දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් කරයි

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් කරයි

    (රංජන් කස්තුරි)

    දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් බවට ප්‍රකාශකරමින් ජනාධිපතිවරයා විසින් අද (03) රාත්‍රීයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.

    පොදු මගී ජනතාවගේ යහපත වෙනුවෙන් රජය එම පියවර ගෙන ඇති අතර වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් සමාන්‍ය පරිදි රාජකාරියේ නිරතවීම අත්‍යාවශ්‍ය වේ.

    සතියකට අධික කාලයක් තිස්සේ දුම්රිය සේවකයින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මෙම අත්‍යාවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.


    Lankadeepa
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    meka nam hoda wadak . mehema natanna denna ba eka ekata:cool::cool: oya uni lamainwa parata gena unwath hoyala marala danna one. parawal wahanna strike karanna denna narakai.:):););):):) hamoma wada karanna oni samahara ewun awurudu 15 20 parliment awith eka project proposal ekakwath deela na katha karala na. ehema unwath kelinma ain karanna one loken:):)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ඇයි මේක කරන්න මෙච්චර පරක්කු උනේ. මේක විතරක් මදි තව රෝහල් වල සියළුම සේවාවන්, ගුරු, පෙට්‍රෝලියම් වගේ තැන් අත්‍යාවශ්‍ය සේවා කරන්න ඕනේ. එහෙම නැත්නම් වැඩ කරන අයව ආමි එකේ යුනිට් එකක් විදිහට නඩත්තු කරවන්න ඕනේ. එතකොට ඔය වර්ජන මුකුත නෑ.
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    එක පාරකුත් ඔය ගැසට් එක ගහන්න ගිහින් නතර වුනේ..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,069
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආණ්ඩුවට කොන්ද පන තියෙයිද?🤔🤔🤔

    ආණ්ඩුවත් වැරදි වර්ජනේ කරන අයත් වැරදී ඊට වඩා කෝච්චි වල යන සිංහලු පව්..ඔ‍ෆිස් ටයිම් කෝච්චියක විතරයි වෙලාවකට වැඩට යන්ඩ පුලුවන් මග ට්‍රැ‍ෆික් නැති නිසා.