දූෂකයෙකුගේ කතාවක්....

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දූෂකයෙකුගේ කතාවක්....

    අපිට නොහිතුනු තවත් එක පැතිකඩක්

    (වරක් මා අතින් උනු ලොකු ‘මිස්ටේක්’ එකක් තියෙනවා. ඒක ඕනෙම කෙනෙකුට වෙන්න පුළුවන් සාමාන්‍ය දෙයක්. නමුත් මටම ඒක උනු එක ගැන ලොකු කණගාටුවක් ඇතුලෙන්ම දැනෙමින් තියෙනවා.)

    කතානායකයා අජන්ත. අවුරුදු 42 යි. හොඳට ඇඟපත තියෙන සරම/කමිසෙ අඳින හාදයෙක්. යන්නෙ නොම්මර තහඩුවත් දරාගිය කෑලි හැලෙන සුපර් කබ් බයික් කබලක. කවදාවත් කොණ්ඩෙ පීරන එකෙක් නෙමේ. ඉගෙනගෙන නෑ. කන් පාත් වෙන්ඩ බොනවා. ස්ථිර රස්සාවක් නෑ. කාලයක් මාළු වික්කා. කසිප්පු වික්කා. හරක් බිස්නස් කලා. හොරකම් කලා. මේසන් අත්වැඩ දුන්නා. දැන් මන්දා.

    දැනට අවුරුදු හතකට විතර කලින් බැන්දා. කැන්දන් ආවෙ රෙඩිමේඩ් පවුලක්. නෝනෙකුයි එයාගෙ දුවෙකුයි පුතෙකුයි. බැන්දට පස්සෙ පදිංචිවෙන්ඩ තැනක් නොතිබ්බ නිසා ආණ්ඩුවට අයිති පර්චස් විස්සක විතර බලෙන්ම මැටිගහලා පැලක් අටවගත්තා. මිනිහගෙ මායියත් කිසිම ලකයක් තිබ්බ එකියක් නෙමේ. මූණෙ තිබ්බෙ මෝඩ පාටක්. ඇඳුමක පැළඳුමක වත් කිසි පිළිවෙලක්, පිරිසිදුකමක් නෑ. ඔහේ උපන්නාට වැනෙන හාදියක්. බැන්දට පස්සෙ දෙන්නට තවත් දරුවෙක් හම්බඋනා.

    දැනට අවුරුදු දෙකකට විතර කලින් මොකක්හරි වැඩකට මමත් මිනිහගෙ ගෙදරට ගිහින් තියෙනවා. ඒ වෙනකොට ගෑනු මනුස්සයගෙ කොලුපැටියා ඉස්කෝලෙ හතරේ පන්තියෙ. කොලුවා ඉගෙන ගන්න දක්ෂයි කියල තමා ආරංචිය. කෙල්ල අටේ පන්තියෙ. කෙල්ල ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ අවාරෙට කොල වැටෙන්නැහේ.

    පස්සෙ කාලෙක ආරංචිවුනා හැමදාම හැන්දෑවට ගෑනියි මිනිහයි අරක්කු පැකට් එකක් ගෙනත් බොනවා කියලා. මේ ආරංචියෙන් පස්සෙ මිනිස්සු මුංව පිළිකුල් කරන්න ගත්තා. ඇත්තටම මමත් උංව ගණන් ගත්තෙ නෑ.

    දවසක් උදේ වරුවෙ බ්‍රේකින් නිව්ස් එකක් තටු ගහලා ගම මැදින් ගියා. අජන්තයා අර කෙලි පොඩිත්තිව දූෂණය කරලා. පොලිසියෙන් එද්දි ඌ පොඩි කොලුපැටියවත් අරං බයික් එකේ පැනලා ගිහින්. කෙල්ලව පොලිසියට එක්කං ගිහිං, පස්සෙ හලාවත ඉස්පිරිතාලෙ නවත්තලා.

    එදාට පහුවදා දන්න කියන පොලිස් නිලධාරියෙක් අහම්බෙන් හමුවුනා.

    “ඉස්කෝලෙන් තමා ආරංචිය දුන්නේ...... ඕක කාලයක් තිස්සෙ වෙච්චි දෙයක්. ගෑනිත් බොනවලුනේ... ගෑනි වෙරිවෙලා නිදාගත්තාම ඕකා හැමදාම ඔය කෙල්ල ගාවට යන්ඩ ගිහිං තියෙනවා.....”

    “කෙල්ල කටඋත්තර දුන්නද?”

    “එච්චර හරියක් කිව්වෙ නෑ. තාත්තා කලා කියල විතරයි කියන්නෙ. හොස්පිට්ල් දාල තියෙන්නෙ රිපෝර්ට් එක ගන්ඩ..... අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑ..... කෙල්ලගෙ ඇඟපත, පපුව දැක්කාම අපිට තේරෙනවා සිද්දිය... හහ්...
    ඕකා හෙට අනිද්දා අහුවෙයි.... ඇට තලන්ඩ ඕනෙ බල්ලගෙ.....
    අපි බයේ ඉන්න ඕකා අර කොල්ලටත් මොකුත් කරයිද කියලා....”

    මූ කිව්වෙ අවලම් හිනාවක් එක්ක.

    අජන්ත ඉන්න තැනක් කවුරුවත් දැනගෙන උන්නෙ නෑ. පොලිසිය මිනිහව හෙව්වා. ගමේ මිනිස්සු කිව්වෙ අජන්තයා කොල්ලත් එක්ක කැලෑවක හැංගිලා ඇති කියලා. මාත් ටිකක් හොයලා බැලුවා.

    දවස් තුනකින් විතර අජන්තගෙ ගෑනි බස්හෝල්ට් එකේ උන්නා. අර නොදරුවත් කිහිලි ගන්නං දුව බලන්න යන්වා. මම කතා කලා.

    “ඔය කොහෙහරි හැංගිලා ඇති.... අර කොලුපැටියා........”

    ගෑනි අඬන්න ගත්තා.

    සතියක් විතර ගෙවිල ගියා. සිද්දියේ උණුසුමත් තරමක් පහවෙමින් තිබුණෙ. මම කොහෙහරි ගිහින් ආපහු එනගමන්. ‍ගේ කිට්ටුවදි දෙන්නෙක් අත වනලා මාව නැවැත්තුවා.

    “පොඩ්ඩක් ඔහොම්ම යමුද වැවට...? අර අජන්තයා පොඩිඑකත් එක්ක ඇවිත් වැවේ හැංගිලා ඉන්නවලු.... ටක් ගාල යං.....!”

    “උඹලා ඌව දැක්කද?”

    “අපේ සුමුදු දැකල තියෙන්නෙ.... කොල්ලත් එක්කමලු ආවෙ... අර ලඳු කැලේ හරියෙදි බයික් එක නවත්තලා.... තාම ස්ටාර්ට් කලේ නෑ.. ඒ කියන්නෙ මූ වැවේ ඉන්නවා......”

    “පොලිසියට කිව්වද?”

    “තාම නෑ....!”

    මම පොලිසියට කෝල් එකක් ගත්තා.

    “රයිට්..... දැන්ම එවනවා.... ඕගොල්ලො වැඩි කලබල නොකර ඌව ෆලෝ කරං ඉන්ඩ... දැන් එනවා.... කෙලින්ම වැවට ආවම හරිනෙ....?”

    අපි වැව පැත්තට ගියා. ලඳු කැලේ දිහා විපරම් කලත් මොකුත් හෝඩුවාවක් දැක්කෙ නෑ. පැය බාගෙකින් විතර පොලිස් ජීප් එකක් වලවල් වල වැටි වැටී වැව දිහාට ආවා.

    එක පාරටම වෑ කන්ද කිට්ටුව තිබුණු විශාල බක්මී ගහ පැත්තෙන් බයික් එකක් ස්ටාර්ට් වෙන සද්දෙ ඇහුනා. අජන්තයා අර කොලු පැටියවත් තියාගෙන වෑ කන්ද දිගේ ඇරල යන්ඩ ගත්තා. පොලිසිය වෑ කන්දට සමාන්තරව වැව මැද්දෙන් ඌව එලවන්ඩ ගත්තා. මිනිත්තු තුන හතරකින් දෙගොල්ලොම වැවෙන් එලියට ගිහින් අපට නොපෙනී ගියා.

    අජන්තව පොලිසියෙන් අල්ලගෙන තිබුනා. ගුරු පාරක් දිගේ පොලිස් ජීප් එකත් එක්ක අර බයික් කබල එලවන්ඩ බැරි බව දැනුනාම මූ බයික් එක අතෑරලා කොල්ලවත් වඩාගෙන පොල් වත්තක් මැදින් දුවලා. කොහොමත් එතනදිම අජන්තයට හොඳටම ගහල තිබුණා.

    පහුවදා මොකක්හරි වැඩකට පොලිසියට ගිහින් ආපු කොල්ලෙක් කිව්වෙ අජන්තයට නිල් වෙන්ඩ ගහලා කියලා. ඌ පොලිස් කූඩුවෙ මලමිනියක් වගේ පතබෑවිලා ඉන්නවලු.

    අජන්ත මීගමුවේ ගාල් කෙරුනා. කෙල්ල පරිවාස භාරයේ දැම්මා. නඩුව මාස පහ හයක් ඇදුනා. ඔය අතරෙ අජන්තගෙ පවුල හම්බඋනා. ගෑනි අර අතදරුවත් කිහිලි ගන්නගෙන දවස් කුලියට වත්තක හරක් පට්ටියක් බලාගන්නවා. අජන්ත අරං ගිය කොලුපැටියා ඥාතියෙකුගෙ ගෙදර නවත්තලා ඉස්කෝලෙ යවනවා. සිද්දිය ගැන ගෑනි කතා කලේ අඬ අඩා.

    “කවුරු කිව්වත් අජන්ත ඔහොම මිනිහෙක් නෙමේ.... ඒක මං දන්නවා... එයා ඔය ලමයි දෙන්නට පණ ඇරලා.... උනුත් තාත්ත කියලමයි කියන්නෙත්.... බොනව තමයි... ඒත් ඔය වගේ දෙයක් කරන්නෑ.... මොකා කිව්වත් මම දන්නවා....”

    තවත් මාස හතරක් විතර ගෙවුනා. ඔය මනුස්සයව වරින් වර හමුවුනා. දවසක් මාව දැකල කතා කලා.

    “නඩුව බ්‍රහස්පතින්දා.... එදාට ඇප දෙයි කියල කිව්වා.....”

    “ආ..... ඇප දෙයි කිව්වද?”

    “කෙල්ල පස්සෙ විස්තරේ කියලා තිබ්බනේ..... ඔය අපරාදෙ කරල තියෙන්නෙ ලඟදි රට ගියපු අර ජානක කියන මදාවියා..... සමහරදාට මූ රෑටත් කෙල්ලව එලියට අරං තියෙනවලු..... මාස ගානක්ම ඕක වෙලා.... පස්සෙ ඉස්කෝලෙ මිස්ට සැක හිතිලා අහලා.... කෙල්ල ඕක අර බල්ලට කිව්වාම ඌ කියලා ආයෙ ඇහුවොත් බාප්ප කොලා කියපිය.... නැත්තං තෝ මරනවා කියලා..... මේ එලදෙන.......”

    ගෑනි අඬන්න ගත්තා.

    “පොලිසියෙන් ගහපුවට අජන්තගෙ යටිබඩ තාම අමාරුයි. දත් වගයක් ගැලවිලා... කොන්දෙ අමාරුවකුත් එනවලු..... ඒ වරත්තු බල්ලො දවස් දෙකක් තිස්සෙ මයේ මිනිහා ඉදිමෙනකං ගහලා.......”

    මගේ ඇතුලෙන්ම විදුලියක් කෙටුවා වගේ දැනුනා.

    නඩුවෙන් අජන්තයා නිදහස් උනා. දැනටත් වරින්වර ඌව හමුවෙනවා. ඌ මූණ පුරෝලා හිනා උනත් මට උගේ ඇස්දෙක දිහා කෙලින් බලන්න බෑ. පොලිසියෙන් ගුටිකෑවට පස්සෙ ඌ දැන් ඇවිදිනකොට පොඩ්ඩක් කොරගහනවා. ඔය කොරගැහිල්ලට මමත් දුරකථන ඇමතුමකින් දායක වෙලා තියෙනවා.

    නොදකින් මේව සිද්දවෙන හැටි විතරක්.....!




    ඉස්සුවේ මෙතනින්
     
    • Like
    Reactions: asylum and Elysium
    Nov 28, 2011
    35
    3
    0
    කතාව හොඳට ලියලා තියනවා කතාව කියවන කොට සිදුවීම මැවිලා පෙනවා.....

