දෙතිස්_කථාවෙන්_අත්_මිදෙමු

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
දෙතිස්_කථාවෙන්_අත්_මිදෙමු

දෙතිස් කථාවෙන් අත් මිදෙමු



අපේ ජීවිතවල තිබෙන, අපට මුහුණදෙන්ට සිදුවන වයසට යාම, ලෙඩ වීම, මරණයට පත් වීම, ප‍්‍රියයන්ගෙන් වෙන්වීම, අප‍්‍රියයන් හා එකතුවීම, කැමති දේ නො ලැබීම, ඒ වාගේ ම නොයෙකුත් ආකාරයේ කායික දුක්, මානසික දුක්, කියන ධර්මයන් දුක්ඛ ආර්ය සත්‍යයටයි අයිති වෙන්නේ. යමෙක් ඒ ධර්මයන් තමන්ගෙ ජීවිතයට ගලප ගලපා බලමින් වාසය කරනවා නම්, හැකි හැම වෙලාවෙදී ම ආර්ය සත්‍යය ජීවිතයට ගලපමින් වාසය කරනවා නම්, එයාගේ ජීවිතය තුළ හිස් කතාවට ඉඩක් ලැබෙන්නේ නෑ. එයාට දෙතිස් කතා කර කර ඉන්ට වෙලාවක් නෑ. එතකොට දෙතිස් කතාව එයාගෙන් අහෝසි වෙලා යනව. ඇයි ඒ? එයා තමන්ගේ ජිවිතයේ තිබෙන සත්‍ය ස්වභාවය විමසමිනුයි ඉන්නෙ. ඒ නිසා බාහිරට එයාගේ හිත විසිරිලා නෑ, බාහිරට යොමු වෙලා නෑ.අපේ සිත බාහිරට යොමු වෙනකොට තමයි දෙතිස් කතාවට හිත යන්නෙ. දැන් අපි, අපේ ජීවිතයට හිත යොමු කරන් ඉන්නවා නම්, අර්ථවත් ව අපි කල්පනා කරනවා නම්, ධර්මයට අනුව අපි විමසා බලමින් ඉන්නවා නම්, අපට දෙතිස් කතාවට වෙලාවක් එන්නෑ. දෙතිස් කතාව අපෙන් බැහැර වෙනව.
එතකොට ඒ විදිහට දෙතිස් කතාව අපෙන් බැහැර වෙනවා නම්, බාහිරට හිත යොමු වෙන එක බැහැර වෙනවා නම්, කාමච්ඡන්දයට අපි ආහාර සපයනව ද? නෑ. අපි කාමච්ඡන්දයට ආහාර සපයන්නේ නෑ. එතකොට ව්‍යාපාදයට අපි ආහාර සපයනව ද? ඒත් නෑ. ඒ වගේ ම ථීනමිද්ධයට අපි ආහාර සපයන්නේත් නෑ. එතකොට අපි අවදියෙන් ඉන්නෙ. හැම විට ම අපි අපේ ජීවිතේ ගැන බලනව. අව්ව පෑව්වත්, වැස්ස වැස්සත් ජීවිතය ගැන හොඳට බලනව. ඒ හැම වෙලාවකදීම ආර්ය සත්‍යය තමන්ගෙ ජීවිතයට ගලප ගලපා බලමින් තමයි වාසය කරන්නේ.
ඒ විදිහට අපි ධර්මය පුරුදු කරනවා නම්, අපි නිහඬව ධර්මය පුරුදු කරන පිරිසක් බවට පත්වෙනවා

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි
 
  • Like
Reactions: baba2 and ushan.ky

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
BUDDHA_BLOSSOM_by_VISHNU108.gif