හෝ පිරිසකට හැකිවෙනව..

    සැබැවින්ම සිදුවූයේ කුමක්ද?....

    වායුසමනය කල දුම්රියක ඔබ ගමන් කර ඇත්නම් එම දුම්රියේ හා වායුසමනය කල මැදිරියේ රාජකාරිය සදහා තාක්ෂණශිල්පී මහතෙකු ගමන් ගන්නා අවස්ථාවන් ඔබ දැකීමට හෝ ඔවුන් හදුනාගැනීමට ලැබීඇත. ඉහත සදහන් සිදුවීම සිදුවූ දිනයේද අදාල දුම්රියේ රාජකාරිය සදහා දුම්රිය රියදුරු, රියදුරු සහායක, දුම්රිය නියාමකවරයා මෙන්ම තාක්ෂණශිල්පියාද ගමන් කරනු ලබනවා.

    කාර්මික දෝෂය සිදුවී දුම්රිය අතරමග නවතින මොහොතේදී දුම්රිය රියදුරු අදාල දෝෂයන් S12 එංජින් වල ඇති PLC පද්ධතිය හරහා පාඨාංක ලෙස එංජිමේ ඇති පරිඝණක තිරයේ ප්‍රදර්ශන වන බැවින් එය වායු කාන්දුවක් නිසා සිදුවන සම්පීඩිත වායුව අඩුවීමක් බව රියදුරු වටහාගන්නවා ඒ අනුව අදාල දෝෂය එංජිමේද නැතහොත් මැදිරියකද යන්න පරීක්ෂා කිරීම පිණිස රියදුරු හා රියදුරු සහයකවරයා දුම්රිය එංජිමෙන් බසින විටම රියදුරු කුටියට යටින් වායුකාන්දුව අධික ශබ්දයකින් යුතුව පැවති බැවින් දෝෂ සහිත ස්ථානය පැහැදිලිව හදුනාගැනීමට හැකිවනව. ඒ වන විට නියාමකවරයා හා තාක්ෂණික ශිල්පියා මෙන්ම දුම්රියේ ගමන් ගත් මගීන් කිහිප දෙනෙකුද අදාල දෝෂය සහිත ස්ථානයට පැමිනෙනව.

    අදාල කටයුතු සිදුවීමට දුම්රිය නැවතී විනාඩි කීපයක් ගතවෙද්දී අදාල දෝෂයකට පිලියම් යෙදීම පිණිස තාක්ෂණශිල්පියා බොගි කට්ටලය අතරට රිංගා අදාල නලය සැදීමේ කටයුතු ආරම්භ කරනව. නලයේ දෝෂය සරල වූ නමුත් එම ස්ථානයේ සිට නැවත සැකසීම සුලුපටු නොවූ බැවින් එය සකස් කිරීමට අවශ්‍ය යතුරු ආවුද හා උපකරණ (Tools) රැගෙන ඒමට තම සහයකයාව අදාල මැදිරිය වෙත යවන තාක්ෂණශිල්පියා ඒ අතර කාලයේ දුම්රිය රියදුරුන්ගේ හා රියදුරු සහයකගේ උදවු ඇතිව දුම්රිය එන්ජිමේ තිබූ ආවුද පෙට්ටියේ උපකරණ උපයෝගී කරගනිමින් වායුපීඩන නලයේ දෝෂය නිවැරැදි කිරීමේ කටයුතු අරඹනු ලබනව.

    සැදෑකාලය පැමිනීම හා දුම්රිය කැලෑබද පෙදෙසක නතරවී ඇති නිසාවෙන් දෝෂය සෑදීමේ කටයුත්තට අඳුර තවත් බාධාවක් බවට පත්වෙනවා. එහිදී රියදුරු සහයකවරයාද විදුලි පන්දමක් ගෙන එංජිම යටට පැමින ආලෝකය සපයනවා. යම්දිනෙක මෙම දෝෂ සහිත ස්ථානය ඔබ නිරීක්ෂණය කලහොත් එහි ඇති ඉඩඅඩුපාඩුකම පිලිබඳව යම් අදහසක් ඔබට වැටහෙනවා නොඅනුමානයි. වේලාව මේ වන විට ගෙවී යද්දී දුම්රිය නතරවී විනාඩි 30කට පමන කාලයකට ආසන්න වෙනවා. දෝෂයට පිලියම වන ගැලවී ඇතිවායු නලය හා L නැම්ම ("L" baw) කොටස සවිකිරීම වූ අතර එම නලය ඉහලට ඔසවා පොට සවිකිරීම සිදුකල යුතුවනව. කිහිප වරක් තනිවම එය සිදුකිරීමට උත්සහ කලද එම නලය ඔසවා තබා ගනිමින් පොට අමුනා ගන්නට තාක්ෂණශිල්පියාට නොහැකිවනව. රියදුරු සහයකවරයා සිටි තැනින් එතනට පැමිණීමට උත්සාහ කරන අවස්ථාවේ අදාල කටයුතු බලාසිටින තරුණයකු S12 935 එංජිම යටට රිංගාවිත් තාක්ෂණශිල්පී මහතාට සහයවීමට ඉදිරිපත්වනව, ගෙවෙන කාලය ඉතිරිකරගනිමින් කෙසේ හෝ දුම්රියේ දෝෂය නිවැරැදි කලයුතු නිසා තාක්ෂණශිල්පියාද, දුම්රිය රියදුරුවරයාද ඔහුගේ ඉදිරිපත්වීමට එරෙහි නොවී අදාල දෝෂය නිවැරදි කිරීමේ කටයුත්ත සදහා සහයවීමට අවස්ථාව ලබාදෙනු ලබනව. මේ වනවිට තාක්ෂණශිල්පී සහයකයා ආවුද පෙට්ටිය රැගෙන පැමින සිටියද ඔහුට දුම්රිය එංජිම යටට රිංගායාමට ඉඩකඩක් නොතිබුණු නිසා හා එම කොටසේ දෙදෙනෙකු පමනක් සිටීමට හැකි ඉඩකඩ නිසා ඔහු අදාල ආවුද ලබාදෙමින් කාර්යයට සහයලබා දෙනව. එහිදී එම ස්ථානයේ අදාල වායුනලය ඉහලට ඔසවාදෙන ලෙස තරුණයාට පවසන තාක්ෂණශිල්පියා ඔහු නලය ඉහලට එසවූ පසු Union හා Nut සීරුමාරු කරමින් නිවැරැදි ලෙස සවිකර පද්ධතිය සකස් කර ගන්නවා. පසුව ආවුද යොදා හොදින් සවි කිරීමෙන් අනතුරුව එංජිම පන ගන්වනු ලබනව. සැබැවින්ම දුම්රියේ ප්‍රමාදය මේ වන විට විනාඩි 50කට ආසන්න වූ අතර නැවත පනගැන් වූ එංජිමෙහි වායුනිදහක් කරන ලෙස තාක්ෂණශිල්පියා දුම්රිය රියදුරුට දැනුම් දෙනව.

    විනාඩි කීපයක පරීක්ෂාවෙන් අනතුරුව දුම්රිය ⁣ගල්කිස්ස බලා ගමන් අරඹන අතර මගීන් සියලුදෙනාමද නැවත දුම්රියේ තමන්ට සුපුරුදු ආසන වෙත යනු ලබනව, දෝෂ තත්වයේ සාර්ථකත්වය පරීක්ෂා කිරීම පිණිස තාක්ෂණශිල්පියා දුම්රිය එංජිම තුල ගමන් කරන අතර ඔහු කොළඹ කොටුව දක්වාම එසේ පැමිනෙනව.

    සතියේ උණුසුම් පුවතේ කතාව එතනින් ඇරඹෙන අතර එය මෙසේ වනවා.

    නැවත මැදිරි වෙතපැමිනෙන තරැණයාගෙන් දෝෂ පිලිබඳව ඇසූ මගීන් හමුවේ ඔහු කියාසිටින්නේ දුම්රියේ දෝෂය තමා නිවැරැදි කල බවත් කිසිදු සැකයකින් තොරව ආපසු ගමනාන්තය කරා යාහැකි බවයි. දුම්රියේ මැදිරි වල සිටි සමහරු මේ දක්ෂ තරුණයාගේ ඡායාරූප පවා ලබාගන්නේ අතරමග නවතින්නට ගිය ගමන නිරුපද්‍රිතව රැගෙන යන වීරයාගේ මතකසටහන් ලෙසටයි. මෙම සිදුවීම සිදුවී දින කිහිපයකට පසුව යම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් දුම්රිය දෙපාර්තමේන්තුවට හා සියලුම සේවයන් නිළධාරින් වෙත අපහාස වන ලෙස ලිපියක් ගොතා ප්‍රසිද්ධිය වැඩිවන සේ කරුණු සකසා Facebook සමාජජාලයට යොමුකරනු ලබනව.

    එහි ප්‍රතිඵලයක් ලෙස gossip site, facebook group, facebook page ඇතුලු සමාජජාලා මාධ්‍යයන්ගේද පසුව පුවත්පත් රූපවාහිනී නාලිකා ඇතුලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ගේද "ජනිත් දීමන්ත දුම්රිය ⁣කාර්මියන්ට හදාගැනීමට නොහැකිව මග නතරවූ දුම්රිය විනාඩි 20 සැදූ තරුණයා" යන මාතෘකාව තුල රටපුරා ප්‍රසිද්ධවීමට පටන් ගැනෙනව.

    ඊයේ දින වන විට (2018-09-28) දුම්රිය දෙපාර්තමේන්තුවේ කිසිදු අනුදැනුමකින් තොරව පලවූ මෙම පුවත නිසා එම සිදුවීම සිදුවූ දින සේවය කල තාක්ෂණශිල්පියාට එරෙහිව දෙපාර්තමේන්තුව තුලින් විනයපරීක්ෂනයක් කැදවූ අතර දුම්රිය රියදුරු, රියදුරු සහයක, තාක්ෂණශිල්පී සහායකද මෙහි වගඋත්තරකරුවන් බවට පත්ව තිබෙනව

    සැබැවින්මනිවැරැදි දේ හා සත්‍ය ඇතිසැටියෙන් දැන ගැනීමට සමාජජාලා උපකාර වනවාසේම බොරුවක්ද ලස්සනට ගොතා පලකිරීම තුල කෙනෙකුට ප්‍රසිද්ධිය ලැබෙන අතර තවත් කෙනෙකුට තම ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවීමට ලක්වූ අවස්ථාද අප ඕනෑ තරම් දැක ඇත. එසේම ප්‍රසිද්ධියට වඩා තමා ලද දැ⁣ණුමෙන් උපකාර කිරීමට ඉදිරිපත් වූ මෙම තරුණයා ප්‍රසංසනීයය. ඔහුව යොදා ගනිමින් යමෙකු හෝ කණ්ඩායමක් ඔවුන්ගේ පුද්ගලික අරමුණු ඉටුකරගනිමින් සිදුකල ක්‍රියාව ලැජ්ජා සහගතය. වසර ගනනක් දුම්රියට තම ජීවිතය කැපකල තාක්ෂණශිල්පියාට විශ්‍රාම දිනය පෙනිපෙනී තිබියදී සේවයෙන් පහකිරීමට සිදුවුවහොත් එම පාපකර්මයේ ආනිසංස ලිපිය පලකල මහාවිද්වතාටද හා කරුණු කිසිත් සොයානොබලා ප්‍රසිද්ධ කල සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ටද අනිවාර්යයෙන් ලැබෙනු ඇත..

    සත්‍යය දැනගන්න වීඩියෝව බලන්න ..

    © Srilanka Railway Journal
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    Views හිඟන්නො නිසා තව ටිකෙන් අරූගෙ රස්සාවත් ඉවරයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    Lankawe hama thanama boruwen ban duwanne. Media wala athi hodakuth na. Koheta hari gahala mokak hari up karala pennana eka thamai karanne.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමත් අර කොලුවා වැඩේ කලා තනියම කියන පෝස්ට් එක ශෙයාර් කලා.. කමෙන්ට් නම් ඉතින් වැටුනා රේල්වේ උන්ගේ පඩි නවත්වන්නත් :sorry:

    කොහොමත් අර එළවලු කරත්තේ පොලිසියෙන් පෙරලපු එක, ගංවතුරට රුපියල් 80 චෙක් එකක් දුන්නු එක ගැන මුලින් වයිරල් උනාට පස්සේ ඇත්ත ප්‍රොමොට් වෙනවා අඩුයි. හිඩ්න් ඩිසයර්ස් අනූව මිනිස්සු රෙස්පොන්ඩ් කරන්නේ වාසියට.. ක්‍රිටිසයිස් කරන්නෙත් එහෙමයි. සාධාරණ නෑ හුඟක් වැඩ
     
    • Like
    Reactions: Epoche97

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    Lankawe hama thanama boruwen ban duwanne. Media wala athi hodakuth na. Koheta hari gahala mokak hari up karala pennana eka thamai karanne.

    මමත් අර කොලුවා වැඩේ කලා තනියම කියන පෝස්ට් එක ශෙයාර් කලා.. කමෙන්ට් නම් ඉතින් වැටුනා රේල්වේ උන්ගේ පඩි නවත්වන්නත් :sorry:

    කොහොමත් අර එළවලු කරත්තේ පොලිසියෙන් පෙරලපු එක, ගංවතුරට රුපියල් 80 චෙක් එකක් දුන්නු එක ගැන මුලින් වයිරල් උනාට පස්සේ ඇත්ත ප්‍රොමොට් වෙනවා අඩුයි. හිඩ්න් ඩිසයර්ස් අනූව මිනිස්සු රෙස්පොන්ඩ් කරන්නේ වාසියට.. ක්‍රිටිසයිස් කරන්නෙත් එහෙමයි. සාධාරණ නෑ හුඟක් වැඩ

    :yes::yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මමත් අර කොලුවා වැඩේ කලා තනියම කියන පෝස්ට් එක ශෙයාර් කලා.. කමෙන්ට් නම් ඉතින් වැටුනා රේල්වේ උන්ගේ පඩි නවත්වන්නත් :sorry:

    කොහොමත් අර එළවලු කරත්තේ පොලිසියෙන් පෙරලපු එක, ගංවතුරට රුපියල් 80 චෙක් එකක් දුන්නු එක ගැන මුලින් වයිරල් උනාට පස්සේ ඇත්ත ප්‍රොමොට් වෙනවා අඩුයි. හිඩ්න් ඩිසයර්ස් අනූව මිනිස්සු රෙස්පොන්ඩ් කරන්නේ වාසියට.. ක්‍රිටිසයිස් කරන්නෙත් එහෙමයි. සාධාරණ නෑ හුඟක් වැඩ


    Cheque eke kathawath boruwakda? :shocked::shocked:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ප්‍රශ්නේ ප්‍රශ්නයක් වෙලා තියන්නේ වෙනම කොහෙවත් ඉන්න කට්ටියකටනේ..හදපු කොල්ලවත්,රේල් එකේ කට්ටියටවත් නෙමෙයි.අනිත් අය එකතුවෙලා පැමිණිල්ල දාලා නඩුත් අහලා
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මමත් අර කොලුවා වැඩේ කලා තනියම කියන පෝස්ට් එක ශෙයාර් කලා.. කමෙන්ට් නම් ඉතින් වැටුනා රේල්වේ උන්ගේ පඩි නවත්වන්නත් :sorry:

    කොහොමත් අර එළවලු කරත්තේ පොලිසියෙන් පෙරලපු එක, ගංවතුරට රුපියල් 80 චෙක් එකක් දුන්නු එක ගැන මුලින් වයිරල් උනාට පස්සේ ඇත්ත ප්‍රොමොට් වෙනවා අඩුයි. හිඩ්න් ඩිසයර්ස් අනූව මිනිස්සු රෙස්පොන්ඩ් කරන්නේ වාසියට.. ක්‍රිටිසයිස් කරන්නෙත් එහෙමයි. සාධාරණ නෑ හුඟක් වැඩ

    cheque eka mkadda boru da
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    cheque eka mkadda boru da

    හදිසි අවස්තාවල චෙක් වලින් සල්ලි දෙන්න බැරි නිසා ක්ෂණිකව කෑශ් 10 000 ක ඇඩ්වාන්ස් එකක් දෙන්න ප්‍රාදේශීය ලේකම්ට බලය තියෙනවලු. පස්සේ හානිය එස්ටිමේට් කරලලු ඉතුරු සල්ලි දෙන්නේ.. මේ එස්ටිමේට් එක 10 080 යිලු. සියලු විස්තර එෆ්.බී. තිබ්බ
     

    Scooby-Doo

    Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    ඔය කතාව ඇත්ත වෙන්න පුලුවන් මොකද රේල්වේ උන් කිසි දවසක පිට එකෙක්ට එන්ජිමකට අත තියන්න දෙන් නෑ බං. අනික උන්ගේ ටෙක්නීශියන් කෙනෙක් හිටියනම් මලාට වෙන එකෙක්ට ඕකට කිට්ටු වෙන්න දෙන් නෑ ඌට හදන්න පුලුවන් උනත් බැරි උනත්. ඔය සීන් හින්දම බුකියේ යන කිසි දෙයක් දැන් ශෙයා කරන් නෑ
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    654
    113
    Classified
    පුද්ගලික විශ්වවිද්‍යාල සිසුවා

    latest

    Haters Gonna Hate ;)