දෙකත් ගෙවිල....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    දෙකත් ගෙවිල....

    animated-number-image-0196.gif

    ​

    දෙක හරි ආතල් ගෙන දෙන නොම්මරයකි.... :yes: හබුං කටයි බත් දෙකටයි කියපු දා සිට මෙකී දෙක ගොනා බැන්ද කරත්තේ වගේ පස්සෙන්ම එනවාය... ඉස්කෝලේ ගිය දා ඉඳන් ඇගිලි ගැන්නේ දෙකේ පංතියට යන්නටය... මොකද එතෙක් අපි අයියලා නොවන නිසාය... දෙකේ පංතියට ගිය අපි එකේ පංතියේ එවුන්ට අයියලා විය... හැබැයි අනෙක් පංතිවල එවුන් අපිව දෙකේ කොලේට දමා සලකන බව තේරෙන්න කල් ගත නොවීය... :sorry: ඉස්කෝලෙදි අපිට පුලූවන් වුනේ දෙවරක් චක්කරේ විතරමය... දෙවරක් හත දා හතරයි කිව්වට, හත් වරක් දෙක කීය දැයි කියන්නට අතේ ඇගිලි ගනින්නට සිදුවිය... :baffled:

    කල් ගතවත්ම දෙක කුණු සරුපයක් විය... දෙක ලොකුද, දෙක අඹරනවා, තොගේ ඇට දෙක, බලපංකෝ අරකිගේ දෙක, මාර ගල් දෙක ආදි ලෙස දෙක දෙපැත්ත කැපෙන වචනයක් විය.... :P

    යාන්තමට බියර් උගුරක් බීපු දා අපිට ඇති වුණේ මාර ගැම්මකි... ඒ ගැම්ම දෙකක් දා ගන්න තරම් දියුණු වූයේ ආරෙන් ලද හැකියාවට පිංසිද්ධ වෙන්නටය.... :eek: අන්තිමට දෙකක් දාගෙන එක දෙක කරල කතා කරල ? දෙකට ගෙදර යන්නට සිද්ධවෙන විට වැඬේ ඈලියාවට ගියේය... අන්තිමට අම්මා කිව්වේ ”හිටපංකෝ උඹගේ යාලූවන්ට හොඳවැයින් දෙකක් කියන්න” කියලාය.... තාත්තා නම් කීවේ කණ රත්වෙන්න දෙක්ක දෙනවා කියලාය... අයියා කීවේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි... අම්මලගේ හුරතලේ ඕකට දෙකේ දෙකේ පොල්ලකින් දෙකක් ගසා ගෙදරින් එලවල දාන්න” කියලාය.... :oo:

    කෙල්ලන් සම්බන්ධව ද මට දෙක බලපෑවේ කරුමයක් ලෙසය... ගොඩක් වෙලාවට එකවර මා කෙල්ලන් දෙකකට ලව් කළෙමි.... :P එකම මැසේජ් එක සිම් දෙකකින් දෙන්නට යැව්වෙමි... අන්තිමට වැඬේ මාට්ටු වූ කල දෙන්නාම ගියේ ”තමුසේ දෙකයි පණහේ මිනිහෙක් - ඉන්නෙ නම් දෙකට ගණින්න බෑ වගේ” කියලාය.... :dull: ලෝකය ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ කියා කිව් ගායකයාට පිස්සුය.... දෙදෙනෙකු ඕනෑ වූවාට දෙදෙනෙකු මේන්ටේන් කරන්න අමාරුය... එතකොට ලෝකය අවලස්සන වන්නේය.... එතකොට තමයි නන්ද අක්කගේ ”හිරු සදු එකවර දෙපස නැගේ කලූවර ඇයි විජිතයම මගේ” කියන එක ටක්කෙටම තේරෙන්නේ....:baffled:

    මගේ ලකී නම්බර් එක දෙකය.... මට එළකිරි අකවුන්ට් එකක් හදන්නට ඕනෑ වූ විට ඒකෙ නමට කොහොම හරි දෙකක් දැම්මේ ද ඒ නිසාය... ;)

    ඉතිං මිත‍්‍රවරුනි, මේ වෙන කොට මම එළකිරියට ඇවිල්ල අදට අවුරුදු දෙකක් වෙනවාය.... :yes: ඒ අවුරුදු දෙකට ඉගෙන ගත්ත ඒවා අපමණය.... පුරා අවුරුදු දෙකක් එළකිරියේ ගත කරපු මගේ වත්කම තියෙන්නේ මේ විදියට....


    [FONT=&quot]Total Post : 7,518[/FONT]
    [FONT=&quot]Thread Started by me : 254[/FONT]
    [FONT=&quot]Rep Points : 14,203[/FONT]
    [FONT=&quot]Rep Power : 17[/FONT]

    ඉතිං තව දුරටත් එළකිරියේ ඉන්න හිතාගෙන ඉන්නවා... :P මගෙන් හිත රිදවුණු කවුරු හරි ඉන්නවා නම් සමාවෙන්න ඕන.... ඔක්කෝටම ජයින් ජයම වේවා... :love::love:

     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    හෑ :shocked: දෙක ගෙවිලා :baffled: ඕකෙන් ඔච්චර වැඩ ගන්න එපා කියන්නේ ඕක තමයි ඔරොත්තු දෙන්නේ නෑ නෙව මොකෝ යකඩයැ :no:

    ඒකෙන් මේකෙන් කමක් නෑ දෙකට සුබ පැතුම් පාත්තයෝ :love:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,889
    2,928
    113
    රජරට
    සුබ පැතුම්

    ආයි දෙකක් නෑ මේං මගෙනුත් සුබ පැතුම් දෙක ගැලවිලා යන්න.
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ela ela....+


    rep 2 k ma denna thibunanam thamayi wtinne, karanna deyak ne itawada thiyenawa, 2 ithuru wenakam 2 n bedala ganin....
     
    Last edited:
    • Like
    Reactions: Pathfinder_A2Z