
ඇමෙරිකා එක්සත් ජනපදය සිය ඩ්‍රෝන් බල ඇණියේ මාරාන්තික බව ක්‍රමයෙන් තීව්ර කරමින් නවතම අවි අත්හදා බලයි.ඉන් එකක් වන්නේ හෙල්ෆයර් R9-X හෙවත් නින්ජා මිසයිලයයි.මෙම මිසයිලය නැවත වරක් සිරියාවේ ප්‍රහාරයක් සඳහා භාවිතා කල බවට පුවත් වාර්තා සඳහන් කරති.
ඊශ්‍රායලයේ ජෙරුසලම් පෝස්ට් පුවත්පත පවසන පරිදි ජූලි මස 20දා උතුරුදිග සිරියාවේ තුර්කි පාලන ප්‍රදේශයේ අසාස් නගරය ආසන්නයේ ත්රස්තවාදීන් ගමන් කල රථයක් ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාරය එල්ල වී තිබේ.
තුර්කියේ දකුණු දිග දේශසීමාවේ කිලිස් නගරයේ සිට කිලෝමීටර් 25ක් පමණ දුරින් පිහිටා ඇති ඉක්ටයිම්ලට් ප්‍රදේශය හරහා දිවෙන මාර්ගයක ගමන් කරමින් තිබූ සුදු පැහැ කුඩා ට්‍රක් රථයක් ප්‍රහාරයෙන් හානියට පත් විය.මෙම රහසිගත මිසයිලය සාමාන්‍ය හෙල්ෆයර් මිසයිලයක් මෙන් මීටර් 1.6 පමණ දිගින් යුක්තය.ඒ අනුව R9-X මිසයිලය පුද්ගලයෙකුගේ උසට සමානය.නමුත් සාමාන්‍යය හෙල්ෆයර් මිසයිලය භාවිතා කරන පුපුරණද්‍රව්‍ය සහිත අවි ශීර්ෂය වෙනුවට R9-X මිසයිලය තියුණු මුවහතක් සහිත තල වලින් සමන්විතය.ඉලක්කය මත පතිත වීමට මත්තෙන් මිසයිලයේ තිබෙන තල හයක් දිග හැරෙයි.අසිපත් වැනි මෙම තියුණු තල සහිත මිසයිලය ඉලක්කය වෙත කඩා වදින වේගය නිසා මෝටර් රථයක සිටින අයෙකුට මරණීය තුවාල සිදු කල හැකිය.

මිසයිල ප්‍රහාරයේ ඉලක්ක බවට පත් වූ කුඩා ට්‍රක් රථය
මෙම මාරක අවිය නිර්මාණය කර තිබෙන්නේ මෝටර් රථයක සිටින පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් මරා දමන්නටය.ඉහත සිදුවීමේදී මිසයිලය කඩා වැදී තිබෙන්නේ ට්‍රක් රථයේ රියදුරු අසුන දෙසින්ය.එම ස්ථානයේ මිය ගොස් සිටි පුද්ගලයින් ගණන 3ක් යැයි වාර්තාවේ.ප්‍රහාරයෙන් පසුව ලබා ගත් ඡායාරූපවලට අනුව බරපතල කැපුම් තුවාල සහිත මළ සිරුරු රථය අවට දක්නට ඇත.
මිය ගිය පුද්ගලයින්ගේ මළසිරුරු



මිය ගිය එක් අයෙක් 1987 වර්ෂයේදී උපන් සුජා මොහොමඩ් ලෙස හඳුනාගෙන ඇතත්,සමහරුන් ව්‍යාජ හැඳුනුම්පත් භාවිතා කරන නිසා අනන්‍යතාවය 100% සත්‍යය යැයි පැවසිය නොහැකිය.මිය පුද්ගලයින්ගේ ශරීර කොටස් වයිට් හෙල්මට්ස් නම් මුදා ගැනීමේ කණ්ඩායමේ සාමාජිකයින් විසින් රැස් කරන අයුරු වීඩියෝ පටවල ඇතුලත්ය.

ලෙයින් තෙත් වී ඇති ට්‍රක් රථය,පසෙකින් මළ සිරුරුවල කොටස් දිස්වේ

මියගිය අයෙකුගේ හැඳුනුම්පතක්
නින්ජා මිසයිලය මීට ඉහතදී ජූලි 18,ජුනි 20 සහ ජූනි 15 යන දිනවලදී සිරියාවේ ප්‍රහාර සඳහා භාවිතා කර තිබේ.මෙම මාරක අවිය පළමුවරට සමාජගත වන්නේ 2019 මැයි මාසයේ සිදු කල ප්‍රහාරයකදීය.

අල්කයිඩාවේ කැපීපෙනෙන නායකයෙක් වූ අබු අල්-කසාම් අල්-ඔර්ඩනි පසුගිය මාසයේදී සිරියාවේ ඉඩ්ලිබ් හිදී ඝාතනය කිරීමට යොදාගෙන තිබුණේද නින්ජා මිසයිලයකි
සාමාන්‍ය හෙල්ෆයර් මිසයිලයක් භාවිතා කරන පුපුරණද්‍රව්‍ය හේතුවෙන් මෙවැනි ඉලක්කගත ඝාතනවලදී පවා පිටස්තර පුද්ගලයන්ට ජීවිත හානි/තුවාල සිදුවීමේ සම්භාවිතාවය අතිශය ඉහළ මට්ටමක පවතියි.නමුත් නින්ජා මිසයිලය නිසා අතිරේක හානිය සැලකිය යුතු මට්ටමකට අවම වී තිබේ.නමුත් මෙම මිසයිලයෙන් බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලබා ගැනීමට 100%ක් සාර්ථකව ඉලක්කය මත පතිත වීම අත්‍යාවශ්‍ය වේ.
2020 ජූලි මස 15දා ප්‍රහාරයේ ප්‍රතිඵල
මේ දක්වා නින්ජා මිසයිලයේ සමීප ඡායාරූපයක් හෝ සම්පූර්ණය මිසයිලය අනාවරණය වී නොමැත.නමුත් ප්‍රහාරවලින් පසුව මිසයිලයේ අවශේෂ කොටස් හමුවී ඇත.පහත වීඩියෝ පටයේ දැක්වෙන්නේ සිරියාවේ ප්‍රහාර සඳහා භාවිතා කල AGM-144R9X හෙල්ෆයර් මිසයිලයක කොටස්ය.
source:sputniknews.com
තව ලිපි සඳහා පිවිසෙන්න