දුම් පානය හා අධික මත්පැන් පානය

Aug 4, 2009
3,094
582
0
Colombo
දුම් පානය හා අධික මත්පැන් පානය

දුම් පානය හා අධික මත්පැන් පානය බඩවැලේ හා ගුද මාර්ගයේ පිළිකා ඇතිවීමට ප්‍රබල හේතුවකි.



පුද්ගලයෙකු තම ජිවිත කාලය තුළ ඇසීමට අකැමතිම වදන් අතර පිළිකාවක් වැළඳී ඇතැයි ඇසීම ප්‍රමුඛතාවයෙන්ම ඇතැයි මා කිවහොත්
එය අතිශෝක්තියක් නොවනු ඇත. අතීතයේ සිට අද දක්වාම පිළිකා රෝගය පිළිබඳව ජනතාව තුළ ඇත්තේ දැඩි බයකි. නමුත්, ඇතැම්
පිළිකා වර්ග මුල් අවස්ථාවේදීම හඳුනාගෙන නිසි ප්‍රතිකාර කළහොත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව බොහෝ දෙනෙකු නොදනී. එබැවින්
ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සමාජ මෙහෙවරක් මෙන්ම කාලීන අවශ්‍යතාවයක් ලෙසද හැඳින්විය හැක.


අපේ ශරීරය සැදී තිබෙන්නේ සෛල වලිනි. පිළිවෙලකට හා රටාවකට බෙදීම සෛලවල සාමාන්‍ය පිළිවෙලයි. සමහර වේලාවට විවිධ හේතු
නිසා මේ පිළිවෙල හා රටාව යන දෙකම වෙනස් වීම සිදුවේ.එවැනි විටෙකදී බෙදෙන සෛල පාලනයකින් තොරව අක්‍රමවත්ව වැඩීම
පිළිකාවක් ලෙසට හඳුන්වනු ලැබේ.


මිනිස් සිරුරේ පිළිකා ඇතිවන ස්ථාන අනුවත්, පිළිකාවේ සෛල වර්ගය අනුවත් පිළිකා වර්ග රාශියක්ම මේ වන විටත් වෛද්‍ය විද්‍යාව
හඳුනාගෙන තිබේ. එවැනි දහස් ගණනක් වු පිළිකා විශේෂ අතරින් පොදු මහජනතාවට ඉතා වැදගත් වන පිළිකා විශේෂයක් වන ‛‛මහ බඩවැල
හා ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන පිළිකා’’ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප අදහස් කළෙමු.


පාඨක ඔබ වෙනුවෙන්ම ඒ සඳහා වඩාත් සුදුසු වෛද්‍යවරයකු හමුවීමට අප තීරණය කළෙමු.කොළඹ වෛද්‍ය පීඨයේ, ශල්‍ය වෛද්‍ය ඒකකයේ
මහාචාර්ය නන්දදේව සමරසේකර මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය නවීන් විජේකෝන් මහතා
ලබාදුන් මේ තොරතුරු ඔබටද වැදගත් වනු නොඅනුමානය.




මහාන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකාවක් යනු කුමක්ද?

මෙම පිළිකාවේදී සිදුවන්නේ හානිකර පිළිකා සෛල මහාන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ වර්ධනය වීමකි. මෙම පිළිකාව බහුලවම ඇතිවන්නේ,

  • මහාන්ත්‍රයේ වම්පස කොටස
  • සිග්මොයිඩ් මහාන්ත්‍රය
  • ගුද මාර්ගය යන ස්ථානවලය.




මෙම පිළිකාව පැතිරෙන්නේ කෙසේද
?


