දූෂණ හා වංචා මාධ්‍ය සංදර්ශනවලින් ඔබ්බට...
Wednesday, 28 January 2015 10:08 lankadaily
සාමාන්‍ය පුද්ගලයන් කුල්මත් කරවන ප්‍රවෘත්ති රැසක් මේ දිනවල පුවත්පත්වල පළවේ. එම පුවත් අතර වැඩියෙන් ම අවධානය හා ආකර්ෂණය පවතින්නේ දූෂණ හා වංචා හෙළිදරව් කරන පුවත්වලට ය. ඇතැම් පුවත්පත්වල මුල් පිටුව මුළුමනින් ම පාහේ වෙන් වී ඇත්තේ පැවැති රජයේ බලධාරීන්ගේ දූෂණ, වංචා හා අක්‍රමිකතා පිළිබඳ විවේචනාත්මක ප්‍රවෘත්තිවලට ය. කඩපොළේ, දුම්රියේ, බස්රියේ, වැඩපොළේ සංවාද ඇති වන්නේ ද දූෂණ හා වංචා ගැන ය. ජනතාව එදා වේල පිරිමසා ගැනීම සඳහා බලවත් සටනක යෙදෙත් දී රටේ ප්‍රධානීන්ගේ දූෂිත පැවැත්ම සඳහා රුපියල් කෝටි ගණනින් මුදල් අයථා ලෙස යෙදවීම ගැන ජනතාව තුළ ඇත්තේ බලවත් ක්‍රෝධයෙකි. එය සාධාරණ ය.
හිටපු ජනාධිපති ආර්යාව රත්තරන් ජාවාරමකට සම්බන්ධ වී ඇතැ’යි ද, එම ජාවාරම වසා දැමීම සඳහා උසස් පොලිස් නිලධාරීන් හා වෙනත් ප්‍රභූ කණ්ඩායම් උත්සාහයක් දරා ඇතැ’යි ද එක්තරා ප්‍රවෘත්තියකින් හෙළිදරව් විය. තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් පිරිසකගේ රට ගමන් සඳහා ආණ්ඩුවේ මුදලින් රුපියල් කෝටි පහළොවක් වැය කර ඇති බව ය. මත්තල උත්සවයකට පැමිණි නිලධාරීන් කිහිප දෙනකුගේ කෑම - බීම හා නවාතැන් සඳහා රුපියල් ලක්ෂ හතක මුදලක් වැය කර ඇති බව ද දැනගන්නට ලැබේ. මේ සමුළුවලට සහභාගි වී ඇත්තේ සුදුසු ම පුද්ගලයන් නො වන බව ද හෙළිදරව් වී තිබේ.
අලුත් ආණ්ඩුව යහ පාලනයක් සමඟ ශීලාචාර සමාජයක් ගොඩනැඟීම ගැන පුන - පුනා කියන බැවින් රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් මෙන් ම ජනතාව ද දූෂණ හා වංචා ගැන බලවත් උනන්දුවකින් කටයුතු කරන බව පෙනෙන්නට තිබේ. මහජනයාම ඉදිරිපත් වී දූෂණ හා වංචා ගැන තොරතුරු ලබා දෙන්නට පටන් ගෙන තිබේ. ඊට හොඳ ම නිදර්ශනය හිටපු අගමැතිතුමාගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලිපි ගොනු සහිත ගෝනි දහනමයක් පාළු ළිඳකට දැමීම ය. මේ ගැන දැනගත් ගම්වැසියකු පොලිසියට ඔත්තුව ලබා දී තිබේ. බැලූ - බැල්මටම පෙනී යන්නේ ශීලාචාර සමාජයක් සඳහා රටේ සියලු දෙනා ම මහත් උනන්දුවකින් බලා සිටින බව ය.
දැනට පෙනෙන්නට ඇති යථාර්ථය වන්නේ දිගට - හරහට කෙරෙන හෙළිදරව් කිරීම් මිස වැරදිකරුවන් හෝ අපරාධකරුවන් හෝ අල්ලා නීතිය හමුවට පැමිණවීම නො වේ. රට පැනීම තහනම් කිරීම, වැඩ තහනම් කිරීම ආදිය හැරුණු කොට නීති අංශයෙන් අපරාධ වැළැක්වීම සඳහා කිසිදු වැදගත් පියවරක් තව ම සිදු වී නැත. දූෂණ හා වංචා හසුවන්නේ ද අපරාධ ගණයට ය. එම අපරාධ විමර්ශනය කොට දඬුවම් ලබාදිය යුතු ය. සිදුවන විමර්ශන ගැන කියවීමටත් එහි ප්‍රතිඵල දැනගැනීමටත් ජනතාව උනන්දුවෙන් සිටිති. එහෙත් එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නට නැත. හැමදාම දකින්නට ලැබෙන්නේ මහා පරිමාණ වංචා ගැන හෙළිදරව් කිරීම් පමණි.
කිසියම් පැමිණිල්ලක් විභාග කිරීමට දීර්ඝ කාලයක් ගතවන බව සැබෑ ය. ඒවා නිත්‍යානුකූල ලෙස හා විධිමත් ව පියවරෙන් - පියවර විභාග කළ යුතු බව සැබෑ ය. දූෂණ හා වංචා සම්බන්ධයෙන් කතා කරන බලධාරීන් හැම විට ම පාහේ පෙන්වා දුන්නේ නීති හා ප්‍රතිපත්ති පවා අවශ්‍ය තැන්වලදී වෙනස් කරමින් දූෂණ - වංචා නැවැත්වීමට පියවර ගන්නා බව ය. එලෙස ම තරාතිරම නො බලා වැරැදිකරුවන් නීතියේ රැහැනට හසුකර ගන්නා බව ය. එහෙත් ඒවා කතාවට පමණක් සීමා වන්නේ නම්; එයින් රටට ජනතාවට පමණක් නො ව; අලුත් ආණ්ඩුවට ද ප්‍රතිඵලයක් නො ලැබේ.
ආණ්ඩුවක් වෙනස් වී අලුත් ආණ්ඩුවක් පත් වූ පසු පෙර ආණ්ඩුවේ වැරැදි විවේචනය කිරීම නිදහසින් පසු අපේ රටේ දේශපාලනයේ දකින්නට ලැබුණු ප්‍රකට ලක්ෂණයකි. එය අද සිදුවන්නේ පුරුද්දට නො වන බව පෙනී යන්නේ අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති අතරට යහ පාලනය හා ශීලාචාර සමාජයක් ගොඩනැඟීම ඇතුළත් වී ඇති බැවින් ය. මේ පිළිබඳ ආදර්ශය මුලින් ම ලබා දී ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා ය. මෛත්‍රීපාල සිරිසේන මහතා තම නිල කාලය වසරකින් අඩු කරගෙන ඇත. ඒ අනුව එතුමාගේ නිල කාලය වසර පහකි. ඊළඟ වැදගත් පියවර වන්නේ විධායක ජනාධිපති ක්‍රමය ඉදිරි දින සියය ඇතුළත දී අහෝසි කිරීම ය.
මේ සියල්ල ම යහපත් ක්‍රියා ලෙස අගය කළ යුතු ය. ජනතාවගේ ජීවන බර අඩු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ ගැන ද ජනතාව තුළ විශාල ප්‍රසාදයක් තිබේ. තෙල් මිල පහත දැමීම ගැන ඇති ජනතා ප්‍රසාදයෙන් ම ඒ බව සනාථ වේ. ජනතාව අලුත් ආණ්ඩුව ගැන තබා ඇති බලාපොරොත්තු ප්‍රමාණය විශාල ය. ඒවා එකින් - එක ඉෂ්ට කිරීම ආණ්ඩුවේ බලධාරීන්ගේ වගකීම බව නැවත මතක් කර දිය යුතු ව තිබේ. විවේචන හා කයිවාරු පමණක් ප්‍රමාණවත් නැති බව ද කිව යුතු ය. දැනට දූෂණ හා වංචා සම්බන්ධයෙන් පවතින්නේ එබඳු තත්ත්වයක් යැයි කිව හැකි ය.
හිටපු ජනාධිපති ආර්යාව රත්තරන් ජාවාරමකට සම්බන්ධ නම්; එය සැඟවිය යුතු නැත. ඒ ගැන පත්තර වාර්තා පළකරමින් ප්‍රසිද්ධියක් දෙනවාට වඩා වැදගත් වන්නේ වහා ම විමර්ශනයක් සිදුකොට නීතිමය පියවර මඟින් එහි ඇත්ත - නැත්ත පෙන්වා දීම ය. ඊළඟට වරදට දඬුවම් ලබාදීම ය. රජයේ උසස් නිලධාරීන් සම්බන්ධයෙන් ද එම ක්‍රියාපටිපාටිය ම අනුගමනය කළ යුතු ය. නිලධාරීන් කාගේ අනුමැතිය මත කටයුතු කළේ ද යන්න ද හෙළිදරව් විය යුතු ය. දූෂණ, වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් රටේ විශාල උනන්දුවක් පවතින බව ආණ්ඩුව තේරුම් ගත යුතු ය. එම උනන්දුව වැඩිකල් යන්නට පෙර අහෝසි වන්නට ද පුළුවන. හේතුව වරදකරුවන් නො පෙනෙන බැවිනි.
- දිනමිණ කතුවැකිය

Last edited: