දූෂණ මර්ධන කාර්යාලය වසා දමන්න තීරණය කරයි

July 12, 2017
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමට ඊයේ (11) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් ගෙවී ගිය කාලය තුළ එහි කටයුතු පිළිබඳ සංක්ෂිප්ත වාර්තාවක් ද ඉදිරිපත් කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.
2015 ජූලි 02 වැනිදා අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද පත්රිකාවක් අනුමත වීමෙන් පසුව දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ස්ථාපිත කරනු ලැබුවේ.
වසරක කාලයකට ස්ථාපිත කෙරුණ ද 2016 නොවැම්බර් 22 ඉදිරිපත් කරන ලද කැබිනට් පත්රිකාවක් මඟින් තවත් මාස 6කට හෙවත් පසුගිය ජුනි 30 දක්වා එහි කාලය දිර්ඝ කිරීමට කටයුතු කරනු ලැබුවා.
එහි කටයුතු පිළිබඳ පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයාගේ දැඩි අප්රසාදය පළ වී තිබුණා.
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ඉදිරියට පවත්වාගෙන යන්නේ ද නැද්ද පිළිබඳ තීරණය ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට යොමු කෙරුණේ එදින නිශ්චිත තීන්දුවකට පැමිණීමට නොහැකි වූ නිසායි.