ඔහුගේ මුවින් ගලා යන සරල වදන් පෙළ අතරත්, ඒ සුරූපී යුවතියන්ගේ හැසීරීම් රටාවන් දෙස බැලූ විටත් කිසියම් ප්‍රායෝගික සත්‍යයක් ඇති බව අපි අවබෝධ කර ගත්තෙමු. එහෙයින්ම අපි ත්‍රිරෝද රියෑදුරුගේ අදහසට එකඟ වීමු. සුරූපී ළඳුන් රැගත් ත්‍රිරෝද රථය දෙහිවල පසු කරමින් ඇදී යයි. අප ගිය ත්‍රිරෝද රථය දෙහිවල ත්‍රිරෝද රථ ගාලක් අසල නතර කළේය. එහි සිටි ත්‍රිරෝද රථ රියෑදුරෝ සියල්ලෝම වගේ දාම්ලෑල්ලක් වට කරගෙන සිටියෝය. අපගේ ත්‍රිරෝද රථ සගයා අපව ඔවුන්ට හඳුන්වා දුන්නේය.
"අපි හිතන විදිහට ඕක තමයි අලුත්ම දුම්වැටි ප්‍රචාරණ ක්‍රමය. ඉස්‌සර වගේ නෙවෙයි දැන් දුම්වැටි උරන අය හුඟක් අඩුයි නේ. අපිට හිතෙන විදිහට මේ ප්‍රචාරණ ක්‍රමයේ ප්‍රධාන ඉලක්‌කය වෙලා තියෙන්නෙ පාසල් ළමයි. තරුණ කෙල්ලො කොල්ලො. ඒක තමයි මේ කෙල්ලො හෙලුව පෙන්නගෙන සිගරැට් පත්තු කරගෙන ඉස්‌කෝල ඇරෙන වේලාවට විතරක් ත්‍රීවීල්වල යන්නෙ."
පෙළ ගැසුණු සරල වචන පෙළ අතර ගැබ්ව තිබුණේ එකම අර්ථයකි. ඒ දුම්වැටි ප්‍රචාරණ ක්‍රමයේ අලුත්ම මුහුණුවර මේ බවයි. මෑතක සිට අප සමාජයේ කාන්තාවන් වෙනුවෙන්ම නිෂ්පාදනය කරනු ලබන්නේ යෑයි කියනු ලබන දුම්වැටි වර්ග හඳුන්වා දෙමින්, කාන්තාවන් දුම්පානයට පොළඹවා ගැනීමට වෙරදරන බව රහසක් නොවේ.
දුම්වැටිවලට ඇති ඉල්ලුම අඩු වන විට සමාජයේ තරුණ පරපුර ගිලගන්නට විවිධ නැටුම් නැටීම අපට අරුමයක් නොවේ. ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්ලාට විශාල දොල පිදේනි දෙමින් දුම්වැටි ප්‍රචාරණ ක්‍රමවලට යොදාගන්නේ දුම්වැටිය තරුණ පරපුර අතරට ගෙන යැමටය. ලංකාවේ හිටපු ප්‍රවීණ නළුවකුට නොමිලේ දුම්වැටි තොග පිටින් ලබාදුන්නේ ඔවුන්ගේ එක් ප්‍රචාරණ ක්‍රමයක් ලෙසය. ලෝකයේ ජනප්‍රිය පුද්ගලයන් හරහා දුම්වැටි සමාජයට ඇතුළු කිරීමට දුම්වැටි නිෂ්පාදකයෝ නොගන්නා උත්සාහයක් නොමැත. එහි ප්‍රතිඵලයක් ලෙස මුළුමහත් සමාජයම තුන්සිය හැටපස් දවසේම, සෑම මොහොතකම ගිනි ගනිමින් තිබේ. දුම්වැටි ප්‍රචාරණ උපක්‍රම පිළිබඳ තවත් අටුවාටිකා අවශ්‍ය නැත. කෙසේ වෙතත් වර්තමාන තාරුණ්‍යය බුද්ධිමත්ය. දුම්වැටියේ ආදීනව ඔවුහු හොඳින් දැන සිටිති. රූමත් තරුණියන් නිරුවත පෙන්වමින් දුම්වැටියක් දල්වාගෙන ගිය පමණින් අපේ තරුණ පරපුර දුම්වැටියට රැවටෙන්නේ නැතැයි කියා අපි සිතමු.
"මහත්තයෝ මම කිව්වා නේද මටත් හුඟක් දේවල් කියන්න තියෙනවා කියලා. අපේ තාත්තා මැරුණෙත් සිගරැට් බීලා තමයි. තාත්තාගෙ එක ඇඟිල්ලක් කළු වෙන්න පටන් ගත්තා. පස්‌සේ ඇඟිල්ල රිදෙනවා කියලා දොස්‌තර කෙනෙකුට පෙන්නලා තිබුණා. දොස්‌තර මහත්තයා එක පාරටම අහලා තිබුණේ දවසකට කොච්චර විතර සිගරැට් බොනවද කියලයි. පස්‌සෙ තාත්තාගේ ඇඟිල්ල ඉවත් කරන්න සිදු වුණා. ඒ වෙන කොට තාත්තාට අවුරුදු හතළිස් දෙකක් පමණ ඇති. ටික දවසක් සිගරැට් බීම නවත්වලා තිබුණා. පස්‌සේ ටික ටික නැවත පටන් ගත්තා. ආයෙත් ඒ විදිහටම තවත් ඇඟිල්ලක් නරක් වුණා. නැවත අපි ඉස්‌පිරිතාලෙට ඇතුල් කළා. කොරේ පිටට මරේ වගේ තාත්තට දියවැඩියාවත් උත්සන්න වෙලා තිබුණා. පස්‌සෙ තාත්තගේ එක කකුලක් දණහිස ළඟින්ම කපා ඉවත් කළා. ඒත් තුවාල හොඳ වුණේ නැහැ. දෙපයින් ඉස්‌පිරිතාලෙට ගිය තාත්තා නැවත ගෙදරට ආවේ අපේ කර මතින්."
ඔහුගේ දෙනෙත් රතු විය. තවත් බොහෝ දේ ඔහුගේ හදවත තුළ තෙරපෙන බව අපට අවබෝධ විය. එහෙයින්ම ඔහුගේ වේදනාව තවත් වචනවලට පෙරළීමට අපි ඉඩහැරියෙමු.
කෙනෙකු ජීවත්ව සිටියදී ඔහුගේ ශරීරයෙන් අවයව ඉවත් කිරීම ඔහුට කොතරම් වේදනාවක්‌ද? එය දුම් උරන්නකුට දුම්පානයෙන් ලැබෙන දායාදයකි. කෙසේ වෙතත් අපේ ත්‍රිරෝද රථ සගයාගේ පියාව දුම්වැටිය බිලිගෙන හමාරය. මෙහි ෙ€දනීයම කතාව වන්නේ අපේ ත්‍රිරෝද සගයාත් තාත්තා ගිය අඩි පාරේම ගොස් තිබීමය. තරුණ වියේ සිටම තදින්ම හේ සිගරැට් බීමට ඇබ්බැහි වූවෙකි. අවුරුදු හතළිස් එකක් වයසැති තිදරු පියකු වන ඔහු දැන් දරුණු හදවත් රෝගයකින් පීඩා විඳියි.
"මට තව සහෝදරයෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒගොල්ලො නම් තාත්තා විඳපු දුක ගැන හිතල සිගරැට් බොන තැනකවත් ඉන්නෙ නැහැ. මමත් එහෙම තමයි හිටියේ. මේ ත්‍රිවීල් රස්‌සාවට ආවට පස්‌සෙ තමයි මම සිගරැට් බොන්න පුරුදු වුණේ. ඒ විතරක් නොවේ හැමදාම අරක්‌කු ටිකක් බොන්නත් ඉබේටම පුරුදු වුණා. ඒක මේ සමාජ ක්‍රමය මහත්තයෝ. මෑතකදී මගේ පපුවේ පැත්තක් රිදෙන්න ගත්තා. පස්‌සෙ මම දොස්‌තර කෙනෙක් ළඟට ගියා. දොස්‌තර මහත්තයා ඊ.සී.ජී පරීක්‍ෂණයක් කරලා කිව්වා දැම්ම ඉස්‌පිරිතාලෙකට යන්න කියලා. ඉස්‌පිරිතාලෙදි තමයි මම දැනගත්තේ මට හාට් ප්‍රොබ්ලම් එකක් තියෙනවා කියලා. දැන් ජීවිත කාලෙටම බෙහෙත් බොන්න වෙලා. දැන් නම් මම සිගරැට් බොන තැනකවත් ඉන්නෙ නැහැ. මගේ දරුවො තාම පොඩියි. මට තව ටික කාලයක් ජීවත් වෙන්න ඕනෑ."
ඔහුගේ මුවින් ගලා ගිය වේදනාකාරී වදන් පෙළ අතර ගැබ්ව තිබුණේ හේ දැන් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය කෙරෙහි දැඩි වෛරයකින් සිටින බවකි. එහෙත් ඔහු දැන් ප්‍රමාද වැඩිය. දුම්වැටියේ තවත් එක් බිල්ලක් බවට ඔහු පත්වෙමින් සිටියි.
සමාජය ගිලගන්නට වෙර දරන මාරයන් අතර ප්‍රමුඛයා දුම්වැටිය සහ මත් උවදුරයි. දුම්වැටියක් දල්වා එහි පළමු දුම් උගුර මුඛයෙන් පෙණහලුවලට ඇතුළුවීමත් සමග සිය දහස් ගණනක විෂ ද්‍රව්‍ය මොහොතකින් ශරීරයේ සියලුම සෛලවලට ඇතුළු වී එකී සෛල විනාශ කරයි. මත්ද්‍රව්‍යවල ආදීනවත් එසේමය.
රජය දුම්වැටි ප්‍රචාරණය සම්පූර්ණයෙන් තහනම් කර ඇත. ප්‍රසිද්ධියේ දුම් පානය කිරීම ද තහනම් කළේය. දැන් එම නීතියට "ඇපත් නැත." සියල්ලම යළි එළිපිටම සිදු වේ. නීතිය පොතට පමණක් සීමා වෙයි. නීති හැදූ අය මර නින්දේය. එහෙත් දුම්වැටි ප්‍රසිද්ධියේ සමාජය දවයි. "කෝ ඉතින් මතට තිත!"