මහාන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකාව ආරම්භ වන්නේ මහාන්ත්‍රයේ බිත්තියේ ඇතුලත පටකයෙනි. මෙය කාලයත් සමග මහාන්ත්‍රයේ
අනෙකුත් පටක හරහා පැතිර ගොස් සිරුරේ යාබද අනෙකුත් අවයව වලටද පැතිරී යා හැක. පිළිකා සෛල වසා වාහීනී හරහා පැතිරීමෙන්
සිරුරේ වසා ගැටිති තුළටද පැතිර යා හැක. එමෙන්ම රුධිරය හරහා පැතිර යන පිළිකා සෛල, අක්මාව, පෙනහලු සහ මොළය ආදී
ශරීරයේ අනෙකුත් අභ්‍යයන්තර ඉන්ද්‍රීයයන් වලටද පැතිර යා හැක.




මෙය ඇතිවීමට හේතු මොනවාද
?


අපගේ සෛල තුළ තිබෙන ජාන වල සිදුවන වෙනස්කම් මෙම රෝගය ඇතිවීමට බලපෑමක් ඇති කරන බව වෛද්‍යවරුන් සොයාගෙන ඇත.
මෙම පිළිකාව සාමාන්‍යයෙන් පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන රෝගයක් නොවේ. එහෙත් මහාන්ත්‍රයේ හටගන්නා ඇතැම් ජානගත
තත්ත්වයන් නිසා මෙම පිළිකා එකම පවුලේ අයට ඇතිවිය හැක.


මෙයට අමතරව පහත සාධක ඇත්නම් කෙනෙකුට මහාන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා වැළදීමට වැඩි නැඹුරුතාවයක් පවතී.



  • බඩවැලේ පොලිප් තත්ත්ව තිබීම


  • අධික තෙල් සහිත ආහාර ගැනීම


  • තන්තුමය (කෙඳි සහිත) ආහාර අඩුවෙන් ගැනීම


  • දුම්පානය සහ අධික ලෙස මත්පැන් පානය


  • අධික ලෙස තරබාරු වීම සහ ශාරීරික ව්‍යායාම මද බව


  • පවුලේ ඥාතීන්ට මහාන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා තිබීම


  • අල්සරේටිව් කොලයිටිස් හෝ ක්‍රෝන්ස් වැනි රෝග තත්ත්ව පැවතීම
 
Last edited:
Aug 4, 2009
3,094
582
0
Colombo
මෙයින් මිදීම සඳහා කුමක් කළ යුතුද?


  • අධික තෙල් සහිත ආහාර භාවිතය අවම කරන්න


  • හැකි තරම් බහුලව කෙඳි සහිත ආහාර වන එළවළු, පළතුරු සහ ධාන්‍ය වර්ග ඔබගේ ආහාර වේලට එකතු කර ගන්න.


  • දුම්බීම සහ මත්පැන් පානය නවත්වන්න


  • තරබාරු නොවී සිටීමට වග බලාගන්න


  • නිතිපතා ව්‍යායාම් වල නිරත වන්න


  • ඔබගේ පවුලේ ඥාතීන්ට මෙම පිළිකාව වැළඳී ඇත්නම්, ඉක්මනින් වෛද්‍යවරයා හමුවී අදාල පරීක්ෂණ වලට භාජනය වන්න.

වඩාත් බහුලව දැකිය හැකි රෝග ලක්ෂණ



  • වැසිකිලි යාමේ ඇතිවන අක්‍රමවත් බව


  • දියරමය මළපහ යෑම සහ මළ බද්ධය


  • මළපහ සමග ශ්ලේෂ්මල (සීදම්) පිටවීම


  • ලේ මිශ්‍ර මළපහ පිටවීම


  • බඩේ කැක්කුම


  • ලේ මද බව - රක්තහීනතාවය.


  • කෑම අරුචිය හා සිරුරේ බර අඩුවීම ඉහත සඳහන් ලක්ෂණ වලට අමතරවරෝගය දිගු කාලයක් පැවතියේ නම් පහත සඳහන් ලක්ෂණද ඇතිවිය හැකිය.


  • අතට දැනෙන උදරයේ ගෙඩියක්


  • බඩ පිපීම, උදර වේදනාව සහ වමනය





මෙම පිළිකාවේ රෝග ලක්ෂණ මොනවාද
?


මෙම පිළිකාවේ රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත් වීම එය කලින් හඳුනාගැනීමට ඉතා වැදගත්ය. රෝගයේ මුල්ම අවධියේ කිසිදු රෝග
ලක්ෂණයක් පහළ නොවීමට ඉඩ ඇත.

වැසිකිළි යාමේ සිදුවන අක්‍රමවත් බව හා බඩ කැක්කුම යන ලක්ෂණ මෙම පිළිකාව වැළඳී ඇති බව පෙන්නුම් කරන අනතුරු හැඟවීම් විය
හැක.

එනමුත් මෙවැනි රෝග ලක්ෂණ භයානක නැතැයි සිතා නොසලකා හැරීම බහුලවම සිදුවේ. එවිට රෝගය හදුනා ගැනීම ප්‍රමාද වීමට ඉඩ ඇත.



ඔබටත් ඉහත සඳහන් ලක්ෂණ තිබේද
?

ඉහත සඳහන් ලක්ෂණ සැමවිටම බරපතල රෝගී තත්ත්වයක පෙරනිමිති නොවේ. එහෙත් වයස වැඩිවීමත් සමග ඉහත සඳහන් ලක්ෂණ
ගැන හොඳ අවධානයකින් පසු වීම ඉතා වැදගත් වේ.



මෙම පිළිකාව හඳුනාගන්නේ කෙසේද
?

මේ සඳහා සම්පුර්ණ මහාන්ත්‍රයම පරීක්ෂා කිරීම සිදු කළ යුතුය. මේ සඳහා පරීක්ෂණ කිහිපයක් කළ හැක.

1.
බේරියම් එනීමා පරීක්ෂණය -
මෙය X කිරණ පරීක්ෂණයකි. ගුද මාර්ගයට ඇතුල් කරන කුඩා බටයක ආධාරයෙන් කිරි පැහැති දියරයක් (බේරියම් සහිත දියරයක්)
මහාන්ත්‍රයට ඇතුල් කිරීමෙන් අනතුරුව X කිරණ ඡායාරූප ගනු ලැබේ.


2. කොලොනොස්කොපි පරීක්ෂණය
එක් කෙලවරක කැමරාවක් සහිත සිහින් ටෙලස්කෝපයක් රෝගියාගේ ගුද මාර්ගයෙන් ඇතුල් කොට මහාන්ත්‍රයේ අභ්‍යන්තරය
රූපවාහිනී තිරයකින් බැලීම මෙහිදී සිදු කෙරේ.



විකිරණ ප්‍රතිකාරය

විකිරණ ප්‍රතිකාරයේදී සිදු වන්නේ, එක්ස් කිරණ හෝ එවැනි අධි ශක්ති කිරණ උපයෝගී කරගෙන පිළිකා සෛල විනාශ කිරීමයි.
විකිරණ ප්‍රතිකාරයේ ඇති අතුරු ආබාධ වන්නේ, දියරමය මළපහ පිටවීම, බඩවැලේ ඇතිවන ප්‍රදාහය නිසා ඉක්මනින් වැසිකිළි යාමට
අවශ්‍ය වීම, ගුදය අවට සමේ දැවිල්ල සහ කලාතුරකින් ඇතිවන මළපහ සමග ලේ පිටවිමයි.

පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාරය


පිළිකා නාශක ඖෂධ, පිළිකා සෛල වලට එරෙහිව සටන් කර ඒවා විනාශ කරයි.




අමතර පරීක්ෂණ - සීටී (CT)සහ එම් ආර් අයි ස්කෑන් (MRI)පරික්ෂණ (ප්‍රධාන වශයෙන්ම පිළිකාවේ පැතිරීම සෙවීම සඳහා)
 
Last edited:
Aug 4, 2009
3,094
582
0
Colombo
මේ සඳහා ඇති ප්‍රතිකාර ක්‍රම මොනවාද?

