දුම් පානය හා අධික මත්පැන් පානය
දුම් පානය හා අධික මත්පැන් පානය බඩවැලේ හා ගුද මාර්ගයේ පිළිකා ඇතිවීමට ප්‍රබල හේතුවකි.
පුද්ගලයෙකු තම ජිවිත කාලය තුළ ඇසීමට අකැමතිම වදන් අතර පිළිකාවක් වැළඳී ඇතැයි ඇසීම ප්රමුඛතාවයෙන්ම ඇතැයි මා කිවහොත්
එය අතිශෝක්තියක් නොවනු ඇත. අතීතයේ සිට අද දක්වාම පිළිකා රෝගය පිළිබඳව ජනතාව තුළ ඇත්තේ දැඩි බයකි. නමුත්, ඇතැම්
පිළිකා වර්ග මුල් අවස්ථාවේදීම හඳුනාගෙන නිසි ප්‍රතිකාර කළහොත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බව බොහෝ දෙනෙකු නොදනී. එබැවින්
ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සමාජ මෙහෙවරක් මෙන්ම කාලීන අවශ්‍යතාවයක් ලෙසද හැඳින්විය හැක.
අපේ ශරීරය සැදී තිබෙන්නේ සෛල වලිනි. පිළිවෙලකට හා රටාවකට බෙදීම සෛලවල සාමාන්‍ය පිළිවෙලයි. සමහර වේලාවට විවිධ හේතු
නිසා මේ පිළිවෙල හා රටාව යන දෙකම වෙනස් වීම සිදුවේ.එවැනි විටෙකදී බෙදෙන සෛල පාලනයකින් තොරව අක්‍රමවත්ව වැඩීම
පිළිකාවක් ලෙසට හඳුන්වනු ලැබේ.
මිනිස් සිරුරේ පිළිකා ඇතිවන ස්ථාන අනුවත්, පිළිකාවේ සෛල වර්ගය අනුවත් පිළිකා වර්ග රාශියක්ම මේ වන විටත් වෛද්‍ය විද්‍යාව
හඳුනාගෙන තිබේ. එවැනි දහස් ගණනක් වු පිළිකා විශේෂ අතරින් පොදු මහජනතාවට ඉතා වැදගත් වන පිළිකා විශේෂයක් වන ‛‛මහ බඩවැල
හා ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන පිළිකා’’ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අප අදහස් කළෙමු.
පාඨක ඔබ වෙනුවෙන්ම ඒ සඳහා වඩාත් සුදුසු වෛද්‍යවරයකු හමුවීමට අප තීරණය කළෙමු.කොළඹ වෛද්‍ය පීඨයේ, ශල්‍ය වෛද්‍ය ඒකකයේ
මහාචාර්ය නන්දදේව සමරසේකර මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය නවීන් විජේකෝන් මහතා
ලබාදුන් මේ තොරතුරු ඔබටද වැදගත් වනු නොඅනුමානය.
මහාන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්රිත පිළිකාවක් යනු කුමක්ද?
මෙම පිළිකාවේදී සිදුවන්නේ හානිකර පිළිකා සෛල මහාන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ වර්ධනය වීමකි. මෙම පිළිකාව බහුලවම ඇතිවන්නේ,
මෙම පිළිකාව පැතිරෙන්නේ කෙසේද ?
මහාන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්රිත පිළිකාව ආරම්භ වන්නේ මහාන්ත්‍රයේ බිත්තියේ ඇතුලත පටකයෙනි. මෙය කාලයත් සමග මහාන්ත්‍රයේ
අනෙකුත් පටක හරහා පැතිර ගොස් සිරුරේ යාබද අනෙකුත් අවයව වලටද පැතිරී යා හැක. පිළිකා සෛල වසා වාහීනී හරහා පැතිරීමෙන්
සිරුරේ වසා ගැටිති තුළටද පැතිර යා හැක. එමෙන්ම රුධිරය හරහා පැතිර යන පිළිකා සෛල, අක්මාව, පෙනහලු සහ මොළය ආදී
ශරීරයේ අනෙකුත් අභ්‍යයන්තර ඉන්ද්‍රීයයන් වලටද පැතිර යා හැක.
මෙය ඇතිවීමට හේතු මොනවාද ?
අපගේ සෛල තුළ තිබෙන ජාන වල සිදුවන වෙනස්කම් මෙම රෝගය ඇතිවීමට බලපෑමක් ඇති කරන බව වෛද්‍යවරුන් සොයාගෙන ඇත.
මෙම පිළිකාව සාමාන්‍යයෙන් පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන රෝගයක් නොවේ. එහෙත් මහාන්ත්‍රයේ හටගන්නා ඇතැම් ජානගත
තත්ත්වයන් නිසා මෙම පිළිකා එකම පවුලේ අයට ඇතිවිය හැක.
මෙයට අමතරව පහත සාධක ඇත්නම් කෙනෙකුට මහාන්ත්‍රය සහ ගුද මාර්ගය ආශ්රිත පිළිකා වැළදීමට වැඩි නැඹුරුතාවයක් පවතී.

- මහාන්ත්‍රයේ වම්පස කොටස
- සිග්මොයිඩ් මහාන්ත්‍රය
- ගුද මාර්ගය යන ස්ථානවලය.

- බඩවැලේ පොලිප් තත්ත්ව තිබීම
- අධික තෙල් සහිත ආහාර ගැනීම
- තන්තුමය (කෙඳි සහිත) ආහාර අඩුවෙන් ගැනීම
- දුම්පානය සහ අධික ලෙස මත්පැන් පානය
- අධික ලෙස තරබාරු වීම සහ ශාරීරික ව්‍යායාම මද බව
- පවුලේ ඥාතීන්ට මහාන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්රිත පිළිකා තිබීම
- අල්සරේටිව් කොලයිටිස් හෝ ක්‍රෝන්ස් වැනි රෝග තත්ත්ව පැවතීම
Last edited: