දෙතිස් මහා පුරුෂ ලක්ෂණ

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    :rofl: thopi me dantha dathuwa kiyanne mokakda kiyalawath danne nathi buddhist la :P

    Buddhism lankawa, indiawa, china, thawa kochara ratawal wala thiynwada...

    Uba danna hunduwa hari kiyala hithan hitiyata witharak madi :rolleyes: thawa hoyala baluwa nam igena ganna labei :rofl:

    බුදුහාමුදුරුවො උගන්වන්නෙ ප්‍රපංච (දන්න දේවල්/දැනුම) අඩු කරන ක්‍රමයක් මිසක් දන්න දේවල් වැඩිකරන ක්‍රමයක් නෙමෙයි. මාධ්‍යමික සම්ප්‍රදාය, සෙන් බුදුදහම මේක කෙලින්ම ප්‍රකාශ කරනවා (මම කියවා ඇති තරමින්). ථේරවාද බුදුදහම පැහැදිලි පාරක් (කලයුතු දෙයක්) පෙන්වමින් ඒ ප්‍රපංච ක්ෂය කිරීම පෙන්වනවා. ඒකයි එදා, දැනුම තියා සමාජීය පිලිගැනීම වත් නැති අශූචි ඇදපු වහල් දරුවාත් වේදයේ පරප්‍රාප්ත බ්‍රාහ්මණයිනුත් බුදුන් කියූ නිවන අත්වින්දෙ. දැනුම එකතුකරලා හෝ හෙවීම තුලින් නිවන් යන ක්‍රමයක් ධර්මයේ නැහැ.

    එහෙම ක්ෂය කරන් ගිහින් අන්තිමට ක්ෂය කරන්නෙ "මම වෙමි" කියන "දැනුම". "වෙමි" කියන දැනුම මත පදනම් නොවෙන කෙනෙකුට මගෙන් පරිබාහිරව ඇති දෑ (දැනුම සහ දේවල්) ඒකාන්ත ලෙස පෙන්වගන්නෙ කෙසේද...
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කොලවරිට වගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ කොයි තරම් දුරට සත්‍යද නැත්ද කියන කාරණය ගැන 100% සහතිකව ප්‍රකාශයක් කිරීමේ හැකියාවක් මට නැහැ.
    අනුමාන වශයෙන් ප්‍රකාශයක් කිරීමට තමා මට පුලුවන්. ඒ වගේම විය හැකියි හෝ නොවීමටත් හැකියි කියන විවෘත තැන තියන්නත් පුළුවන්.

    දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පොඩ්ඩක් කියවලා බැලුවම එහෙම එකපාරට හඳුනගන්න පුලුවන් ලක්ෂණ ගොඩක් නෙමෙයි තියෙන්නෙ. ටිකක් විමසිල්ලෙන් බැලිය යුත් කරාණා රාශියක් තමයි එතන තියෙන්නෙ. අනික එතන සමහර දේවල් හතර පහක් වුනත් එකවරම සාමාන්‍ය මිනිසුන්ටත් පිහිටන කාරණා. ඒ වගෙම හරිම සබ්ජෙක්ටිව් දේවල්. නිකන් 32න් බොහොමයක් ගැන බලන්න වෙනවා ආසන්න අනුමානයකට එන්නත්. මම හාතන්නෙ ඔතනදි වැදගත් වෙන්නෙ ලක්ෂණ 32ක්ම බුදුන්ට පිහිටීම.

    ඔව්, බුදුන් සාමාන්‍ය මනුශ්‍ය ශරීරයකට උරුමකම් කියූවෙක්. එදා භාරතීය සංස්කෘතිය තුල මානුශ්‍ය ශරීරයේ "පර්ෆෙක්ශන්" කියලා සම්මත ලක්ෂණ බොහොමයක් තිබුණ කෙනෙක් කියලා තමා මගේ වැටහීම.

    :yes::yes::yes:

    මගේ සත පහත් මම මේකට එකතු කරන්නම්. දීඝනිකායේ තියනෙවා ලක්ඛණ සූත්‍රය කියල එකක්. එකේ තමයි ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන තියෙන්නේ. ඇත්තටම මට හිතෙන හැටියට ඒවා ගොඩක් අසාමාන්‍යම ඒවත් නෙමෙයි. සමහර අයට ඕව පිහිටන්න පුළුවන්. බෞද්ධ සාහිත්‍යයේම එන විදිහට මහාකාශ්‍යප හිමි, බාවරී බමුණා වගේ අයට ඔය සමහර ලක්ෂණ තිබුන. පස්සෙන් පහු වෙද්දී තමයි ඕවට අතිශයෝක්ති එකතු වෙලා තියෙන්නේ. උදාහරණයක් හැටියට සිරිපතුලේ චක්‍ර ලක්ෂණය කියන එක සූත්‍රයේ තියෙනවා. පස්සෙන් පහු වෙද්දී එකසිය අටක් මගුල් ලකුණු සිරිපතුලේ තියෙනවා කියල අටුවාවල කියනවා.

    කොටින්ම ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලට පස්සේ එකතු කරලා තියෙනවා අනුව්‍යංජන ලක්ෂණ කියල අසූවක්. ඒවත් එන්නේ අටුවා සාහිත්‍යයේ. මොකද සූත්‍රවල කියවෙන හැටියට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බුදුහිමිට විතරක් නෙමෙයි, සක්විති රජුටත් තියෙනවනේ. ඉතින් බුදුහිමිව තවත් ඉහළට නංවන්න හිතපු ඇත්තෝ තව තව ලක්ෂණ එකතු කරන්න ඇති. කොහොමත් රූපකාය මුල් කරගෙන පුද්ගලයින් අගය කිරීම බුද්ධ කාලයේ ඒ සමාජයේ තිබුනා. බෙල්ලන්විල හිමියන්ගේ ඔය ගැන පොතක් තිබුනා. ඒකෙ තියෙනවා ඒ කාලේ හිටපු ජෛනාගමේ ශාස්තෘ වෙන වර්-ධමාන මහාවීර ගැනත් ඔය වගේම ලක්ෂණ ආශ්‍රයෙන් කරපු විස්තරයක් තියෙන ජෛන සූත්‍රයක් ගැන.
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,938
    2,126
    113
    colombo
    හඳ පෙන්නුවම ඇගිල්ල දිහා බලන පට්ට මෝඩ මිනිස්සු ඉන්නේ මේ රටේ. මේ රටේ මිනිස්සු ආගම් වලට නිගරු කරලා බොරු western Posh people ආතල් එකක් ගන්න මාර විදියට try කරනවා. (ඒ මිනිස්සු එහෙම නෑ සෑම දේටම ගරු කරනවා) දර්ශන තියෙන්නෙ මිනිස්සු හොඳ මාර්ගයට ගන්න. බුද්ධ ධර්මය අවබෝධ කරගෙන ජීවිතය වගේම මරණයත් අවබෝධ කරගැනීමයි කළ යුත්තේ. උබලා විකාර කියවන හාමුදුරුවරුන්ගෙ බණ අහලා ලෝක පූජිත ධර්මයකට සාස්තෘවරයෙකුටයි ඔය හිනා වෙන්නෙ අපහාස කරන්නෙ. ඕවා ගෙවාගන්න නම් සෑහෙන්න අමාරු වෙයි. ධර්මය ඉගෙන ගන්න ටිකක් try කරපන්. Study කරපන්. එතකොට තමන්ට මාර්ගය පේනවා. රැල්ලට අපාහස කරලා උබලට හම්බෙන්න දෙයක් නෑ. උබ වෙන ආගමක උනත් කර්මයට ආගම් බේද නෑ. උබ උබේ ආගම හරියට දන්නවානන් උබ ඕවා කරන්නෙ නෑ. උබලා ඒක දන්නෙත් නෑ. නිකන්ම ජීවත් වෙලා මිනිස්සු මැරිලා යනවා, දුක් විඳිනවා, ලෙඩ වෙලා මැරිලා යනවා. ඕක සර්ව සාධාරණව මිනිසුන්ට කියා දීපු එකටද උබලට හිනා යන්නෙ.. උබලා හිතාගෙන ඉන්නවා නම් ජීවිතයක් ලැබෙන්න කුසපත් ඇදීමකින් වගේ එකෙකින් කියලා උබල හෙන පවු. උබ ජීවත් වෙන විදියට උබර ප්‍රතිඵලය ලැබැයි. ධර්මයට අපහාස කිරීම මහා පවක්. පවටත් හිනා යනවා කියන්නෙ උබ හෙන මෝඩයෙක් බං. කිසිම දෙයක් පැවැත්මක් නැති ලෝකෙ උබත් නිකන්ම පස් වෙන එකෙක් විතරයි. ලොකුකම උබේ අද තියෙයි හෙට වෙන දේ අපි කවුද දන්නෙ. මමනම් කියන්නෙ ඔය සමාජ මාධ්‍ය වල මොල විකුර්ති කරනවා ඕවා නිසා උබලා විනාස වෙන්න එපා. ධර්මය කෙමෙන් වියැකී යන මේ කාලයේ ධර්මය තේරුම්ගන්න බලන්න. වෙන ආගමක නම් උබව ගහයි, මරයි ඕවා කිව්වොත් මේකෙදි උබලට එහෙම නෑ ඕන දෙයක් කියන්න පුලුවන්, කරන්නත් පුලුවන්. මේක අවබෝධ කරගත්ත මිනිහා උබට කට කොනකින් හිනා වෙලා ගමන යනවා. එකෙක් ගෙ හෝ මොලේ පෑදේවා!