දුවිලි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    25,211
    1,904
    113
    colombo
    වලාකුළු පලාගිය අහසයට
    ගෙන්දගම් පොලවේ
    ගිනිකාෂ්ට දුලිපාර දිගේ
    පියමං කලා
    මතකයි

    කැලෑ මල් පිපෙන
    සිනාවෙන් වලගැහෙන
    මලානික ඔබේ කොපුල්
    තව තවත් වියැකි කළු උනා
    මතකයි

    ලැමක සිරියක් නැති
    කෙඩෑරි ඔබේ ගත
    සුළගට පාව යයි
    මගේ උර වැලද සිටියා
    අද ඊයේ වාගෙයි

    ඔබේ නියෙ පහුරුගා
    මගේ ලේ රස බලා
    සිනාසුන දසන්
    තාමත් විකසිතයි

    කවදා කොහේ යයිදැයි නොදැන
    අහසේ ඇගිල්ලෙන්
    කවි ලියු අපි

    කෙස් ගහෙන් රුවල් වියා
    සිහිනයට
    නැව් නැගී අපි

    කණාමැදිරි එළියෙන්
    හිරු
    අදුරු කල අපි

    දෙවයට සරදම් කර
    වෙන්වී
    වෙන් නොවූ අපි

    ඔබත් සිහිකරනු ඇති
    නෙතට හොරෙන් අඩනු ඇති
    මට සාප කරනු ඇති
    විදවමින් තැවෙනු ඇති
     
    Last edited:

    waligamaya

    Well-known member
  • කවදා කොහේ යයිදැයි නොදැන
    අහසේ ඇගිල්ලෙන්
    කවි ලියු අපි

    කෙස් ගහෙන් රුවල් වියා
    සිහිනයට
    නැව් නැගී අපි

    කණාමැදිරි එළියෙන්
    හිරු
    අදුරු කල අපි

    දෙවයට සරදම් කර
    වෙන්වී
    වෙන් නොවූ අපි
    :love::love:

    මචනුබ මෙක ලිව්වෙ මොන් සිද්දිය නිසද?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    25,211
    1,904
    113
    colombo
    පට්ට.

    කවදා කොහේ යයිදැයි නොදැන
    අහසේ ඇගිල්ලෙන්
    කවි ලියු අපි

    කෙස් ගහෙන් රුවල් වියා
    සිහිනයට
    නැව් නැගී අපි

    කණාමැදිරි එළියෙන්
    හිරු
    අදුරු කල අපි

    දෙවයට සරදම් කර
    වෙන්වී
    වෙන් නොවූ අපි
    :love::love:

    මචනුබ මෙක ලිව්වෙ මොන් සිද්දිය නිසද?


    අනේ මන්ද බන්
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,365
    292
    83
    Mage Gedara
    ම් !!!!!! :yes::yes: තේරුම ටිකක් දාපිය ...... එක එක පැතිවලින් හිතන්න වෙනවා නැතිනම් ....