දුර්වල අරාබි ධනවතා

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දුර්වල අරාබි ධනවතා

    SdIm9Xd.jpg

    සෞදි අරාබිය මෙහෙයවන ගල්ෆ් සහයෝගීතා මණ්ඩලය හෙවත් අරාබි නේටෝව ලෙස හැඳින්විය හැකි සංවිධානය එහි එක් සාමාජිකයෙක් වන කටාර් රාජ්‍යය සමග මේවන විට සීතල යුද්ධයකට මැදිව සිටියි.මෙම අර්බුදය කරළියට පැමිණ තවමත් සතියක් වත් ගතවී නැත.කාටර් රාජ්‍යය පෙර නොවූ විරූ ලෙස අසරණ කරන්නට ගල්ෆ් කලාපයේ සහෝදර රාජ්‍යයන් ක්‍රියා කර තිබෙන්නේ තම රටවල සිට කටාරයට තිබෙන මුහුදු,ගුවන් සහ ගොඩබිම් මාර්ග සියල්ල වසා දමමින්ය.ඔවුන් දැන් කටාරය සමග කිසිදු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයක් පවත්වන්නේ නැත.



    කටාර් රාජ්‍යතාන්ත්‍රික අර්බුදය - සිදුවීම් දාමය

    ජූනි 5 - ජනපති ට්‍රම්ප් සිය පළමු මැදපෙර දිග සංචාරය සිදුකරමින් සෞදි අරාබිය ළඟා වී ඉන්පසුව අරාබි රටවල නායකයින් හමුවී සති දෙකක් ගත වූ තැන රියාද් රජය සහ ඔවුන්ගේ කලාපීය මිතුරන් කටාරය සමග තිබෙන රාජ්‍යතාන්ත්‍රික,ආර්ථික සහ ගමනාගමන සම්බන්ධතා සියල්ල කපා දමන ලද්දේ කටාරය ත්‍රස්තවාදයට සහාය දෙන බව පවසමින්ය.

    ජූනි 6 - සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් කටාරයට නියෝග කලේ මුස්ලිම් සහෝදරත්වය,හමාස් සංවිධානය සහ ඉරානය සමග ඇති සියලු සබදතා නවතා දමන ලෙසයි.මෙම ඒකාබද්ධ ක්‍රියා මාර්ගයට තමන්ද සහාය පළකරන බව ට්‍රම්ප් ට්විටර් සමාජ ජාලය ඔස්සේ ඔහු පළකල ප්‍රකාශ වලින් පැහැදිලි විය.

    ජූනි 7 - කටාරයට අනුකම්පාව දැක්වීම වසර 15කට සිරගත වීමට තරම් දරුණු වරදක් වනු ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් අනතුරු ඇඟවීමක් කරන ලදි.ට්‍රම්ප් සහ කුවේට් රාජ්‍යය අර්බුදයට මැදිහත්කරුවෙක් වන්නට සූදානම් බව ප්‍රකාශ කරන ලදි.


    ජූනි 8 - කටාර් විදේශ අමාත්‍යවරයා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවලින් පැහැදිලිවූයේ ඔවුන් කිසිම කොන්දේසියකට යටත් නොවන බවයි."අපේ විදේශ ප්‍රතිපත්තියේ ස්වාධීනත්වය පාවා දෙන්නට සූදානම් නැත"යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.කටාර් රාජ්‍යයේ අල්-ජසීරා පුවත් සේවය සයිබර් ප්‍රහාරයකට ලක්විය.

    ජූනි 9 - සෞදි අරාබිය මුලික එකමුතුව සංවිධාන දුසිමක් සහ පුද්ගලයින් 59 දෙනෙකුට එරෙහිව සම්බාධක පනවන ලදි.ඒ ඉස්ලාමීය ත්‍රස්තවාදයට සහාය දෙන බවට චෝදනා කරමින්ය.එම සංවිධාන සහ පුද්ගලයින් කටාරයේ හෝ කටාරය සමග සම්බන්ධතා පවත්වයි.වුවමනා වුවහොත් කටාරයට හමුදා සහාය ලබාදීමට නීතියක් තුර්කි ජනපති විසින් සම්මත කරගත්තේය.


    mAHC4mD.jpg
    කටාරයේ හමුදා සාමාජිකයින්​

    ඛනිජ සම්පතින් ධනවත් කටාරය පවතින්නේ අන්තරායදායක තත්ත්වයකයි.එය ලොව තිබෙන ධනවත්ම රටවලින් එකකි.කටාරය ලෝක බලවතුන්ගේ අධිපත්‍යයට යටත් වූ අසල්වැසියන් සමග අපුර්ව අයුරින් සිය විදේශ ප්‍රතිපත්තිය හසුරවයි.තවද ඔවුන් මුස්ලිම් සහෝදරත්වයට සහාය පළකරයි.සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊට අකැමැත්තක් දක්වයි.

    කටාරයේ මිලියන 2.6 මිනිසුන් ජීවත් වන අතර කටාර් පුරවැසියන් සිටින්නේ 300,000 ආසන්න පිරිසකි.එම ජනගහනය ශාන්ත ලුවිස් සහ මිසෝරි යන ජනපදවලට දළ වශයෙන් සමානය.මෙම ධනවත් රාජධානිය යැපෙන්නේ විදෙස් ශ්‍රමිකයන්ගෙනි.අවශ්‍ය ආහාරවලින් වැඩි කොටසක් ආනයනය කෙරෙන අතර ඉන් භාගයක් පමණ සෞදි අරාබියෙන් ගෙන්වයි.

    Lx7JppC.png
    ගල්ෆ් සහයෝගීතා මණ්ඩලය හෙවත් GCC හි සාමාජික රටවල්​

    ඉරානයේ සහාය ලබනවා යැ‍යි චෝදනා එල්ල වෙන යේමනයේ හවුති කැරලිකරුවන්ට එරෙහි සංග්‍රාමයේදී සෞදි අරාබිය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග කටාරයද එක්ව සටන් කරන ලදි.ලිබියාවේදී කටාරය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලිබියා අභ්‍යන්තර අර්බුදයේ විරුද්ධ පක්ෂයට සහාය ලබාදෙයි.එහිදී කටාරයේ මුස්ලිම් සහෝදරත්වයේ ලිබියානු ශාඛාවට සැපයීම් කරයි.ඊට අමතරව ඔවුන් පලස්තීනයේ හමාස් සංවිධානයට සහ සිරියාවේ සටන් කරන සලාෆිස්ට් ජිහාඩ් සංවිධානයක් වන ජබාත් ෆාටෙහ් අල් ෂාම් යන කණ්ඩායමට මූල්‍යමය දායකත්වය ලබාදෙයි.මෙම කණ්ඩායම් සහ සංවිධාන මැදපෙරදිග රටවල අභ්‍යන්තර අර්බුද ඇති කිරීමට හේතුවකි.

    zrpw09L.jpg
    අල් උඩෙයිඩ් ගුවන් හමුදා කඳවුරට පැමිණි ඇමෙරිකානු බී-52 ගුවන් යානයක්​

    නමුත් කටාරයට මිතුරන් නොමැතිව එහි ස්වාධීනත්වය පවත්වා ගත නොහැකිය.අල් උඩෙයිඩ් ගුවන් හමුදා කඳවුර දෝහා නගරයෙන් පිටත ස්ථානගත කර තිබෙන දහස් ගණනක් ඇමෙරිකානු සෙබලුන් සහ දුසිම් ගණනක් යුද ගුවන් යානා රඳවා තිබෙන මර්මස්ථානයකි.එය මැදපෙරදිග පිහිටා ඇති එක්සත් ජනපදයේ ප්‍රධාන කාර්ය සංවිධාන සහ අණදෙන මූලස්ථානයක් ලෙස ක්‍රියාත්මක වේ.

    එක් දැවැන්ත ප්‍රශ්නයක් වන්නේ ඇමෙරිකානු උපායඥානයේ තිබෙන ව්‍යාකූලත්වයයි.ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබිණි."මැදපෙරදිගට ගිය මගේ පසුගිය සංචාරයේදී අන්තගාමී මතවාදයට තවදුරටත් අනුග්‍රහය දැක්විය නොහැකි යැ‍යි මම ප්‍රකාශ කල විට නායකයින් කටාරය දෙසට ඇස යොමුකලා".

    m3UVBBq.png

    කුඩා ප්‍රමාණයේ හමුදා පහසුකමක් වන සෙයිලියාහ් යුද හමුදා කඳවුරේ වැදගත් ඇමෙරිකානු අවි ගබඩාවක් තිබෙන අතර කලාපය තුල පාබල හමුදා සීඝ්‍ර දියත් කිරීමකට පහසුකම් සලසන්නට එය සමත්ය.කටාර් රාජ්‍යය තුල තුර්කි සෙබලුන් 150ක් පමණ සිටියි.එසේවුවද සෙබලුන් 3000ක් දක්වා සෙබලුන් ප්‍රමාණයක් එරට තුල ස්ථානගත කරන්නට තුර්කිය කාලයක සිට සැලසුම් කරගෙන සිටියි.

    කටාරය කුඩා රටක් නිසා ඔවුන්ගේ හමුදාව ප්‍රහාරයකින් ආරක්ෂා වන්නට දුර්වල සූදානමකින් පසුවේ.2016 වර්ෂයේදී කටාර් රාජ්‍යය මිරාජ් 2000 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 12ක් මිලදී ගත්තේය.ඒ ප්‍රංශයෙනි.ඩොනියර් ඇල්ෆා ජෙට් යානා හයක්ද ඔවුන් සතුය.ඒවා ගුවන් නියමුවන් පුහුණු කිරීමට මෙන්ම සැහැල්ලු ගොඩබිම් ප්‍රහාර සඳහාද යොදාගත හැකිය.

    vpNZkH6.jpg
    කටාර් ගුවන් හමුදාවේ මිරාජ් 2000 ජෙට් යානයක්​

    33DOmMU.jpg
    ගොඩබිම් ප්‍රහාර සඳහා භාවිතා කල හැකි කටාර් ගුවන් හමුදාවේ ඇල්ෆා ජෙට් යානයක්​

    Nu96rhT.jpg
    කටාර් ගුවන් හමුදාව පාවිච්චි කරන Aérospatiale Gazelle ප්‍රහාරක හෙලිකොප්ටරයක්​

    කටාරයේ නාවික හමුදාව වේග ප්‍රහාරක බෝට්ටු හතකින් සමන්විතය.ඉන් හතරක් විටා පන්තියේ යාත්‍රා වන අතර මහා බ්‍රිතාන්‍ය විසින් ඒවා ලබාදී තිබේ.ඉතිරි යාත්‍රා තුන ප්‍රංශය විසින් ලබාදුන් කොම්බැටන්ටෙ 3 නම් වේග ප්‍රහාරක යාත්‍රා වේ.යාත්‍රා විශාල ප්‍රමාණයක් නොමැති වුවද ඒවා "එක්සෝසෙට්" නම් නෞකා නාශක මිසයිල 8 බැගින් රැගෙන යයි.වෙරළාශ්‍රිතව යෙදවිය හැකි එක්සෝසෙට් මිසයිල දියත්කරන පද්ධති 4ක් එරට සතුය.

    q1voFMr.jpg
    විටා පන්තියේ නාවුක යාත්‍රා කටාර් නාවික හමුදාව සතුය​

    කටාරයේ විශාලතම හමුදා ශාඛාව වන්නේ යුද හමුදාවයි.ඔවුන්ට තිබෙන ලොකුම ගැටලුව හමුදාවට අවශ්‍ය පිරිස් බලය සපයා ගැනීමයි.ඒ නිසා වෙනත් ජාතීන්ද හමුදාව නියෝජනය කරන බව සඳහන් වේ.කටාර් යුද හමුදාව පුද්ගලයින් 11,800ක් නඩත්තු කරයි.යුද හමුදාව සෙබලුන් 8,500කින් සමන්විතය.යුද හමුදාවේ එක් සේනාංකයක් සතුව ප්‍රංශයේ නිෂ්පාදිත ඒ එම් එක්ස්-30 නම් යුද ටැංකි 30කට වැඩි ප්‍රමාණයක් තිබේ.නමුත් එම යුද ටැංකි සැලසුම් කර තිබෙන්නේ 1960 දශකය තරම් ඈත කාලයේදීය.යල්පැන ගිය යුද ටැංකි වෙනුවට කටාරය ජර්මනියේ නිෂ්පාදිත ලෙපර්ඩ් 2ඒ7+ යුද ටැංකි 62ක් ඇණවුම් කර තිබේ.2016 වර්ෂයේදී ඇණවුමෙන් කොටසක් ඔවුන්ට ලැබුණි.මෙම අර්බුදයත් සමග ගබඩාවලින් ලෙපර්ඩ් යුද ටැංකි 16ක් පිටතට ගෙන සූදානමින් තබා ඇතැයි පළවූ වාර්තා කටාර් රජය පසුව ප්‍රතික්ෂේප කරන ලදි.

    lNWVTTx.jpg
    ජාතික දින උත්සවයේ දී ප්‍රදර්ශනය කල කටාරය සතු ලෙපර්ඩ් 2A7+ යුද ටැංකි​

    SadqTDg.jpg
    කටාර් යුද හමුදාව සතු AMX-30 යුද ටැංකියක් සහ MOWAG Piranha MK-II රථයක්​

    ඊට අමතරව කටාරය සතුව යාන්ත්‍රික පාබල සහ සංග්‍රාමික සහායක ඒකක ගණනාවක් තිබේ.ඒවාහි සන්නාහ සන්නද්ධ රථ,පුද්ගල ප්‍රවාහන රථ සහ සන්නද්ධ රථ 300 ක් පමණ අඩංගු වේ.ජර්මනියේ නිෂ්පාදිත මි.මී. 155 PzH 2000- පීඉසෙඩ් එච් 2000 වර්ගයේ කාලතුවක්කු දුසිම් දෙකක් ඇතුලුව විවිධ ප්‍රමාණවල කාලතුවක්කු 91 ක් කටාර් යුද හමුදාව සතුය.

    q2KF5tB.jpg
    ජර්මනියෙන් මිලදී ගත් PzH 2000 කාලතුවක්කු රථ ප්‍රදර්ශනය කල අයුරු​

    සෞදි අරාබිය සමග සටනකට යන්නේ නම් කටාරයට අත්වන ඉරණම ඉහත පැහැදිලි කිරීමෙන් අනුමාන කල හැකිය.මන්ද සෞදි අරාබිය යනු මැදපෙර දිග තිබෙන විශාලතම සහ වඩාත් සන්නද්ධ හමුදාවලින් එකක් වන නිසාය.ඔවුන් අතීතයේ කිහිපවරක්ම තම අසල්වැසියන්ගේ ප්‍රශ්නවලට හමුදාමය වශයෙන් මැදිහත් වී තිබෙන අතර ආක්‍රමණය කිරීම්ද සිදුකර තිබේ.මේ නිසා සෞදි අරාබිය යනු සුළුකොට තැකිය යුතු රාජ්‍යයක්ද නොවේ.

    EtvUjrj.jpg
    කටාර් හමුදා සතු Astros II රොකට් විදින​

    වර්තාමනයේ සෞදි අරාබියේ ආක්‍රමණයට ලක්ව තිබෙන්නේ යේමනයයි.සෞදිය යේමනයේ සිදුකරන මානව හිමිකම් කඩ කිරීම් ගැන ලෝක ප්‍රජාව තුල කතිකාවක් නොමැති තරම්ය.බටහිර ආධිපත්‍ය යටතේ පවතින ලෝක ව්‍යාප්ත මාධ්‍ය ජාලය ඔස්සේ යේමන් ප්‍රශ්නයට විශාල ප්‍රසිද්ධියක් නොදෙන්නේ සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධව හඬක් නොනඟන්නේ සෞදි අරාබිය බටහිර ලෝකයේ මිත්‍රයෙක් නිසාය.තවද සෞදිය යේමනයේ සටන් කරන්නේ බටහිරට සතුරෙක් වන ඉරානයේ සහාය ලබන පිරිසකට එරෙහිවයි.

    සෞදිය අරාබිය විසින් යේමනය ආක්‍රමණය කලේ 2015 මාර්තු මාසයේදීය.2011 වර්ෂයේදී අරාබි වසන්තයේ ගොදුරක් වීමට ගිය බහරේනය රැක ගැනීමට සෞදි හමුදා ඔවුන්ගේ සන්නාහ සන්නද්ධ රථත් රැගෙන එරට තුලට පිවිසුනේය.

    Ctfyir7.jpg
    කටාරයේ රාජ්‍ය ආරක්ෂක කටයුතු අමාත්‍ය කලිඩ් බින් මොහමඩ් සහ හමුදා ප්‍රධානීන්​

    1995 වර්ෂයේදී සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්ව කටාරය ආක්‍රමණය කිරීමට සැරසුනද අවසන් මොහොතේ එය වැළකී ගියේය.එවකට කටාර් හි පාලකයා ලෙස කටයුතු කලේ කලීෆා බින් හමඩ් අල් තානිය.ඔහුගේ පුත්‍රයා වූ හමඩ් බින් කලීෆා අල් තානි විසින් රටේ පාලනය බලහත්කාරයෙන් අත්පත් කරගන්නට සමත්විය.සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙය දුටුවේ ගල්ෆ් රටවල පාලක පවුල්වලට ලබාදුන් නරක පූර්වාදර්ශයක් ලෙසයි.ඊට ප්‍රතිචාරය ලෙස දෙරට විසින් හමුදා බලය යොදවා යළි කටාරයේ පාලනය හමඩ් අල් තානිගේ පියාට ලබාදෙන්නට සැලසුම් කලහ.එම කාලයේ දෝහා හි සිටි රාජ්‍යතාන්ත්‍රිකයෙකුට අනුව දෙරට විසින් ගෝත්‍රිකයින් සියගණනක් යොදවා කුමන්ත්‍රණයෙන් බලයට පත් හමඩ් අල් තානි,ඔහුගේ සහෝදරයින් දෙදෙනා සහ විදේශ කටයුතු,බලශක්ති ආදී අමාත්‍යංශ බාර ඇමතිවරුන් ඝාතනය කරන්නට රහස් මෙහෙයුම් දියත් කරන ලදි.එක්සත් අරාබී එමීර් රාජ්‍යය ඔවුන්ගේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සහ ප්‍රහාරක ජෙට් යානා සූදානමින් තබා තිබුනේ අව්ශ්‍ය මොහොතක සහාය දීම උදෙසාය.නමුත් ඔවුන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පැය කිහිපයකට පෙර එක් ගෝත්‍රිකයෙක් විසින් පාවා දීම නිසා අතහැර දමන ලදි.

    66Kj2U0.jpg
    වම්පස සිට කලීෆා බින් හමඩ් අල් තානි,හමඩ් බින් කලීෆා අල් තානි,තමිම් බින් හමඩ් අල් තානි​

    1995 වර්ෂයේදි කුමන්ත්‍රණයෙන් බලය ලබාගත් හමඩ් අල් තානි යටතේ කටාර් රාජ්‍යය තුල වෙනස්කම් රැසක් සිදුවිය.අනෙක් අරාබි රටවලට වඩා නිදහසක් කටාර්වල තිබෙන්නේ ඒ නිසාය.2013 වර්ෂයේදී ඔහු සිය කැමැත්තෙන්ම රාජ්‍ය බලය සිය පුත්‍රයා වන තමිම් බින් හමඩ් අල් තානි වෙත පැවරීය.




    Source:warisboring.com

    -HarshaLulzSec-
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කටාර් කටවහගෙන ඉන්නකන් හොදයි
    යුද්ද ප්‍රකාශ කෙරුවොත් ලේසි කෑමක් නෙමෙයි කන්ඩ වෙන්නේ
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    wunma ghagena okun eka denna adagena watenawanm hodai okuan tamai loketama pilikawa pathuranne
    wilpattu-jassim-city.jpg
     
    Last edited:

    Similar threads