    මොනවා වුනත් වැරැද්ද කලේ වෙන කෙනෙක් අන්තිමට දඬුවම හම්බවුනේ වෙන කෙනෙකුට....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Green Mile චිත්‍රපටය බලල තියෙනවද..? බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලපං..

    article-2197889-14D2A0AC000005DC-113_634x854.jpg

     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ado sirawata api hithanne nathi dewal nedha bn :(
    Ube waradak na :no:
    mulu society ekama uwa dkketh dushakayek widihtane :sorry:
    Kathawa hodata liyala thiynawa :)
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කතාව හොඳට ලියලා තියනවා කතාව කියවන කොට සිදුවීම මැවිලා පෙනවා.....

    මොනවා වුනත් වැරැද්ද කලේ වෙන කෙනෙක් අන්තිමට දඬුවම හම්බවුනේ වෙන කෙනෙකුට....

    හැමොටම ජීවිතෙ පසුතැවෙන වෙලාවන් තියෙනව. මගෙ ඒව මෙහෙම කියන්න්ත් අමාරුයි:baffled::baffled::baffled::baffled:

    :nerd::nerd::nerd:
    hama kathawakatama depathak tiyanwa kiyanne oya wage ewa hinda thamai.

    Green Mile චිත්‍රපටය බලල තියෙනවද..? බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලපං..



    article-2197889-14D2A0AC000005DC-113_634x854.jpg

    තැන්ක්ස් මචෝ ..මේ දැන් බානවා :)


    ado sirawata api hithanne nathi dewal nedha bn :(
    Ube waradak na :no:
    mulu society ekama uwa dkketh dushakayek widihtane :sorry:
    Kathawa hodata liyala thiynawa :)
    :):):)
    the feeling is mutual Bro!!!

    :nerd::nerd:



    ඇත්ත මචන් මේ වගේ සිද්දියක් උනාම ගෙදර tv එක ඉස්සරහ ඉදන් තීන්දු තීරණ දෙනවා.එත් අපි නොදකින නොහිතන පැත්තක් තියනවා
    සමහරවිට අර පොඩ් දරිවිගේ සිද්දියේ උනත් අපි නොදකින පැතිකඩක් තියෙන්න පුළුවන් මේ වගේ ..!! මේ කතාව හොද උදාහරණයක් එකට
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේක කියවද්දි එක දෙයයි ඔලුවට ආවෙ..
    අර කහවත්තේ කොටකෙතන අම්මා මැරුව කොල්ලා අධීකණයට ඉදිරිපත් කළාම මානසික ලෙඩක්
    තියෙන්වද බලන්න රත්නපුර හොස්පිටල් එකට එවුවම බලලා තියෙන්නෙ අපේ ඔෆිස් එකේ
    කොල්ලෙක්ගේ අයියා කෙනෙක්(ඩොක්ටර් කෙනෙක්).
    ප්‍රශ්න එහෙම අහලා අන්තිමට තීරණය කරලා තියෙනවා පොරට මානසික ලෙඩක් නැහැ කියලා.
    ඔක්කොම ඉවරවුනාට පස්සෙ ඒ අයියා අර කොල්ලගෙන් අහලා ඇයි වැරැද්ද බාරගත්තේ කියලා.
    කොල්ලා කියලා තියෙනවා පොලිසිය වැරැද්දා භාරගන්න කියලා ගහපු ඒවා ඉවසන්න බැරිව වැරද්ද භාර ගත්තලු.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • අපේ පොලිස්සිය 99% ම පරීක්ෂණයක් කරන්නේ නැ. කරන්නේ කට්ටියගෙන් අහන ඕපාදුප අනුව මොකෙක්හරි එකෙක් අල්ලාගෙන නෙලන එක තමයි.:(:(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපේ පොලිස්සිය 99% ම පරීක්ෂණයක් කරන්නේ නැ. කරන්නේ කට්ටියගෙන් අහන ඕපාදුප අනුව මොකෙක්හරි එකෙක් අල්ලාගෙන නෙලන එක තමයි.:(:(


    නෑ මචන්. පට්ට වැඩ කාරයෝ ඉන්නවා CID එකේ. දැන් වැලිගම පොලිසියේ අපරාධ අංශයේ ඉන්න රොහාන් ඕලුගලත් ඒ වගේ සුපිරි වැඩ්ඩේක්. :)