දුමින්ද සිල්වා බත් පැකට් විකුනූ හැටි
පැලවත්තේ දුමින්ද සිල්වා ‘බත් පැකට් විකුණද්දී’ මහාචාර්යවරයෙක් බත් කාපු හැටි
2016-09-1401865
මරණ දඩුවම නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මීට වසර කිහිපයකට පෙර තමාට බත් පැකට් විකුණූ බව මහාචාර්ය සරත් විජේසූරිය සඳහන් කර තිබෙනවා.
ඊයේ (13) කෘතියක් එළිදැක්වීමේ උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
“දුමින්ද සිල්වා කියන චරිතය නිරුපද්‍රිතව මේ සමාජය තුළ කටයුතු කළේ කොහොමද? ඒ අය ව්‍යාපාර කළේ කොහොමද? ඒ අයගේ බලය ව්‍යාප්ත කළේ කොහොමද? ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා වශයෙන් පත්වුණා. ඉසුරුපාය කිට්ටුව තියෙනවා පාලම් තුන හංදිය කියලා තැනක්.ඔතන තිබුණා එක්තරා කාලයක ලක්ෂ්මි ෆුඩ් සෙන්ටර් කියලා නිමි ආහාර විකුණන කඩයක්. ඔය කඩේදී දුමින්ද සිල්වා බිල් ලියලා මට කෑම දීලා තියෙනවා. මට කෑම විකුණලා තියෙනවා. එයාගේ එදා තත්වය කල්පනා කරලා බලන්න. එතකොට මේ වගේ අසාමාන්‍ය ධනවතෙක් බිහිවන්නේ කොහොමද? ඒ ධනවතාව ආරක්ෂා කරන්නේ සාපරාධී දේශපාලන බලවේගයක්.” යනුවෙන් සරත් විජේසූරිය එහිදී සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ.