දුව බේරගන්න පියා දහ අතේ වෙහෙසෙයි
පානදුරයේ ෆොන්සේකා පාරේ අංක 58 නිවසේ පදිංචි නව හැවිරිදි චලනි සොයිසා දැරියට දකුණු ඉන්දියාවේ චෙන්නායි මියොට් රෝහලේ දී හදවතේ දෙවැනි සැත්කම වහාම සිදු කිරීම සඳහා අවශ්‍ය වන රුපියල් හත් ලක්ෂයක් සොයා ගැනීමට ඇගේ මවුපියෝ දහ අතේ වෙහෙසෙති. ඇගේ හදවතේ පළමු සැත්කම ඇය කුඩා කාලයේම සිදු කළ චෙන්නායි රෝහලේ විශේෂඥ වෛද්‍ය දොස්තර කේ ශිවකුමාර් උපදෙස් දී ඇත්තේ දෙවැනි සැත්කම වහාම කළ යුතු බවයි. එම සැත්කම දැනටම පමා වී ඇතැයි ද ඇගේ දෑත් වල එම ලකුණු ඇතැයි ද ඇගේ පියා වන එච්.පී නාලක සොයිසා මහතා කියයි. ශ්‍රී ලංකාවේ මෙවැනි සියුම් සැත්කමක් කිරීමේ දී බොහෝ සංකූලතා ඇති වන හෙයින් චෙන්නායි රෝහලේ එය කළ යුතු බව වෛද්‍ය මතය වී ඇත. කොළඹ සමාගමක සුළු සේවකයෙකු වන නාලක සොයිසා පවසනුයේ මුල් සැත්කමට හිතවතුන් හා පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණූ සහායෙන් තම දරුවා ජීවතුන් අතර සිටින බවයි.
චෙන්නායි නුවර සැත්කම් ගාස්තුවට අමතරව ගුවන් ටිකට් පත් තුනක් ද තෙසතියක් චෙන්නායි නුවර නැවතීම සඳහා වියදම් ද අවශ්‍ය බව නාලක සොයිසා පවසයි. දියණියගේ සැත්කම වෙනුවෙන් බැංකු පොතේ දැනට ඇත්තේ රුපියල් 16,000 ක් නිසා නාලක සොයිසා ඇගේ ජීවිතය බේරා ගැනීම සඳහා මහජනයාගේ ආධාර උපකාර ඉල්ලයි.
ලංකා බැංකුවේ පානදුර ශාඛාවේ එච්.පී නාලක සොයිසා නමින් ඇති 8124458 බැංකු ගිණුමට ආධාර යොමු කරන ලෙස ඔහු ආයාචනා කරයි. ඔහුගේ ලිපිනය අංක 58, ෆොන්සේකාපාර , පානදුරය. 071 4758595 ඔහුගේ ජංගම දුරකතන අංකයයයි.
http://www.lankadeepa.lk/index.php/articles/437241