මහාන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකාව මුල් කාලයේදී හඳුනාගතහොත් ශල්‍යකර්මයකින් පිළිකාවට භාජනය වී ඇත්නම්, ශල්‍යකර්ම
වලට අමතරව


  • විකිරණ සහ
  • පිළිකා නාශක ඖෂධ ද අවශ්‍ය වනු ඇත.



ශල්‍යකර්ම



මෙම පිළිකාව සඳහා මූලිකම සහ වැදගත්ම ප්‍රතිකාර ක්‍රමය මෙයයි. රෝගියාට සිදුකරන නිශ්චිත ශල්‍යකර්මය කුමක්ද යන්න තිරණය
වන්නේ පිළිකාව පිහිටා ඇති ස්ථානය, එම අවස්ථාවේ එය කෙතරම් වර්ධනය වී ඇත්දැයි යන්න මත සහ අනෙකුත් සංකූලතා තිබීම මතයි.


මෙම ශල්‍යකර්ම වලදී පිළිකාවලට අමතරව ඊට යාබද නිරෝගී පටක කොටසක්ද කපා ඉවත් කෙරේ. ඉන් පසුව මහාන්ත්‍රයේ ඉතිරිවන
දෙකෙලවර එකට සම්බන්ධ කෙරේ. පිළිකාවට ආසන්නයේ ඇති වසා ගැටිති ඉවත්කොට ඒවායේ පිළිකා සෛල ඇත්දැයි පරීක්ෂා කර
බැලීමද ශල්‍යකර්මයෙන් පසු සිදු කෙරේ.



පිළිකාව ගුද මාර්ගයේ පිහිටා ඇතිවිට,

1. ඇන්ටිරියර් රිසෙක්ශන් (AR)

2. ඇබ්ඩොමිනො පෙරිනියල් රිසෙක්ශන් (APR) යන ශල්‍යකර්ම දෙකෙන් එකක් සාමාන්‍යයෙන් සිදු කෙරේ. .



ඇන්ටීරියර් රිසෙක්ශන්
(AR)

මෙය සාමාන්‍යයෙන් සිදු කරන්නේ ගුද මාර්ගයේ ඉහළ කෙළවරේ සහ මැද පිහිටා ඇති පිළිකා සඳහායි. මෙම ශල්‍යකර්මයේදී අන්ත්‍රයේ
කැපු කෙළවරවල් දෙක එකිනෙකට සම්බන්ධ කෙරේ. මෙයින් පසු රෝගියාට කොලොස්ටමියක් අවශ්‍ය නොවේ.



ඇබ්ඩොමිනෝ පෙරිනියල් රිසෙක්ශන්
(APR)

මෙම ශල්‍යකර්මය සිදු කරන්නේ ගුද මාර්ගයේ පහළ කොටසේ පිළිකාවක් ඇති රෝගීන්ටය. ගුද මාර්ගය සහ ගුදය සම්පුර්ණයෙන්ම ඉවත්
කෙරෙන නිසා රෝගියාගේ මළපහ බැහැර කිරීමට සිදුවන්නේ ශල්‍යකර්මයේදී සාදන කොලොස්ටමියක් මගිනි.



පිළිකාවේ මුලික ප්‍රතිකාර වලින් පසු ඔබ කුමක් කළ යුතුද
?


මුලික ප්‍රතිකාර අවසන් කිරීමෙන් පසුවද අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු පියවර කිහිපයකි. ප්‍රතිකාර වලට කලින් තිබු රෝග ලක්ෂණ
වල වැඩිවීමක්, එලෙසම පැවතීමක් හෝ කලින් නොතිබුණු අළුත් රෝග ලක්ෂණ මතුවීමක් සිදු වුවහොත් වහාම වෛද්‍යවරයා හමුවිය
යුතුය.


තවද මෙම කාලයේදී වෛද්‍යවරයා මගින් සිදුකරන පරීක්ෂා කිරීම හැරුණු විට යම් අමතර පරීක්ෂණ කිහිපයකට ලක්වීමටද රෝගියාට
සිදුවේ. මෙමඟින් පිළිකාවේ නැවත වර්ධනයක් ඇත්දැයි සොයා බැලීම සිදු කෙරේ.එමනිසා මුලික ප්‍රතිකාර අවසන් කරන සෑම රෝගියෙකුම
මෙම පරීක්ෂණ සඳහා සහභාගිවීම ඉතා වැදගත්ය.මෙලෙස සිදු කරන පරීක්ෂණ අතර කොලොනොස්කොපි සහ සී ඊ ඒ (CEA) රුධිර
පරීක්ෂණය ප්‍රධාන තැනක් ගනී.


සී ඊ ඒ (CEA) යනු මහාන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා සහිත රෝගීන්ගේ ලේ වල ඉහළ සාන්ද්‍රණ වලින් දක්නට ලැබෙන
සංඝටකයකි. එමනිසා මුලික ප්‍රතිකාර වලින් පසු, ඉහළ (CEA) ප්‍රමාණයක් නැවත ලේ වල දක්නට ලැබුනහොත් පිළිකාව නැවත මතුවීමක
පෙර නිමිති පෙන්නුම් කෙරේ. එමගින් ඉතා ඉක්මනින් අදාළ ප්‍රතිකාර සඳහා රෝගියා යොමු කිරීමට හැකියාව ලැබේ.


නීරෝගි දිවියක් ගත කිරීම දුප්පත් පොහොසත් භේදයකින් තොරව අප සැම දෙනාගේම අරමුණකි.ආරෝග්‍යා පරමාලාභා යනුවෙන්
බුදුරජාණන් වහන්සේ පවා වදාලේ ඒ නිසාමය. අපේ නිරෝගී දිවියට හානි කරගන්නේද බොහෝ විට අප විසින්මය.යහපත් චර්යා රටාවක්
අනුගමනය කිරීමෙන් බොහෝ හානිකර තත්ත්වයන්ගෙන් මිදී සෞඛ්‍යාරක්ෂිත දිවියක් ගත කිරීමට ඔබටද හැකිවනු නිසැකය.
 
Last edited:
Aug 4, 2009
3,094
582
0
Colombo
කොලොස්ටොමියක් යනු කුමක්ද?
මෙහිදී ඔබගේ මහාන්ත්‍රය කපා එහි කෙලවර උදර බිත්තිය තුළින් ඉවතට ගැනීම සිදු කෙරේ. මෙහිදී උදර බිත්තියේ නිර්මාණය කරන
විවරය ‛‛ස්ටොමා’’ යන නමින් හැදින්වේ.

මහාන්ත්‍රය හා සම්බන්ධ බොහෝ රෝග තත්ත්ව වලදී කොලොස්ටමියක් අවශ්‍ය විය හැක. බොහෝ අවස්ථා වලදී මෙසේ සාදන
කොලොස්ටමිය මහාන්ත්‍රයේ ඇති සම්බන්ධක තුවාලය සනීප වන තුරු පමණක් තබා ටික කලකින් වසනු ලැබේ. ඇතැම් අවස්ථාවලදී
මහාන්ත්‍රයේ පහළ කොටසෙන් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට සිදුවන අවස්ථාවලදිී රෝගියාගේ මුලු ජීවිත කාලය පුරාවටම පවතින
කොලොස්ටමියක් සැදීමට සිදුවේ.

කොලොස්ටමියක් සැදීමෙන් පසු ඔබගේ මළපහ එකතු වීමට කොලොස්ටමි බෑගයක් නම් මල්ලක් සවි කිරීමට සිදුවේ. මෙම බෑගය
කොලොස්ටමිය ආවරණය වනසේ පැළදිය හැකි අතර එයට මළපහ එකතු වු පසු එය ඉවත් කොට නව බෑගයක් සවි කර ගත හැක.
 
Last edited:

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒ කියන්නේ මට බඩුද..:shocked::lol:

    වැදගත් තොරතුරු ටිකක් මචන්.. තෑන්ක්ස් ශෙයාර් කෙරුවට...+:)
    11.gif