දුර්ලභ_අඹ වර්ගයක් හමුවෙයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    දුර්ලභ_අඹ වර්ගයක් හමුවෙයි

    දුර්ලභ අඹ වර්ගයක් හමුවෙයි

    පුත්තලම තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් ඵල දරා ඇති අතර මෙම කුඩා අඹ පොකුරු වශයෙන් ඵල දරා තිබීම එහි විශේෂත්වයක්.

    බණ්ඩාරනායක අඹ, මී අඹ, ඇටඹ ලෙස විවිධ නම් වලින් හැදින්වෙන මෙම අඹ වර්ගය සෑම වසරක් පාසාම මාස හයකට එක් වරක් ඵල දරණ අතර සියළුම අඹ පොකුරු ඉදීම සිදු වන්නේ එකම දිනක බවයි නිවෙස් හිමිකරුවන් පෙන්වා දෙන්නේ.


    එක් පොකුරක අඹ ගෙඩි 10-15ත් තිබෙන අතර මෙම අඹ වර්ගය බද්ධ ගණයට අයත් වර්ගයක් බවත්, මෙම අඹ ගෙඩියේ අභ්‍යන්තරයේ බීජ ඵලයක් දක්නට නොලැබීම තවත් විශේෂත්වයක්.


    තේවනුවර ආර්.පී.පීටර් මහතාගේ සහ කරුණාරත්න සිල්වා මහතාගේ නිවෙස් වල පිහිටා ඇති මෙම අඹ ශාකයන් වල හට ගෙන ඇති ඵල දැක ගැනීම සදහා දිනකට විශාල පිරිසක් පැමිණෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

    ඉතාමත් අධික රසයකින් යුත් මෙම අඹ වර්ගය එම ප්‍රදේශයේ ජනතාව හදුන්වනු ලබන්නේ මිදි අඹ ලෙසිනි. වෙළද පොළේ එක් කිලෝවක් රුපියල් 200 - 300ත් අතර මිළකට අලෙවි කල හැකි බවත් මේ සදහා වෙළද පොලේ විශාල ඉල්ලුමක් ඇති බවයි පැවසෙන්නේ.



    mango-www.nethfm.com1_.jpg


    mango-www.nethfm.com2_.jpg


    mango-www.nethfm.com3_.jpg


    mango-www.nethfm.com4_.jpg


    mango-www.nethfm.com6_.jpg


    mango-www.nethfm.com7_.jpg


    mango-www.nethfm.com8_.jpg
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    Mango_tree_(227084493).jpg


    මැලේසියන් බෝල අඹ කියලා විකුනන්නෙ ඕවා නෙ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    මැලේසියන් බෝල අඹ කියලා විකුනන්නෙ ඕවා නෙ?

    වෙනස් නේද.ඕක උබ කාලා තියෙනවද?මේ අඹ වර්ගේ ගඩුගුඩා වගේ හැදෙන්නේ..පොකුරු ක්‍රමේට.අනික මේකේ ඇට නැහැලු.
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    වෙනස් නේද.ඕක උබ කාලා තියෙනවද?මේ අඹ වර්ගේ ගඩුගුඩා වගේ හැදෙන්නේ..පොකුරු ක්‍රමේට.අනික මේකේ ඇට නැහැලු.
    ඔව් ඒවා ඕකට වඩා ටිකක් ලොකුයි
    ගාන නම් කිලෝ එකක් 350ත් පනිනවා
    ඒවගෙත් ඇට නැහැ මචන්, පැත්තක් කටින් හපලා මිරිකුවම පොත්ත නැතුව මදේ එළියට පනිනවා;)
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,977
    113
    ඔව් ඒවා ඕකට වඩා ටිකක් ලොකුයි
    ගාන නම් කිලෝ එකක් 350ත් පනිනවා
    ඒවගෙත් ඇට නැහැ මචන්, පැත්තක් කටින් හපලා මිරිකුවම පොත්ත නැතුව මදේ එළියට පනිනවා;)

    ඉදිරියේ රාළ;20186628 said:
    මේ තියෙන්නෙ නියම බට් නැති එක.

    etamba3.jpg


    :D:D:D
     
    මේ ඇටඹ නේද :)

    ඔව් ඔව් , මේ ගහේ පොතු තමයි කැඩුම් බිඳුම් පත්තු වලට ගන්න නියම කරල තියෙන්නේ. නමුත් හොයා ගන්න අමාරු නිසා තමයි අඹ පොතු ගන්නේ.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේ ඇටඹ බන් .mangifera zeylenica .ලෝකෙන්ම ලංකාවට විතරයි තියෙන්නේ .