දුම්රිය_ගැටුමෙන් ජීවිත හානි
2013 අපේ‍්‍රල් මස 20 20:04:16
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා මග්ගොන අතර මාගල්කන්දේදී බස්රියක් දුම්රියක ගැටී අඩු ගණනේ 20 දෙනකු මිය යන්නට හෝ බරපතල තුවාල ලබන්නට ඇතැයි රෝහල් ආරංචි කියයි. මහනුවර සිට බසයකින් මළ ගෙදරක ආ පිරිසක් කොළඹ සිට ගාල්ලට ධාවනය වූ දුම්රියේ හැපෙන්නට ඇතැයි අසල් වැසියෝ කියති.
2013 අපේ‍්‍රල් මස 20 20:23:49 |
බේරුවල ක්‍රොස්ලන්ඩ් හන්දිය අසළදී බසය දුම්රියේ හැපුණු ගමන් කොළඹ, ගාල්ල මහා මාර්ගයට වැටී ඇත. මළ සිරුරු තුනක් එහිදී දැකගත හැකිවිය. තුවාලකරුවන් රැසක් රෝහල කරා රැගෙන යනු දුටුවෙමු. බසය මහපාරට වැටීම හේතුවෙන් දැඩි වාහන තදබදයක් ද මිනිත්තු 30ට පමණ කලින් ඇතිවිය. එහි පැමිණි පොලිස් නිලධාරීන් කඹ දමා බසය මහපාරෙන් ඉවත් කිරීමට උත්සාහ කරයි
2013 අපේ‍්‍රල් මස 20 20:37:31
බේරුවල රොක්ලන්ඩ් හන්දිය දුම්රිය බස්රිය අනතුරින් අඩු ගණනේ තුවාල ලැබූ 30 දෙනකු නාගොඩ රෝහලට ගෙනයන්නට ඇතැයි සහන සේවකයෝ කියති. මිය ගිය ගණන ස්ථිර වශයෙන් දැනගන්නට නැත.
ලංකාදීප

Last edited: