දුරක ගිය පෙම්වතුන් ළඟට කළ ගීය....

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    දුරක ගිය පෙම්වතුන් ළඟට කළ ගීය....

    කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට පිවිසෙන තැන බිත්තියෙහ රඳවා තිබූ ‘සිත් කවිය’ ළඟ දහසකුත් දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙන ගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැන විශ්වවිලද්‍යාලයේ නොදන්න කෙනෙක් නැහැ.

    ඒ තරමටම මෙය ජනප්‍රියයි. මේ ‘සිත් කවිය’ අද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක් හිටියා. එම පීඨයේම ඉගෙන ගන්නා ඇය, උතුරු කොනේ (ගුණදාස කපුගේ) ඇතුළු ගීත රැසක් රචනා කළ චන්ද්‍රා වාකිෂ්ඨයන්ගේ දියණිය. රචිතා, සිත් කවියේ අදහස් කියෙවේ බොහොම ආසාවෙන්. ඒ ඇය කවියට, ගීතයට බොහෝ සෙයින් ප්‍රේම කළ හින්දා. සිත් කවියෙහි රචිතාගේ යහළුවකුගේ සිතැඟි විවිධ මාතෘකා යටතේ පළ වුණා. එහෙත් එන්න එන්න ඔහුගේ අදහස් ලියවුණේ යොවුන් ආදරය ගැන විතරයි. ඔහු ප්‍රේමවන්තයෙක් වෙලා. ඔහුගේ සිත් දිනා ගත්තිය විශ්වවිද්‍යාලයෙම ශිෂ්‍යාවක්. ඔවුන් දෙපොළගේ ප්‍රේමය කාලයත් සමඟම තීව්‍ර වුණා. විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය ඇතුළේ වසරේ හොඳම පෙම්වතුන් යුවළ තෝරනවා. මේ අවුරුද්දට තේරුණේ ඔවුන්.

    එක්තරා උදෑසනක රචිතා ‘සිත් කවිය’ට සමීප වුණේ පුරුද්දට වගේ. පුදුමයක්! අර පෙම්වතාගේ ආදරණීය අදහස් ඒකේ නැහැ. ඒ වෙනුවට විරහ පද වැල් කිහිපයක් එහි ගෙත්තම් වෙලා. ඒ අකුරු අඬන්න ඔන්න මෙන්න. හේතුව හොයලා බලද්දී පෙම්වතියට හොඳට සල්ලි බාග තියනවා. පෙම්වතා සාමාන්‍ය පවුලක දුප්පත් කෙනෙක්. ගැහැනු ළමයගේ මවුපියන් බලපෑම් එල්ල කරනවලු මේ සම්බන්ධය නවත්වන්න කියලා. කාලයක් මේ දෙන්නා ඈත් වෙලා හිටියා. හදිසියේම පෙම්වතිය නැවතත් පෙම්වතාට කිට්ටු වුණා. ඔහුට මේක හරිම අදහාගත නොහැක්කක්. ඒ කාලයේදීම ඔහු ‘සිත් කවියට’ නිසඳසක් ලියලා. රචිතා ඒක කියෙව්වා.

    ‘ඔබ මගේ ජීවියට ආයේ ආවා. ඒත් ආයේ යයිද කියලා සැකයි’

    මේ ඒ පද ටිකේ අවසානය. එය රචිතාගේ සිතට තදින්ම දැනුණා. විශ්වවිද්‍යාලයට නිවාඩු ලැබුණා. රචිතාගේ හිතමිතුරු නව පරපුරේ සංගීතඥ තිළිණ රුහුණගේගෙන් තනුවකට ගීතයක් ලියන්න නිකමට මෙන් ඇරැයුම් ලැබෙන්නේ මේ කාලේ. ඒ තනුව දෙතුන් සැරයක් ඇසූ ඇයට මතක් වන්නේ අර පෙම්වතුන් යුවල සහ ඉහත සඳහන් කළ කවි පේළිය. ඇය ඒ අදහස් ගොන්න කලතලා මෙන්න මෙහෙම ලියනවා.


    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
    නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්


    දකින හිමිවන හීනේ...නුඹ කොතැන හිටියා...
    මතක සැමරුම් අතරේ...ජීවිතේ තිබුණා...
    හඬන හිනැහෙන නෙත් නුඹේ...උරහිසේ තිබුණා...
    ඇත්තමයි නුඹ අහසක්...වගේමයි සිතුණා...


    නුහුරු නුපුරුදු හීන අරන්
    ළඟට ඇවිදින් තුරුළු වෙමින්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්


    මිරිඟුවක හිත තියලා...නුඹ දුරක ඇදුනා...
    රංචු ගැහෙනා රෑනේ...තනි කමක් දැනුනා...
    ඇසිල්ලක දුටු හීනෙන්...හිත හුඟක් රිදුනා...
    අරුත නොදකින සෙනේහේ...ඔය නමත් රැඳුනා...


    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් //

    ගීයේ මූලික ටික නිර්මාණය කොට අවසන්. දැන් මේක කාටද දෙන්නේ. ගීතයේ ශෛලියට හුරු වූ ගායකයෙක් ඉන්නවා. ඒ ආත්මා ලියනගේ. ජංගම දුරතනයේ අංක ඔබමින් තිළිණ ආත්මාට ඇමතුමක් ගත්තේ ගීතය ගැන කියන්න.

    අපෝ බැහැ මල්ලි. සිංදු කරමු කියලා පහුගිය කාලේ ඔයා වගේ අලුත් අය ගොඩ දෙනෙක් කතා කළා. ඔක්කොමේම තියෙන්නේ එකම ශෛලියක්නේ.

    රිසීවරයේ එහා කෙළවරෙන් ආත්මාගෙන් අයහපත් ප්‍රතිචාරයක් ලැබුණා.

    එහෙම කියන්න එපා අයියේ. අහලම බලලා සිංදුව ගැන කියන්නකෝ.

    තිළිණගේ දැඩි පෙරැත්ත මත ආත්මා ගීය ඇහුවා.

    ෂා, මගේ රේන්ජ් එකේමනේ සිංදුව යන්නේ. හරියට මටම හදපු එකක් වගේ.

    ආත්මාගේ මුහුණ ඒ අන්දමින් වෙනස් වුණා.

    මද්දහනේ හිරු මුදුන් වන යාමයක ආත්මා නාවින්නේ පිහිටා ඇති තිළිණගේ ශබ්දාගාරයට ආවා.

    මල්ලි අපි ටක් ගාලා වැඩේ කරමු. මට තව වැඩ කිහිපයකට යන්න තියෙනවා.

    ආත්මා මයික්‍රෆෝනය අසලට ගොස් හෙඩ්ෆෝනය හිසේ රුවා ගන්න ගමන් පැවසුවා.

    එහෙත් එදා තිබූ කාල වේලාවට පටිගත කළ ගීතයට තිළිණ එතරම් සෑහීමකට පත් වූයේ නැති තරම්.

    අයියේ මේ වැඩේ හරි යන්නේ නැහැ. වෙන දවසක රෙකෝඩිං එක කරමු.

    තිළිණ පටිගත කළ ගීතය මකා දමමින් කීවා.

    තවත් උදෑසනක ආත්මා ආවා. පටිගත කිරීම ඇරැඹියේ උදේ දහයට පමණ. හිතට දැනෙන අවශ්‍ය හැඩතල ආත්මාගෙන් ලබා ගනිමින් ගීතය පටිගත කොට අහවර වන විට රාත්‍රී අටත් පහුවෙලා.

    උඹ අද මගේ නියපොත්තේ ඉඳලා ගැලෙව්වා. මාව මරව මරව කොහොම හරි ඕන විදිහටම සිංදුව රෙකෝඩ් කළා නේද?

    ආත්මා , තිලිණගේ පිටට තට්ටුවක් දැම්මේ එහෙම කියමින්.

    ගීය ගුවන් විදුලියෙන් නිතර ප්‍රචාරය වන්න පටන් ගත්තා. ආත්මාගේ ජංගම දුරකතනයට නිවනක් නැහැ.

    අනේ ඔයා අපිව ආයෙමත් පිස්සු වැට්ටුවා.

    ආත්මාගේ පැරැණි රසිකාවියන් එහෙම කියූ වාර බොහොමයි. ලියතඹරාගෙන් පසු ආත්මාගේ හොඳම සිංදුව මේක. සමහරෙක් එහෙම කීවා.

    විශ්වවිද්‍යාලයේ නිවාඩුව අවසන්. රචිතා කලා පීඨයට ඇතුළුවන මාවත දිගේ ඇවිදගෙන ආවා. විශ්වවිද්‍යාලය පුරා ‘ආයෙමත් ආදරෙන්’ ජනප්‍රිය වෙලා. රචිතාට ඒ වග දැනුණේ කිහිප දෙනෙකුගේම ජංගම දුරකතනය නාද වීම සඳහා එය යොදාගෙන තිබූ නිසා. මේ කතාවේ පෙම්වතුන් යුවළට රචිතා මේ ගීතයේ සත්‍ය කතාව කිව්වා. ඒ අයට හරිම පුදුමයි. මේ සංවේදී ගීතය ඔවුන්ගේ නෑදෑ සනුහරයම අහලා. අලුත්ම ආරංචිය වන්නේ මේ ගීතය ඒ පෙම්වතුන් යුවලට සදහටම එකතු වන්නට ආශිර්වාද කර ඇති බවයි.

    ඔන්න ඕකයි කතාව මම මහන්සි වෙලා ටයිප් කරේ නම් නෑ.. මෙතනින් http://real-meanings.blogspot.com/2012/04/blog-post.html කොපි කරලා පේස්ට් එකක් දැම්මා දාල අකුරු ටික හද වැඩ කරා විතරයි...;);););)


    ගිටාර් වලින් වැඩ දාන කොල්ලන්ට මෙන්න කෝඩ් ටික...:rolleyes::rolleyes::rolleyes::rolleyes:


    ගිටාර් කෝඩ් ටික මෙතනින් ගන්න...... http://www.chords-lanka.com/song_view.php?song_id=1224


    මෙන්න AUDIO එක .. http://www.ananmanan.lk/free-sinhala-mp3/download.php?id=2626






    මහන්සි වෙලා මේ සින්දුව අප්ලෝඩ් කරපු.. ගිටාර් කෝඩ් දීපු...මේවගේ සින්දුවක් හැදුන හැටි කියපු හැමෝටම බොහොම ස්තුතියි...

    ...
    එහෙනම් අපි ගියා සුබ දවසක්...
    :P:P:P:P
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    සොදුරු පදවැලකට ලයාන්විත කටහඩක් එක්වූ මොහොතක්...:D:yes:

    ආත්මා කියන්නෙ අපට ඉන්න කොපිකිරීමට නොහැකි හඩවල් වලින් එකක්...ආත්මලා ඉන්නෙ එකයි!!!! ඒ වගේම ආත්මා කියන්නෙ සුන්දර සරල මනුස්සයෙක් ... අද ඉන්න බොහෝ තුට්ටුදෙකේ ගායකයන් එක්ක බලනකොට ආදර්ශයට ගන්න ඕන චරිතයක්...:yes::yes:

    හැබැයි මේ ගීතයේ රූපරචනයනම් අන්තිමයි!!!:no:...බොහෝ තරුන නිර්මානකරුවො හිතන්නෙ ආදරය ගැන රූපරචනයකට ලස්සන කෙල්ලෙකුයි කොල්ලෙකුයි දැම්මහම, ලස්සන ඇදුම් පැලදුම් අන්දපුවහම, කර්කශ පරිසරයක්,ගින්දර, වටිනාවාහන, වැස්ස, මුහුද බලෙන් ඔබ්බපුවහම කලාත්මක වෙනව/ අර්තපූර්න වෙනව කියල...හැබැයි පොලවෙ පයගහල ඉන්න මිනිහෙක් පොලවෙ පයගහල ඉන්න මිනිස්සු අතර සිදුවන් දේවල් රුපරචනයට යොදාගන්නවනම් ඒතරම් සාර්තක කලාත්මක දෙයක් තවත් නෑ....:yes::yes:

    හොද පොස්ට් එකක්!!:D
     
    • Like
    Reactions: prathapa89

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    සොදුරු පදවැලකට ලයාන්විත කටහඩක් එක්වූ මොහොතක්...:D:yes:

    ආත්මා කියන්නෙ අපට ඉන්න කොපිකිරීමට නොහැකි හඩවල් වලින් එකක්...ආත්මලා ඉන්නෙ එකයි!!!! ඒ වගේම ආත්මා කියන්නෙ සුන්දර සරල මනුස්සයෙක් ... අද ඉන්න බොහෝ තුට්ටුදෙකේ ගායකයන් එක්ක බලනකොට ආදර්ශයට ගන්න ඕන චරිතයක්...:yes::yes:

    හැබැයි මේ ගීතයේ රූපරචනයනම් අන්තිමයි!!!:no:...බොහෝ තරුන නිර්මානකරුවො හිතන්නෙ ආදරය ගැන රූපරචනයකට ලස්සන කෙල්ලෙකුයි කොල්ලෙකුයි දැම්මහම, ලස්සන ඇදුම් පැලදුම් අන්දපුවහම, කර්කශ පරිසරයක්,ගින්දර, වටිනාවාහන, වැස්ස, මුහුද බලෙන් ඔබ්බපුවහම කලාත්මක වෙනව/ අර්තපූර්න වෙනව කියල...හැබැයි පොලවෙ පයගහල ඉන්න මිනිහෙක් පොලවෙ පයගහල ඉන්න මිනිස්සු අතර සිදුවන් දේවල් රුපරචනයට යොදාගන්නවනම් ඒතරම් සාර්තක කලාත්මක දෙයක් තවත් නෑ....:yes::yes:

    හොද පොස්ට් එකක්!!:D


    නියමයි මචෝ...:yes::yes: